ජන්ද කාඩ්වලටත් "ජිල්මාට්" වැටෙයිද?

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ජන්ද කාඩ්වලටත් "ජිල්මාට්" වැටෙයිද?

රජයේ මුද්‍රණාලයේ රහස්‍ය මුද්‍රණ අංශයේ ෆෝමන්වරයා ස්ථානමාරු කරලා

ඡන්ද පත්‍රිකා මුද්‍රණය ආරම්භවීමට දින කිහිපයක් තිබිය දී රජයේ මුද්‍රණාලයේ රහස්‍ය මුද්‍රණ අංශයේ ෆෝමන්වරයාට ස්ථානමාරුවීම් ලබාදීම සැක සංකා ඇති කරන තත්ත්වයක් බව කැෆේ සංවිධානය මැතිවරණ කොමසාරිස්වරයා වෙත ලිපියක් යවමින් පෙන්වාදෙයි.

එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා විසින් මැතිවරණ කොමසාරිස්වරයා වෙත යැවූ ලිපියක් මගින් අවධාරණය කරන්නේ රජයේ මුද්‍රණාලයේ සිදුව ඇති මෙම හදිසි ස්ථාන මාරු පිළිබඳව අවධානය යොමු කරන ලෙසයි.

කැෆේ සංවිධානය විසින් යැවූ එකී ලිපිය වැඩිදුරටත් පහත පරිදිය.



2014 දෙසැම්බර් මස 05 වැනිදා සිකුරාදා
මැතිවරණ කොමසාරිස්තුමා
මැතිවරණ දෙපාර්තමේන්තුව
රාජගිරිය.
කොමසාරිස්තුමනි,



රජයේ මුද්‍රණාලයේ ෆෝමන්වරයා මාරු කිරීම හා නව සේවකයින් රහස්‍ය අංශයට පත් කිරීම



රජයේ මුද්‍රණාලයේ රහස්‍ය අංශයේ සේවය කළ කේ.ඒ.පී.කේ.ජයවර්ධන මහතා 2014 දෙසැම්බර් මස 2 දින සිට ක්‍රියාත්මක වන පරිදි පොත් බැදුම් අංශයට මාරු කර යවා ඇති බව මේ වන විට ඔබට ද වාර්තා වී ඇතැයි සිතමි.

ඒ වෙනුවට රහස්‍ය අංශයේ ෆෝමන්වරයා වශයෙන් කටයුතු කිරිමට පත් කොට ඇත්තේ වත්මන් රජයට සම්බන්ධ රජයේ මුද්‍රණාලයේ වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලයේ කැදවුම්කරු ද වන එම්.ඩී.ආර්. අතුල මහතා ය. සෘජුව රජයට සම්බන්ධතා ඇති පුද්ගලයෙකු රහස්‍ය අංශයේ ෆෝමන් ලෙස පත් කිරීමට අවශ්‍ය වූවේ ඇයි ද යන්න ගැටලුවකි. එපමණක් ද නොව අතුල මහතා ‘ලිතෝ යන්ත්‍ර පරිචාරක‘ තනතුරෙහි සේවකයෙකි. ඔහු පසුගිය වසර 10 තුළ වෘත්තීය සමිති කටයුතු සඳහාම නිදහසේ කැපවී සිටි අයෙකු මිස ෆෝමන් තනතුරේ කටයුතු කළ අයෙකු ද නොවේ.

ඡන්ද පත්‍රිකා මුද්‍රණය ආරම්භවීමට දින කිහිපයක් තිබිය දී රහස්‍ය මුද්‍රණ අංශයේ ෆෝමන්වරයාට ස්ථානමාරුවීම් ලබාදීම සැක සංකා ඇති කරන තත්ත්වයකි. මන්ද, පසුගිය පළාත් සභා මැතිවරණ 3 ක දී රහස්‍ය අංශයේ ෆෝමන්වරයා වශයෙන් ජයවර්ධන මහතා විශ්වසනීය රාජකාරි කටයුතු සිදු කළ අයෙකි.

රජයේ මුද්‍රණාලයේ ප්‍රධානියා මේ වන විට වැඩ බලන නිලධාරියෙකු වන දේශපාලන පත්වීමක් ලැබූ අයෙකි. ඡන්ද පත්‍රිකා නිසි පරිදි මුද්‍රණය කළ ගත හැකිවේ දැයි ඔහු සැක පළ කොට තිබූ බවට ද ජනමාධ්‍ය වාර්තා කර තිබුණි. ලේක් හවුස් ආයතනයේ ඔහුගේ සේවා කාලය දේශපාලන කටයුතුවලින් පිරී තිබූ බව ද රහසක් නොවේ.

මේ පිළිබඳ ඔබගේ කාරුණික අවධානය යොමු කරන ලෙසත් මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ මුද්‍රණ කටයුතු සිදු කිරීමට කෙරෙහි වෙනදාටත් වැඩි අවධානයක් යොමු කරන ලෙසත් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.

එසේම ජයවර්ධන මහතා හදිසියේ ෆෝමන් තනතුරින් ඉවත් කිරීමට ඇති අවශ්‍යතාව පිළිබඳ විමසීමක් සිදු කිරීම කෙරෙහි ද ඔබගේ කාරුණික අවධානය යොමු කරන මෙන් ඉල්ලමි.


මෙයට විශ්වාසී,

කීර්ති තෙන්නකෝන්
විධායක අධ්‍යක්ෂ/කැෆේ සංවිධානය














උපුටා ගැනීම www.adaderana.lk
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔව් ඔව් ඒක හින්ද උබල සිරිසේනට චන්දෙ දෙන්ඩ එපා,හොර කරනව,වැඩක් නැනෙ උබල චන්දෙ දීල.ඒක හින්ද උබල චන්දෙ වර්ජනය කරපල්ල,:yes:
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔව් ඔව් ඒක හින්ද උබල සිරිසේනට චන්දෙ දෙන්ඩ එපා,හොර කරනව,වැඩක් නැනෙ උබල චන්දෙ දීල.ඒක හින්ද උබල චන්දෙ වර්ජනය කරපල්ල,:yes:
    ආහ්. බොස් මේ දවස්වල ස්ටේජ් එකේ ගිරිය පුප්පන්නේ මොකො බන්. පරදින හීන පේනවලුද?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ආහ්. බොස් මේ දවස්වල ස්ටේජ් එකේ ගිරිය පුප්පන්නේ මොකො බන්. පරදින හීන පේනවලුද?
    අපි පරදින් නැ 100% විශ්වාශයි,
    සිරිසේන දැනටම පැරදිලා,උබ දැක්කද මාතර රැලිය,සු ගාල 10 විතර හිටිය.:confused:
    ෆොන්සේකටත් ඔයිට වැඩිය සෙනග හිටිය,සිරිසේන ලොල් වෙන්නෙ ෆොන්සේකටත් වඩා බලු විදිහට.:cool::cool:
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අපි පරදින් නැ 100% විශ්වාශයි,
    සිරිසේන දැනටම පැරදිලා,උබ දැක්කද මාතර රැලිය,සු ගාල 10 විතර හිටිය.:confused:
    ෆොන්සේකටත් ඔයිට වැඩිය සෙනග හිටිය,සිරිසේන ලොල් වෙන්නෙ ෆොන්සේකටත් වඩා බලු විදිහට.:cool::cool:
    අනේ හොදා..

     
    Nov 24, 2014
    789
    64
    0
    හරි ඌව මාරු කලා තමා. දැන් මොකක්ද උම්බලට තියෙන ප්රශ්නෙ ? ජනාදිපතිතුමාට බල තල දීල තියෙන්නෙ ෆෝමන්ව මාරු කරන්නත් එක්ක තමා. යකෝ මයිත්රීපාලය ජනාදිපතිවුනොත් රටට වෙන විනාසෙ ගැන හිතපල්ල. තොපි හරක්ද. ෆෝමන්ව මාරු කරල හරි මේ පාරත් ජනාදිපතිතුමා කොහොම හරි දිනන්න ඕනෙ. නැත්තං ශ්රී ලංකාවටයි කෙලවෙන්නෙ. තුට්ටුවට දෙකට රට පාවා දෙන්න ලෑස්ති වෙන්න එපා.