ජපානයට පරමාණු බෝම්බ හෙළීමට පෙර

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ජපානයට පරමාණු බෝම්බ හෙළීමට පෙර

    eNMg1Md.jpg

    1945 වසරේ 6වන 9වන දින වල එක්සත් ජනපදය විසින් පරමාණු බෝම්බ දෙකක් ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි නගර වෙත හෙළන ලදි.ඉන් අතිවිශාල ජීවිත හානියක් සිදුවූවා මෙන්ම ජපානයේ යටත්වීම කෙරෙහිද බලපෑමක් කරන ලදි.මෙම න්‍යෂ්ඨික බෝම්බ ප්‍රහාරය ලොව මෙතෙක් සිදුකල එකම න්‍යෂ්ඨික ප්‍රහාරය ලෙසද සැලකේ.මෙම බෝම්බ දෙක Little Boy හා Fat Man යන නම්වලින් හඳුන්වයි.මෙම බෝම්බ සහිත යානා පිටත් වුනේ උතුරුදිග මරියානා දූපතක් වූ ටින්යෑන් හි සිටයි.එය ජපානයට දකුණින් පිහිටා තිබේ.මෙම දූපතේදී ඇමෙරිකානුවන් ප්‍රහාරය සඳහා සූදානම් වන අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් තිබේ.නමුත් මෑතකදී තවත් ඡායාරූප කිහිපයක් ප්‍රසිද්ධ කරන ලදි.ඒවාහි පරමාණු බෝම්බ, බෝම්බ හෙළන යානාවලට පටවන අවස්ථාව තෙක් සිදු කෙරුණු ක්‍රියා පටිපාටිය අඩංගුවේ.



    සෙබලුන් පැට් මෑන්/මහත මිනිහා පරමාණු බෝම්බයේ ආවරණය පරීක්ෂා කරමින්.ටින්යෑන් දූපතේ අත්හදා බැලීමේ බෝම්බ රැසක් නිපදවා තිබේ.ඒවා සියල්ලම ක්‍රියාත්මක කල හැකි මට්ටමේ තිබී ඇත.

    bebLH1x.jpg





    වම් පස සිටින්නේ භූභෞතිකඥයෙක් සහ මෑන්හැටන් ව්‍යාපෘතියේ සාමාජිකයෙක් වන ෆ්‍රැන්සිස් බ්‍රිච්ය.ඔහු ලිට්ල් බෝයි නම් බෝම්බය සලකුණු කරද්දී අනෙක් පස සිටින්නේ පසුකාලයේ භෞතික විද්‍යාව වෙනුවෙන් නොබෙල් ත්‍යාගය දිනූ නෝමන් රැම්සෙයිය.

    JkOJcQt.jpg





    තාක්ෂණික ශිල්පියෙක් ෆැට් මෑන් බෝම්බයේ විවරයක් පුරවන අයුරු

    gW1ALfR.jpg





    ෆැට් මෑන් බෝම්බය මත තම අත්සන් සහ තවත් දේ ලියන සෙබලුන් සහ අනෙකුත් සේවකයන්

    c2OUkqH.jpg





    අත්සන් යෙදූ බෝම්බයේ සමීප ඡායාරූපයක්

    Obs6d81.jpg





    ෆැට් මෑන් බෝම්බය ප්‍රවාහනය කිරීමට යන්ත්‍රයකට පටවන අයුරු

    xDitHCq.jpg




    බෝම්බය අවාරණය කර ටින්යෑන් හි ගුවන් කඳවුරට ගෙන යන අයුරු​

    HXAyuPp.jpg





    ට්‍රක් රථයෙන් ඉවත් කර බෝම්බය ගුවන් යානයට පටවන ස්ථානයට ගෙන එමින්

    TOsZhoz.jpg




    ගුවන් කඳවුරට ගෙනා ෆැට් මෑන් බෝම්බය ගුවන් යානයට පටවන්නට සූදානම් කරන ස්ථානයේ රඳවන්නට සැරසෙන සෙබලුන්​

    RX0SEih.jpg





    ලිට්ල් බෝයි සහ ෆැට් මෑන් බෝම්බ රඳවා තිබූ වළවල් දෙක.මේවා අද ස්මාරක ලෙස ආරක්ෂා කර තිබෙන අයුරු දකුණු පස පෙන්වා තිබේ

    yMGHObf.jpg





    බෝම්බය ක්‍රමයෙන් වළ තුලට බස්සවන අයුරු

    85JHDo2.jpg




    හයිඩ්‍රොලික් ආරෝහකයක් මගින් බෝම්බය සහිත ට්‍රේලරය ඔසවා තිබෙන අයුරු​

    yGM3caM.jpg





    අවසන් වරට ලිට්ල් බෝයි බෝම්බය පරීක්ෂා කරන සේවකයෝ.එය ආරක්ෂක හේතු මත ආවරණය කර තිබේ.

    Ho2ywzO.jpg




    ලිට්ල් බෝයි බෝම්බය බෝයින් B-29 Superfortress බෝම්බ හෙළන යානයකට පටවන්නට සූදානම් වෙමින්​

    ZfDf8kF.jpg





    ආවරණය ඉවත් කල පසු බෝම්බය

    Zfp5oR0.jpg




    ආවරණය ඉවත් කර බෝම්බය ගුවන් යානයට පටවන්නට සූදානමින්​

    98send7.jpg





    හයිඩ්‍රොලික් ආරෝහකයක් මගින් ගුවන් යානය තුලට ඔසවන ලිට්ල් බෝයි බෝම්බය

    iZ1Vut2.jpg





    ගුවන් යානය තුලට එසවූ බෝම්බය එහි රඳවන්නට සූදානමින්

    lcCruOr.jpg




    බෝම්බය ගුවන් යානය තුලට ඇතුලු කල පසු පරීක්ෂා කරන අයුරු

    O55W4MI.jpg




    ලිට්ල් බෝයි සහ ෆැට් මෑන් පරමාණු බෝම්බ හිරෝෂිමා නාගසාකි නගරවලට හෙළීමෙන් පසුව ජපානය යටත්වන අතර ඉන් දෙවන ලෝක යුද්ධය අවසන් වේ.​

    uQUmwCB.jpg

    වම්පස:1945 අගෝස්තු මස 6 දා හිරෝෂිමාවට බෝම්බය හෙළීමෙන් පසු දකුණුපස:1945 අගෝස්තු මස 9 දා නාගසාකි වෙත බෝම්බය හෙළීමෙන් පසු



    බෝම්බ සූදානම් කරන අයුරු සහ ගුවන් යානාවලට පටවන අයුරු - Video




    Source:Businessinsider.com

    -HarshaLulzSec-
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry


    මේ චිත්‍රපටියෙන් පෙන්නනවා ජපනුන් පර්ල් වරායට බෝම්බ දාන්න කලින් ඇමරිකන් කාරයෝ දැනගත්තා කියලා එක ඇත්තද :eek:
     
    • Like
    Reactions: NRTG

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    සොහොන;19363509
    මේ චිත්‍රපටියෙන් පෙන්නනවා ජපනුන් පර්ල් වරායට බෝම්බ දාන්න කලින් ඇමරිකන් කාරයෝ දැනගත්තා කියලා එක ඇත්තද :eek:

    වෙන්න ඇති.ජපානේ එක්ක පැටලෙන්න විදියක් නැතුවනේ ඇමෙරිකාව ඉන්න ඇත්තේ
     
    Last edited:

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    okuntath oya paw gewanna wenawa kawada hari. japanetath une ekama thama

    පව් පින් බලන්න ගියා නම් දෙවන ලෝක යුද්ධය තවත් කල් දිග්ගැස්සෙනවා.ජපානේ හොඳයි කියන්න බෑ.ජපානේ යුද අපරාධ ජර්මනියට විතරයි දෙවනි වුනේ.මැන්චූරියාවේ කරපු දේවල් ගැන අහලා නැද්ද?පරමාණු බෝම්බ නැතුව ඇමෙරිකාව ජපානේ එක්ක හැප්පුනා නම් ප්‍රතිඵලය සෑහෙන්න වෙනස් වෙන්න තිබ්බා.ජපන් සෙබලු කියන්නේ පුදුම විදියට රටේ අභිමානේ ගැන හිතපු පිරිසක් ලු.මරාගෙන මැරෙන සේනාංක වැඩිපුරම හිටියේ ජපානේ.එහෙම රටක් එක්ක සාම්ප්‍රදායික විදියට හැප්පුනා නම් ඇමෙරිකාවට දිනුම ගන්න එක කෙසේ වෙතත් සෑහෙන්න ජීවිත හානියක් සිද්ධ වෙන්න තිබ්බා.ජපානේ ඔය බෝම්බ ප්‍රහාර 2න් පස්සේ යටත් වුනාට පැසිෆික් සාගරයේ දූපත්වල ජපන් සෙබලු දිගටම සටන් කලාලු.යුද්ධය ඉවර වෙලාත් සෑහෙන්න කාලයක් යනකම් යුද මානසිකත්වයෙන් හිටිය ජපන් සෙබලු සමහර දූපත්වල හිටියලු.
     
    • Like
    Reactions: Rapunzel003

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    adenama thread machan uba danne nan

    :D
    zeus damme israel gana uba danne ww2 gana
    elakiri machan

    ඇයි බන් zeus සද්දයක් නැත්තේ .ඌ වගේ එවුන් හින්දා තමයි අපිටත් පොඩි ගැම්මක් ආවේ..අනේ මන්දා දැන් මේකේ බලන්න කියලා දෙයක් වැටෙන්නෙත් නෑ.එක්කෝ අසහනය,නැත්නම් දේශපාලනේ නැත්නම් ජංගියක්,චීත්තයක් ගැනනේ ත්‍රෙඩ් වැටෙන්නේ.:(
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    වෙන්න ඇති.ජපානේ එක්ක පැටලෙන්න විදියක් නැතුවනේ ඇමෙරිකාව ඉන්න ඇත්තේ

    අනිවාර්යෙන් :) මේ බෝම්බය දැම්මේ ඇමරිකාවේ යටි අරමුණ තමයි සෝවියට් රුසියාවට තමුන්ගේ සතුව ඇති බලය පෙන්වීමේ ආසාව :)

    එදා කරපු මැර වැඩේට නොදෙවෙනි නැ

    පසුගිය දවසක තුර්කි ගුවන් යානා දම්මලා රුසියානු යානාව බිම දාපු එක

    බැරි වෙලාවක වත් රුසියාව පලි ගත්තොත් වෙන දේ :no:

    රුසියාව පැත්තෙන් මොනම කුපිත කිරීමකින් හෝ තොරව එරටට එරෙහිව යුද ක්‍රියාවලට පැනීමට සිය හමුදා වලට කොල එලියක් ලබාදීම මගින් තුර්කි පාලනය කරන්නේ, නැටෝවේ ද විශේෂයෙන්ම එක්සත් ජනපදයේ ද සහාය නැතිව බැරි ඝට්ටනයක ට තුර්කිය පටලැවීම බව ඒකේපීය මැනවින් දෑන සිටි බව නොකීවාට පැහැදිලි කරුනකි. යම්හෙයකින් තුර්කිය, රුසියාව සමග යුද්ධයක් අවුලුවා ගත් විටෙක ඔවුන්ගේ යුරෝපීය සහ උතුරු ඇමරිකානු සගයන් ඉන් අත සෝදා ගත හොත්, යුදමය වශයෙන් තුර්කිය සමූල ඝාතනය වී යාමේ තර්ජනයට මුහුන දෙනු ඇත.
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    සොහොන;19363623 said:


    අනිවාර්යෙන් :) මේ බෝම්බය දැම්මේ ඇමරිකාවේ යටි අරමුණ තමයි සෝවියට් රුසියාවට තමුන්ගේ සතුව ඇති බලය පෙන්වීමේ ආසාව :)

    එදා කරපු මැර වැඩේට නොදෙවෙනි නැ

    පසුගිය දවසක තුර්කි ගුවන් යානා දම්මලා රුසියානු යානාව බිම දාපු එක

    බැරි වෙලාවක වත් රුසියාව පලි ගත්තොත් වෙන දේ :no:

    රුසියාව පැත්තෙන් මොනම කුපිත කිරීමකින් හෝ තොරව එරටට එරෙහිව යුද ක්‍රියාවලට පැනීමට සිය හමුදා වලට කොල එලියක් ලබාදීම මගින් තුර්කි පාලනය කරන්නේ, නැටෝවේ ද විශේෂයෙන්ම එක්සත් ජනපදයේ ද සහාය නැතිව බැරි ඝට්ටනයක ට තුර්කිය පටලැවීම බව ඒකේපීය මැනවින් දෑන සිටි බව නොකීවාට පැහැදිලි කරුනකි. යම්හෙයකින් තුර්කිය, රුසියාව සමග යුද්ධයක් අවුලුවා ගත් විටෙක ඔවුන්ගේ යුරෝපීය සහ උතුරු ඇමරිකානු සගයන් ඉන් අත සෝදා ගත හොත්, යුදමය වශයෙන් තුර්කිය සමූල ඝාතනය වී යාමේ තර්ජනයට මුහුන දෙනු ඇත.

    රුසියාව ජර්මනිය ඇල්ලුවට පස්සේ නැගෙනහිර ආසියාව පැත්තට හැරෙයි කියන බයටම ඇමෙරිකාව බෝම්බ දාලා ජපානේ අල්ලන හිතන්න ඇති.බෝම්බ දාන දවස්වලමද කොහෙද රුසියාව ජපානයට එරෙහිව යුද ප්‍රකාශ කලේ.ඊට කලින් රුසියාව සටන් කලේ ජර්මනියට විරුද්ධව බටහිර පෙරමුණේ විතරනේ.

    රුසියාවට තුර්කිය එක්ක ඇරගන්න යද්දී ක්‍රිමියන් යුද්දේ මතක් වෙනවා ඇතිනේ.

    රුසියාව යුද්ධෙකට යන්න තරම් මෝඩ වෙන එකක් නෑනේ.

    තුර්කිය නේටෝ එකේ ඉන්නවට සමහර රටවල් ප්‍රසිද්ධියේම විරුද්ධයි තමයි.ඒත් ඉතින් යුද්ධයක් ආවොත්(රුසියාව එක්ක ) ඔය තරහ අමතක වෙලා යසට එකතු වෙයි.කොහොමත් නේටෝ එකේ යුද ශක්තිය වැඩිම ඇමෙරිකාවනේ.අනිත් රටවල් කෙසේ වෙතත් තුර්කිය එක්ක එ.ජනපදය ,එ. රාජධානිය වගේ රටවල් ඉඳියි.
     
    • Like
    Reactions: Rapunzel003