ජනාධිපතිතුමා

aruna47

Well-known member
  • ඔන්න එක රටක හයි වේ එකක් හැදුවලු. මේක හදල ඕපන් කරපු දවසෙ ඉඳන් මේ රටේ ජනාධිපතිතුමාට හයි වේ එකේ වාහනයක් එලවන්න පට්ට ආසාවක් තියෙනවලු. ඒ උනාට ආරක්ෂක හේතු මත ඒ වැඩේ කරන්න එපා කියල වටේ හිටපු උපදේශක බුවාල 55ක්ම උපදෙස් දුන්නලු.

    ඔහොම කාලයක් යද්දි ජනාධිපතිතුමාට මේක ඉවසන්නම බැරිලු. දවසක් උන්නාන්සෙ තමංගෙ ඩ්‍රයිවර් එක්ක නිල නොවෙන වාහනේක හොරෙන්ම ගියාලු හයිවේ එක පැත්තේ.
    මේ හයිවේ එකේ මැදක තියෙන රෙස්ටිං පොයින්ට් එකකදි ජනාධිපතිතුමා ඩ්‍රයිවර් එක්ක සීට් මාරු කරගත්තලු. දැන් ඩ්‍රයිවර් පිටිපස්සෙලු. ජනාධිපතිතුමා හිටු කියල එලවනවා.

    ටිකකින් හයි වේ ට්‍රැෆික් පොලිසියෙ ලොක්කට හයි වේ ට්‍රැෆික් රාළහාමි කෙනෙක්ගෙන් කෝල් එකක් ආවලු.

    “සර්... හයිස්පීඩ් වාහනයක් නැවැත්තුවා... වීඅයිපී කෙනෙක් ඉන්නෙ. කොහොමද කේස් එක හැඬල් කරන්නෙ“

    “කවුද පොර? කළාකාරයෙක්ද?“

    “නෑ සර්... ඊට වඩා වැදගත් කෙනෙක්“

    “කවුද....? මහ ඇමතිතුමාද?“

    “නෑ සර් මහ ඇමතිතුමාටත් වඩා වැදගත් කෙනෙක්“

    “කවුද කියනවකො අයිසෙ... අපේ ජනාධිපතිතුමාද?“

    “නෑ සර්. ජනාධිපතිතුමාටත් වඩා වැදගත් කෙනෙක්...“

    “මළ #%#$%$ මොකාද කියනවකො ඕයි...“

    “මම දන්නෙ නෑ සර් කවුද කියලා... හැබැයි ජනාධිපතිතුමා තමයි එයාගෙ ඩ්‍රයිවර්...“
     
    Captain NALI

    Well-known member
  • Apr 23, 2011
    2,274
    260
    83
    Kiri Matte
    mul3.jpg
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඔන්න එක රටක හයි වේ එකක් හැදුවලු. මේක හදල ඕපන් කරපු දවසෙ ඉඳන් මේ රටේ ජනාධිපතිතුමාට හයි වේ එකේ වාහනයක් එලවන්න පට්ට ආසාවක් තියෙනවලු. ඒ උනාට ආරක්ෂක හේතු මත ඒ වැඩේ කරන්න එපා කියල වටේ හිටපු උපදේශක බුවාල 55ක්ම උපදෙස් දුන්නලු.

    :lol::lol: