ජබොක් නොවන ජොබක්

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Okay_o_113660.gif

    තිබ්බ සල්ලිටික ෆ්‍රීස් කරන් දැන් බලන් ඉන්නේ නැතුව මොනවහරි කරපන්.. තොට ටිපි ටිප් කන්න සල්ලි නැති වෙයි ඈ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කෝට් කලාට ස්තූතී මචෝ.
    ගොඩක් අයගෙන් වෙන වැරැද්දක් තමයි තමන් කරන රැකියාවට හෝ බිස්නස් එකට තියන කැපවීම මදිකම. ඒ වැඩේ ඉවර කරන එක තිබහක් කරගෙන වැඩේ පටන් ගත්තම කැප වීම උනන්දුව කියන දේ ඉබේ ඇති වෙනවා. මට කව්රුවත් ටාගට් එකක් දුන්නෙ නැති වුනාට මම ම ටාගට් හදාගන්නවා. අද දවසට මම මෙන්න මේදේවල් කරනවා කියලා. ඒ වගේ ආකල්පයක් හිතේ ඇති කරගත්තම කම්මැලි කමක් නැතුව වැඩ ටික වෙලාවට පිලිවෙලට ඉවර කරගන්න පුලුවන්.
    අනික අපේ උන්ට ක්ශනික මෝචනේ බන්.. හිතිච්ච ගමන් උදැල්ලක් අරන් කොටාන කොටාන ගිහින් අල හිටෝනවා. ඊට පස්සේ මුන්ට ඊලග දවසේ උදේට අල බැහැලා තියෙන්න ඕනේ...:lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අනිවාර්යෙන් මචං. දෙමව්පියෝ ලමයින්ට ආදර්ශමත් වුනේ නැත්තං ඒ දේවල් කවදාවත් ලමයින්ගෙන් බලාපොරොත්තු වෙන්න බෑ. පොඩි කාලේ ඉදලා ආච්චිට සීයට, තාත්තා, අම්මා සලකන හැටි දැක්කම ලමයත් ඒ විදිහට හැඩ ගැහෙනවා. ඒත් මචං මේ අර්ධ යන්ත්‍ර වගේ ජීවත් වෙන බහුතරයක් තමන්ගේ ගෙදර මිනිස්සුත් එක්ක මිස්‍ර වෙනව මදි. දැන් පොඩි පන්තිවල ඉදලා ඉගෙන ගන්න ලමයි බලපං. යන්තං 3 වසරට ආපු ගමන් පන්ති පන්ති පන්ති. ඒ පන්ති යෑමනාව ඉවර වෙන්නේ දෙවෙනි පාර උපෙළ කරලත් ඉවර වුනහම. පන්ති යන්නෙ නැති වෙලාවට ඌ කාමරේට වෙලා කම්පියුටර් එක දාගෙන. කරන්ට් ගියේ නැත්තං තාත්තා අම්මා එක්ක කතා කරන්නවත් වෙලාවක් නෑ. ඉතිං කොහෙද දෙමව්පියන්ගේ ඉතිරි වෙලා තියන අන්තිම සාරධර්ම ටිකවත් ලමයින්ට එන්නේ. මේව ගැන දෙමව්පියොත් හිතන්න ඕනේ. ඒ වගේම තේරෙන වයසේ ඉන්න ලමයිත් හිතන්න ඕනේ. අනිත් එක අපේ රටේ සිංහල කොල්ලංගේ අධ්‍යාපනය ඉතාම දුර්වලයි මචං. තව අව්රුදු 15 ක් යනකොට අධ්‍යාපනයෙන් යන්න පුලුවන් ලොකු ලොකු තැන්වල සිංහල කොල්ලෝ ගොඩක් අඩුවෙයි. :( කෙල්ලො නම් ටිකක් වත් ඉගෙන ගන්නවා.

