19 100% ක්‍රියාත්මක වෙන්නෙ 2021 පත්වෙන ජනාධිපති කෙනෙකුට විතරයි. මෛත්‍රීට 19න් බොහොම පොඩ්ඩයි අදාල වෙන්නේ. ඒවායින් ජනාධිපති ධූරයට ලොකු බලපෑමක් නෑ. ඇත්තටම බැලුවොත් ගොඩක් දේවල් අදාල වෙන්නෙ නෑ බන්. මොකද මෛත්‍රී පත් උනේ 18 බලාත්මකව තියෙද්දිනෙ. ඒ නිසා මෛත්‍රී බලය දන් දුන්න කතා කිව්වට ඒක බොරුවක්. හැබැයි යම්කිසි සාධනීය දේවලුත් කෙරුනා. ඒවා හොඳයි. හොඳ දේට හොඳයි කියන්න ඕන. 19 කියන්නෙ මෛත්‍රීට අදාල දෙයක් නෙවේ. හැබැයි පොරත් මට අදාලයි වගේ ඉන්නවා. මම විධායක ජනාධිපති ධූරය අහෝසි කරනවට විරුද්ධයි. හැබැයි අත්තනෝමක්තික බලතල වලට විරුද්දයි. මේක උඩින් පේන්න අයිසින් දාපු කේක් එකක් වගේ බන්. තාමත් ඇතුලෙ තියෙන්නෙ තනිකරම කඩු පොලු කැති කිනිසි.
මම නීතිය ඉගෙනගෙන නෑ. ඒත් මට හිතෙනවා, ඔය කපපු බල තල මෛත්‍රී දැනට මට අදාලයි වගේ හිතාගෙන බොරුවට රඟපාන ඒවා පවා ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් අභියෝගයට ලක්කරලා ඒවා ආයිත් මේ ධූර කාලයට වලංගුයි කියලා පවර ගන්න බැරි කමක් නෑ. උදාහරණයක් විදිහට, මෛත්‍රීට පාර්ලිමේන්තුව විසුරවන්න ඕන උනොත්, ශ්‍රේෂ්ඨාධිකරණයේ කලින් තීන්දුවට අභියෝග කරන්න පුළුවන් කියලා මට හිතෙනවා. මේක මගෙ පෞද්ගලික අදහසක්.
චන්ද්‍රිකාලා මහින්දලා මේවා අහෝසි කරන්න ආවට ඉස්පිල්ලක් පාපිල්ලක් වෙනස් කරන්න කැමති උන අය නෙවේ. මහින්ද තව වැඩි කරගත්ත කෙනෙක්. ඒ අර්ථයෙන් බලනකොට මෛත්‍රී දශම ගානකින් හරි බලය ඇත් හැරලා තියෙනවා (ස්වාධීන කොමිසම් වගේ දේවල්) පොඩ්ඩක් හරි කැප කිරීමක් කරලා තියෙනවා. අනාගත ජනාධිපති කෙනෙක්ට ලැබෙන බලය අඩු කරන්න වැඩ කරලා තියෙනවා. ඒකත් හොඳ දෙයක්. ඒවා අගයන්න ඕන දෙයක්. බලය දන් දුන් ජනාධිපති වගේ කතානම් බොරු කතා. ඒවාට අහුනොවී ඉන්න දැනගන්න ඕනේ.