ජයන්ත ධර්මදාස Leak!!!

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,158
    8,155
    113
    M-Town
    ශම්මි ද සිල්වා, ජයන්ත ධර්මදාස එසේ නම් ඉල්ලා අස් වෙන්න!

    ගෝනකුඹුර පංගුකාරගේ ශලනි තාරුකා ගේ ඕස්ට්‍රේලියානු සංචාරයට ශ්‍රී ලංකා ක්‍රික්ට් ආයතනයේ ගිණුමකින් ප්‍රවේශ පත්‍ර මිලට ගත් ගණුදෙනුවේ විස්තරය.

    දිනය 2022 දෙසැම්බර් 28 (2022 Dec 28th)

    ගෙවීම් වවුචරය PY 2022012316
    (Payment Voucher PY 2022012316)

    ඉන්වොයිස් අංකය 2022500
    (Invoice No 2022500)

    මේ තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තරා ගෙවීම් විස්තර.

    දැන් මේ ලිපි ලේඛන විනාශ කරන්න කලින් පරීක්ෂන පව්ත්වන ආයතන වලට පුලුවන් පරීක්ෂණ තියන්න.

    ඒ වගේම ක්‍රිකට් විධායක සභාවට දැන් ඉල්ලා අස් වෙන්නත් පුලුවන්.
     

    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    ශ්‍රී ලංකා ක්‍රික්ට් ආයතනයේ ගිණුමකින් ප්‍රවේශ පත්‍ර මිලට ගත්ත එකට අයි මේ සිංහලු මෙච්චර කලබල වෙලා ? ඒවා public ෆන්ඩ්ස් නෙවෙයි නේ
     

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    ශ්‍රී ලංකා ක්‍රික්ට් ආයතනයේ ගිණුමකින් ප්‍රවේශ පත්‍ර මිලට ගත්ත එකට අයි මේ සිංහලු මෙච්චර කලබල වෙලා ? ඒවා public ෆන්ඩ්ස් නෙවෙයි නේ
    Onna kiwwa kathawak
     
    • Haha
    Reactions: shenat

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,972
    21,992
    113
    ගම මහනුවරයි
    1690306811970.jpeg
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ශ්‍රී ලංකා ක්‍රික්ට් ආයතනයේ ගිණුමකින් ප්‍රවේශ පත්‍ර මිලට ගත්ත එකට අයි මේ සිංහලු මෙච්චර කලබල වෙලා ? ඒවා public ෆන්ඩ්ස් නෙවෙයි නේ
    ඔව්. ලංකාවේ අය රට වෙනුවෙන් කියලා මැරෙන්න හැදුවට ඕක private organization එකක්.
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,005
    10,561
    113
    ඇයි මේ හැමෝම ශාලනියි පස්සේ විතරක් පන්නන්නේ , සාරන්ගයි උගේ ගැනියි, තව නිලි බට්ටියෙක් ගිහින් තියෙනවා නේ උන් ගැන කවුරුවත් කතාවෙන්නේ නැත්තේ මොකද ?
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,055
    8,332
    113
    ශ්‍රී ලංකා ක්‍රික්ට් ආයතනයේ ගිණුමකින් ප්‍රවේශ පත්‍ර මිලට ගත්ත එකට අයි මේ සිංහලු මෙච්චර කලබල වෙලා ? ඒවා public ෆන්ඩ්ස් නෙවෙයි නේ
    ඒක වැරදියි බං. මේව උන්ගෙ බූදලේ නෙමෙයි නේ. අනිත් එක ශ්‍රී ලංකා ක්‍රිකට් කියල පාවිච්චි කරන්නෙ ලංකාවෙ සන්නාමය. මුං Press conference වල කතාකරන විදියෙන් පේන්නෙ නිකං උන්ගෙ බූදලයක් ගැන කියවනව වගේ පම්පෝරි ගහන්නෙ. ඕක ඇතුලෙ වෙනම ඒකාධීකාරියක් හදාගෙන ඇති. පබ්ලික් ෆන්ඩ්ස් නොවුනත් මේව උන්ට ඕන විදියට පාවිච්චි කරන්න බෑ.
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    pissuda yako, oka sports ministry ake yatathe thiyana gov institute 1k.
    akane gov audit report aken oya serama out une
    2003 ට කලින් 100% government තිබ්බේ. 2003 ඉදන් commercial rights තියෙන්නේ ඔය indipendnt organization එකට governing එක side එක විතරයි sports ministry එකෙන් control වෙන්නෙ.
     
    • Like
    Reactions: proceso

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113

    නළු නිළියන්ට ක්‍රිකට් මුදල් වියදම් කළේ යැයි ඔප්පු කළොත් අස්වෙනවා​

    twitter sharing button



    ඕස්ට්‍රේලියාවේදී පසුගිය වසරේ පැවැති විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වූ නළු නිළියන්ට සහ හිතවතුන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුදල් වියදම් කර ඇතැයි ඔප්පු කළහොත් තනතුරුවලින් ඉල්ලා අස්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා අද (25) පැවසීය.
    එම තරගාවලියට සහභාගි වූ නළු නිළියන්ට සහ හිතවතුන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලිපි නිකුත් කර ඇති බවත් එසේ වුවද ඔවුන් වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කිසිඳු මුදලක් වියදම් කර නොමැති බවත් සභාපතිවරයා කීය.
    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිරිගැන්වීමට අදාල නළු නිළියන් සහභාගි වූ අතර එම නළු නිළියන් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරගවලදී ද ශ්‍රී ලංකා කණ්ඩායම දිරිගැන්වීමට පැමිණෙන බවත් සභාපතිවරයා කීය.
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී අද (25) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් එහි සභාපති ශම්මි සිල්වා මහතා එසේ පැවසීය.
    එම මාධ්‍ය හමුවට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති ජයන්ත ධර්මදාස මහතා පැවසුවේ අදාල නළු නිළියන් සමඟ තමන් ඇතමුන් කියන ආකාරයේ ගමන් බිමන්වලට සහභාගි වී නොමැති බවත් ඔවුන් වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් මුදල් වියදම් කර නොමැති බවත්ය.
    මෙම මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා, එහි භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද සහ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා යන මහත්වරු ද සහභාගි වූහ.
     
    • Haha
    Reactions: shenat