මහින්දලා කෘතිමව රුපියල අවප්‍රමාණය වෙන එක පාලනේ කරලා බං පහු ගිය කාලෙ. ඔය පොලී අනුපාත පහල දාපු එකෙන් එහෙමලු වැඩේ අල වුනේ. 130~132 ගනං වල 2012 ඉඳංද කොහෙද තිබ්බෙ මට මතක විදියට. ඇත්තටම ඒ කාලෙත් ඩොලර් එකක් රුපියල් 130~132 නෙවෙයි.
අන්න ඒ පාලනය කරන එකේදි ආණ්ඩුව හැම ඩොලර් එකකටම රුපියල් 10ක් අතිං දානවා. හරියට පොහොර සහනාධාරෙ වගේ. ඇත්තම පොහොර මල්ලක් 500යි නං ආන්ඩුව 150ක් අතින් දාලා ගොවියට 350ට දෙනවා වගේ. අර 150 දරන්නෙ කවුද? රටේ මිනිස්සුංගෙන් ගහන බදු වලින් තමා ඒ 150 කවර් වෙන්නෙ.
රුපියලේ අගය පාලනේ කරන්න ඔය $ එකකට ආණ්ඩුව යොදවපු රුපියල් 10 ලංකාවෙ මුලු ජනගහනයම දරනවා බදු විදියට. ඒ කියන්නෙ උඹ ලංකා අල කිලෝ එකක් ගත්තත් ඒකෙන් දායකත්වයක් තියනවා අර රුපියල් 10ට.
දැං රුපියලේ අගයට පාවෙන්න දුන්නහම වෙන්නෙ ලංකා අල කිලෝ එක ගන්න එකා අර රුපියල් 10ට දායකත්වයක් දක්වන්නෙ නෑ. ඇමරිකාවෙන් අල කිලෝ එක ආනයනය කරන එකා ඒ රුපියල් 10ම දරනවා.
ඔය මට තේරිච්ච විදිය. මමත් ආර්ථික විද්‍යාව දන්නෙ නෑ බං