ජනාධිපති මෛත්‍රිපාල වෙතටයි

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ජනාධිපති මෛත්‍රිපාල වෙතටයි

    මේ වචන කිහිපය ඔබට ලිවීමෙන් මා තවත් බොහෝ දෙනකුගේ අප්‍රසාදයට පත්වෙනවා. ඔවුන් මා මෝඩයකු, පිස්සකු ගේම් කාරයකු ලෙස සලකාවි. එහෙත් මට ජනප්‍රසාදය වැදගත් නැහැ. ඔබ මේ ලිපිය කියවාවිද කියන්න බැහැ. මේ ලිපිය කොහොමටත් දෙතුන්සිය දෙනකුට වඩා කියවන්නේ නැහැ. ඔබට මුතුකුඩ නාට්‍යය නැරඹීමට වෙලාවක් තියෙනවා ද කියා මා දන්නේ නැහැ. ඔබ නූතන මොල්ලිගොඩ කෙනකු වනවා දකින්න මා කැමති නැහැ. මෙය ලියන්නේ එබැවිනුයි.

    මොල්ලිගොඩ ඇහැලෙපොළ විරසකය නිසා අවසානයේ දී සෙංකඩගල නිළමෙලා දෙපැත්තට බෙදුණා. ඒ සියල්ලන්ට ම මෙන් මුල දී සිංහලයේ රජවරුන් වූ නායක්කාර් වාංශිකයන් ඉවත් කිරීමට අවශ්‍ය වුණා. එහෙත් ඒ අතර මොල්ලිගොඩට හා ඇහැලෙපොළට එයටත් වඩා බලාපොරොත්තු තිබුණා. නිළමෙලාට රජවීමට සුදුස්සා කවුද යන ප්‍රශ්නය ද තිබුණා. ඔවුන්ට ඊනියා රාජවාංශිකයකු අවශ්‍ය වුණා. එයට හේතුවක් වුණේ රජකමට ඊනියා ක්‍ෂත්‍රියයකු අවශ්‍ය වීම. නිළමෙලා එකතුවෙලා ඊනියා ක්‍ෂත්‍රිය වුණත් නැතත් සිංහල බෞද්ධ රාජ්‍යය පවත්වා ගෙන යෑමට වඩාත් ම සුදුස්සා තෝරා ගත්තා නම් ඉංගිරිසින්ගේ සහායක් නැතිව නායක්කාර් වාංශිකයන් ඉවත් කර ගන්න තිබුණා. මා ඉවත් කිරීම යන්න යොදන්නේ ඇයි කියා ඔබට පසුව තේරේවි.

    ඔබත් මහින්ද හා බැසිල් අතර විරසයක් තිබූ බව කවුරුත් පාහේ දන්නවා. එහෙත් ඔබ මොල්ලිගොඩ මෙන් ඉංගිරිසින් ළඟට යෑම ජාතිය ම පාවා දීමක්. ඔබ ඉංගිරිසින් ළඟට ගියේ නැහැ කියාවි. ඔබ රනිල් කවුරුන් යැයි සිතනවා ද? චන්ද්‍රිකා කවුරුන් යැයි සිතනවා ද? ඔබේ නික්ම යෑම පසුපස බටහිරයන් මෙන් ම ඉන්දීය රෝ ඒජන්තයන් ද සිටියා. ඔබ දුර්වලයි. ඔවුන් ඔබ තෝරා ගැනීමට එක් හේතුවක් එයයි. අනෙක් හේතුව ඔබේ සිංහල බෞද්ධකම. ඔවුන් එයත් ප්‍රයෝජනයට ගත්තා. ඔබට ඇති සිංහල බෞද්ධකම මොකක් දැයි මගෙන් බොහෝ දෙනා ප්‍රශ්න කරාවි.