    කියලා වැඩක් නෑ බන්... කොල්ලෝ එන්න එන්න හරක් වෙනවා. කෙල්ලොනම් කොහොම හරි හැම එකාම වගේ යම් මට්ටමකට ඉගෙනගන්නවා. දැන් ඉන්න අපත කාලකන්නි දැක්කහම ඇගම හිරි වැටෙනවා බන්.. ජාතියට කෙලවෙන්නේ මේ පජාතියෝ නිසා තමා. ඉගෙනගන්න සුලුතරයක් කොල්ලෝ ඉහලටම ඉගෙනගෙන ලංකාව දාලා යනවා. කියන්න දුකයි තව අව්රුදු 10කින් ඉතුරු වෙන භහුතරය රොඩු මචන්.. දුකයි ඒත් මේක තමා ඇත්ත. කෙල්ලෙක්ට බදින්න හරිහමන් කොල්ලෙක් නැති වෙනවා. දැනටම වෙලා තියෙන්නේ ඒක
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචන් Freelance ගැන මොකද කියන්ඩ තියෙන්නේ?
    මම දැන් Degree (BIT) ඉවර කරල
    මම ඉස්සරලා JOB එකට ගියේ 0/= පඩියට සති දෙකක් යනකම්.
    ඊට පස්සේ 14,000/=
    තව මාස කීපයකින් 35,000/= ගත්ත (මට කලින් ආපු අය තව 15,000/= පඩියට වැඩ):baffled:.
    Degree එකක් තිබ්බට හරියට programming practical ඉගෙන ගත්තේ job එකෙන්
    එකේ වැඩ කරන ගමන් client ල කීප දෙනෙක් අල්ලන් රෑටයි උදේටයි වැඩ කරා freelance. සමහර දවස් වල පාන්දර 4 ඉදන් රෑ 10 වෙනකම් programming ම තමා
    පස්සේ job එකෙන් අස් වෙලා ගෙදරට වෙලා වැඩ කරා. මාසෙට ලක්ෂයක් විතර හෙව්වා.
    පස්සේ ඒ සල්ලි වලින් ebay / amazon වලින් පොඩි business එකක් පටන් ගත්ත. දැන් එකෙන් හොදා ගානක් හම්බ වෙනවා නිකන් වගේ ඉදගෙන (ලක්ෂ 5ක් විතර ආයෝජනය කරලා තියෙන්න).
    දැන් නම් programming කරන්ඩත් කම්මැලි. නිකන් සල්ලි හම්බ වෙන නිසා.
    එත් මම කැමති මගේම කියල software එකක් හදන්ඩ. මොකක් හරි විකිනෙන එකක්. මට දැන් වෙලාව තියෙන හින්ද එකට අත ගහන්ඩ ඉන්නේ.
    මේ පාර හරිද?
    නැත්තම් මනුස්සයෙක් උනහම job එකක් කරන්දම ඕනද?
    මට colombo වල job එකක් හම්බුනා. හැබැයි සතියට 20hr වැඩ කරන්ඩ වෙනවා. මට හිතෙනවා දැන් job එකකට ගියොත් අය මුලටම වැටෙනවා කියල.

    නැත්තම් මනුස්සයෙක් උනහම job එකක් කරන්දම ඕනද? = අපේ අම්මලා තාත්තලා හිතන් ඉන්නේ නම් ඕනේ කියලා..:lol::lol: එහෙම නෑ බන්. හැබැයි මනුස්සයෙක් උනාම හොද ආදායමක් නම් තියෙන්නම ඕනේ

    Freelance මම මොකුත්ම දන්නේ නෑ මචන්...:nerd:

