යුද්ධයේ අවසන් සති දෙක තුළදී සිදුවූ දේ පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිව්යෝක් නුවරදී අදහස් දැක්වීය

නිව්යෝක් නුවර වෙසෙන ශ්‍රීලාංකිකයන් හමුවෙදී ජනාධිපතිතුමා සදහන් කළේ යුද්ධයේ අවසාන සති දෙකේදී වැඩ බැලූ ආරක්ෂක ලේකම් තමා බවත් හිටපු ජනපති අගමැති ආරක්ෂක ලේකම් හෝ හමුදාපතිවත් ලංකාවේ නොසිටි බවය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා..
යුද්ධයේ අවසන් සති දෙක තුළ සියලු දේ පිළිබඳව කරුණු දන්නා කෙනා මමයි. අවසාන සති දෙකේදී මමයි වැඩ බලපු ආරක්ෂක ඇමති. හිටපු ජනපතිතුමා ලංකාවේ නෑ. හිටපු අගමැතිතුමා නෑ, හමුදාපතිවරයා නෑ, හිටපු ආරක්ෂක ලේකම්වරයා නෑ අවසාන සති දෙකේදී.
මේ ගැට හුඟ දෙනෙකුට අමතකයි. ඒ අය රටින් ගියේ ඇයි කියලා හුඟදෙනෙක් දන්නේ නෑ. නමුත් මම දන්නවා ගියෙ ඇයි කියලා. අවසාන සති දෙකේදී ලැබුණ වාර්තාව තමයි අවසන් සටන එල්.ටී.ටී.ඊ.ය පසු බසින්නේ නෑ දකුණු ඉන්දියාවේ චෙන්නායි හරි කොහේ හරි කැලෑ පැත්තක ඉදලා කොළඹ සම්පූර්ණ විනාශ කරනවා උඩින් බෝම්බ දානවා කියලා තොරතුරු ලැබුණා රජයට.
ඒ නිසා තමයි ඒ අය රටින් ගියේ. මේක තමයි ඇත්ත කතාව.අවසන් සති දෙකේදී මම හිටියේ කොළඹ නෙමෙයි. මම හිටියේත් තැන් තැන්වල. මොකද මම ඉන්න තැනත් දැගන්නවා. ඒක තමයි යුද්ධයේ අත්දැකීම” ඒ අත්දැකීම හොදට තිබෙන කෙනෙක් හැටියට මම හොඳට දන්නවා ආරක්ෂක හමුදා මොනතරම් කැපවීමක් කරද කියලා

කොහොමද ඒක

Last edited: