ජබොක් නොවන ජොබක්

romero2005

Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    රත්තරං;19050217 said:
    ජීවිතේ ජයගන්න උපාදියක් විතරක් නෙමේ රැකියාවකුත් අත්‍යවශ්‍ය නෑ.. කදු මුදුනට පාරවල් ගොඩක් තියෙනවා. සමහර ඒවා කෙටියි, සමහර ඒවා දුරයි. සමහර ඒවා රලුයි, සමහර ඒවා සුමටයි:)

    okkoma thiyanawa....කදු මුදුන hoya ganda bariwa inne
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මේවගේ ත්‍රෙඩ් එකකට වචනයක් නොලියා යන්න හිතෙන්නෙ නෑ.

    නමුත් කලින් ප්ලෑන් නොකලට මම අද යම්කිසි තත්වෙක ඉන්නව නම් ඉන්නේ "වැඩක් පටන්ගත්තම ඒ වැඩේ උපරිමයෙන් හා නිවැරදිව කරන්න මාතුළ තියන පෙළඹවීමත්, හැමතිස්සෙම නියමිත වෙලාවට නියම දේ කිරිමත්, වැඩ කල්දාන්නේ නැති විමත්, විස්වාසය කඩ නොකිරීමත් වගේ දේවල් මත." ඔය හැම දෙයක්ම එක්ක 2% ක් විතර සැගවුන වාසනාවක් මා තුළ තියනව කියලා මම විස්වාස කරනවා. අපි කාගේ ලගත් ඒ වගේ වාසනාව කියල දෙයක් තියනවා.

    ජීවිතේ සමබර කරගන්න. සල්ලි මත්තෙම, අත්මාර්ථය මත්තෙම ඉන්න එපා. සල්ලි කියන්නේ අත්‍යවශ්‍ය දෙයක් තමයි. ඒත් පව්ලේ මිනිස්සු ගැන හිතන්න. එයාල එක්ක ගතකරන්න කාලයක් හදාගන්න. මිනිස්සු ආස්‍රය කරන්න. ට්‍රිප් යන්න, සිංදු අහන්න, ව්‍යායාම කරන්න ඒ වගේම බෞද්ධයෙක් නම් ධර්මය අවබෝධ කර ගන්න උත්සාහ කරන්න යම් වේලාවක් වෙන් කරන්න. කවදහරි සාර්ථක පුරවැසියෙක් විදිහට මැරෙන්න පුලුවන් වෙන්නේ හැම පැත්තම සමබර කරගත්තු කෙනෙකුට විතරයි.

    හොඳ ත්‍රෙඩ් එකක් කොහෙද Mr.Tom එතන...:cool:
    රතු පාටින් තියෙන්නෙ මම ගත්ත දේවල් ටික...:)


     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    ගොඩාක් වටිනවා සහෝ..එක එකා අයින් වෙවී යනවා..දිගටම ත්‍රෙඩ් දාමු
    :yes::yes::yes::yes::yes:

    -----------------------------------------------------------------------


    Kawuru ayin wela giyath oyanam me site eka dala yanna epa machan.:no::no:
    meke kattiyata umben igena ganna godak dewal thiyenawa.:cool::cool:
    Hamawelema Oyage hama adahasatama ekaga nowunata mama hithanne oya me kiriyata inna ona wedagath ma pudgalayek kiyala.:):):)

    Me thread eka nam igenagena jobak karanna hithan inna kollekta harima watinawa.
    e wagema danata jobak karana ewuntath.

    matath podi prashnayak thiyenawa.jobak sambandawa thama.methana dammoth thread eka off topic yana hinda man wenama daanam.puluwannam ekata poddak aha dala balanawada?
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :no::no::no:
    රත්තරන්මාමේ

    වැඩිහිටියන්ට නිසි ගෞරවේ දීලා කතා කරන්න ඉගෙන ගන්න . . . :lol: :lol:

    :eek::eek::eek::eek::eek::baffled::baffled::oo::oo:

    නැත්තන් ඔබතුමියට Elysium නැන්දි කියල ආමන්ත්‍රණය කරන්න වෙනවා අපිට . . .

