"ජාතික_ලැයිස්තුව"
දේශපාලන අනාථයින්ගේ ලැගුම් හලක් බඳු "ජාතික ලැයිස්තුව"
1978 ආණ්ඩු ක්‍රම ව්‍යස්ථාවට අනුව මැතිවරණයකදී ජාතික ලැයිස්තුවකින් ඉදිරිපත් කරණ නියෝජිතයන්ගෙන් බලාපොරොත්තුවෙන්නේ කුමක්ද? එය එංගලන්තයේ සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයට හා සමාන වන බව පැහැදිලිය. මහජන ඡන්දයකින් පත් නොවන මෙවැනි මන්ත්‍රී මණ්ඩලයකින් රටක වස්ථාදායක සභාවක් වඩාත් අර්ථවත් බවෙන් හා දැනුමෙන් පෝෂණය කර ගැනීමට බලාපොරොත්තු වීම මෙවැනි මන්ත්‍රී මණ්ඩලයක අරමුණයි.. ශ්‍රී ලංකාවේ ජාතික ලැයිස්තු මන්ත්‍රීන් පත්කර ගැනීමෙන් බලාපොරොත්තු වන කාරණය පිළිබඳව පැවසෙන්නේ, "ජාතික ලැයිස්තු ක්රමයේ අරමුණ වන්නේ සමාජයේ ගෞරවාදරයට පත්ව සිටින එමෙන්ම සිය දිවියෙන් වැඩි කොටසක් විවිධ ශාස්ත්‍රීය හැදෑරීම් සඳහා කැප කළ එහෙත් දේශපාලන අත්දැකීමක් හෝ පසුබිමක් හෝ ඡන්ද පදනමක් නොමැති වියතුන්ට සහ උගතුන්ට පාර්ලිමේන්තුවට වක්‍රව ප්‍රවේශය ලබා දී මහජන සේවයක් ඉටු කිරීමට එම උගතුන්ට අවස්ථාව සැලැසීම හා එමගින් ඔවුන්ගේ ශාස්ත්‍ර ඥානයෙන් රටට ප්‍රයෝජන ලබා ගැනීමයි." (http://www.manthri.lk)
මේ අර්ථයෙන් ගත්කල 1978 ව්‍යවස්ථාවට යටත්ව පැවති මහ මැතිවරණ වල ප්‍රධාන දේශපාලන පක්ෂ හා සන්ධාන විසින් මෙතෙක් ඉදිරිපත් කර තිබූ ලැයිස්තු මේ අරමුණෙන් සම්පූර්ණයෙන්ම වගේ බැහැරව අනාථ දේශපාලකයන්ට සෙවන සදන ලැගුම් ගෙයක් බවට පත්වි තිබෙනු දැකගත හැකිය. විශේෂයෙන් මහජන ඡන්දයකට ඉදිරිපත් වී ජයග්‍රහණය කිරීමට නොහැකිවීම, එසේම පක්ෂයේ දේශපාලන නායකයාගේ අන්තේවාසික වීම, දේශපාලනික වශයෙන් අනාථවී සිටීම ජාතික ලැයිස්තුවට ඇතුලත්වීමට සුදුසුකමක් ලෙස සැළකුණි.
