The Girl From Tommorow තීනවද?

මේක ටිකක් ලඟදි නේද ගියේ ITN එකේ පට්ටම සිරා මේක හදලා තිබ්බෙත් ස්පෙල් බයින්ඩර් හදපු සෙට් එකම හරි ඒ චැනල් එකෙන් හරි
තව ඔය කාලෙ තිබුනු ඒවායින් මතකද? සමහර ඒව රූපවාහිනියෙ නෙමයි ගියේ
ටාසන් ගොඩක්ම කලින් ගියේ මට ලාවට වගේ මතක. කතා මතක නැහැ සත්තු එක්ක ඉන්නවා මතකයි
මෝව්ග්ලී ටැමිල් හෝ හින්දි කාටුන් එක
තව සැමීගේ විද්‍යාගාරය කියලා පොඩි සයන්ස් එක්ස්පෙරිමන්ට් කරන ප්‍රෝගැම් එකක් තිබුනා
ගලිවර්
සෝරෝ
හයිලෑන්ඩර්
ලොස්ට් වර්ල්ඩ් - මේක ඒ දවස්වල ගෙදරින් බලන්න දෙන්නෙ නැහැ මේකෙ ඉන්න ගෑනු බාගෙට ඇඳගෙන ඉන්නෙ සහ කිස් කරන සීන් එහෙම තිබ්බද කොහෙද
ටීම් නයිට්රඩර් - මේකෙත් ඒ කාලෙ හැටියට දරුනු ගනයේ සීන් තිබුනා
ශීනා - අර වලල්ලක් වගේ එකකින් ෆයිට් කරන්නෙ බූමරංගෙ වගේ විසි කරාම ආපහු එනවා
ඇමසන්
බීස්ට් මාස්ටර් - මුගේ වගේ දෙකට කඩලා තියාගෙන ඉඳලා ඕන වෙලාවට සෙට් කරගන්න පුලුවන් පොල්ලක් එහෙමත් හදන්න ඒ කාලෙ ට්‍රයි කරා
ඤානකතා මල්ලි
තව රූපවාහිනියෙ ගියපු එපිසෝඩ් තුන හතරක කතාවක් මතකයි නම තිබ්බෙ Bermuda triangle වගේද කොහෙද
හෙවුවට හොයාගනන් බැරි උනා
සෙට් එකක් ප්ලේන් එකක් හෝ බෝට්ටුවක් කැඩිලා දූපතකට ගහගෙන එනවා
ඒ දූපතේ ඉන්නෙ ටිකක් වෙනස් තාක්ශනයක් තියන සෙට් එකක් ඉන්නෙ. පාලනය කරන්නෙ කවුරු හරි කලින් ඉදපු මනුස්සයෙක්ගෙ මොලය විතරක්ද කොහෙද මැශින් එකක වගේ තියනවා
ඒකට ශක්තිය විදියට කවුරු හරි මනුස්සයෙක්ව ඇබ්සෝබ් කරගන්න ඕන
ඒකට අර ගොඩගහපු සෙට් එකේ කොල්ලෙක්ව එහෙම අල්ලගන්න ගේමක් යනවා අන්තිමට ඒ මැශින් එක සේරම මිනිස්සු අර විදියට ඇබ්සෝබ් කරගන්න යනවා අර සෙට් එක බේරෙන සීන් එක ස්ටෝරි එක විදියට තියෙන්නෙ