තනුජක, මට මේ ප්රශ්නයට නීතිමය උත්තරයක් දෙන්න පුලුවනිද..
අපි චන්දෙ දීල පාර්ලිමේන්තු යවන පුද්ගලයා පක්ෂ මාරු කරාම අපේ විශ්වාසය කඩකිරීම සම්භන්ධව චන්ද දායකයෙක් විසින් අපේක්ෂකයෙකුට එරෙහිව නඩු දාන්න බැරිද??? මොකද එයා පාර්ලිමේන්තුවේ නොයෝජනය කරන්නේ චන්ද දායකයාගේ මතය නිසා චන්ද දායකයට අයිතියක් නැද්ද මන්ත්රී වරයාට එරෙහිව උසාවි යන්න..
බෑ..
එහෙම නඩුවක් දැම්මොත් එක ඇප්ලිකේෂන් එකෙන්ම රිජෙක්ට් වෙනවා...
හේතුව නඩුවක් ෆයිල් කරද්දී නඩු දාන්නේ මොකක් යටතේද කියන එක වෙනමම සයිට් කරන්න ඕනේ..
විශ්වාසය කියන කාරණාවට නඩු දාන්න පුළුවන් වෙන්නේ දණ්ඩ නීති සංග්රහයේ 388 වගන්තියේ තියෙන criminal breach of trust එහෙමත් නැත්තන් සාපරාධි විශ්වාසය කඩකිරීම යටතේ විතරයි..
ඒකට පක්ෂ මාරු කිරීම කොහොමටත්ම අදාළ කරන්න බෑ..
100% ගැලපෙන්නේ නෑ...


athi tharam paninna puluwan adambaraida 