2000 -2014 කාලය තුල ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ පාර්ලිමේන්තු දායකත්වය පිළිබඳ www.manthri.lk වෙබ් අඩවිය පවසන්නේ "2012 මැයි සහ 2013 අගෝස්තු අතර කාල වකවානුවෙ හි මන්ත්‍රීවරුන්ගේ පාර්ලිමේන්තු ක්‍රියාකාරකම් සම්බන්ධ දත්ත විමසුමට ලක් කරන ලද කල, දිස්ත්‍රික්කයෙන් පත් වුනු ලැයිස්තුවේ මන්ත්‍රීවරුන්ට වඩා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව සඳහා 25% ක් ඵලදායී ලෙසින් කාලය ලබා දී තිබෙන බව පෙනී ගියේය. එසේ වුවද ඔවුන්ගේ දායකත්වය එතරම් ප්‍රසංශනීය වූයේ යැයි කිව නොහැක. පාර්ලිමේන්තුවෙහි විශිෂ්ඨතම දායකත්වය (10%) ලබා දුන් මන්ත්‍රීවරුන් 22 අතරින් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරැන් සිව් දෙනෙකු සිටිති. මෙම මන්ත්‍රීවරුන් හතර දෙනා පිළිවෙලින් අනුර කුමාර දිසානායක (ජවිපෙ), ඒ. එච්. එම්. අස්වර් (සන්ධානය), හර්ෂ ද සිල්වා (එජාප) සහ ඉරාන් වික්‍රමරත්න (එජාප) ආදීන් වෙති. එමෙන්ම පහළින්ම සිටින මන්ත්‍රීවරුන් 10% අතරද ජාතික ලැයිස්තුවෙන් පත් වූවන් සිව් දෙනෙකු සිටිති. විරුද්ධ පක්ෂ්යේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් 12 ක් සිටින අතර රජයේ සන්ධානයේ 17 ක් සිටිති. ආණ්ඩු පක්ෂලයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ දායකත්වයට වඩා විරුද්ධ පක්ෂ.යෙන් පත්වුණු ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ දායකත්වය දෙගුණයක් බව පෙනී ගියේය. " ආදී වශයෙනි.
මේ අනුව මෙවර එක්සත් ජාතික පෙරමුණ හා එක්සත් ජනතා නිදහස් සන්ධානය යන ප්‍රධාන දේශපාලන සන්ධාන්හි ජාතික ලැයිස්තු නිරීක්ෂණය කල විට පෙනීයන්නේ මෙතෙක් පැවති ආකාරයටම ඍජු දේශපාලකයින්ගේ හා ඔවුන්ගේ හිතවතුන්ගේ නම් වලින් ජාතික ලැයිස්තු පුරවා ඇති බවයි. එජාපෙය සිය ජාතික ලැයිස්තුවට ඍජු දේශපාලකයින් 14 දෙනෙකු ඇතුලත් කර ඇති අතර එජනිස සිය ජාතික ලැයිස්තුවට ඍජු දේශපාලකයින් 17ක් ඇතුලත් කර ඇත. නමුත් ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කර ඇති ජාතික ලැයිස්තුවට කිසිදු ඍජු දේශපාලනයේ නියැලෙන්නෙකු ඇතුලත් කර නොමැති අතර ඔවුන්ගේ ජාතික ලැයිස්තුව විද්වතුන්ගෙන්, සමාජ ක්‍රියාකාරීන්ගෙන්, ව්‍යවසායකයින්ගෙන්, කාන්තාවන්ගෙන් හා කලාකරුවන්ගෙන් සමන්විත සමාජ හරස්කඩක් බඳුය. එය සැබෑ ලෙසම ජාතික ලැයිස්තුවකින් බලාපොරොත්තු වන සමාජ දේශපාලන අරමුණ මූර්තිමත් වන ආකාරයෙන් සකස් කර තිබීම සමාජයට කිසියම් ආකාරයක යහපත්, නිවැරදි දේශපාලන භාවිතාවක් පිළිබඳ අපූරු සාම්පලයක් ඉදිරිපත් කරන්නෙකි.
මෙය ඡන්දදායකයින් සියලුම දෙනාගේ අවධානයට ලක්විය යුතු කරුණක් ලෙස හගිමි. බුද්ධිමත්ව ඡන්දය භාවිතා කිරිම යනු කිසියම් දේශපාලන ව්‍යාපාරයක භාවිතය නිරීක්ෂණය කිරීමෙන් සිදුකල යුත්තක් විනා ඇඟට පතට හෝ වාචාල කමට වශීවී සිදුකල යුත්තක් නොවේ. මන්ද අප රටේ ඉහළම ස්ථානය වන ව්‍යවස්ථාදායකයට පත්කර යැවීමට අප මේ සූදානම් වන්නේ රටේ අනාගතය පිළිබඳ තීරණ ගැනීමට සුදුසු පුද්ගලයින් විනා හුදෙක් "එහෙයි" කියා පුටු රත්කරන්නන් නොවන බැවිනි. නිවැරදි දේශපාලන තින්දු නොගැනීම රටේ අනාගත දේශපාලන සෞඛ්‍යට අතිශයින්ම අහිතකර බව අපි අතීත දේශපාලනයෙන් උගතයුතු පාඩමකි.