ජම්බුක ආජීවකයා....

Iron Monger

Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    ජම්බුක ආජීවකයා....

    1978780_640577506009575_511544559_n.jpg



    මොහු නමින් ජම්බුක ආජීවකයා ය. මොහු දැන තේරෙන වයසේ සිට ආහාර ලෙස අනුභව කරනුයේ අසූචි ය. වෙන කිසිවක් නොක යි. මේ නිසා දෙමව්පියෝ ආජීවකයන්ට භාර දුනි. එහිදී ආජීවකයෝ තල් ඇටයක් ගෙන මොහුගේ කෙස් එක එක උඟුලා දමා මොහු මහණ කළේ ය. මොහු දැන තේරෙන වියේ පටන් නිර්වස්ත‍්‍රව සිටිති. වස්ත‍්‍ර නො අඳිති, ඇඳක නො සැතපෙති, බිම ම නිදති.

    දිනක් සුගතයන් වහන්සේ මොහු සිටින තැනට වැඩ එහි එක් තැනක නවාතැන් ගෙන මොහු දමනය කළ සේක. එහිදී ඔහුට මෙසේ වීමට කළ පූර්ව කර්මය ද වදාළ සේක. පෙර මොහු කාශ්‍යප බුදු සසුනේ පැවිදිව සිටිය දී දායකයන් කෙරෙහි බොහොම කුළුපගව විසී ය. ආගන්තුකව වැඩි රහත් නමකට දායකයන් පැහැදී දන් දී සිවුරකට සළුවක් ද පුදා පසුව කෙස් රැුවුල් බෑමට කරණවෑමියෙක් හා නිදන්නට ඇඳක් ද ලබා දුනි. නේවාසික භික්ෂුව මෙයට හිත රිදවාගෙන ආගන්තුකව වැඩි රහත් හිමිට බැණ වැදුණේ ය. ”ඇවැත්නි ආගන්තුකය, නුඹට සුදුසු කෙළෙඹියා ගේ බත නොව අසූචි කෑමටය, කරණවෑමියා ලවා කෙස් රැවුල් බෑවීම නොව තල් ඇටයක් ගෙන කෙස් රැවුල් ගලවා දැමීම ය, දායකයන් දුන් රෙදි ඇඳීමට වඩා නග්නව ඇවිඳීම වටින්නේ ය, ඇඳෙහි නිදීමට වඩා බිම හිඳීම කල යුතු වේ” යනාදී ලෙස ගර්හා කළේ ය. රහතන් වහන්සේ මොහු තමන් නිසා පව් කරගන්නා බැවින් නො කියා ම වැඩි සේක. එදා මේ කරගත් අකුසලය නිසා මැරී අවීචි මහ නිරයෙහි ඉපිද, අප බුද්ධ ශාසන කාලය වනතුරු බුද්ධාන්තරයක් ම එහි මහත් දුක් වින්දේ ය. එයින් චුතව දැන් මේ මිනිස්ව ඉපිද පනස්පස් වසරක් අසූචි කා, ජීවත් වීමට සිදු වූවා යැ යි තථාගතයන් වහන්සේ වදාළ සේක.

    ඔහු පෙර ජීවිතයේ රහතන් වහන්සේට කළ ආක්‍රෝෂ හතරම මොහුට විපාක දෙන ලදි. පසුව මේ ජම්බුක ආජීවකයා බණ අසා සිව්පිළිසිඹියාලාභී මහ රහතන් වහන්සේ නමක් විය. බලන්න පින්වතුනි, අවුරුදු 20000ක් පිරූ ශ‍්‍රමණ ධර්මයෙහි කුසලයටවත් ඔහු කළ අකුසලය යට කරගන්න බැරි විය. අපායේ ඉපිද දුක් විඳ, අසූචි කා නග්නව ජීවත් වන්නෙකු විය. පසුව අවුරුදු 20000ක් තුළ පැවිදිව පිරූ පාරමී මතුවී රහත් බව ද ලබා දුන්නා. මේ නිසා කර්ම බලය මනාව තේරුම්ගෙන කල්පනාකාරීව ජීවත්වීමට පෙළඹෙත්වා!

    (ධම්මපද අට්ඨ කථා - 301 පිට)

    වර්තමාන සමාජය විසින් කරනා අකුසලයන්හි ප‍්‍රතිඵලයන් කෙසේ වේදැයි උගත් බුද්ධිමත් ඔබ නුවණින් විමසා බලා පවින් වැළකෙත්වා!

    Path to nirwana(f.b)
     
    • Like
    Reactions: doggy10000

    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක
    බොහොම හොඳ පෝස්ට් එකක් යාලුවා. වෙන කෙනෙකුගේ ජනප්‍රිය කම හා ඔහුට ලැබෙන ලාබ දැකලා මඩ ගසමින් තැන තැන යන රටේ අයත් එලකිරියේ ඉන්න අනුන්ට මඩගහන්න ත්‍රෙඩ් දාන අයත් මේක බැලුවනම් සමහර විට තම තමන්ගේ බෞද්ධ කම ගැන දෙපාරක් හිතනවා. rep 7+
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    ජම්බුකාජීවක ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක් ලත් අයෙකි. ඔහු ක්‍රියාවෙන් ඉතා පහත්ය, පිළිකුල් සහගතය. නමුත් උසස් ප්‍රතිසන්ධිය නිසා නිවන් අවබෝධ කරගත හැකි විය. ද්විහේතුක ප්‍රතිසන්ධියක් ලත් කෙනෙක් කොතරම් ආදර්ශමත් චරිතයක් ගත කළද (පෙර පින් තිබුණද) කිසිදින නිවන් අවබෝධ කරගත නොහැක.

    බුදු දහම ගැන හරිහැටි නොදත් අය "මිනිසුන් උපතින් උසස් හෝ පහත් නොවේ, ක්‍රියාවෙන් උසස් හෝ පහත් වේ" යයි කියති. නමුත් මෙය බුදු දහමේ පිළිගත නොහැක. භවයක "උපත" නම් ප්‍රතිසන්ධියයි. බුදු දහමේ ජීව විද්‍යාත්මක උපතට පෙරම (එනම් ප්‍රතිසන්ධියේදීම) පුද්ගලයන් වර්ග කර ඇත. ත්‍රිහේතුකයන්ට නිවන් අවබෝධ කරගැනීමේ හැකියාව ඇත. ඔවුන් මිනී මැරුවද, (උදා -අංගුලිමාල) ස්ත්‍රී දූෂණ කළද, ආනන්තරීය කර්ම හැර වෙන කුමන අකුසලයක් කළද නිවන් අවබෝධ කරගැනීමේ හැකියාව පවතී. ජම්බුකාජීවක, අංගුලිමාල චරිත වලින් මෙය වටහා ගත යුතුය.