ජපන් කාර් මිල යළි වැඩිවන ලකුණු

signshop

Well-known member
  • May 30, 2011
    12,260
    9,090
    113
    Dubai
    ජපන් කාර් මිල යළි වැඩිවන ලකුණු

    ජපන් කාර් මිල යළි වැඩිවන ලකුණු

    ජපාන යෙන් මුදල් ඒකකය ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව යළිත් ශක්තිමත් වෙමින් තිබීම හමුවේ ලංකාවට ගෙන්වන ජපාන වාහන ඇතුළු භාණ්ඩවල මිල ගණන් වැඩිවීමේ ප්‍රවණතාවයක් ඇතිවී තිබේ.

    ජපාන යෙන් මුදල පසුගිය කාලයේදී කැපී පෙනෙන ලෙස අව ප්‍රමාණය වීම නිසා මෙරට වෙළඳ පොළේ ජපාන වාහනවල මිල ගණන් අඩුවූ අතර එම වාසිය දේශීය පාරිභෝගිකයින්ට ලැබුණි.

    කෙසේවෙතත්, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ පසුගිය දින 03 පුරාම අඛණ්ඩව යෙන් මුදල් ඒකකය ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශක්තිමත් වූ බවයි.

    මේ හේතුවෙන් යළිත් වරක් ජපාන වාහනවල මිල ගණන් මෙරට වෙළඳ පොළේ ඉහළ යාමේ ඉඩක් පවතින බව වාහන ආනයනය කරන්නන්ගේ සංගමයේ සභාපති, ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා අප සමග සඳහන් කළේය.

    විශ්ලේෂකයින් සඳහන් කර තිබෙන්නේ ජපාන යෙන් මුදල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශක්තිමත් වෙමින් තිබීම කෙටි කාලීන ප්‍රවණතාවයක් බවත් නැවතත් ලබන වසරේදී තවදුරටත් අව ප්‍රමාණය වීමේ වැඩි ඉඩකඩක් තිබෙන බවයි.

    යෙන් මුදල අවප්‍රමාණය වනවිට ඒ වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් ප්‍රමාණය අඩුවීමෙන් මෙරටට ගෙන්වන ජපාන වාහනවල මිල අඩුවන අතර අධි ප්‍රමාණය වනවිට ගෙවිය යුතු රුපියල් ප්‍රමාණය වැඩි වීමෙන් වාහන ඇතුළු ආනයන භාණ්ඩවල මිල ඉහළ යයි.


    Toyotarentacarfleet1.png


    Source: http://www.adaderana.lk/biz/yen/
     

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    අනේ යකෝ,වාහන මිල අඩුවුනේ ඔය මගුලක් හින්දා නෙමෙයි.රටේ මිනිස්සුන්ට වාහන ගන්ඩ සල්ලි නැති හින්දා.ඉස්සරහට හාල්,පොල්.සීනි මිල අඩුවෙලා මිනිස්සුන්ට.ජීවත් වෙන්ඩ පුලුවන් තත්වයක් ආවොත් වාහන මිල ආයේ වැඩිවෙයි.අනික තමයි hybrid වාහන ආපු එක.දැන් ඔක්කොමලා ගන්නේ ඒවා.ඒ හින්දා patrol වාහන මිල අඩුවුනා.ඔය වගේ කරුණු ගොඩක් තියනවා.