    මා ඔබ සමග කිසි දිනෙක කතා කර නැහැ. මට මතක ඇති විධියට මට ඔබ හමු වී ඇත්තේත් දෙතුන්වරක් පමණයි. මා ඔබ හඳුනතත් ඔබ මා හඳුනන්නේ නැහැ. එහෙත් ආසනික් ප්‍රශ්නයේ දී ඔබ අපට හිතෛෂීව හිටියා. ඔබ අපේ කණ්ඩායම ප්‍රීමා සමාගමෙන් මුදල් අරගෙන බත් කැම එපා කරවීමට සහල්වල ආසනික් තියෙන බවක් ප්‍රසිද්ධ කරන්නේ යැයි කීවේ නැහැ. අපේ කණ්ඩායමට ඔබ වරක් දඹුල්ලේ දී මුණ ගැසී තිබුණා. ඔබ ඔවුන්ට ඔබ දරණ ස්ථාවරය කියා තිබුණා. එහෙත් ඔබ දුර්වල බැවින් ඔබේ මතය වෙනුවෙන් සටන් කරන්න බැරි වුණා.

    අදත් ඔබ දුර්වලයි. 2015 වසරේ කෙසේ වෙතත් අද ඊනියා ජාතික ආණ්ඩුවක් නැහැ. දැන් ආණ්ඩු දෙකක් තියෙනවා. එකක් ඔබේ ආණ්ඩුව, අනෙක රනිල්ගේ ආණ්ඩුව. ඔබ ඇතැම් වෙලාවට කියනවා සමහර දේ ඔබ දැනගන්නේ ජනමාධ්‍යයෙන් කියා. මා ඒ ගැන පුදුම වන්නේ නැහැ. රනිල්ගේ ආණ්ඩුව වැඩ කරන්නේ ඔබට කියා නො වෙයි. ඔබ රනිල් ළඟට ගියත් ඔබේ සිංහල බෞද්ධකම නිසා ඔබට බොහෝ අවස්ථාවල බටහිර ක්‍රිස්තියානි රනිල් සමග එකඟ වන්න බැහැ. දැන් මේ විරසකය උඩට ම ඇවිත්.

    ඔබ ගැන බොහෝ දෙනාට විශ්වාසයක් නැහැ. පසුගිය දා ඔබෙන් වෙන් වී ගිය දහසය දෙනාටත් ඔබ ගැන සැක ඇත්නම් මා පුදුම වන්නේ නැහැ. ඔබට රණවිරුවන් සැමරීමට අවශ්‍ය වුවත් රනිල් එයට ඉඩ දෙන්නේ නැහැ. ඔබට වෙහෙර විහාර සමතලා කරනු නවත්වන්න බැහැ. ඔබට විග්නේස්වරන් නිසි තැන තබන්න බැහැ. ඔබට රනිල් ඉවත් කරන්න ව්‍යවස්ථාවෙන් බලතල තියෙනවා. ඒ ගැන මා කියන්නේ බොහෝ කලක සිට. එහෙත් ඔබට එය කරන්න ශක්තිය නැහැ. ඒ දේශපාලන නායකත්වය පිළිබඳ ප්‍රශ්නයක්.

    ඔබට මහින්ද ගැන සැකයක් තියෙන බව මට තේරෙනවා. ඔබට ගෝඨාභය ගැන එවැනි සැකයක් නැති බවත් මට තේරෙනවා. එහෙත් ගෝඨාභය වටා ඉන්න ඇතැමුන් ඔහුට ඔබට කිට්ටු වීමට දෙන්නේ නැහැ. ඔවුන්ට මෙතැන ආණ්ඩු දෙකක් තියෙන බව තේරෙන්නේ නැහැ. ඔවුන් හිතන්නේ ගෝඨභාය ඔබ සමග එකතු වුණොත් සමස්ත ආණ්ඩුවේ ම පව් ගෝඨාභය මත පැට වී ඔහුගේ 2019 බොඳ කරාවි කියා.

