ජර්මානුවන් ගොනාට ඇන්දවූ "ලීයට ලීය" 💣🛩️

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,911
    1,571
    113
    1CBC4AD2-9D93-42DD-AB03-815E34EB5987.jpeg
    5395FDEC-5224-47C0-9031-9C8D8A826218.jpeg
    B17A70E8-D82E-4951-9B85-F262D3D5D465.jpeg
    2E3E8D05-02A5-4721-A1B9-8C51319E7AFD.jpeg
    2E3BB089-29CD-4754-B0E9-193853FE18D0.jpeg
    ජර්මානුවන් ගොනාට ඇන්දවූ "ලීයට ලීය" 💣🛩️

    දෙවන ලෝක යුද්ධය යුරෝපය පුරා පැතිර යන විට, ජර්මනිය සිදු කරමින් සිටියේ පරාජිත සටනකි. මේ නිසා ඔවුන්ගේ යුධ බලය, තිබෙන මට්ටමට වඩා සතුරාට පෙන්වීම මගින් සතුරා අධෛර්යමත් කිරීමට ජර්මන් භටයින් විසින් උපක්‍රමයක් අනුගමනය කරන ලදී. ඒ අනුව ඔවුන් විසින් විශාල වශයෙන් ශ්‍රමය සහ ධනය වැයකොට, ලී භාවිතයෙන් ගුවන් පථ, ගුවන් යානා, ගොඩනැගිලි වැනි දෑ සතුරාට දර්ශනය වීම සඳහා සැකසීම ආරම්භ කෙරිණි. 1942 වසරේ ඔක්තෝබර් මාසයේ අග දිනයක ජර්මනියේ පොට්ස්ඩෑම් (Potsdam) නගරයට ආසන්නයේ මෙලෙස සාදා තිබූ ව්‍යාජ ගුවන් පථයක් අසල සිටි ජර්මානු භටයින්ට ලැබුණු පණිවිඩයකින් කියැවුණේ සතුරු ගුවන් යානා, ප්‍රහාරයක් සඳහා ඔවුන්ගේ ගුවන් සීමාව කරා පැමිණෙමින් සිටින බවයි. වහා ක්‍රියාත්මක වූ ජර්මානු භටයින්, ඔවුන් බොහෝ වෙහෙස මහන්සි වී සාදා සූදානම් කරගෙන තිබූ ව්‍යාජ ලී ගුවන් යානා අනුරූ දහයක් පමණ ගුවන් පථයේ තැන් තැන් වල රඳවන ලදී. සතුරු ගුවන් යානා පැමිණි අතර, බෝම්බ දහයකට ආසන්න ප්‍රමාණයක් ගුවන් පථයට හෙලන ලදී. නමුන් ඒවා එකක්වත් පිපිරීමට ලක් වූයේ නැත. පසුව පරීක්ෂා කළ ජර්මානු භටයින්ට පෙනී ගියේ ඒවාද සත්‍ය බෝම්බ නොව, ලී වලින් තැනූ ව්‍යාජ බෝම්බ බවයි. එම බෝම්බ වල පිටතින් "ලීයට ලීය" (wood for wood) ලෙස හාස්‍යජනක වදනක්ද පින්තාරු කර තිබුණි. ජර්මානු භටයින්ගේ උපක්‍රමය, සතුරු හමුදාව විසින් ආරම්භයේ සිටම නිරීක්ෂණය කර තිබීම මෙයට හේතුව විය.

    සටහන: Harshana Miyuranga Upulwehera(FB post)
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    බැලින්නම් ඒකාධිපතියෝ හැම එකාම ගොං ආතල් දීලා තියනවනේ.
    මම හිතුවේ මෙහෙ විතරයි කියලා