ජනපති දියණියක් මව්කිරි දෙනු දැක කැළඹුණු &#3517

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    ජනපති දියණියක් මව්කිරි දෙනු දැක කැළඹුණු &#3517

    ජනපති දියණියක් මව්කිරි දෙනු දැක කැළඹුණු ලෝකයාට මව් සෙනෙහසෙන් ඇයදුන් අපූරු පිළිතුර

    President%27s-daughter-responds-to-critics-after-breastfeeding-photo-goes-viral.jpg

    කිර්ගීසියාවේ ජනාධිපති අල්මාෂ්බෙක් අතම්බයෙෆ් ගේ බාල දියණිය,අලියා ෂගීවා නිරාවරණය කෙරුණ උඩුකයෙන් යුතුව සිය දරුවාට මව්කිරි පොවන ආකාරය දැක්වෙන ඡායාරූපයක් සමාජ මාධ්‍ය ජාලයට මුදා හරිනු ලැබීමෙන් අනතුරුව එය ලොව කලඹන විවාදයක් බවට පත්වෙමින් තිබෙන බවට වාර්තා වෙනවා.
    "මෙය දරුවකුට මව්කිරි පොවන දසුනක්ද ? එසේත් නැත්නම් එය සරාගී හැඟීම් මතු කරන දසුනක්ද ?"
    සමාජ මාධ්‍ය ජාල සංවාදය තුළ දිග හැරෙමින් පවතින විවාදයේ මාතෘකාව බවට පත්ව ඇත්තේ එයයි.

    ජනාධිපතිවරයාගේ දියණිය සිය ඡායාරූපය සමාජ මාධ්‍ය ජාලයට එක් කරනු ලැබ තිබුණේ පහත දැක්වෙන පාඨයත් සමඟයි.
    "මම මගේ බිළිඳාට බඩගිනි වූ ඕනෑම මොහොතක ඕනෑම තැනක මව්කිරි පොවනවා"
    කෙසේ නමුත් ඇයට එල්ල වූ විවිධ දෝෂාරෝපණ හේතුවෙන් මෙම ඡායාරූපය ඇයගේ ගිණුමෙන් ඉවත් කරගන්නට ජනපති දියණිය කටයුතු කර තිබෙනවා.
    කෙසේ නමුත් බීබීසී ලෝක සේවයේ කිර්ගීසියානු අංශය සමඟ සාකච්ඡාවකට සහභාගී වූ අලියා ෂගීවා,තම පිංතූරය මුල් කර ගත් විවාදය විග්‍රහ කළේ කාන්තා සිරුර දෙස අධි සරාගී ඇසින් බලන සංස්කෘතියේ පලයක් ලෙසයි.
    "මට ලැබිච්ච ශරීරය අසැබි වූවක් නොවෙයි. එය ප්‍රායෝගික දෙයක්. මගේ ශරීරය ක්‍රියාත්මක වන්නේ මගේ දරුවාගේ ශාරීරික උවමනා සම්පූර්ණ කිරීමේ චේතනාවෙන්. එය සරාගී ලෙස ප්‍රදර්ශනය කරන්න නොවෙයි" ඇය එම සාකච්ඡාවේ දී සඳහන් කර තිබේ.
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මොන දේවල් කරත් ගෑනියෙක්ට අන්තිමට කියන්න නිදහසට කරුණු තියෙනවා
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    දරුවට කිරි පොවන කොට කකුල් දෙක පළල් කරගෙන underwear එකත් පෙන්න ඉන්න ඕනෙද ? :confused:

    මවකට දරුවාට ඕන තැනක කිරි පොවන්න අයිතිය තියනවා. එත් මේක නම් සරාගය මුල් කරගත්ත දර්ශනයක්
     

    The sponge.bob

    Well-known member
  • Feb 29, 2016
    1,845
    916
    113
    Every where
    මටනම් ඕකෙ කිසිම කාමුක බවක් පේන්නෙ නෑ..
    අපේ උන්ට කකුල් ලං කරන් කිරි දුන්නත් නගිනවා..
    පෑන්ටි දාරයක් දැක්කත් නගින, හම්මේ ගාලා හූල්ලන තැනක ඕකට කාමුකයි කියන එක මහ දෙයක් නෙමෙයි.
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,404
    16,073
    113
    Colombo
    මටනම් ඕකෙ කිසිම කාමුක බවක් පේන්නෙ නෑ..
    අපේ උන්ට කකුල් ලං කරන් කිරි දුන්නත් නගිනවා..
    පෑන්ටි දාරයක් දැක්කත් නගින, හම්මේ ගාලා හූල්ලන තැනක ඕකට කාමුකයි කියන එක මහ දෙයක් නෙමෙයි.

    :yes::yes::yes:
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    මව් කිරි දෙන එක ප්‍රශ්ණයක් නෑ, ඕක බස් වලත් වෙනවා, නමුත් ඕවා සමාජ ජාල වල දාන්නේ මොකටද? සමාජ ජාල වල දාන්න ඕන දෙයක් තියෙනවා, නොදාන්න ඕන දෙයක් තියෙනවා. හැම මගුලම ඕකේ ගිහින් දාලා සාධාරණ හේතු කිව්වට අත පිහිදෙන්නේ නෑ. දැම්මට පස්සේ මිනිස්සු ඔය පින්තූර බලනවා, එතකොට ඇග ඕපන් කරගෙන ඉන්නකොට හැගීම් තියෙන කොට ආශාවල් එනවා. මේ ගෑනි කියනවනේ "කාන්තා සිරුර දෙස අධි සරාගී ඇසින් බලන සංස්කෘතියේ පලයක් ලෙසයි.". එහෙම සංස්කෘතියක් හැදුවේ ගෑනුම නෙවෙයිද? අද කාලේ tv, එකක් මුවි එකක් බැලුවොත් ගෑනු බාගෙට හෙළුවෙන් නටන, සරාගි දර්ශණයි වැඩිපුරම තියෙන්නේ. ඒවා බලන ඕනම හැගීම් තියෙන එකෙක්ගේ ලිංගික හැගීම් ඇවිස්සෙනවා.
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    පොඩි එකා කිරි බොන්නෙත් නැද්ද මන්ද.. අවදානේ ගන්ඩ කරන වැඩ.
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මටනම් ඕකෙ කිසිම කාමුක බවක් පේන්නෙ නෑ..
    අපේ උන්ට කකුල් ලං කරන් කිරි දුන්නත් නගිනවා..
    පෑන්ටි දාරයක් දැක්කත් නගින, හම්මේ ගාලා හූල්ලන තැනක ඕකට කාමුකයි කියන එක මහ දෙයක් නෙමෙයි.

    ekak neme ban me geni owa post karanawalu daily