ජර්මන් කාර් ගන්න එපා

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සැ. යු-
    දැන් ඔය පැන්ඩා බල්ලා පූසා වීවා හෝර්ලික්ස් මරුටි ඇල්ටෝ නෙක්ටෝ ජරාව පදින උන් හිතන්න එපා ඒවා තමා වාහන BMW, මර්සිඩීස් ජරාව කියලා:lol::lol:. මෙතන තියෙන්නේ අපේ රටේ ප්‍රශ්නයක්.. අපේ ආර්තිකේ ප්‍රශ්නයක්.
    මේකෙන් කියන්නේ නෑ සෙකන්ඩ් හෑන්ඩ් ලෙඩ දෙනවා කියලා ඇල්ටෝ පැන්ඩා වීවා ජරා චීන ඉන්දියන් මැලේශියන් කටු බ්‍රෑන්ඩ් නිව් කියලා ගන්න කියලා. බ්‍රෑන්ඩ් නිව් "වාහන" කියන්නේ ඒවා නෙමේ. ඩක්කුයි වාහනයි සම්බන්ද කරන්න බෑ. ඒවා මීටත් අන්තයි වෙන වෙන පැති වලින්. ඉන්දියන්
    චීන ජරාව ඔයිට හපන්.. ජර්මන් ඒවා සල්ලි කන මැශින් උනාට හැප්පුනොත් හදන්න එකෙක් ජීවත් වෙනවා. ඔය සාඩින් ටින් වල වැදුනොත් ස්වර්ගෙටත් ලැයිසන් කැන්සල්.

    :lol::lol::lol::lol::lol:
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Eka thamai ehenm Benz,BMW luxury wandi hena aduwata ikman eke thiyenne...Mata hena sakayak tibba gaana adu eka gana :yes:

    aduwata kiyanne kiyanne kiyata vitrada :rolleyes: :oo: 70-90 range ekatada? oka tama norma used vehicle price ova range eke... 2010 wain meha.. anith ewa gana kata karalath wedak ne
     

    SFG

    Active member
  • Apr 11, 2016
    196
    77
    28
    වාහන වල අවුලක් නෙමෙයි තියෙන්නේ මචන්.උඹ කියන විදියට මේවා තමයි වාහන.වරද තියෙන්නේ අපේ උන් මිනිස්සුන්ව අන්දනවා.ඒ වගේම හදන්න අසාමාන්‍ය විදියට ලොකු ගණන් ගන්නවා.ඒවාට ගහන්න වාහන නැහැ,අපේ උන් වාහන කනවා

    :cool::cool:
     

    sanjeewa81

    Active member
  • Jan 8, 2007
    439
    107
    43
    මේ තියෙන්නේ පලවෙනි කතාව. සිද්දිය වෙලා තියෙන්නේ ඉන්දරතන තේනුවර සර් ට ..