    :lol::lol::lol::lol::lol::lol:

    චාමර.. මට දැන් සිරාවටම මලපනිනවා චාමර..
    මහ කුප්ප මිනිස්සු
    ගෑනු ලමයෙක් අපි ගැන මොනව හරි කිව්වොත් අදිනවා බාල්දියක්:(:(:(
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔව් සම්පූර්ණ ඇත්ත, මමත් ඩිප්ලෝමා කරල ජොබ් පටන් ගත්තේ, නමුත් ඩිග්‍රී එක කරන්න ගොඩාක් කල් ගියා. තාම ඉවර නෑ. ඩිග්‍රී එකෙන් ජොබ් පටන් ගත්තු උන් දැන් එම් එස් සී කරනවා. දැන් ඩිග්‍රී එක නැතුව මටත් තව ස්ටෙප් එකක් උඩට යන්න පුලුවන්. නමුත් එතකොට එතනින් ඉස්සරහට යන්න වෙන්නෙ නෑ.
    හැබැයි මචෝ සමහර අය කිසිම එක්ස්පීරියන්ස් එකක් ගන්නේ නැතුව 30ක් විතර වෙනකන් එම් එස් සී එක දක්වාම කරනවා. පස්සේ ඒ අයට එකපාරට රැකියාවක් හොයාගන්න එකේ පොඩි ගැටලුවක් ඇතිවෙනවා. එහෙම නේද?:)
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    එල මචං. හැමදාම වගේ වටින, හිතන්න යමක් දෙන ත්‍රෙඩ් එකක් ඵල කලාට ස්තූතී.

    මේවගේ ත්‍රෙඩ් එකකට වචනයක් නොලියා යන්න හිතෙන්නෙ නෑ.

    රැකියා, මුදල් ඉපැයීමේ ක්‍රම ගැන නම් මට අනිත් අයට යමක් කියන්න අමාරුයි. මොකද මගේ මුදල් ඉපයීමේ අදහස් මා තුලම අසාර්ථක වුන අවස්ථා තියන නිසා. අනිත් එක අද ඉන්න තත්වෙට මම ආවේ කලින් ප්ලෑන් කරලා නෙවෙයි. මට තියෙන්නේ මේ එලකිරියෙ වගේම ලංකාවේ මගේ ෆීල්ඩ් එකේ ඉන්න ගොඩක් අයට තියන බොහෝම සාමාන්‍ය ඩිග්‍රියක්. ඇත්තටම කියනව නම් ඒ ඩිග්‍රියෙන් මට ඍජු ප්‍රයෝජනයක් නැති තරම්.
    නමුත් කලින් ප්ලෑන් නොකලට මම අද යම්කිසි තත්වෙක ඉන්නව නම් ඉන්නේ වැඩක් පටන්ගත්තම ඒ වැඩේ උපරිමයෙන් හා නිවැරදිව කරන්න මාතුළ තියන පෙළඹවීමත්, හැමතිස්සෙම නියමිත වෙලාවට නියම දේ කිරිමත්, වැඩ කල්දාන්නේ නැති විමත්, විස්වාසය කඩ නොකිරීමත් වගේ දේවල් මත. ඔය හැම දෙයක්ම එක්ක 2% ක් විතර සැගවුන වාසනාවක් මා තුළ තියනව කියලා මම විස්වාස කරනවා. අපි කාගේ ලගත් ඒ වගේ වාසනාව කියල දෙයක් තියනවා.

    මම උඩදිත් කිව්වේ මගේ මුදල් ඉපයීමේ අදහස් මා තුලම අසාර්ථක වුනා කියලා. එකක් දෙකක් එහෙම නෙවෙයි මම ක්‍රියාත්මක කරපු මුදල් ඉපයීමේ අදහස් 8 මා තුලින්ම අසාර්ථක වුනා. සමහර ඒවගෙන් මම යම්කිසි පාඩුවකුත් ලැබුවා. නමුත් ඒ හැම දේකින්ම මට ලැබුනු පන්නරය ජීවිතේට සෑහෙන්න ප්‍රයෝජනවත් වෙලා තියනවා.

    මට අවබෝධ වෙන විදිහට මේ ත්‍රෙඩ් එකට යමක් එකතු කරනව නම් කියන්න තියන්නේ හැමතිස්සෙම එකම රස්සාවක් මත යැපෙන්නේ නැතුව තව මොනවහරි කරන්න බලන්න කියලා තමයි. ඒ කරන දේ වරදින්න පුලුවන්. වැරදුනොත් වෙන විදිහකට උත්සාහ කරන්න. කොල්ලෙකුට ජීවිතේට දෙවෙනි ආදායම් මාර්ගයක් තියන එක ගොඩක් වටිනවා. ඉගෙන ගන්න තරමක් කසාදයක් බදින්න කලින් ඉගෙන ගන්න.
    ජීවිතේ සමබර කරගන්න. සල්ලි මත්තෙම, අත්මාර්ථය මත්තෙම ඉන්න එපා. සල්ලි කියන්නේ අත්‍යවශ්‍ය දෙයක් තමයි. ඒත් පව්ලේ මිනිස්සු ගැන හිතන්න. එයාල එක්ක ගතකරන්න කාලයක් හදාගන්න. මිනිස්සු ආස්‍රය කරන්න. ට්‍රිප් යන්න, සිංදු අහන්න, ව්‍යායාම කරන්න ඒ වගේම බෞද්ධයෙක් නම් ධර්මය අවබෝධ කර ගන්න උත්සාහ කරන්න යම් වේලාවක් වෙන් කරන්න. කවදහරි සාර්ථක පුරවැසියෙක් විදිහට මැරෙන්න පුලුවන් වෙන්නේ හැම පැත්තම සමබර කරගත්තු කෙනෙකුට විතරයි.


    උබ කියන දේ හරියටම හරි මචෝ.. මොන දේටත් තමන්ගේ කැපවීම උනන්දුව ඕනේ. ඒ වාගෙම තමන්ගේ හැකියාවන් අදුනාගැනීමත් හුගාක් වැදගත්. උගත් උනත් "හැකියාවන්" නැති අය කොච්චරනම් අපිට ජීවිතේදී මුනගැහෙනවද.. අර උබ කිව්ව වගේ මාත් කෙලවගත්ත වාරනම් අනන්තයි මචන්.. හැබැයි මචන් ඒ හැම පසුබෑමක්ම අද්දැකීමක් කරගන්න, පන්නරයක් කරගන්නවනම් අන්න ඒක තමයි කෙනෙකුගේ නියමම හැකියාව.



    රැකියාව මතම යැකීප සුදුසු නෑ කියපු එක සීයට සීයක් ඇත්ත කතාව මචෝ. ඒ ගැන මේ ත්‍රෙඩ් එකේ දීර්ගව කතාකල නිසයි මේකේ ලිව්වේ නැත්තේ. ඒත් ඒ අඩුව උබ සම්පූර්න කලාට ස්තූතියි.. තව තවත් වටිනා අදහස් එක්කරන්න

    http://www.elakiri.com/forum/showthread.php?t=1631998

    රත්තරං;17079687 said:
    අද පොඩි විස්තරයක් ලියන්නයි යන්නේ. හැබැයි මේක ලියන්නේ තුන්වේල කාලා දිරවගන්න බැරුව කාලකන්නි වෙච්ච ජීවිත වල අඩුව පුරවගන්න පැය 24ම එලකිරියේ ලැගගෙන මේකේ බාල්දි පෙරලන කුක්කන්ටවත්, පුක කහගන්න නියපොත්ත නැතුව MSc ටෝක් දෙන කුක්කන්ටවත්,මස් බර ඇරෙන්න වෙන කිසි වටිනාකමක් නැති කාලකන්නි ජීවිත වලටවත් නෙමේ.අද මේ කතාකරන්නේ දියුනුවෙන්න හදන හෝ දියුනුවෙන්න අදහසක් බලාපොරොත්තුවක් තියෙන කොල්ලන්ට

    4-popular-ways-to-generated-extra-income-online-from-blog.jpg



    මොකක්ද අමතර ආදායමක් කියන්නේ?

    අමතර ආදායමක් කියන්නේ තම්න්ගේ රැකියාව හෝ තමන් ජීවත් වෙන ප්‍රදාන වෘතියට අමතරව වෙන දෙයක් කරල ඒකෙන් තමන්ගේ ආර්තිකේ ශක්තිමත් කරගන්න උදව් උපකාර වෙන තවත් සල්ලි අතට එන ක්‍රමයක්

    ඇයි අපිට අමතර ආදායමක් ඕනේ?

    සාමාන්නෙන් විවාහකයෙකුටනම් මේ කාලේ අවම රුපියල් 60000ක් වත් මාසේ වියදමට ඕනේ මනුස්සයෙක් වගේ ඉන්න. කාර් එකක් මාසෙට කිලෝමීටර 1500ක් වගේ දිව්වත් රුපියල් 25000ක වගේ පැට්‍රල්ම යනවා. ලැබිච්ච මනුස්ස ජීවිතේ ඔහේ උපන්නන් වාලේ ජීවත් වෙන්නනම් මේ මොකුත් ඕනේ නෑ කිව්වහැකි. ඒත් අද සමාජේ මනුස්සයෙක් වගේ ජීවත් වෙන්න අවශ්‍ය ප්‍රදානම සාදකේ සල්ලි වෙලා ඉවරයි.ඉතින් අපි කොච්චර හම්බ කලත් මදි වගේ තත්වයක්නේ බන් තියෙන්නේ.

    රටේ තත්වෙත් එක්කද අව්ල?

    මොකා ආවත් ආර්තිකේ ඔහොම තමා බන්. සේරම හොරු. තමන් අතෙයි ගේම තියෙන්නේ. ඉතියෝපියාවේ සෝමාලියාවේ හිටන් සල්ලි කාරයෝ ඉන්නවා. දඩයම් කරන් ජීවත් වෙන කාලේ ශක්තිවන්තයා කල්ලියේ පොර උනා වගේ අද හම්බ කරන්න දන්න එකා, හම්බකරන සාස්තරේ දාන්න එකා හම්බ කරන එකා තමයි පොර. මොන ආර්තික අහේනිය රටට ආවත් උබේ මීටරේ හොදනම් උබ ගොඩ

    සල්ලි හම්බකරන්න අමාරුද?

    අපෝ නෑ. සල්ලි හම්බ කරන එක හරිම ලේසියි. ඕක හරියට ගනන් හදනවා වගේ වැඩක්. ක්‍රමේ දන්න එකා පට පට ගාලා හදනවා. නොදන්න එකා නාගෙන ගාගෙන රීගෙන දගලනවා. මම දකින විදිහටනම් ලංකාවේ "මැරීගෙන වැඩකරල" හම්බ කරන්න බෑ, හැබැයි--- උබ "ස්මාර්ට් විදිහට" වැඩකලානම් හම්බ කලෑකි. හරිම ලේසියෙන්. කුබුරු හාන මී හරකුත් පුන්නක්කු ටිකක් වෙනුවෙන් මුලු දවසම මැරීගෙන වැඩ කරනවා. උබලත් කුබුරු හාන හරක් ගානට වැටෙන්න එපා.කුබුර හාන හරකා දක්කන එකාගේ භූමිකාවට බැහැපන්. ඌ පුන්නකු ටිකක් දීලා කෙවිටෙන් ගේම ගානට ගෙනියනවා.

    images


    ඇයි අපි ස්මාර්ට් විය යුත්තේ?

    පිටකොටුවේ නාටාමි කෙනෙක් දවසකට කීයක් හොයනවද? ඒකෙන් 10න් එකක් වත් අලුත් පත්වීම් ලබපු උපාදිදාරී සංවර්දන සහකාර කියන බුවාල හොයනවද? අපරාදේ ආන්ඩුවේ ජොබ් කරන උන්ටනම් ලැබිච්ච මනුස්ස ජීවිත. සිරාවටම. ජොබ් එකට ගිය දවසෙම කිව්වහැකි මැරෙනකම් උන් හම්බකරන් ගාන. ලංකාවේ දියුනු උන උන් ගැන බලන්න 80%ක්ම ස්මාර්ට් ගේම් කාරයෝ. නන්දන ලොකුවිතාන මහත්තයා ගහපු ගේම දන්නව ඇතිනේ. අන්න ස්මාර්ට් ගේම්.ඒ හැම මිනිහම දියුනු වෙලා තියෙන්නේ හිතන විදිහෙන්,, ආකල්ප වලින්, ස්මාර්ට් ප්ලෑන් වලින්, ස්මාර්ට් වර්ක් වලින්. නැත්නම් ඉපදෙන මිනිස්සුන්ගෙන් බහුතරේකට අතපය ඇස් කන් නාස ඇතුවනේ ඉපදෙන්නේ. උපන් මොහොතේ වෙනසක් නෑනේ.

    How-to-earn-extra-income.jpg


    මම දොස්තර කෙනෙක්, මම ඉංජිනේරුවෙක්, මම එකවුන්ටන් කෙනෙක් මට ලොකු පඩියක් තියෙනවා. මට මොකටද අමතර ආදායම්?

    එහෙම හිතුවොත්නම් හැමදාම එකම තැන තමා මචන්. මාසේ පඩිය විතරක් බලාන වැඩකරන උන් ගනන් හදලා බලපල්ලා අව් රුදු50 55 වෙද්දි. අද වටිනාකමට උබලට කීයක් හම්බ කරන්න පුලුවන්ද කියල. දුක හිතෙයි බන්. එතින් අනෙක් අය ගැන කුමන කතාද?. මමනම් කියන්නේ මොන රැකියාව කලත් කමක් නෑ ඒ එක්ක තවත් අමතර ආදායකම් හදාගන්න

    think-smart.jpg



    ඕවට කොහෙද වෙලාව?

    වීකෙන්ඩ් එකේ බකාඩියකට, ජොනි වෝකර් මහත්තයට ගල් බෝතලේට දෙන වෙලාවෙන් පැයක් දෙකක් අඩු කරලා, බෝතලෙත් ගහලා එතුරු වෙලාවෙන් කල්පනා කරපන්. වීකෙන්ඩ් එකෙන් පුලුවන් පඩියට පඩියක් හොයන්න. ස්මාර්ට් විදිහට හිටහන්න විතරයි ඕනේ.


    ඔෆිස් එකේ මැරිල මැරිල වීකෙන්ඩ් එකත් බාල්දු කරන්නද යන්නේ?

    නෑ. කිසිසේත්ම නෑ. කොල්ලෝ විදිහට අපි හැමෝම මොකක් හෝ ලබ්බක් විනෝදාශ්වාදය වෙනුවෙන් කරනවා. අන්න ඒ වගේ නිදහසේ විනෝදෙන් කරන් යන්න පුලුවන් දෙයක් තෝරගන්න (ඔන්න තොපි සේරටම හරියටම ගැලපෙනවා කියලා බඩු පොට් එකක් හරි ස්කාගාරයක් හරි දානවා නෙමේ:P ) වැඩි බරක් හිතට නොගෙන සැහැල්ලුවෙන් කරන් යන්න පුලුවන් දෙයක්

    මම මගේ රැකියාවට අමතරව මගේ දැනුම පාවිච්චි කරලා වාහනයක් දෙකක් ගෙනත් විකුනනවා. අතේ වාහන දෙකක් තුනක් වගේ තියාගත්තහම කොහොම හරි කැරකිලා මාසෙකට ලක්ශ දෙකෙන් එහා එනවා (අව්රුද්දට හම්බකරන මුලු ගාන 12න් බෙදලා ) සමහර මාස වල හාල්. සමහර මාස වල ඇරියස් එක්ක අව්රුදු. උපන්ගෙයිම වාහන පිස්සුව තියෙන නිසා අමතර බරකුත් නෑ හිතට. එලවලු පලතුරු වගේ ගෙදර තිබ්බා කියල නරක් වෙන්නෙත් නෑ. මගේ ගමන් බිමන් වලටත් පහසුයි

    ඔය මම කිව්වේ මම දන්න කර්මාන්තේ. ඒක ගැන ගන්න තැන ඉදන් විකුනන තැන ඉදන් ත්‍රෙඩ් දාලා කියල දීලා තියෙන්නේ

    ඔය එක උදාහරනයක් විතරයි. අමතර ආදායම් වලට මම දන්න අය කරන , දැකපු තව දේවල් දෙන්නම් අදහසක් ගන්න

    *.සප්ලයි ලයින් එකක් අල්ල ගන්න, ප්‍රඩක්ශන් වලට යන්න එපා. කාලය කැපකිරීම ඒකට ගොඩක් ඕනේ. ඒ නිසා ප්‍රඩක්ශන් එකක් කරන තැනකට හෝ කෙනෙක්ට සප්ලයි පාරක් සෙට් කරගන්න

    *.කොලබින් පිටනම් ඉන්නේ. සුදු කාර් එකක් අරන් සරලවම වෙඩින් හයර් දුවන්න පුලුවන්. තමන්ගේ ගමන් බිමනුත් කෙරෙනවා කීයක් හරි අතටත් එනවා. ලොකු ආදායමක් නොවුනත් අදහසක් ගන්න කිව්වේ

    *.මේ දවස්වල වාහන රෙන්ට් කරන එකනම් භයානකයි.ඒත් හොද කම්පැනියක් වගේ අල්ලගන්න පුලුවන්නම් ඒකත් හොද ආදායමක්

    *.පිසිකල් වගේ ඩිග්‍රියක් තියෙන කෙනෙක්ට ටියුශන් කරන්න පුලුවන්. අන්න කරනවනම් වැඩ. මොකෝ අතින් මිටින් යනව කියලද

    *.ඉලෙක්ට්‍රිකල් ගැන මූලික දැනුම තියෙන කෙනෙක්ට උනත් ගෙදරක වයරින් එකක් ගහගන්න පුලුවන්. ගෙයක් හදපු එවුන් දන්නව ඇති කොහොම ගැරිල්ලක් උන් ගරනවද කියල

    *.පාරේ රස්තියාදු ගගහ ඉන්න යාලුවො ටික එකතු කරන් මෙලෝ අද්‍යාපන සුදුසුකම නැතුව උනත් ටීම් එකක් හදාන ගෙවල් පේන්ට් කරන්න හරි පුලුවන්. කොලබ ඉන්න උන් දන්නව ඇති ගෙයක් පේන්ට් කරන්න කීයක් යනවද කියල, පේන්ට් කරන්න එකෙක් හොයාගන්න කොච්චර අමාරුද කියල. මේ අවසාන උදාහරනේ කිව්වේ මෙලෝ මගුලක් ඉගෙනගෙනත් නැති මස් බර විතරක් තියෙන උන්ට උනත් නිදහස් වෙලාවේ හම්බ කරන්න ක්‍රමයක්

    තමන් ආස දේවල්, තමන්ගේ හැකියාවල් සල්ලි වලට පෙරලගන්න ක්‍රමයක් හැමවෙලේම හිතන්න. එතකොට හම්බ කරන එක හිතන තරම් අමාරු නෑ. සල්ලි හම්බ කරන එක නීරස කරගන්න එපා. ඒක ක්‍රීඩාවක් කරගන්න. සතුටක් කරගන්න...හැමවෙලේම අමතර ආදායම ජීවිතේට සතුටක් කරගන්න

    Hard+work+vs+smart+work.jpg


    හැමවෙලේම කියනවා වගේ අපේ පුංචි රත්තරං ලංකාව වගේ රටක (දේශපාලනේ මොකක් උනත් ) කොල්ලෙක් "දුප්පත්" වෙනවනම් හෝ "ජිවිතයෙන් පරදිනවනම්" ඒ එක්කෝ උවමනාවක් නැතිකම, නැත්නම් උනන්දුවක් නැතිකම එහෙමත් නැත්නම් ඕනෙවට වඩා පන්ඩිතකම



    අපේ රටේ ඉන්නේ බහුතරයක් ලැබෙන දේ කාලා වෙනදේ බලාන ඕන පුකක් කියල හිතන් ඉන්න මිනිස්සු. ඒ මිනිස්සු අතර උබ ස්මාර්ට් විදිහට හිතනවනම් උබට ගොඩ එන එක ගේමක් නෑ මචන්... දවසකට ඇපල් තට්ටුවක් දාන් ඉන්න එකෙක් උනත් ගේමක් නැතුව 4000ක් 5000ක් හොයනවා. මාසෙකට ලක්ශෙන් එහා. උබ ඉන්න තැන ගැන හිතලා හිතට අරන් නැගිටපල්ලා. කරන්න ඕනේ පුංචි දෙයයි... "ස්මාර්ට්" විදිහට හිතපල්ලා

    43043437.jpg


    සිංහල ජාතිය ගොඩ එන්නනම් සිංහල කොල්ලෝ ගොඩ එන්න ඕනේ

    අමතර ආදායම් මාර්ග ගැන උබල දන්න දේවලු කියන්න.මගෙත් අලුත් ප්ලෑන් එකක් තියෙනවා. ඒ ගැන මම කියන්නම්,උබල උබල කරන කියන දේවල් කියන්න දැනුම බෙදාගමු. මේ ගැන සාකච්චා කරමු.. අලුත් දේවල් එකතුකරගමු.. ඉගෙනගමු

    Share-Knowledge.jpg











    ඒ වගෙම වැදගත් යමක් මතක් කරන්න තියෙනවා

    රට ජාතිය වෙනුවෙන් ප්ලේන්ටියක් බිව්වත් සිංහල කඩේකින්ම බොන්න අමතක කරන්න එපා. එක රුපියලක් සුරකිමු.. ඒ රුපියලෙන් අපේ රට ජාතිය එක නැනෝ තත්පරයක් හරි සුරක්ශිත අනාගතයක් තවදුරටත් සහතික කරාවි......
    Iran_-_Islam.gif
     

    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    මචන්ලා ඔය ඉහලට ඉහලට ඉගෙන ගෙන යද්දී හොද ජොබ් ලැබෙනවා, තියන Job එකේ ප්‍රොමෝෂන් ලැබෙනවා, පිළිගැනීම වැඩි වෙනවා වගේ දේවල් එක්කම තව දෙයක් ලැබෙනවා. ඒ කියන්නේ හිතට පොඩි මෙව්වා එකක් ලැබෙනවා නේද? පොඩි කික් එකක් වගේ එකක්. (ඒ කියන්නේ "මා හරි උගතා" කියල අර ගොන් පොරවල් වලට එන අහංකාර කම නෙමෙයි). ඒ ලැබෙන මෙව්වා එක වචනයෙන් විස්තර කරන්න අමාරුයි. කොහොම නමුත් මේ Thread එක බහුතරයක් වල් පල් Thread අතරේ වැඩක් ඇති එකක් කියල නම් කියන්න පුළුවන් රත්තරන්, ටොම් අයියා, ස්තුතියි! :cool:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    ජීවිතේ සමබර කරගන්න. සල්ලි මත්තෙම, අත්මාර්ථය මත්තෙම ඉන්න එපා. සල්ලි කියන්නේ අත්‍යවශ්‍ය දෙයක් තමයි. ඒත් පව්ලේ මිනිස්සු ගැන හිතන්න. එයාල එක්ක ගතකරන්න කාලයක් හදාගන්න. මිනිස්සු ආස්‍රය කරන්න. ට්‍රිප් යන්න, සිංදු අහන්න, ව්‍යායාම කරන්න ඒ වගේම බෞද්ධයෙක් නම් ධර්මය අවබෝධ කර ගන්න උත්සාහ කරන්න යම් වේලාවක් වෙන් කරන්න. කවදහරි සාර්ථක පුරවැසියෙක් විදිහට මැරෙන්න පුලුවන් වෙන්නේ හැම පැත්තම සමබර කරගත්තු කෙනෙකුට විතරයි.


    මෙන්න මේ කොටස ඉතාමත් වැදගත් නිසා නැවත කොටු කරනවා. අපි කොච්චර දුරක් ගිය මිනිස්සු උනත් වැඩක් නෑ මචන් අපි හදාපු වඩාපු අම්ම තාත්තට අපේ ආදරනීයයන්ට "නැති" මනුස්සයෙක්නම්. එහෙම මිනිස්සුන්ට ජීවිතේ අවසානේ ඉතුරුවෙන්නේ හුදෙක් පසුතැවීම පමනයි. අපේ ජීවිතේ අරමුනු වලට යනගමන් ඒ අය වෙනුවෙන් අවශ්යය කාලය අනිවාරයෙන් සපයා ගත යුතුමමයි. අපේ දරුවන්ට පවා ඒවා ප්‍රායෝගිකව කරල පෙන්වීම අනිවාර්යයෙන් කලයුතු දෙයක්, වර්තමානේ සමහර දෙමව්පියන් ඒ ආකාරයෙන් කටයුතු නොකරන නිසා තමයි "රොබෝලා" වගේ සංවේදී නොවන අමුතුම ආකාරයේ දරු දැරියන් යම් පන්තියක් ගොඩනැගිලා ඉන්නේ.. විශේශෙන් ඔය ඉහල මද්‍යම පන්තියේ.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    what about money working for sinhalese instead of working for money :oo:
    ඉතින් තට්ටයෝ ඉස්සෙල්ල කීයක් හරි හොයන් ඉන්න එපැයි සල්ලි තමන් වෙනුවෙන් යොදවන්න?

    ලැබෙන මුදල් යොදවන විදිහ ගැන ත්‍රෙඩ් එකක් කලින් ලිව්වා:):)
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :yes::yes::yes::yes::yes:

    -----------------------------------------------------------------------


    Kawuru ayin wela giyath oyanam me site eka dala yanna epa machan.:no::no:
    meke kattiyata umben igena ganna godak dewal thiyenawa.:cool::cool:
    Hamawelema Oyage hama adahasatama ekaga nowunata mama hithanne oya me kiriyata inna ona wedagath ma pudgalayek kiyala.:):):)

    Me thread eka nam igenagena jobak karanna hithan inna kollekta harima watinawa.
    e wagema danata jobak karana ewuntath.

    matath podi prashnayak thiyenawa.jobak sambandawa thama.methana dammoth thread eka off topic yana hinda man wenama daanam.puluwannam ekata poddak aha dala balanawada?


