ජනප්‍රිය ගායිකාවක් ගුවන් තොටුපලේදී අත්අ&
තම පවර් බෑන්ක් එක තුල රුපියල් එක් කෝටි තිස් හය ලක්ෂයක් වටිනා රත්‍රං කුට්ටි දෙකක් සඟවා ගෙන ශ්‍රී ලංකාවට පැමිණි ජනප්‍රිය සංගීත කණ්ඩායමක ගායිකාවක් සහ රූපලාවන්‍ය ශිල්පිනියක් අද (07) උදෑසන රේගු නිලධාරීන් විසින් කටුනායක ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගන්නා ලද ගායිකාව රාගම ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි අයෙකු වන අතර රූපලාවන්‍ය ශිල්පිනිය තංගල්ල ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි අයෙකු බවයි වාර්තා වන්නේ.
අත් අඩංගුවට ගත් රූපලාවන්‍ය ශිල්පිනිය සිය ගමන් මල්ලේ අදාල පවර් බෑන්ක් එක සඟවාගෙන පැමිණ තිබූ අතර ගායිකාව සිය කලිසම් සාක්කුවේ මෙය සඟවාගෙන පැමිණි බවයි වැඩිදුරටත් සඳහන් වුනේ.
අද උදෑසන 9.00 ට පමණ මොවුන් දෙදෙනා ඩුබායි එමිරේට්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති අතර ගුවන් තොටුපලේ ‘‘හරිත මාවත" ඔස්සේ ඔවුන් දෙදෙනා ගුවන් තොටුපොළෙන් පිටවන අවස්ථාවේදී රේගු නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් විසින් සඟවාගෙන පැමිණ රත්‍රං කුට්ටි දෙකෙහි මුළු බර කිලෝ ග්‍රෑම් 02 ක් වන බවයි රේගුව සඳහන් කලේ.
නෙත් FM
ජනප්‍රිය ගායිකාවක් සහ රූපලාවන්‍ය ශිල්පිනියක් ගුවන් තොටුපලේදී අත්අඩංගුවට...!