    " රත්තනපිටියේ Macro Autotech නම් සුප්‍රසිද්ධ රථවාහන නඩත්තු සමාගමට මා ගියේ හේතු තුනක් නිසා ය.
    01. කළින් දින වෙනත් කාර්මිකයකු කළ අත් වැරැද්දක් නිසාවෙන් එන්ජිම ඕවර්හීට් වීම නිසා සුදු දුම් පිටවීම ය.
    02. කළින් මේ ආයතනය තිබුනේ නාවල ය. නාවල වැලි පාරේ අතිවිශාල රථ අංගනයක එම ආයතනය පිහිටි අතර, මගේ වාහන දෙකක් ම එහි නඩත්තු කළේ එහි හිමිකරු මගේ අතිජාත මිත්‍රයකුගේ යහලුවකු වන නිසාවෙන් කළ රෙකමදාරුවක් නිසා ය.
    03. මැක්‍රෝ ඕටොටෙක් ආයතනය වඩා ප්‍රසිද්ධ ව තිබුනේ බෙනස් මෝටර් රථ නඩත්තුවට ය.
    කෙසේ හෝ කාර්යාලයට අතේ දුරින් වූ මේ අයතනයට මැයි මස 07 වනදා මම මගේ බෙන්ස් රථය රැගෙන ගියෙමි. වාහනය පරික්ෂා කළ කාර්මිකයකු කීවේ ඉන්ජෙක්ටර් ප්‍රෙෂර් කළ යුතු බව ය. එදින වෙනත් බරපතල රාජකාරි නොවූයෙන් සහ මේ ආබාධය කුමක්දැයි වටහා ගනු පිණිසත් මම එදින දවස පුරා ම එහි රැඳී සිටියෙමි. ඉන්ජෙක්ටර් ගලවා සුද්ද කොට, ප්‍රෙෂර් ද කොට සවි කළ විට නැවත ආවේ සුදු දුම ය. එනිසා අර කාර්මිකයා කීවේ ඉන්ජෙක්ටර් අලුතෙන් දැමිය යුතු බව ය. සියල්ලු අඩුපාඩු ගෙනැවිත් දමා හෝ වාහනය සාදා දෙන ලෙස කියූවත්, ඔවුන් ළඟ අමතර කොටස් නැති බැවින් ගෙනැවිත් දෙන ලෙස පැවසිණි. එනිසා මම ත්‍රිෙරා්ද රියකින් දෙල්කඳ පුරා කරක්ගසා අදාල ඉන්ජෙක්ටර් 4ක් මිලදී ගත්තෙමි. ඊට රු. 9800ක් වැය වූ අතර, කුඩා ප්‍රමාණයේ වොෂර් 8ක් 1200ක් විය. ටැක්සි ගාස්තුව රු. 650ත් විය. එය ගෙන එන විට සවස 5ට ආසන්න නිසා සවිකිරීම පසුදාට කල් ගත්තේ ය.
    මැයි 08 සිතුරාදා දින උදේ ම වැඩට යන්නාසේ මම ගරාජයට ගියෙමි. අලුත් ඉන්ජෙක්ටර් සවි කොට පණ ගැන්වූ විට ද පුරුදු පරිදි ම සුදු දුම පිට විය..!! එනිසා කාර්මිකයා කීවේ ටැපට් කවරය ගලවා බැලිය යුතු බව ය. ටැපට් කවරය ගැලවූ පසු එහි එක් වෑල්වයක් වෑල්ඩින් කොට සවි කර තිබුනේ මීට බොහෝ කලෙකට පෙර එහි රෙපයාර් එකක් කළ මකබාස් කෙනෙකු විසිනි. එනිසා ම සම්පූර්ණ හෙඩ් එක ම ගලවා ගනු ලැබිණි. ඉතිරි කාරණා කළ යුත්තේ ඩිමෝ ආයතනයෙන් බවත්, ඔවුන් විසින් එය ඩිමෝ ආයතනයට යවන බවත් කීවෙන් මම නැවත ආවෙමි.
    ඊට පසු සෙනසුරාදා සහ ඉරිදා ය. සඳුදා පෝ ය ය. 05 අඟහරුවාදා විමසූ විට කීවේ තවමත් ඩිමෝ ආයතනයෙන් පිළිතුරක් නොලැබුණු බව ය. බදාදා උදේත් කීවේ ඒ කතාවම ය. එනිසා මම ඩ්මෝවෙන් කරන කාර්යය නවතා දමා අලුත් හෙඩ් එකක් සවි කර ගනිමු කියා ය.
    පිපරුණු වාහන හෙඩ් පිළිසකර කරන ප්‍රසිද්ධ ආයතනයක් කඩවත තිබූ අතර, මම හෙඩ් එක එහි රැගෙන ගියෙමි. ඔවුන් කීවේ එය සාදා දෙන්නට සතියක් ගත වන බව ය. දිනපතා ගමන් ඇති නිසාත්, දුවණියගේ රාජකාරි බොහෝවක් ඇති නිසාත් එතරම් කාලයක් ගත කළ නොහැකි නිසා ත්, එවන් සතියකට ටැක්සි ගාස්තු විශාල මුදලක් වියදම් කළ යුතු වන නිසා ත්, අලුත් හෙඩ් එකක් තබන්නට තීරණය කළෙමි. හෙඩ් එකක් රු. 40,000කි. 06වන බදාදා දවස පුරා වෙහෙසී අලුත් හෙඩ් එකක් සොයාගෙන එය චෙක් කිරීම සඳහා සුගතදාස ස්ටේඩියම පිටුපස වූ විස්කම් ආයතනයට ගෙන ගියෙමි. ඒ අසුරු සැනෙකින් ත්‍රිෙරා්ද රථයේ වූ මගේ හෙඩ් එක අතුරුදහන් විය.
    ඒත් එදින ත්‍රිෙරා්ද ගාස්තුව රු. 2100කි...
    ඉන්පසු අරවා ගෙනත් දෙන්නය, මේවා ගෙනත් දෙන්නය කියමින් වරින් වර කියන නිසා තවත් දවස් ගණනාවක් ම ගෙවී ගියේ ය.
    බැරි ම තැන මැයි මස 22 වන සිකුරාදා දින වාහනය නුදුන්නොත් ඇදගෙන යන වගට මම තර්ජනය කළෙමි. නමුත් උන් ඒක වගේවගකට ගත්තේ නැත.
    අවසානයේ මැයි මස 29 වන සිකුරාදා දින යාන්තම් අලුත්වැඩියාව අවසන් කර ගත්තෙමි. අවසන් වූ විට මම වාහනය සෑදූ කාර්මිකයාගෙන් ඇසුවේ ආයෙත් දුම දැම්මොත් එහෙම මොකද කරන්නේ කියා ය...මගේ තර්ජන නිසා ම හැන්දෑවේ 5ට පමණ වාහන ස්ටාට් කරනු ලැබිනි....
    ඇසුවාක් මෙන් ම සුදු දුම පිට විය...!!!
    මින් පසු කිසිදු අලුත්වැඩියාවකට නැවත මේ මැක්‍රෝ ඕටොටෙක් ආයතනයට වාහනය ගෙන නොඑන්නනෙමැයි තදින් ම පවසා නඩත්තු බිල වූ රු. 32,000ද ගෙවා දැම්මෙමි.
    ගෙදර පැමිණ බලනවිට එංජිමෙන් එන්ජින් ඔයිල් විදිමින් තිබුනේ ය. මට මාරයා ආවේස විය.
    පසුදා සෙනසුරාදා උදේ තවත් රු. 920ක් වැය කොට ඔයිල් ලීටර දෙකක් ද දමාගෙන අර මූසල ගරාජයට ම යාමට මට සිදු විය. එවිට උන් කීවේ ටැපට් කවරයේ රබර් බීඩිම පුපුරා ඇති නිසා එය යළි දැමිය යුතු වග ය. සෙනසුරාදා වරුවක් පමණක් වැඩ කරන නිසා සහ ඉරිදා නිවාඩු නිසාත්, ජූනි 01 වන දා දහවල් ඔවුන් වාහනය යළි මට බාර දුන්නේ තවත් රු. 3600ක බිලක් ද එකතු කරමිනි.
    සාමාන්‍ය ගරාජයකින් උපරිම දවස් 6කින් කළ හැකි නඩත්තු කටයුත්තක් ඉටු කරන්නට මේ වහුතු ආයතනයට දවස් 24ක් ම ගත විය.
    ඒ මදිවාට මට අමතර රු. 40,000ක් පමණ වැය කරන්නට ද සිදු විය. ත්‍රීවීල්වලට පමනත් රු. 13,200ක් ගෙවා ඇත්තෙමි.
    දැන් වාහනය තිබුනාට වඩා සද්ද ය. බෙන්ස් සමාගමෙන් ට්‍රැක්ටරයක් සෑදුවොත් එහි හඬ මේ හඬට සමාන වනු ඇත...
    එදා වාහනය නැවත ගෙන ආ දා මම “ලෝකයේ සියලු ම ගරාජ වැසී, මේ මැක්‍රෝ ඕටෝටෙක් එක පමණක් ඉිතිරි උනත්, මගේ කිසිදු වාහනයක් මේ රත්නපිටියේ මැක්‍රෝ ඔ්ටොටෙක් එකටනම් ගෙන නොයන්නෙමැයි“ සපථ කළෙමි. දන්නා එකෙකුට යන්නට ද නොදෙමි...!!! "


