01.
මම ඇහුවේ සරල සිංහලෙන් මිනිස්සුන්ට කොහෙවත් ඉන්න ග්‍රහයෝ වෙනස් වෙද්දී ඒක බලපාන ලොජික් එක .
ඉර හද කියන ඒවා අපිට ප්‍රතිපල දෙනවා. ඒවත් එක එකට වෙනස් ප්‍රතිපල නෙවෙයි. පොදුවේ ප්‍රතිපල දෙන්නේ.
නෑනේ. උඹ සිංහලෙන් ඇහුවේ කොහෙවත් නැති ග්‍රහයෝ වෙනස් වෙද්දී ඒක බලපාන ලොජික් එක. උඹ සිංහල දන්නේ නෑ. කුණුහරුප කතාකරන්නේ.
ඉර හඳ කියන ඒවා පොදුවේ දෙන ප්‍රතිඵල ත් තියෙනවා. මම වත් ජෝතිෂ්‍යය වත් එහෙම පොදුවේ දෙන ප්‍රතිඵල ප්‍රතික්ෂේප කරන්නේ නෑ. එහෙම ප්‍රතික්ෂේප කරපු තැනක් තියෙනවා නම් පෙන්නපන්. ඒකෙන් කොහෙත්ම අදහස් වෙන්නේ නෑ ඉර හඳ වගේ දේවල් දෙන්නේ පොදු ප්‍රතිඵල පමණක් ය කියලා. එක එකට වෙනස් ප්‍රතිඵල දෙන්නේ නෑ කියනවා නම් ඒක සම්පුර්ණ අසත්‍ය කතාවක්. ස්ථානයෙන් ස්ථානයට ත් වෙනස් ප්‍රතිඵල දෙනවා, පුද්ගලයාගෙන් පුද්ගලයාටත් වෙනස් ප්‍රතිඵල දෙනවා. ඒක තේරුම් ගන්න ජෝතිෂ්‍ය දැනුමක් අවශ්‍ය නෑ. සාමාන්‍ය දැනුමෙන් වුණත් තේරුම්ගන්න පුළුවන්. උඹට ඒක තේරුම් ගන්න බැරි නම් ඒක මගේ වරදක් නෙමෙයි.
02. උබ උපන් වෙලාවා අනුව උබට ඉරේ රස්නේ වෙනස් වෙනවද ??
උබ මෙහෙ නම් ඉන්නේ මෙහෙ ඉන්න අනිත් උන්ට දැනේනේ දේ තමයි උබටත් දැනෙන්නේ. උබ සිත රටක නම් ඉන්නේ ඒ අනිත් උන්ට දැනේනේ දේ තමයි උබටත් දනේනෙනේ.
එහෙම නැතුව උබේ උපන් දිනේ අනුව උබට අමුතු දෙයක් වෙන්නේ නෑ .
ඔව් වෙනස් වෙනවා. උපන් වෙලාව අනුවත්, උපන් වෙලාව නොසලකා හැරියත් මට දැනෙන රස්නේ වෙනස්. ඒ මොහොතේ මගේ ශරීර ස්වභාවය අනුවත් මානසික තත්වයන් අනුවත් ඒ දැනීම වෙනස් වෙනවා. එකම පුද්ගලයන් දෙදෙනෙකුට එකම මොහොතක එකම තැනක ඉන්න බැරි නිසා භෞතිකව ත් වෙනස් වෙනවා.
මම ශීත රටක හිටියා කියලා අනිත් උන්ට දැනෙන දේ මටත් ඒ විදිහටම දැනෙන්නේ නෑ. අත්දැකීමෙන් ම ප්රත්යක්ෂ වශයෙන් මම ඒක දන්නවා.
උපන් දිනය අනුව නෙමෙයි උපන් දිනයේ ග්‍රහ පිහිටීම් අනුව සහ වෙනත් සාධකත් හේතුවෙන් උපදිනකොට ශරීරය යම් ආකාරයකට හැඩගැහෙන්නේ. ඒ හැඩ ගැහුණු ශරීරය නේ වෙනස් වෙමින් වැඩෙන්නේ. කෙනෙකුගේ ශරීර ශක්තිය, ඔරොත්තු දීමේ හැකියාව, රෝග තත්වයන් තව කෙනෙකුගෙන් වෙනස් වෙනවා.
දැන් ඔය සරළ දේවල් තේරිලා නැත්තේ කාටද?
03. එච්චර ඈත තියන ග්‍රහ ලෝක වලින් මිනිස් ජිවිත වල අනාගතය කියන්න පුලුවන් තරමේ බලපෑමක් තියනව නම් මේ ලෝකේ ඇතුලේ තියන
කදු , ගංගා , සත්තු දිහා බලලත් මිනිස්සුන්ගේ ජිවිත ගැන අනාවැකි කියන්න පුලුවන් වෙන්න ඕනේ.
අනිවාර්යෙන් පුළුවන්. කඳු, ගංගා වගේ දේවල් දිහා බලලා කියන්න පුළුවන්. සත්තු දිහා වුණත් එහෙම බලලා කියන්න පුළුවන්. ඒත් සතුන්ගේ හැසිරීම ග්‍රහයන් වැනි දේවල හැසිරීම පමණට නිශ්චිත නැති නිසා කියන දේත් නිශ්චිත නොවෙන්න ඉඩ තියෙනවා.
04. චලිතයට ග්‍රහ බලපෑම නැද්ද ?
මිනිස්සුන්ට විතරද ඔය කියන ග්‍රහ බලපෑම තියෙන්නේ.
ආයෙමත් කියන්න තියෙන්නේ මම ඒ චලිතය ගත්තේ උපමාවක් විදිහට මම කියපු දේ තේරුම් ගන්න පහසු කරවීමේ ක්රමෝපායක් වශයෙන්. යම් දෙයක් වෙනවා ඒක හරියට මෙන්න මේ වගේ කියලා උපමාවක් කියනවා. එල්ලෙන්න වැල් නැති වුණාම පිදුරුගස් වලත් එල්ලෙනවා මිනිස්සු

මම සරළව කිවුවේ ප්‍රවේගය, දිශාව වගේ සාධක කියලා මිසක් ප්‍රවේගය සහ දිශාව පමණක් කියලා අරගෙන නෙමෙයිනේ. එතැන මගේ මූලික අරමුණ ප්‍රක්ෂිප්ත චලිතය විස්තර කිරීම නෙමෙයිනේ. ඒ දෙකට අමතර තවත් සාධක අනිවාර්යෙන් තියෙනවා. මාධ්‍යයේ (වායු ගෝලයේ) ඝර්ෂණය, ගුරුතවජ ත්වරණය, සහ තවත් සාධක තියෙනවා. විද්‍යාඥකුට ජෝතිර්වේදියෙක් භෞතික විද්‍යාව උගන්වන්න වෙයි කියලා කවුද හිතන්නේ? ඔතන කිවුව ගුරුත්වය කියන්නේ ග්‍රහ බලපෑමක් කියලා තේරෙන්නේ නැද්ද උඹට? චලිතයට ග්‍රහ බලපෑම නැද්ද අහනවා. මොංගල් නේ!
05. එහෙම අනිත් දේවල් සාධක නොවන , ග්‍රහ ලෝක විතරක් මිනිස්සුන්ට බලපෑම් වෙන ලොජික් එක මොකද්ද ??
ඕක නේ මම උබෙන් දිගටම ඇහුවේ .. උත්තර නැ .. වෙන බයිලා කියවනවා.
එහෙම අනිත් දේවල් සාධක නොවන, ග්‍රහ ලෝක විතරක් මිනිස්සුන්ට බලපෑම් වෙන ලොජික් එකක් ජෝතිෂ්‍යයේ නැත. එහෙම ලොජික් එකක් ජෝතිෂ්‍යයේ තියෙනවා කියලා කවුද උඹට කිවුවේ? මම කොහෙවත් එහෙම කියලා තියෙනවද? වෙන කවුරු හරි උඹට එහෙම කියලා තියෙනවා නම් ඒ කියපු කෙනා උඹට බොරු කියලා රවට්ටලා තියෙන්නේ. උඹත් ඌ කියපු කතාව දේව භාෂිතය වගේ විශ්වාස කරලා රැවටුනා. කොහොමත් මෝඩයෝ පහසුවෙන් රැවටෙනවා නේ

එහෙම ලොජික් එකක් ජෝතිෂ්‍යයේ තියෙනවා කියලා උඹට වෙන කෙනෙක් නොකියා උඹම හොයාගෙන දැනගත්තා නම් ඒ දැනගත්ත විදිය කියපන්. පොතකින් කියවලා දැනගත්තා ද? නැත්නම් internet එකේ හරි වෙන කොහේ හරි පත්තරේක වගේ එහෙක වත් ලිපියක තිබුනද? නැත්නම් රෑට පල්ලි ගිය වෙලාවක ෆාස්ටර් හරි දෙයියෝ හරි කිව්වද? එහෙමත් නැත්නම් ඔහේ හිතට එන මනෝ විකාර කියවනවා ද? උඹට පිස්සුද කියලා අහන්නේ නෑ. එහෙම අහලා තේරුමක් නෑ.
06. කොහෙවත් නැති ග්‍රහලෝක තමයි යකෝ.
දැන් නෙප්චුන් ප්ලුටෝ ගැන බලලත් අනාවැකි කියනවා.
කවද ඉදන් ද ඒවා ජෝතිෂ්‍ය ට එකතු උනේ ?? මොනව කරල තහවුරු කරලා ගත්ත ප්‍රතිපල ද ?
කොහෙවත් නැති අභව්‍ය ග්‍රහයෝ ජෝතිෂ්‍යයේ නැත. තිබෙන්නේ සෞරග්‍රහ මණ්ඩලයට අයත් ග්‍රහයෝය. මම උඹට පිස්සෙක් කියල කිවුවොත් පිස්සෝ මට අපහාස නඩු දාන්න ඉඩ තියෙනවා.
ඇයි යුරේනස්?
ජෝතිෂ්‍යය කියන්නේ ලෝකය පුරා මැනවින් මැනවින් ව්‍යාප්ත වෙලා තිබෙන ශාස්ත්‍රයක්. අපර දිග ත් ජෝතිෂ්‍යය භාවිතා වෙනවා. ඒ කියන්නේ සුද්දොත් කේන්දර බලනවා (එහෙනං හා ද?

) පෙරදිග ජෝතිෂ්‍යය වගේම අපරදිග ජෝතිෂ්‍යයත් කාලීනව වර්ධනය වෙමින් ඉදිරියට යනවා. පුරාණ ආචාර්යවරුන් හොයාගත් දේට පරිබාහිර දේ සෙවීම, පරීක්ෂණ පැවැත්වීම, නව දැනුම එකතු කරගැනීම හා ඒ දැනුම හුවමාරු කරගැනීම ජෝතිෂ්‍යයේ තහනම් කරලා නෑ. විශේෂයෙන් අපරදිග ජෝතිර්වේදීන් නුතන තාක්ෂණික දැනුමත් එක්ක මේ ශාස්ත්‍රය දිනෙන් දින පෝෂණය කරනවා. දැනුම හුවමාරු කරගන්නවා, බෙදාගන්නවා. නෙප්චුන්, ප්ලුටෝ වගේ ග්‍රහලෝක හොයා ගත්තේ කවුද කියන එක කාටවත් පොළොවේ හැපී හැපී වැළපෙන්න බෙරිහන් දෙන්න තරම් මහා ලොකු ප්‍රශ්නයක් නෙමෙයි.
--
මෙය කියවන අයගේ දැනගැනීම පිණිස: - රෑ පල්ලි, දවල් අනාගමික පරිච්චේදය දැනට මෙතනින් අවසාන කරනවා. අසා ඇති සියළු ප්‍රශ්න වලට පැහැදිළි පිළිතුරු සපයා තිබේ. මීටත් එහා ගිය ගැඹුරු දැනුමක් ලබාගන්න අවශ්‍ය අය ජෝතිෂ්‍යය ගැඹුරින් හදාරන්න. මෙය විශ්වාස කිරීමේ හෝ නොකිරීමේ සියළු අයිතිවාසිකම් ඔබ සතුය. විෂයයක් කොටා මිරිකා කැඳ සාදා කිසිවකුටත් පෙවීමට අපට බැරිය. මෙය බටහිර විද්‍යාව සම්බන්ධයෙන් වුව සත්‍ය වේ. ඇසීමෙන්, කියවීමෙන් හෝ නිරන්තර ඇසුරෙන් දැනුම රැස්කර ගැනීමට හැකිය. එහෙත් ඒ ලබාගත් දැනුම නිසි පරිදි විග්රහ කර ප්‍රායෝගික ජීවිතයට ගලපා ගැනීමට බුද්ධිය අවශ්‍ය වේ. දැනුම ඇති සියල්ලෝ බුද්ධිමතුන් නොවන්නේ එහෙයිනි.
පෙරදිග සංස්කෘතියට සහ දැනුමට එලව එලවා පහර දෙන්නේ හුදු මෝඩයන් බව මෙයින් නිගමනය නොවයි. සත්‍ය වශයෙන් නොදැනුවත් බව නිසාම පහර ගසන්නෝ එමට සිටිති. එවැනි අය කළයුතු වන්නේ මේ විශයයන් යම් පමණකට හෝ හැදෑරීම ය. එසේ නැතිව වනචර සුනඛයන් මෙන් අප වෙත බුරා පැනීම නොවෙයි. ඉතිරි සෙසු පිරිස අන්තවාදී කපටියන් ය. එකම ප්‍රතිපත්තිය හුදෙක් පහර ගසා යටපත් කිරීමය. ඉන් තොර ඊනියා ලොජික් එකක් උන්ට නැත.