එතකොට දැන් ඔය "නවීන" මෙව්වා එකේ මූලික ආර්ථික ප්‍රශ්න විසඳාගන්නේ කොහොමද? (මිශ්‍ර ක්‍රමයක් කියන්න එපා ලෝකේ ඔක්කොම එකතරා දුරකට මිශ්රයි තමයි වැඩි පුර භාවිතාවෙන ක්‍රමය මොකක්ද)
නවීන සමාජවාදෙදි මුලීක ආර්ථික ප්‍රශ්න විසඳන්නෙ රජය. ඒ කිව්වෙ රටේ ප්‍රමුඛතා. නිෂ්පාදන ප්‍රමාණයන් ,මූලික ඉලක්ක රජය විසින් තීරනය කරනව. ඊටපස්සෙ ඒකට අවශ්‍ය මානව සම්පත්/දැනුම තාක්ෂනය අවශ්‍ය උපකරන රජය මගින් ලබාදෙනව (නොමිලෙ නෙමෙයි ) ඊටපස්සෙ ඒ දේවල් අරගෙන පුද්ගලික අංශය අදාල නිශ්පාදනය සිද්ද කරල වෙලඳපලට එවනව/ අපනයන කරනව.
nordic වලදි මේ සේරම සිද්දවෙන්නෙ රජයේ මැදිහත්වීමකින් තොරව පෞද්ගලික අංශයෙන් විතරයි. එතනදි මූලික ආර්තික ප්‍රශ්න විසඳන්නෙ වෙලඳපල.
ඒක වඩා කිට්ටු ධනවාදයට........ධනවාදය කුණුහරපයක් කියල හිතාගෙන ඉන්න බොළඳ මානසිකත්වය අත අරිනකන් උඹලට ගොඩ යාමක් නෑ
බොරුව නේද පුටේ?