    අර උබ ආයෝජනේ කරලා තියෙන විදිහ ගැන පොඩ්ඩක් කියපන්කෝ බන්.. :)මේ දවස්වල ආයෝජනේ කරන්න ක්‍රම හුගක් අඩුවෙලා:(
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔය සෑම දෙනෙක්ම අතරින් ව්‍යවසායකයෙක් වෙන්න කැමති , උනන්දුව තියෙන්න එකෙක් ඉන්නවා නං අන්න සුපර් .. මොකද ලංකාවේ හැමෝම බලන්නේ නිදහස් අධ්‍යාපනේ පිහිටෙන් හොඳට ඉගෙන ගෙන තමන් ලබා ගත්ත දැනුම රටේ සේවයට යොදනවා වෙනුවට කාගේ හරි යටතේ කාගේ හරි පෞද්ගලික / රජයේ ආයතනයක බොහොම සුළුවෙන් වැඩක් කරගෙන තමන්ගේ පාඩුවේ තමන්ගේ ජීවිතේ ඇදගෙන යන්න .. එත් ලංකාව වගේ තුන් වෙනි ලෝකේ , එකදාස් නමසිය හැට ගණන් වල ඉඳල :baffled: තාමත් දියුණු වෙමින් පවතින මේ රටේ ව්‍යවසායකයෝ , නව නිෂ්පාදන වලට මිනිස්සු යොමු වෙන්නේ නැතුව හුදෙක් පඩියකට සේවය කරන්න වහල්ලු වෙන්න බලන් ඉන්න එක නං ඛේදවාචකයක් .. :( ඒකට ඉතින් කාටවත් වරදක් පටවන්න බෑ මොකද හැමෝම දුවන්නේ සල්ලි වලට නේ .. මුල ඉදන්ම මේ ලංකාව හැදෙනකන් ඕක වෙනස් වෙන්නෙත් නෑ :(
    මෙතන කතා නොවුනු දෙයක් උනාට සම්පූර්න ඇත්තක්.... මමත් මගේ කලින් දියුනුව ගැන කියපු හැමැ ත්‍රෙඩ් එකේම කිව්වා රස්සාවක් මතම පමනක් හුදෙක් එල්ලිලා ඉන්න එපා කියලා
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;19052021 said:
    අනික අපේ උන්ට ක්ශනික මෝචනේ බන්.. හිතිච්ච ගමන් උදැල්ලක් අරන් කොටාන කොටාන ගිහින් අල හිටෝනවා. ඊට පස්සේ මුන්ට ඊලග දවසේ උදේට අල බැහැලා තියෙන්න ඕනේ...:lol::lol:

    :lol::lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;19052094 said:
    :baffled::baffled::baffled:

    මේ උබ බුවාලන්තෙන් සිරාවටම යනවද???:eek:

    බුවා ලන්තේ හොන්ඩාවක් වත් පදින්න නිදහස නෑ කියන්නේ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;19052070 said:
    කියලා වැඩක් නෑ බන්... කොල්ලෝ එන්න එන්න හරක් වෙනවා. කෙල්ලොනම් කොහොම හරි හැම එකාම වගේ යම් මට්ටමකට ඉගෙනගන්නවා. දැන් ඉන්න අපත කාලකන්නි දැක්කහම ඇගම හිරි වැටෙනවා බන්.. ජාතියට කෙලවෙන්නේ මේ පජාතියෝ නිසා තමා. ඉගෙනගන්න සුලුතරයක් කොල්ලෝ ඉහලටම ඉගෙනගෙන ලංකාව දාලා යනවා. කියන්න දුකයි තව අව්රුදු 10කින් ඉතුරු වෙන භහුතරය රොඩු මචන්.. දුකයි ඒත් මේක තමා ඇත්ත. කෙල්ලෙක්ට බදින්න හරිහමන් කොල්ලෙක් නැති වෙනවා. දැනටම වෙලා තියෙන්නේ ඒක

    :oo::oo::oo::oo::oo::oo:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;19052070 said:
    කියලා වැඩක් නෑ බන්... කොල්ලෝ එන්න එන්න හරක් වෙනවා. කෙල්ලොනම් කොහොම හරි හැම එකාම වගේ යම් මට්ටමකට ඉගෙනගන්නවා. දැන් ඉන්න අපත කාලකන්නි දැක්කහම ඇගම හිරි වැටෙනවා බන්.. ජාතියට කෙලවෙන්නේ මේ පජාතියෝ නිසා තමා. ඉගෙනගන්න සුලුතරයක් කොල්ලෝ ඉහලටම ඉගෙනගෙන ලංකාව දාලා යනවා. කියන්න දුකයි තව අව්රුදු 10කින් ඉතුරු වෙන භහුතරය රොඩු මචන්.. දුකයි ඒත් මේක තමා ඇත්ත. කෙල්ලෙක්ට බදින්න හරිහමන් කොල්ලෙක් නැති වෙනවා. දැනටම වෙලා තියෙන්නේ ඒක

    ඔව් මචං :dull: :(
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    රත්තරං;19051579 said:
    හැබැයි මචෝ සමහර අය කිසිම එක්ස්පීරියන්ස් එකක් ගන්නේ නැතුව 30ක් විතර වෙනකන් එම් එස් සී එක දක්වාම කරනවා. පස්සේ ඒ අයට එකපාරට රැකියාවක් හොයාගන්න එකේ පොඩි ගැටලුවක් ඇතිවෙනවා. එහෙම නේද?:)

    ඒකනම් ඇත්ත, මැදුම් පිලිවෙත තමා හොඳ, දැන් මැදුම් පිලිවෙතේ, අධ්යාපන මට්ටම සහතික පත්‍ර පාඨමාලාවේ සිට උපාධි මට්ටම වෙනකල් අවිත් තියෙන්නේ.
    මගේ හොඳම ෆිට් එකක් තාම රස්සාවක් කරන්නෙ නෑ. මිනිහගෙ අදහස කොහොම හරි පී එච් ඩී කරල, ප්‍රොෆෙසර් කෙනෙක් වෙන එක. දැන් ඩිග්‍රී එකෙන් පස්සෙ, පොඩි ටියුෂන් පාරක් දීගෙන කැම්පස් වල ලැගගෙන උගේ ටාර්ගට් එකට වැඩ. නමුත් පොදුවෙ හැමෝටම ඒක හරියන්නෙ නැහැනෙ.
    කට්ටිය මෙහෙම කතා කරන එක, උ.පෙ. එහෙම කරපු ළමයින්ට තමුන්ගෙ අනාගතය සැළසුම් කරගන්න උදව්වක් වෙයි.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඒකනම් ඇත්ත, මැදුම් පිලිවෙත තමා හොඳ, දැන් මැදුම් පිලිවෙතේ, අධ්යාපන මට්ටම සහතික පත්‍ර පාඨමාලාවේ සිට උපාධි මට්ටම වෙනකල් අවිත් තියෙන්නේ.
    මගේ හොඳම ෆිට් එකක් තාම රස්සාවක් කරන්නෙ නෑ. මිනිහගෙ අදහස කොහොම හරි පී එච් ඩී කරල, ප්‍රොෆෙසර් කෙනෙක් වෙන එක. දැන් ඩිග්‍රී එකෙන් පස්සෙ, පොඩි ටියුෂන් පාරක් දීගෙන කැම්පස් වල ලැගගෙන උගේ ටාර්ගට් එකට වැඩ. නමුත් පොදුවෙ හැමෝටම ඒක හරියන්නෙ නැහැනෙ.
    කට්ටිය මෙහෙම කතා කරන එක, උ.පෙ. එහෙම කරපු ළමයින්ට තමුන්ගෙ අනාගතය සැළසුම් කරගන්න උදව්වක් වෙයි.

    ඕව් බන්.. ඒ කාලේ අපේ අම්මලා තාත්තලා ටීචින් ක්ලැරිකල් ගිහින් තියෙන්නේ ඕලෙවල් වලින්.. දැන් 10000හේ පඩියට ආන්ඩුවේ ජොබ දෙන්නත් ඩිග්‍රියක් (ප්‍රායෝගික වලංගුතාව කෙසේවෙතත් ) ඉල්ලනවා. දැන් ඒක අවම මට්ටම වෙන තත්වයක් ඇවිත් තියෙන්නේ

    ඒවගේම රුපියල් 1000 සීයට බැහැලා බන්..1000හේ කොලේකට වෙච්ච දේ හොයන්න තව දෙදාහක් ඕනේ:lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    බුවා ලන්තේ හොන්ඩාවක් වත් පදින්න නිදහස නෑ කියන්නේ

    මූ හොන්ඩා එක විකුනලා පල්සර් එකක් ගන්නවා කිය කියා හිටියේ, හොන්ඩා මෙලෝ රහකට නෑලු.. බජාජ් මරුලු.. අනේ මන්දා මහේශ් තමා කිව්වේ හොන්ඩා එක ලමයෙකුට දීලා පල්සර් එකක් ගන්නවා කියල:baffled: