එල මචං. හැමදාම වගේ වටින, හිතන්න යමක් දෙන ත්‍රෙඩ් එකක් ඵල කලාට ස්තූතී.
මේවගේ ත්‍රෙඩ් එකකට වචනයක් නොලියා යන්න හිතෙන්නෙ නෑ.
රැකියා, මුදල් ඉපැයීමේ ක්‍රම ගැන නම් මට අනිත් අයට යමක් කියන්න අමාරුයි. මොකද මගේ මුදල් ඉපයීමේ අදහස් මා තුලම අසාර්ථක වුන අවස්ථා තියන නිසා. අනිත් එක අද ඉන්න තත්වෙට මම ආවේ කලින් ප්ලෑන් කරලා නෙවෙයි. මට තියෙන්නේ මේ එලකිරියෙ වගේම ලංකාවේ මගේ ෆීල්ඩ් එකේ ඉන්න ගොඩක් අයට තියන බොහෝම සාමාන්‍ය ඩිග්රියක්. ඇත්තටම කියනව නම් ඒ ඩිග්‍රියෙන් මට ඍජු ප්‍රයෝජනයක් නැති තරම්.
නමුත් කලින් ප්ලෑන් නොකලට මම අද යම්කිසි තත්වෙක ඉන්නව නම් ඉන්නේ වැඩක් පටන්ගත්තම ඒ වැඩේ උපරිමයෙන් හා නිවැරදිව කරන්න මාතුළ තියන පෙළඹවීමත්, හැමතිස්සෙම නියමිත වෙලාවට නියම දේ කිරිමත්, වැඩ කල්දාන්නේ නැති විමත්, විස්වාසය කඩ නොකිරීමත් වගේ දේවල් මත. ඔය හැම දෙයක්ම එක්ක 2% ක් විතර සැගවුන වාසනාවක් මා තුළ තියනව කියලා මම විස්වාස කරනවා. අපි කාගේ ලගත් ඒ වගේ වාසනාව කියල දෙයක් තියනවා.
මම උඩදිත් කිව්වේ මගේ මුදල් ඉපයීමේ අදහස් මා තුලම අසාර්ථක වුනා කියලා. එකක් දෙකක් එහෙම නෙවෙයි මම ක්‍රියාත්මක කරපු මුදල් ඉපයීමේ අදහස් 8 මා තුලින්ම අසාර්ථක වුනා. සමහර ඒවගෙන් මම යම්කිසි පාඩුවකුත් ලැබුවා. නමුත් ඒ හැම දේකින්ම මට ලැබුනු පන්නරය ජීවිතේට සෑහෙන්න ප්‍රයෝජනවත් වෙලා තියනවා.
මට අවබෝධ වෙන විදිහට මේ ත්‍රෙඩ් එකට යමක් එකතු කරනව නම් කියන්න තියන්නේ හැමතිස්සෙම එකම රස්සාවක් මත යැපෙන්නේ නැතුව තව මොනවහරි කරන්න බලන්න කියලා තමයි. ඒ කරන දේ වරදින්න පුලුවන්. වැරදුනොත් වෙන විදිහකට උත්සාහ කරන්න. කොල්ලෙකුට ජීවිතේට දෙවෙනි ආදායම් මාර්ගයක් තියන එක ගොඩක් වටිනවා. ඉගෙන ගන්න තරමක් කසාදයක් බදින්න කලින් ඉගෙන ගන්න.
ජීවිතේ සමබර කරගන්න. සල්ලි මත්තෙම, අත්මාර්ථය මත්තෙම ඉන්න එපා. සල්ලි කියන්නේ අත්‍යවශ්‍ය දෙයක් තමයි. ඒත් පව්ලේ මිනිස්සු ගැන හිතන්න. එයාල එක්ක ගතකරන්න කාලයක් හදාගන්න. මිනිස්සු ආස්‍රය කරන්න. ට්‍රිප් යන්න, සිංදු අහන්න, ව්‍යායාම කරන්න ඒ වගේම බෞද්ධයෙක් නම් ධර්මය අවබෝධ කර ගන්න උත්සාහ කරන්න යම් වේලාවක් වෙන් කරන්න. කවදහරි සාර්ථක පුරවැසියෙක් විදිහට මැරෙන්න පුලුවන් වෙන්නේ හැම පැත්තම සමබර කරගත්තු කෙනෙකුට විතරයි.