ජබොක් නොවන ජොබක්

thedigit2s

Well-known member
  • Oct 3, 2009
    2,782
    3,200
    113
    37
    @ katubedda
    සමහර දේවල් වලට එකඟ වෙන්න පුලුවන් සමහර දේවල් වලට නම් බැ....
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    දැන් දැන් උපාධියට නැති තැනක් work experience එකට ලැබෙනවා.ඒක නිසා යන්තම් සුදුසුකම් සපුරගෙන රස්සාවකට ගිහින්,ඉතුරු studies සම්පූර්න කර්ගන්න එක තමයි හොඳම දේ.එතකොට studies ඉවර වෙද්දි අවුරුදු 2,3ක විතර experience නිකන්ම ඇවිත්.එතකොට පුලුවන් බය නැතිව පිලිගත්ත තැනකට apply කරන්න.ඒ අතරෙ english ටිකත් හදා ගන්නවනම් ඉතින් පට්ට තමයි....
    කොල්ලෙක් නම් සතියට පැය 4ක් විතර වැය කරලා ජිම් එකටත් යන්න පුලුවන් නම් සුප්පා තමා.... :)
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ

    සිරා කතාව:cool:
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    රත්තරං;19050815 said:
    ඇත්ත කතාව මචෝ.. දැන් කාලේ ඩිග්‍රි හෝ ඩිප්ලෝමා කියයන්නේ මැද මට්ටම.. අන්න ඒකත් සලකලා තමයි මම ලිව්වේ. එම් එස් සී එකකට වගේ යනවනම් ජොබක් එක්ක යන එකේ යම් වාසි සහගත තත්වයක් තියෙනවා මචන්. ඒ නිසයි පලවෙනි ජොබෙන් පඩි හොයන්නේ නැතුව රෙපියුටඩ් කම්පැනි එකක එක්ස්පීරියන්ස් එකත් එක්ක තමන්ගේ වැඩේ ගොඩදාගන්න කිව්වේ.:cool:

    ඔව් සම්පූර්ණ ඇත්ත, මමත් ඩිප්ලෝමා කරල ජොබ් පටන් ගත්තේ, නමුත් ඩිග්‍රී එක කරන්න ගොඩාක් කල් ගියා. තාම ඉවර නෑ. ඩිග්‍රී එකෙන් ජොබ් පටන් ගත්තු උන් දැන් එම් එස් සී කරනවා. දැන් ඩිග්‍රී එක නැතුව මටත් තව ස්ටෙප් එකක් උඩට යන්න පුලුවන්. නමුත් එතකොට එතනින් ඉස්සරහට යන්න වෙන්නෙ නෑ.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ත්‍රෙඩ් එක නම් පට්ට වැදගත්...
    හොඳට වැදුනා.. ඒ වගේම ටිකක් රිදුනා.. අඩු පඩියෙන් පටන් ගෙන ඇත..
    ;)
    +Rep
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එල මචං. හැමදාම වගේ වටින, හිතන්න යමක් දෙන ත්‍රෙඩ් එකක් ඵල කලාට ස්තූතී.

    මේවගේ ත්‍රෙඩ් එකකට වචනයක් නොලියා යන්න හිතෙන්නෙ නෑ.

    රැකියා, මුදල් ඉපැයීමේ ක්‍රම ගැන නම් මට අනිත් අයට යමක් කියන්න අමාරුයි. මොකද මගේ මුදල් ඉපයීමේ අදහස් මා තුලම අසාර්ථක වුන අවස්ථා තියන නිසා. අනිත් එක අද ඉන්න තත්වෙට මම ආවේ කලින් ප්ලෑන් කරලා නෙවෙයි. මට තියෙන්නේ මේ එලකිරියෙ වගේම ලංකාවේ මගේ ෆීල්ඩ් එකේ ඉන්න ගොඩක් අයට තියන බොහෝම සාමාන්‍ය ඩිග්‍රියක්. ඇත්තටම කියනව නම් ඒ ඩිග්‍රියෙන් මට ඍජු ප්‍රයෝජනයක් නැති තරම්.
    නමුත් කලින් ප්ලෑන් නොකලට මම අද යම්කිසි තත්වෙක ඉන්නව නම් ඉන්නේ වැඩක් පටන්ගත්තම ඒ වැඩේ උපරිමයෙන් හා නිවැරදිව කරන්න මාතුළ තියන පෙළඹවීමත්, හැමතිස්සෙම නියමිත වෙලාවට නියම දේ කිරිමත්, වැඩ කල්දාන්නේ නැති විමත්, විස්වාසය කඩ නොකිරීමත් වගේ දේවල් මත. ඔය හැම දෙයක්ම එක්ක 2% ක් විතර සැගවුන වාසනාවක් මා තුළ තියනව කියලා මම විස්වාස කරනවා. අපි කාගේ ලගත් ඒ වගේ වාසනාව කියල දෙයක් තියනවා.

    මම උඩදිත් කිව්වේ මගේ මුදල් ඉපයීමේ අදහස් මා තුලම අසාර්ථක වුනා කියලා. එකක් දෙකක් එහෙම නෙවෙයි මම ක්‍රියාත්මක කරපු මුදල් ඉපයීමේ අදහස් 8 මා තුලින්ම අසාර්ථක වුනා. සමහර ඒවගෙන් මම යම්කිසි පාඩුවකුත් ලැබුවා. නමුත් ඒ හැම දේකින්ම මට ලැබුනු පන්නරය ජීවිතේට සෑහෙන්න ප්‍රයෝජනවත් වෙලා තියනවා.

    මට අවබෝධ වෙන විදිහට මේ ත්‍රෙඩ් එකට යමක් එකතු කරනව නම් කියන්න තියන්නේ හැමතිස්සෙම එකම රස්සාවක් මත යැපෙන්නේ නැතුව තව මොනවහරි කරන්න බලන්න කියලා තමයි. ඒ කරන දේ වරදින්න පුලුවන්. වැරදුනොත් වෙන විදිහකට උත්සාහ කරන්න. කොල්ලෙකුට ජීවිතේට දෙවෙනි ආදායම් මාර්ගයක් තියන එක ගොඩක් වටිනවා. ඉගෙන ගන්න තරමක් කසාදයක් බදින්න කලින් ඉගෙන ගන්න.
    ජීවිතේ සමබර කරගන්න. සල්ලි මත්තෙම, අත්මාර්ථය මත්තෙම ඉන්න එපා. සල්ලි කියන්නේ අත්‍යවශ්‍ය දෙයක් තමයි. ඒත් පව්ලේ මිනිස්සු ගැන හිතන්න. එයාල එක්ක ගතකරන්න කාලයක් හදාගන්න. මිනිස්සු ආස්‍රය කරන්න. ට්‍රිප් යන්න, සිංදු අහන්න, ව්‍යායාම කරන්න ඒ වගේම බෞද්ධයෙක් නම් ධර්මය අවබෝධ කර ගන්න උත්සාහ කරන්න යම් වේලාවක් වෙන් කරන්න. කවදහරි සාර්ථක පුරවැසියෙක් විදිහට මැරෙන්න පුලුවන් වෙන්නේ හැම පැත්තම සමබර කරගත්තු කෙනෙකුට විතරයි.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Watina thread ekak machan.

    You must spread some Reputation around before giving it to රත්තරං again.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    රස්සාවට කලින් පුලුවන් තරම් ඉගෙන ගන්න බලන්න. නැත්තම් පොඩි රස්සාවක් කරන්න තමුන්ට ඉගෙනීමේ වැඩ වලට වෙලාව ලැබෙන.
    බාගෙට ඉගෙන ඒකට ගැලපෙන හොඳ ජොබ් එකක් කරන්න ගත්තම, පස්සෙ වැඩිදුර ඉගෙන ගන්න හිතුනම ඒකට වෙලාවක් හම්බෙන්නෙ නෑ.
    දැන් රස්සාවල් වල වගකීම ගොඩාක් වැඩී, වැඩ කරන්න වෙන වෙලාව, වැඩට යන්න එන්න යන වෙලාව, ස්ට්‍රෙස් එක, ඇඟේ මහන්සිය ඔක්කොම වැඩී. මේ ඔක්කොම එක්ක පඩියත් ටිකක් වැඩිපුර හම්බුනාට තමුන් වෙනුවෙන් කැප කරන්න තියෙන කාලය ශක්තිය ගොඩාක් ඒත් එක්කම අඩු වෙනවා.
    ඉගෙන ගෙන එන කාගේ අනුක්‍රමණය, අත්දැකීමෙන් ඉහළට යන එකාගෙ එකට වඩ වැඩී. කොහොම ගියත් කොළේ නැත්තම් යම් මට්ටමකින් හිර වෙනවා.
    ඉතින් ඉගෙන ගෙන රස්සා කරල දියුණු වෙන්න හදන උන් උපාධි මට්ටමටවත් ඉගෙනගන්නකල් ලොකු රස්සාවල්, පඩි ගැන බලන්න එපා.
    මේක මට කෙළ උන තැනක්, මගේ ක්ෂේත්‍රය ගැන අත්දැකීමෙනුයි මම කිව්වෙ. දැන් මම අයෙත් අඩු පඩියක් පොඩි රස්සවක් එක්ක ඉගෙන ගන්නවා. නමුත් මොලේ ඉස්සර තරම් වැඩ නැති එක ලොකු පාඩුවක්.
    :yes:
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    එල මචං. හැමදාම වගේ වටින, හිතන්න යමක් දෙන ත්‍රෙඩ් එකක් ඵල කලාට ස්තූතී.

    මේවගේ ත්‍රෙඩ් එකකට වචනයක් නොලියා යන්න හිතෙන්නෙ නෑ.

    රැකියා, මුදල් ඉපැයීමේ ක්‍රම ගැන නම් මට අනිත් අයට යමක් කියන්න අමාරුයි. මොකද මගේ මුදල් ඉපයීමේ අදහස් මා තුලම අසාර්ථක වුන අවස්ථා තියන නිසා. අනිත් එක අද ඉන්න තත්වෙට මම ආවේ කලින් ප්ලෑන් කරලා නෙවෙයි. මට තියෙන්නේ මේ එලකිරියෙ වගේම ලංකාවේ මගේ ෆීල්ඩ් එකේ ඉන්න ගොඩක් අයට තියන බොහෝම සාමාන්‍ය ඩිග්‍රියක්. ඇත්තටම කියනව නම් ඒ ඩිග්‍රියෙන් මට ඍජු ප්‍රයෝජනයක් නැති තරම්.
    නමුත් කලින් ප්ලෑන් නොකලට මම අද යම්කිසි තත්වෙක ඉන්නව නම් ඉන්නේ වැඩක් පටන්ගත්තම ඒ වැඩේ උපරිමයෙන් හා නිවැරදිව කරන්න මාතුළ තියන පෙළඹවීමත්, හැමතිස්සෙම නියමිත වෙලාවට නියම දේ කිරිමත්, වැඩ කල්දාන්නේ නැති විමත්, විස්වාසය කඩ නොකිරීමත් වගේ දේවල් මත. ඔය හැම දෙයක්ම එක්ක 2% ක් විතර සැගවුන වාසනාවක් මා තුළ තියනව කියලා මම විස්වාස කරනවා. අපි කාගේ ලගත් ඒ වගේ වාසනාව කියල දෙයක් තියනවා.

    මම උඩදිත් කිව්වේ මගේ මුදල් ඉපයීමේ අදහස් මා තුලම අසාර්ථක වුනා කියලා. එකක් දෙකක් එහෙම නෙවෙයි මම ක්‍රියාත්මක කරපු මුදල් ඉපයීමේ අදහස් 8 මා තුලින්ම අසාර්ථක වුනා. සමහර ඒවගෙන් මම යම්කිසි පාඩුවකුත් ලැබුවා. නමුත් ඒ හැම දේකින්ම මට ලැබුනු පන්නරය ජීවිතේට සෑහෙන්න ප්‍රයෝජනවත් වෙලා තියනවා.

    මට අවබෝධ වෙන විදිහට මේ ත්‍රෙඩ් එකට යමක් එකතු කරනව නම් කියන්න තියන්නේ හැමතිස්සෙම එකම රස්සාවක් මත යැපෙන්නේ නැතුව තව මොනවහරි කරන්න බලන්න කියලා තමයි. ඒ කරන දේ වරදින්න පුලුවන්. වැරදුනොත් වෙන විදිහකට උත්සාහ කරන්න. කොල්ලෙකුට ජීවිතේට දෙවෙනි ආදායම් මාර්ගයක් තියන එක ගොඩක් වටිනවා. ඉගෙන ගන්න තරමක් කසාදයක් බදින්න කලින් ඉගෙන ගන්න.
    ජීවිතේ සමබර කරගන්න. සල්ලි මත්තෙම, අත්මාර්ථය මත්තෙම ඉන්න එපා. සල්ලි කියන්නේ අත්‍යවශ්‍ය දෙයක් තමයි. ඒත් පව්ලේ මිනිස්සු ගැන හිතන්න. එයාල එක්ක ගතකරන්න කාලයක් හදාගන්න. මිනිස්සු ආස්‍රය කරන්න. ට්‍රිප් යන්න, සිංදු අහන්න, ව්‍යායාම කරන්න ඒ වගේම බෞද්ධයෙක් නම් ධර්මය අවබෝධ කර ගන්න උත්සාහ කරන්න යම් වේලාවක් වෙන් කරන්න. කවදහරි සාර්ථක පුරවැසියෙක් විදිහට මැරෙන්න පුලුවන් වෙන්නේ හැම පැත්තම සමබර කරගත්තු කෙනෙකුට විතරයි.

    Samabara wenna. Niyamai aaa....