    බොහොම ස්තූතියි

    ඕෆ් ටොපික් බයිලාවක් නෑ මචෝ.. මෙතනම දාපන්.. කැමතිනම් වෙනම දාන්න
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    රත්තරං;19051632 said:
    ඉතින් තට්ටයෝ ඉස්සෙල්ල කීයක් හරි හොයන් ඉන්න එපැයි සල්ලි තමන් වෙනුවෙන් යොදවන්න?

    ලැබෙන මුදල් යොදවන විදිහ ගැන ත්‍රෙඩ් එකක් කලින් ලිව්වා:):)

    Okay_o_113660.gif
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නියම කතාව මචන්.......
    බොහොම ස්තූතී මචන්.....
    කෝට් කලාට ස්තූතී මචං :)
    Samabara wenna. Niyamai aaa....
    කෝට් කලාට ස්තූතී :cool::cool:


    හොඳ ත්‍රෙඩ් එකක් කොහෙද Mr.Tom එතන...:cool:
    රතු පාටින් තියෙන්නෙ මම ගත්ත දේවල් ටික...:)


    :):)
    එල එල හොදයි කියල හිතෙන දේවල් ජීවිතේට එකතු කරගන්න එක වටිනවා. :)
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;19051632 said:
    ඉතින් තට්ටයෝ ඉස්සෙල්ල කීයක් හරි හොයන් ඉන්න එපැයි සල්ලි තමන් වෙනුවෙන් යොදවන්න?

    ලැබෙන මුදල් යොදවන විදිහ ගැන ත්‍රෙඩ් එකක් කලින් ලිව්වා:):)

    umba kohe giyath yaluwo inna waneee :lol::lol::lol:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;19051579 said:
    හැබැයි මචෝ සමහර අය කිසිම එක්ස්පීරියන්ස් එකක් ගන්නේ නැතුව 30ක් විතර වෙනකන් එම් එස් සී එක දක්වාම කරනවා. පස්සේ ඒ අයට එකපාරට රැකියාවක් හොයාගන්න එකේ පොඩි ගැටලුවක් ඇතිවෙනවා. එහෙම නේද?:)

    aniwa... man danna keepa denekma innawa ehema job nathuwa bsc kiyala job hoya gaththaa..... welawata kalin msc karanna narakayi
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;19051606 said:


    උබ කියන දේ හරියටම හරි මචෝ.. මොන දේටත් තමන්ගේ කැපවීම උනන්දුව ඕනේ. ඒ වාගෙම තමන්ගේ හැකියාවන් අදුනාගැනීමත් හුගාක් වැදගත්. උගත් උනත් "හැකියාවන්" නැති අය කොච්චරනම් අපිට ජීවිතේදී මුනගැහෙනවද.. අර උබ කිව්ව වගේ මාත් කෙලවගත්ත වාරනම් අනන්තයි මචන්.. හැබැයි මචන් ඒ හැම පසුබෑමක්ම අද්දැකීමක් කරගන්න, පන්නරයක් කරගන්නවනම් අන්න ඒක තමයි කෙනෙකුගේ නියමම හැකියාව.



    රැකියාව මතම යැකීප සුදුසු නෑ කියපු එක සීයට සීයක් ඇත්ත කතාව මචෝ. ඒ ගැන මේ ත්‍රෙඩ් එකේ දීර්ගව කතාකල නිසයි මේකේ ලිව්වේ නැත්තේ. ඒත් ඒ අඩුව උබ සම්පූර්න කලාට ස්තූතියි.. තව තවත් වටිනා අදහස් එක්කරන්න

    http://www.elakiri.com/forum/showthread.php?t=1631998

    කෝට් කලාට ස්තූතී මචෝ.
    ගොඩක් අයගෙන් වෙන වැරැද්දක් තමයි තමන් කරන රැකියාවට හෝ බිස්නස් එකට තියන කැපවීම මදිකම. ඒ වැඩේ ඉවර කරන එක තිබහක් කරගෙන වැඩේ පටන් ගත්තම කැප වීම උනන්දුව කියන දේ ඉබේ ඇති වෙනවා. මට කව්රුවත් ටාගට් එකක් දුන්නෙ නැති වුනාට මම ම ටාගට් හදාගන්නවා. අද දවසට මම මෙන්න මේදේවල් කරනවා කියලා. ඒ වගේ ආකල්පයක් හිතේ ඇති කරගත්තම කම්මැලි කමක් නැතුව වැඩ ටික වෙලාවට පිලිවෙලට ඉවර කරගන්න පුලුවන්.