    ඔන්න ඔහොමයි උනා කියන්නේ :baffled::baffled:


    හපෝ කවදාවත් ඔතනට නම් යන්න එපා. මටත් හොඳ අත්දැකීම් තියෙනවා. පළපුරුදු බාසල ඉන්නේ අල්ප දෙනයි. අනිත් උන් ඔක්කොම ටෙක් වල පුහුණු වෙන එවුන්. උන්ට පුරුදු වෙන්න අපේ වාහන දෙන්නේ මොකටෙයි.
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    වාහන වල අවුලක් නෙමෙයි තියෙන්නේ මචන්.උඹ කියන විදියට මේවා තමයි වාහන.වරද තියෙන්නේ අපේ උන් මිනිස්සුන්ව අන්දනවා.ඒ වගේම හදන්න අසාමාන්‍ය විදියට ලොකු ගණන් ගන්නවා.ඒවාට ගහන්න වාහන නැහැ,අපේ උන් වාහන කනවා

    :cool::cool:

    ඔ්ක වාහෙන් අවුලක් තමා. ජර්මන් ලක්සරි කාර් හදන්ෙන පිට තැන් වලින් ෙරපයාර් කරන්න බැරි ෙවන්න. එ්ක තමා අෙප් බාස්ලාට ඔ්වා හදන්න බැරි. ෙකලින්ම එ්ජන්ට් ගාවට ෙගනියන්න තමා තිෙයන්ෙන. එ්කට ෙබන්ස් එකට බැනලා වැඩක් නෑ ෙමාකද උන් වාහන හදන්ෙන සල්ලි කාරයන්නට මිසක සාමානය මිනිස්සුන්ට ෙනෙම් නිසා.
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඔ්ක වාහෙන් අවුලක් තමා. ජර්මන් ලක්සරි කාර් හදන්ෙන පිට තැන් වලින් ෙරපයාර් කරන්න බැරි ෙවන්න. එ්ක තමා අෙප් බාස්ලාට ඔ්වා හදන්න බැරි. ෙකලින්ම එ්ජන්ට් ගාවට ෙගනියන්න තමා තිෙයන්ෙන. එ්කට ෙබන්ස් එකට බැනලා වැඩක් නෑ ෙමාකද උන් වාහන හදන්ෙන සල්ලි කාරයන්නට මිසක සාමානය මිනිස්සුන්ට ෙනෙම් නිසා.

    මම එහෙම නම් කරන්නෙ ඔහොම වද දන්න ගත්තොත් ඔය එන්ජිමයි ගියර් පෙට්ටියයි ගලෝලා විසික්කරල දාලා ටොයොටා 3C ටර්බෝ එකක් තියනවා :cool: case closed :love:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මම එහෙම නම් කරන්නෙ ඔහොම වද දන්න ගත්තොත් ඔය එන්ජිමයි ගියර් පෙට්ටියයි ගලෝලා විසික්කරල දාලා ටොයොටා 3C ටර්බෝ එකක් තියනවා :cool: case closed :love:

    :P:P:P:P:P:P
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මම එහෙම නම් කරන්නෙ ඔහොම වද දන්න ගත්තොත් ඔය එන්ජිමයි ගියර් පෙට්ටියයි ගලෝලා විසික්කරල දාලා ටොයොටා 3C ටර්බෝ එකක් තියනවා :cool: case closed :love:

    W211 එකට ඕක කරන එක සිහිනයක් විතරයි මචන්

    ඒ තරම් කාර් එක ඇඩ්වාන්ස්. කම්පියුටර් බොක්ස් එක ගැලෙව්වනම් දොරවල් තියා ඩිකිය ඇරලත් සුම්ම:sorry:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    වාහන වල අවුලක් නෙමෙයි තියෙන්නේ මචන්.උඹ කියන විදියට මේවා තමයි වාහන.වරද තියෙන්නේ අපේ උන් මිනිස්සුන්ව අන්දනවා.ඒ වගේම හදන්න අසාමාන්‍ය විදියට ලොකු ගණන් ගන්නවා.ඒවාට ගහන්න වාහන නැහැ,අපේ උන් වාහන කනවා

    :cool::cool:

    :yes::yes::yes::yes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මම ආපහු මගේම ත්‍රෙඩ් එක කියෙව්වා.. මේ උට්ට මතක් වෙලා ඔලුවත් රිදෙන්න ගත්තා කියපන්කො...:rofl::rofl:
     

    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    හප්පා මම වගේ නම් වහ බීලා ස්ට්‍රෙස් එකට
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    රත්තරං;20490543 said:
    W211 එකට ඕක කරන එක සිහිනයක් විතරයි මචන්

    ඒ තරම් කාර් එක ඇඩ්වාන්ස්. කම්පියුටර් බොක්ස් එක ගැලෙව්වනම් දොරවල් තියා ඩිකිය ඇරලත් සුම්ම:sorry:

    ඔව් ඒක නම් ඇත්ත.
    ඔය කාර් ඉතින් තනිකරම කොම්පියුටර් තමා. :sorry:
    ටිකක් පරණ බෙන්ස් වල නම් එන්ජිම ලෙඩ දුන්නොත් වෙන එකක් තියන එක තමා හොඳම වැඩේ. මොකද ඒ සැප නෑ වෙන වාහන වල :cool:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    රත්තරං;20490553 said:
    මම ආපහු මගේම ත්‍රෙඩ් එක කියෙව්වා.. මේ උට්ට මතක් වෙලා ඔලුවත් රිදෙන්න ගත්තා කියපන්කො...:rofl::rofl:

    :rofl::rofl::rofl::rofl: