ජාතික ශූරිය සචිනි ඩුබායි ගෘහ සේවයට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ජාතික ශූරිය සචිනි ඩුබායි ගෘහ සේවයට

    ජාතික ශූරිය සචිනි ඩුබායි ගෘහ සේවයට​



    ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැකගැනීමේ නිසි ක්‍රමවේදයක් නොමැතිකම හේතුවෙන් සිය ආර්ථික ගැටලු විසඳාගැනීම සඳහා රට හැරයාමේ අවස්ථා පසුගිය කාලය පුරා අපට වාර්තා විය.
    ජාතික වාර්තාවකට හිමිකම් කියන ක්‍රීඩිකාවක් මැදපෙරදිග රාජ්‍යයකට ගොස් ගෘහ සේවයේ යෙදීමට සිදුවන්නේ නම් එය ඉතාමත්ම ඛේදනීය තත්ත්වයකි.
    මේ කතාව එවැනි ඉරණමකට මුහුණ දී සිටින අප රටේ ක්‍රීඩිකාවක් වන සචිනි කෞෂල්‍යා පෙරේරායි.
    ඇය කාන්තා රිටි පැනීමේ ඉසව්වේ ජාතික වාර්තාව හිමි ක්‍රීඩිකාවකි.
    එම ඉසව්වේ ජාතික වාර්තාව අවස්ථා 9කදී අලුත්කර ඇති ඇයගේ නම ඉදිරියේ යුද හමුදා වාර්තාව සහ ආරක්ෂක සේවා වාර්තාව ද ලියැවී තිබේ.
    පාදුක්ක ප්‍රදේශයේ පදිංචි ඇය කුඩා කළ සිටම ක්‍රීඩාව සඳහා සිය ජීවිතයම කැපකරමින් 2018 සිට 2022 දක්වා අඛණ්ඩව රිටි පැනීමේ ජාතික ශූරිය බවට පත්විය.
    ඒ, දීප්තිමත් අනාගතයකට හිමිකම් කියන ක්‍රීඩිකාවක් බවට පෙරමං සලකුණු පෙන්වමිනි.
    නමුත් මේ සුවිශේෂී දක්ෂතා පෙන්වූ ඇය මේ වන විට සිය මව්බිම හැරගිහින් වසරකට ආසන්න කාලයක් ගතව තිබේ.
    තමාට දිගින් දිගටම එල්ල වූ ආර්ථික පීඩණය කෙළවර වන්නේ, සචිනි ඩුබායි රාජ්‍යයේ නිවසක ගෘහ සේවිකාවක් බවට පත්කරමිනි.
    සචිනි දරුවන් දෙදෙනෙකුගෙන් යුත් පවුලක බාල දියණියයි.
    අංශභාග රෝගයට ගොදුරුව සිටින සචිනිගේ මව මේ වනවිට එක්තැන්ව සිටියි.
    තමාට මුහුණදීමට සිදුවූ මේ දේ තවත් ක්‍රීඩකයෙකුට හෝ ක්‍රීඩිකාවකට සිදුනොවිය යුතු බවත් එය ක්‍රීඩා බලධාරින්ගේ වගකීමක් බවත් සචිනි පෙන්වා දෙයි.
    ජාතික මට්ටමේ ක්‍රීඩිකාවක් ගෘහ සේවයේ නියැලීමෙන් පෙන්නුම් කරන්නේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැකගැනීම සඳහා ක්‍රීඩා බලධාරීන්ට සැලසුමක් නැති බව නොවේ ද?
    ක්‍රීඩා ඇමතිතුමනි ක්‍රීඩා බලධරයිනි සචිනිලා වැනි ක්‍රීඩක ක්‍රීඩිකාවක් ආරක්ෂා කරගැනීමට තවමත් ප්‍රමාද නැති බව අපගේ විශ්වාසයයි.


    sb, harin, namal wage ponnayo onna ohmai sports development kare
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,196
    113
    ආශ්චර්යමත් රටක
    බංකොළොත් රටක ඕව කරොත් වෙන්නෙ ඕක තමයි. පොඩි කාලෙ ඉඳන්ම ළමයින්ට පෙන්නල දෙන්න ඕන තොපිට ඕන දේවල් කරන්න ඕන නං, පුලුවන් ඉක්මනට බංකොළොත් මෝඩයන්ගෙ රටෙන් ඉක්මනට චුත වෙන්න ඕන කියලා.

    පට්ටපල් හොරුන්ගෙ ගොන් මෝඩවේෂන් ටෝක් අහලා, ලංකාව තමයි රට කියල ඉඳල උකෝගන්න මෝඩ හරක්ගෙ ගොඩට වැටෙන්න එපා කියල කියල දෙන්න.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    Iskole nogiyoth: pol kadanna wenawa puthe umbata!

    kiwwa wage,

    Sports kaloth: sachini akka wage umbath Gruha sewika thamai!



    mekige athletic body ekak ehema thiyena nisa, wada karana thana minissunge Riti tika paninna ehema mekiwa ganie
     
    • Like
    Reactions: NRTG

    Sen-lu

    Well-known member
  • අපේ වගේ රටක ඔය වගේ ස්පෝර්ට්ස් කරල සත පහක වැඩක් නෑ. ප්‍රධානම හේතුව ඇත්ලැටික්ස් වල ලෝක මට්ටමේ දිනන්න අපේ ජාන සෙට් නෑ. ලෝක මට්ටමට නොයා ඕවගෙන් සත පහක් හොයන්නත් බෑ. ආතල් එකට කරාට කමක් නෑ ප්‍රොෆෙෂනල් කරනව කියල අනිත් දේවල් මග ඇර ගත්තොත් බඩුම තමා.
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,269
    113
    Yuda hamuda warthawa thiyala thiyenne army eke wada nokarada bn? Anemanda ithin ehema nathuwa puluwanda kiyala. Lankawe athletics karana aya nan paw.
     
    • Like
    Reactions: NRTG

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,301
    34,975
    113
    ලංකාවේ තියෙන්නේ රැකියාවල් 4යි. වෛද්‍ය, ඉංජිනේරු, ගණකාධිකාරී, නිතීඥ. අනිත් හැම එකක්ම කුලී වැඩ. ලංකාවේ ඉන්නවා නම් ඔයින් එකක් කරපං. නැත්තං ඉතිං ඔය හතර ගොලන්ගේ කුලීවැඩ කරපං. ඒත් බැරිනං ඉතිං ඇරැබ්බන්ගේ හරි සුද්දන්ගේ හරි පක්කලි සර්විස් තමයි