අනුර මහින්දව ප්රතික්ෂේප කරනවා.
මෛත්රීට සහයෝගය දෙනවද නැද්ද කියලා කියන්නෙත් නෑ.
ඒ වුනාට සටන් පාටය "(1) ඒකාධිපති පාලනය පරදවමු! (2) ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් පෙළ ගැසෙමු!"
කිසි දෙයක් කෙලින් කියන්නේ නෑ නේ!
අමාරුවෙන් කටෙන් එලියට ගන්නවා මහින්දට චන්දෙ දෙන්න එපා කියලා.
එතකොට (1) කොටස හරි.
(2) කොටස වෙනුවෙන් මෙයාලා මොනාද කරන්න යන්නේ කියලා හරියට කියන්නේ නැහැ නේ.
3 වෙනි පාර්ශවයක් විදිහට ඉන්නවා කියලද කියන්නේ?
ඒ කියන්නේ 3 වෙනි පාර්ශවයක් විදිහට ඉඳලා, ඉහත දෙපාර්ශවයටම බලපෑමක් කරන්න පුළුවන් විදිහට පාර්ලිමේන්තුවේ ඉන්න බලාපොරොත්තු වෙනවා කියලද කියන්නේ? ඒ කියන්නේ දෙපාර්ශවයම sure නෑ. කවුරු හරි, JVP එකේ මුලික ඉල්ලීම් වලින් පිට පනිනවානම් ඒවා සම්මත වෙන්න නොදී, එකට බලපෑමක් කරන්න පුළුවන් විදිහට ඉන්න හදන්නේ කියලද මේ කියන්නේ?
මගේ දේශපාලන දැනුම ඉතාම දුර්වලයි!

මොනවද මේ කියන්නේ? මට මේ දේශපාලන මගුල් තේරෙන්නේ නෑ යකෝ!

තේරෙන එකෙක් කියනවකො!