    මොල්ලිගොඩ රට සුද්දන්ට පාවා දුන්නා. ඊයේ මුතුකුඩ නාට්‍යයේ ඔහු ඇල්ලෙපොළ ඝාතනය ගැන ප්‍රීති වීමට ඩොයිලිගේ භෝජන සංග්‍රහයකට පිටත් වී ගියා. ඩොයිලිට මෙන් නොව රනිල්ට හිතු තරමට වැඩ කරන්න බැහැ. ඒ අද සිංහල බෞද්ධ බලවේග ශක්තිමත් නිසා. එහෙත් අද රට රනිල්ගෙන් (හා චන්ද්‍රිකාගෙන් හා ඔවුන් පිටුපස ඉන්න බටහිර හා ඉන්දීය බලවේගවලින්) ගලවා ගැනීමට ඔබට තනිව ම බැහැ. ඔබට ඒ සඳහා බාහිර ශක්තිය අවශ්‍යයයි. ඒ ශක්තිය දීමට අද පුළුවන් මහින්දට හෝ ගෝඨාභයට හෝ පමණයි. ඔබ රනිල් ඉවත් කිරීමට ඔවුන් සමග එකතු විය යුතුයි. ඔබේ විධායක බලයත් ඔවුන්ගේ ජනබලයත් එකතු නොවී අද රනිල් ඉවත් කරන්න බැහැ. ඔබට එසේ කීමට මා කවුද කියා ප්‍රශ්න කරන්න එපා. මා ක්‍රියාකාරීව නොවුණත් අවුරුදු පනස්පහකට වඩා දේශපාලන අත්දැකීම් තියෙන අයෙක්. මා 1988 දී පනස්හයේ දරුවෝ දේශනය කරන විට ඔබ බණ්ඩාරනායක ශාලාවේ ඉන්න ඇති.

    මේ කාර්යයේ දී, එනම් එකතු කිරීමේ දී අර දහසය දෙනාට විශාල කාර්යභාරයක් කරන්න පුළුවන්. ඇතැම් භික්‍ෂූන් වහන්සේටත් එයට සහාය වෙන්න පුළුවන්. මේ ගෙවෙන්නේ 2018. මොල්ලිගොඩ රට පාවා දුන්නේ 1818 දී. ඔබ අද රනිල් අගමැති ධුරයෙන් ඉවත් කළ යුතුයි. නැත්නම් රනිල් ඔබ ඉවත් කරනවා.

    පසුගිය පෙබරවාරි මැතිවරණයෙන් ඔබත් මහින්දත් දෙදෙනා ම පරාදයි. රනිල් තවමත් අගමැති. එහෙත් ඔබ දෙදෙනාගේ අපේක්‍ෂකයන් ගත් ඡන්ද එකතු කළ විට 58%ක් පමණ තිබුණා. මා මෙය කියන්නේ පෙබරවාරියේ ඔබත් මහින්දත් එකට මැතිවරණයට යා යුතුව තිබිණි යැයි කීමට නො වෙයි. සිංහල බලවේගය, විශේෂයෙන් ම සිංහල බෞද්ධ බලවේගය අද ශක්තිමත්. අද රනිල් සූදානම් වන්නේ එක ගලෙන් කුරුල්ලන් කිහිප දෙනකු මැරීමටයි. ඔහුට ජ වි පෙරමුණේ සහාය ලැබෙනවා. ඔහු දෙමළ ජාතිවදයට ඉණි මං බඳින අතර ඔබ දේශපාලනයෙන් ඉවත් කිරීමට සැරසෙනවා.

    පෞද්ගලික ව ගත්තත් රට පැත්තෙන් ගත්තත් ගැලවීමක් ඇත්තේ මහින්ද හෝ ගෝඨභය හෝ අගමැති කිරීමෙන්. ඔබ තිදෙනාගෙන් කිසිවකුවත් සරවතෝභද්‍ර යැයි මා කියන්නේ නැහැ. එහෙත් අද එය කළ යුතුයි. ඔබ තිදෙනාමත් මාත් පනස්හයේ දරුවන්. ගෝඨාභය අගමැති කිරීම තරමක සංකීර්ණ ක්‍රියාවලියක්. පළමුව ඔහු පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්තුවෙන් ගේන්න වෙනවා. දෙවනුව ඔහූ වටා සිටින්නවනුන් සිතන්නේ වෙනත් ක්‍රමයකට. එබැවින් අද කළ යුත්තේ රනිල් ඉවත් කර මහින්ද අගමැති කිරීමයි.

    ඔබ දෙදෙනා එකිනෙකා විශ්වාස නොකරනවා වෙන්න පුළුවන්. එහෙත් මේ ඒ අවිශ්වාසයට ඉඩ දී රනිල් පවත්වාගෙන යෑමේ අවස්ථාව නො වෙයි. ඔබ දෙදෙනාටත් අප සැමටත් රටටත් ජාතියටත් තෙරුවන් සරණයි

    Nalin de silva

    http://www1.kalaya.org/2018/05/blog-post_24.html?m=1
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    කාලකනි පබයෙක් ලෙස අවුරුදු 5ක් සිටිනවාට වඩා, කෙලින් තීරන ගන්නා නායකයෙකු ලෙස දවස් 5 ක් සිටියද, මිනිසුන් කතා කරනු ඇත්තේ ඒ දවස් 5 ක් සිටි නායකයා ගැන පමනි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කාලකනි පබයෙක් ලෙස අවුරුදු 5ක් සිටිනවාට වඩා, කෙලින් තීරන ගන්නා නායකයෙකු ලෙස දවස් 5 ක් සිටියද, මිනිසුන් කතා කරනු ඇත්තේ ඒ දවස් 5 ක් සිටි නායකයා ගැන පමනි

    :yes::yes::yes::yes:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කාලකනි පබයෙක් ලෙස අවුරුදු 5ක් සිටිනවාට වඩා, කෙලින් තීරන ගන්නා නායකයෙකු ලෙස දවස් 5 ක් සිටියද, මිනිසුන් කතා කරනු ඇත්තේ ඒ දවස් 5 ක් සිටි නායකයා ගැන පමනි

    :yes::yes::yes:
     
    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    කාලකනි පබයෙක් ලෙස අවුරුදු 5ක් සිටිනවාට වඩා, කෙලින් තීරන ගන්නා නායකයෙකු ලෙස දවස් 5 ක් සිටියද, මිනිසුන් කතා කරනු ඇත්තේ ඒ දවස් 5 ක් සිටි නායකයා ගැන පමනි

    හැබැයි ඕක ලංකාවට අදාල නැ බන් . මොකද මෙහෙ උන්ට අද කරපු දේ හෙට මතක නැ .
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    කාලකනි පබයෙක් ලෙස අවුරුදු 5ක් සිටිනවාට වඩා, කෙලින් තීරන ගන්නා නායකයෙකු ලෙස දවස් 5 ක් සිටියද, මිනිසුන් කතා කරනු ඇත්තේ ඒ දවස් 5 ක් සිටි නායකයා ගැන පමනි

    :yes::yes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කාලකනි පබයෙක් ලෙස අවුරුදු 5ක් සිටිනවාට වඩා, කෙලින් තීරන ගන්නා නායකයෙකු ලෙස දවස් 5 ක් සිටියද, මිනිසුන් කතා කරනු ඇත්තේ ඒ දවස් 5 ක් සිටි නායකයා ගැන පමනි

    :yes:
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    හැබැයි ඕක ලංකාවට අදාල නැ බන් . මොකද මෙහෙ උන්ට අද කරපු දේ හෙට මතක නැ .

    මතක නැහැ කියන්න එපා
    අදටත් ලංකාවේ තනි බලවත්
    දේශපාලන නායකයා මහින්ද
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මතක නැහැ කියන්න එපා
    අදටත් ලංකාවේ තනි බලවත්
    දේශපාලන නායකයා මහින්ද
    ඔව්. මෛත්‍රීට කෙල උනෙත් මහින්දගේ ජනප්‍රසාදයට මුහුණ දෙන්න ජනපති වෙලත් නොහැකිවීම නිසා
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    කාලකනි පබයෙක් ලෙස අවුරුදු 5ක් සිටිනවාට වඩා, කෙලින් තීරන ගන්නා නායකයෙකු ලෙස දවස් 5 ක් සිටියද, මිනිසුන් කතා කරනු ඇත්තේ ඒ දවස් 5 ක් සිටි නායකයා ගැන පමනි

    :cool:
     
    • Like
    Reactions: හදයා

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඔව්. මෛත්‍රීට කෙල උනෙත් මහින්දගේ ජනප්‍රසාදයට මුහුණ දෙන්න ජනපති වෙලත් නොහැකිවීම නිසා

    මොංගල්ද? පොරට කෙල වුනේ කෙලින් තීරණ නොගන්න නිසා....
    බේගල් ඇද බාන නිසා....
    හැම දේම මම දන්නේ නැ... මට කීවේ නෑ කියල කර අරින නිසා....
    රනිල්ලට ඕන විදියට ආර්ථිකේ කාබාසිනියා කරන්න ඉඩ දීල තියෙන නිසා.....
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මොංගල්ද? පොරට කෙල වුනේ කෙලින් තීරණ නොගන්න නිසා....
    බේගල් ඇද බාන නිසා....
    හැම දේම මම දන්නේ නැ... මට කීවේ නෑ කියල කර අරින නිසා....
    රනිල්ලට ඕන විදියට ආර්ථිකේ කාබාසිනියා කරන්න ඉඩ දීල තියෙන නිසා.....
    උඹට මොන්ගල්ද ලියලා තියෙන දේ තේරුම් ගන්න බැරිව කියලා තමා අහන්න තියෙන්නේ.

    මහින්දට ජනප්‍රසාදය තියෙන්නත් මෛත්‍රීට ජනප්‍රසාදය නැත්තටම නැතිවෙන්නත් සිද්ධ උනු කාරණා උඹ ලියලා තියෙන්නේ... ඒවා නිසා මිනිස්සු මහින්ද එක්ක ආයේ එකතු වෙලා කියලයි මට නම් හිතෙන්නේ...
    මොකද මම හිතන්නේ නෑ ජනාධිපති වෙලා අවුරුද්දකින් ලක්ෂ 62 ක් මෑන්ට ඉන්න ඇති කියලා.. අඩුම භාගයක්වත්... මහින්ද නොහිටින්න එයාල එහෙම අනිත් පැත්ත ගහඉ කියලා හිතන්න අමාරුයි..

    මෛත්‍රීට පක්ෂේ දුන්න එක බැලුවම ඒක මහින්දට හොඳටම වාසියක් උනා...
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    උඹට මොන්ගල්ද ලියලා තියෙන දේ තේරුම් ගන්න බැරිව කියලා තමා අහන්න තියෙන්නේ.

    මහින්දට ජනප්‍රසාදය තියෙන්නත් මෛත්‍රීට ජනප්‍රසාදය නැත්තටම නැතිවෙන්නත් සිද්ධ උනු කාරණා උඹ ලියලා තියෙන්නේ... ඒවා නිසා මිනිස්සු මහින්ද එක්ක ආයේ එකතු වෙලා කියලයි මට නම් හිතෙන්නේ...
    මොකද මම හිතන්නේ නෑ ජනාධිපති වෙලා අවුරුද්දකින් ලක්ෂ 62 ක් මෑන්ට ඉන්න ඇති කියලා.. අඩුම භාගයක්වත්... මහින්ද නොහිටින්න එයාල එහෙම අනිත් පැත්ත ගහඉ කියලා හිතන්න අමාරුයි..

    මෛත්‍රීට පක්ෂේ දුන්න එක බැලුවම ඒක මහින්දට හොඳටම වාසියක් උනා...

    උඔ හිතනවද මෛත්‍රීට පොදු අපේක්ෂකයා විදියට එළිදක්වපු එයාගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කලානම් මේ විදියට මිනිස්සු එයාව දාල යයි කියල?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උඔ හිතනවද මෛත්‍රීට පොදු අපේක්ෂකයා විදියට එළිදක්වපු එයාගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කලානම් මේ විදියට මිනිස්සු එයාව දාල යයි කියල?
    මම හිතනවා මෛත්‍රී ජනාධිපති පදවියේ නිසි අයුරින් වැඩකලා නම් මෛත්‍රීට ඔය තරම අප්‍රසාදයක් එන්නේ නෑ කියලා....
    මහින්ද යුද්ධේ කරපු නිසා ලැබුණු ප්‍රසාදය නැති නොවන එකක්....
    එහෙම කෙනෙක් දේශපාලනේට එන්න සූදානම් වෙනකොට, මෛත්‍රී රනිල්ගේ වැඩ අනවශ්ය ලෙස ඉවසනකොට මිනිස්සු මහින්දගේ පැත්තට ඉබේම හැරුණා කියලයි මම හිතන්නේ...

    මහින්ද දේශපාලනයට නාවා නම්, රනිල්ගේ වැඩ දැක්ක මිනිස්සු කවදාවත් මෛත්‍රී අතහැරලා රනිල්ගේ දාන්නේ නෑ හෝ මෛත්‍රී රනිල්ගේ පස්සේ යන්නෙත් නැතිවෙයි තමන්ගේ රැකවරණයට වෙනම සෙට් එකක් ඉන්න නිසා...
    මෛත්‍රීට දැන් කොයිපැත්තකින් වත් අවංක සහයෝගයක් නෑ
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    කාලකනි පබයෙක් ලෙස අවුරුදු 5ක් සිටිනවාට වඩා, කෙලින් තීරන ගන්නා නායකයෙකු ලෙස දවස් 5 ක් සිටියද, මිනිසුන් කතා කරනු ඇත්තේ ඒ දවස් 5 ක් සිටි නායකයා ගැන පමනි

    :yes::yes:
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    මම හිතනවා මෛත්‍රී ජනාධිපති පදවියේ නිසි අයුරින් වැඩකලා නම් මෛත්‍රීට ඔය තරම අප්‍රසාදයක් එන්නේ නෑ කියලා....
    මහින්ද යුද්ධේ කරපු නිසා ලැබුණු ප්‍රසාදය නැති නොවන එකක්....
    එහෙම කෙනෙක් දේශපාලනේට එන්න සූදානම් වෙනකොට, මෛත්‍රී රනිල්ගේ වැඩ අනවශ්ය ලෙස ඉවසනකොට මිනිස්සු මහින්දගේ පැත්තට ඉබේම හැරුණා කියලයි මම හිතන්නේ...

    මහින්ද දේශපාලනයට නාවා නම්, රනිල්ගේ වැඩ දැක්ක මිනිස්සු කවදාවත් මෛත්‍රී අතහැරලා රනිල්ගේ දාන්නේ නෑ හෝ මෛත්‍රී රනිල්ගේ පස්සේ යන්නෙත් නැතිවෙයි තමන්ගේ රැකවරණයට වෙනම සෙට් එකක් ඉන්න නිසා...
    මෛත්‍රීට දැන් කොයිපැත්තකින් වත් අවංක සහයෝගයක් නෑ

    uta sahayogayak natte uge kondak nathi thirana nisane.

    u janadipathi wuna nam e widihata hitanna one demaluntai thambintai raniltai rajitai sirasatai ona widihata in nathuwa

    mahinda hitiye natnam oka me widihatawat sinhalu gana hitan na

    pakshet kawa
     
    Last edited:
    • Like
    Reactions: හදයා