ජාතියේ පිනට පහල වූ මහා විරුවන් (දස මහා යෝධය&#3

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ජාතියේ පිනට පහල වූ මහා විරුවන් (දස මහා යෝධය&#3

    ජාතියේ පිනට පහල වූ මහා විරුවන් (දස මහා යෝධයෝ)

    1. නන්දිමිත්‍ර යෝධයා

    කකුසඳ බුදුන් සමයේ රහත් නමකට මහ දන් දීමේ ප්‍රතිවිපාකයෙන් දෙව්ලොව බොහෝ සැප විඳ එළාර රජුගේ මිත්ත නම් සෙනෙවියෙකුගේ නැඟනියට පුත්ව ඉපදිණි. කුඩා කලම මහත් කාය බල ඇත. දෙමව්පියන් පසුපස්සේ ඒම වැලැක්වීමට දණගාන කාලයේ පවා සම් පටි ආදියෙන් බැඳ තැබුවද ඒවා කඩා දමයි. වරක් සුවිශාල උණපඳුරක ගැටගැසූ නමුත් උණපඳුර පිටින් කඩා ඇදගෙන ගියේය.
    දොලොස් හැවිරිදි කාලයේ මිත්ත නම් සෙනෙවියාට සේවය කළ නමුත් බුදු සසුන වනසන දෙමළුන් දැක කෝපයෙන් රාත්‍රියේ ගොස් ඔවුන් අලවා මරා දමයි. (මහා පින්වත් කෙනෙක් නිසා දෙවියෝ මේ මළසිරුරු අතුරුදහන් කළ බව කියවේ.) දෙමළු විශාල වශයෙන් අඩුවූ නිසා එළාර රජු මේ ගැන සෙවීමට රහස් පරීකෂකවරු යෙදවීය. තනිවම සටන් කිරීමෙන් පළක් නැතිබව දුටු නන්දිමිත්‍ර මාගම් රාජ්‍යයට ගොස් කාවන්තිස්ස රජතුමා හමු විය.
    ගැමුණු රජු රජවූ පසු තමන්ගේ අරමුණ ඉටු කරගත් ඔහු එළාර රජු ප්‍රමුඛ දෙමළ සේනාව වනසා පසුව තම නමින් මහා විහාරයක්ද කරවා මරණින් පසු දෙව්ලොව උපත ලැබීය.
    නන්දිමිත්‍ර යෝධයා හට ඇතුන් දස දෙනෙකුගේ ශක්තිය ඇත. වරක් කඩොළැතා දළ දෙකින් අල්වා මෙල්ල කරන ලද්දේ ඔහු විසිනි. කඩොළැතා විසින් බිඳ හෙලූ විජිතපුර යකඩ දොරට ඇතු යට වන්නට යන විට උරහිසින් එය නවතා ඇතු බේරා ගත්තේද ඔහු විසිනි. අතුරඹ ප්‍රදේශයේ මහා තුණ්ඩ නම් දෙමළා මරණ ලද්දේ ඔහු විසින් යයි කියවේ.


    2. සුරනිමල යෝධයා​

    කාශ්‍යප බුදුන් සමයේ සතුන් මරමින් පවුකාර ජීවිතයක් ගත කළ මොහු රහත් නමකට දනක් දී උන්වහන්සේගේ බණ අසා යහපත් ජීවිතයක් ගතකොට නොයෙකුත් කුසල් කොට දෙව්ලොව බොහෝ සැප විඳ කාවන්තිස්ස රජුගේ පුතෙකු වන දීඝාභය රාජ කුමාරයාගේ ජනපදයක උපත ලැබීය.
    ඇතුන් දස දෙනෙකුට බල ඇතත් කිසි වැඩක් නොකරණ කම්මැලියෙක් නිසා රාජ කුමාරයා ළඟ සේවයට පිටත් කරන ළදී. අධික වේගයෙන් ඇවිද ගිය ඔහු ඉතා කෙටි කාලයකදී එතැනට ළඟා විය. දීඝාභය කුමරු නොයෙකුත් ක්‍රම වලින් ඔහුගේ ශක්තිය පරීක්ෂා කර කාවන්තිස්ස රජු වෙත පිටත් කළේය. දොළොස් හැවිරිදි තරුණයා දුටු රජතුමා මෙතරම් බාල කෙනෙකුට යෝධයෙක් විය හැකිදැයි සිතා කඩුවක් මුවහත් කිරීමට බාර දුන්නේය. ඉතා සුළු කාලයකින් මේ කටයුත්ත නිම කරණ ලදී.
    දීඝජන්තු සටන - පසුව ගැමුණු රජු කාලයේ කඩු ශිල්පයේ කෙළ පැමිණි රණශූරයෙකු ලෙස ප්‍රකට වූ ඔහු එළාර රජුගේ ප්‍රබලම කඩු ශිල්පියා වූ දීඝජන්තු නම් පාතාක යෝධයා පරදවා මරා දැමීය.
    අහසේ කරනම් හැසීමේ හපනෙකු වූ දීඝජන්තු සාධාරණ සටනකින් මරා දැමීම කළ නොහැකි බව දුටු බුද්ධිමත් විහාර මහ දේවිය උපක්‍රමයකින් ඔහු පැරදවීමට සිතා කුඩා කඳවුරු තිස් දෙකක් ඉදිකර ඒවායේ දුටුගැමුණු රජුගේ ස්වරූපයට සමාන ලෙස සකසන ළද පිළිරූ තැබීය. සත්‍ය වශයෙන් රජු සිටියේ 33වන බලකොටුවේය. එළාර රජුගේ අවසාන ආරක්ෂක වලල්ලේ සිටි දීඝජන්තු, ගැමුණු රජු මැරීමට සිතා එක හුස්මට අහසේ කරණම් ගසමින් ඉහත දෙතිස් බලකොටු වල දෙතිස් පිළිරූ වල හිස් කපමින් අවසාන බලකොටුවට ළඟා වෙත්ම සුරනිමල ඔහුට අපහාසාත්මක ලෙස අභියෝග කළේය. දැඩි වෙහෙසට හා කෝපයට පත්ව සිටි දීඝජන්තු අභියෝගයෙන් පලා නොගොස් සුරනිමල වෙත අහසින් පාත් විය. සුරනිමල කළේ තමන්ගේ පළිහ ඔසවා ශරීරය ආවරණය කර ගැනීමයි. පළිහ සමඟම සුරනිමල දෙපළු කිරීමට තරම් පහරක් දීඝජන්තු එල්ල කළත් අවසාන මොහොතේ පළිහ අතහැර සසෙකට පැනීමට සුරනිමල සමත් විය. දීඝජන්තු පළිහ සමඟම බිම පතිත විය. නැවත නැගිටීමට පෙර සුරනිමල විසින් ඔහු මරා දමන ලදී.
    තවත් ජනප්‍රවාදයක් කියන්නේ කාන්තාවන්ට ලොල් වූ දීඝජන්තුගේ අවධානය බිඳීමට විහාර මහා දේවිය ඇමක් වශයෙන් යොදා ගත් බවයි. කෙසේ වෙතත් දීඝජන්තු මිය ගිය පසු යුද්ධය පිළිබඳ බලාපොරොත්තු අත්හැරි දෙමළ සේනාව පසුබැස ගිය බව කියවේ. මෙසේ සුරනිමල අධික වේගය හා කඩු ශිල්පය පිළබඳ නමක් දිනා සිටීය.
    තවත් එක් කාරණයක් සඳහා ඔහු ප්‍රකටය. එනම් රා බීමයි. විජිතපුර සටනට පෙර පැවති යෝධබල පරීක්ෂණයේදී විශාල රා මඩමක් තනිවම බී අවසාන කිරීමට නියෝග කරන ලදී. අන්‍ය යෝධයෝ මේ කටයුත්ත තමන්ට නුසුදුසු බව පවසා සිටියහ. සුරනිමල මේ කාර්යය ඉටු කළේය. පසු කාලයේ සුරනිමල බොහෝ පින්කම් කළ බව කියවේ.


    3. මහාසොණ යෝධයා

    කාශ්‍යප බුදුන් සමයේ සඟරුවනට දන්දුන් කුසලයෙන් දෙව්ලොව සම්පත් විඳ පසුව කුවා ගමක කෙළෙඹියෙකුට පුත්ව ඉපදිණි. මොහු ඉතාමත් රූපසම්පන්න අතර ඇතුන් දස දෙනෙකුගේ බල ඇත. පෙරකී යෝධයන් මෙන් නොව මොහු කාවන්තිස්ස රජුන්ගේ සේනාවට බැඳුනේ අවු. 20-30 අතර කාලයේය. නොයෙකුත් වීරකම් කොට ලංකාද්වීපය එක්සේසත් කරවා පසුව බොහෝ පින්කම් කළ බව කියවේ.


    4. ගෝඨඉම්බර යෝධයා

    දස මහා යෝධයන් අතරින් මේ ආත්මයේම නිවන් දුටු අය දෙදෙනෙකි. ගෝඨඉම්බර යෝධයා ඉන් එක් අයෙකි. කාශ්‍යප බුදුන් සමයේ සඟරුවනට දන්දුන් කුසලයෙන් දෙව්ලොව සම්පත් විඳ පසුව ලක්දිව බොහෝ සම්පත් ඇති පවුලක ඉපදිනි. ඇතුන් දස දෙනෙකුගේ බල ඇතිවද කම්මැලියෙකි. ශරීරයෙන් කොට නිසා නම සෑදිණි. කාවන්තිස්ස රජු මොහුගේ බල අසා ගෙන්වා ගත්තේය. පසුව මහාජත්‍ර නම් දෙමළ නායකයා මරණ ලද්දේ මොහු විසිනි. රා බීමට මෙන්ම උත්සව ශ්‍රීයෙන් ගත කිරීමට කැමති අයෙකි.
    ජයසේන යක්ෂයා හා සටන - මෙවන් උත්සවයකදී රිටිගල වසන ජයසේන නම් යක්ෂයා තම භාර්යාවට ආවේශ වීම නිසා කිපුණු ඔහු යක්ෂයා හට සටනට අභියෝග කළේය. යක්ශයන් හා සටන් කොට ජය ගැනීම මිනිසුන්ට කළ නොහැකි බව පවසා පහළ මට්ටමේ දෙවිවරු ගණනාවක් යෝධයා වැලැක්වීමට තැත් කළහ. නමුත් ඔවුන්ට ඇහුම්කන් නොදී ගෝඨඉම්බර සටනට ඉදිරිපත් විය.
    මේ සටනේදී යක්ෂයාගේ බොටුව කැඩී යන පරිද්දෙන් ගෝඨඉම්බර විසින් පහරක් එල්ල කරන ලදී. (මෙහිදී යක්ෂයා ගෝඨඉම්බරට වඩා බලවත් වුවද ගෝඨඉම්බර යනු ත්‍රිහේතුක පශ්චිම භවිකයෙකි. යක්ෂයා අහේතුක උපතක් ලද කෙනෙක් නිසා පින්බලයෙන් වැඩි යෝධයා පහසුවෙන් ජය ගත්තේය.) පසුව යක්ෂයාගේ හීස වෙනුවට වලස් හිසක් සවිකළ මහාසෝණා යකා ගැන ජනප්‍රවාදයක් උපත ලැබීය.
    මෙම ජයග්‍රණයෙන් උදම් වූ යෝධයා සුරාවෙන් මත්ව රාජ මාලිගාවට ඇතුල් වීමට තැත් කළ අතර ගැමුණු රජුගේ නියෝගයෙන් එය වැලකිණි. මෙයින් ලජ්ජාවට හා කළකිරීමට පත් යෝධයා එදිනම ලංකාද්වීපය හැරදමා භාරත දේශය බලා පිටත්ව ගියේය.
    රහතන්වහන්සේලා සොයමින් ගමන් කළ ඔහුට හිමාලයට යන ලෙස උපදෙස් ලැබිණි. හිමාලය පාමුල ගමකින් දැනගන්නට ලැබුනේ රහතන් වහන්සේලා පර්වත මුදුනේ වාසය කරන බවත් පිඬු සිඟා ගැනීමට පමණක් ගමට එන බවත්ය. මෙසේ මඟ විමසමින් ගමන් කරන විට ඔහු දුටුවේ ඍද්ධි බලයෙන් පමණක් යා හැකි උසකින් තිබූ විහාරයකි. මෙතෙක් වෙහෙස වීමෙන්ද රහතන්වහන්සේලා නොදුටු නිසා ශෝකයට පත් ඔහු පර්වත පාමුල තිබූ මහා හෙළකට පැන්නේය.
    ඔහුගේ පින් බලයෙන් මෙය දුටු රහත් නමක් ඍද්ධි බලයෙන් ඔහු අල්වා ඔහුගේ කථාවට සවන් දී මහණ කළ සේක. එතුමා සුළු කලකින් රහත් බවට පත් විය.


    5. ථෙරපුත්තාභය යෝධයා

    මේ ආත්මයේ නිවන් අවබෝධ කර ගත් අනෙක් යෝධයා නම් මොහුය. කාශ්‍යප බුදුන් සමයේ මොහු කුඩා කල සිටම බුදුන් සරණ ගොස් නොයෙකුත් දන් දී පින්කම් කොට දෙව්ලොව සම්පත් විඳ ලංකාවේ සිටු පවුලක උපත ලැබීය. නම් තබන ලද්දේ ගෝඨාභය ලෙසය.
    කුඩා කල පටන් මහත් බල ඇත. දාසය හැවිරිදි වියේදී මොහුගේ පියා මහ සුමන නම් රහතන් වහන්සේගෙන් බණ අසා ගිහි ගෙය කළකිරී පුතා සමඟම ගොස් මහණ විය. ඔහු කෙටි කළකින් රහත් වූ අතර ගෝඨාභය සාමණේරයන් වහන්සේ ථෙරපුත්තාභය (තෙරුන් ගේ පුත් අභය ) නම් විය. උන් වහන්සේ තමන් වාසය කළ පන්සලේ පොල් වත්තක් තැනවූහ.
    පෙරකී ආකාරයට ගෝඨයිම්බර යෝධයා පළමු වරට රජුන් දකින්නට ගියේ මේ පන්සල අසළිනි. ඔහු සමඟ ගිය පිරිස කුරුම්බා බීමට කැමැත්තක් දැක්වූ නිසා ගෝඨයිම්බර පන්සලේ පොල් ගස් සොලවා පොල් කඩා තම විලුඹින් ඇන ලෙලි ගලවා මිනිසුන්ට දී තමාද පානය කළේය. සාමණේර නම ආ විට උන්වහන්සේ දුටුවේ පන්සල් වත්තේ හැම තැනම පොල් හා පොල් ලෙලි දමා සැඩි කොට ඇති බවය.
    ගෝඨයිම්බර නම් යෝධයෙක් මෙය කළ බව දැනගෙන කෝපයට පත් උන් වහන්සේ ගෝඨයිම්බරගේ කකුලින් අලවා පොල් ගස් වල ගසන්නට වූහ. ගෝඨයිම්බර කොතරම් ශක්තිමත් වුවද ඔහුට ගැලවී ගත නොහැකි විය. ඔහු සමඟ සිටි සේනාවද කොතරම් උත්සහ කළද සාමණේර නම අසලටවත් යන්නට නොහැකි විය. අවසානයේ ඔවුහු සියළු දෙනා බැගෑපත්ව යාඥා කොට සමාව ඉල්ලා පොල් වත්තද තනා දෙන බවට පොරොන්දු වී ගෝඨයිම්බර ගලවා ගත්හ.
    කලකට පසුව රජතුමා ලක්දිව තවත් යෝධයන් ඇත්දැයි ගෝඨයිම්බර විමසා සිටියේය. යෝධයා කීවේ තමාටද වඩා දහස් ගුණයකින් බලවත් සාමණේර නමක් වාසය කරන බවයි.
    වඩා වටින්නේ සිවුරද ශාසනයද? - රජතුමගේ නියෝගයෙන් සාමණේර නම කැඳවාගෙන ඒම ගෝඨයිම්බරට භාර විය. නමුත් සාමණේරයන් වහන්සේ පැවසුවේ ලබා ගැනීමට ඉතා අපහසු නිර්මල බුදු දහම සහිත ශාසනයක මහණ වූ තමා නිර්වාණ සම්පත්තිය හැර දමා කිසි විටකත් නොපැමිණෙන බවයි.
    ගෝඨයිම්බර තර්ක කළේ ශාසනය දැඩි ලෙස විනාශයට පත් වන කාලයක තමන් පමණක් සසරින් ගැලවී යාම සුදුසු නොවන බවයි. නිර්මල බුදු දහම තවත් කාලයකට ආරක්ෂා කරදී පසුව නිවන් දැකිය හැකි නොවේදැයි විමසූ ඔහු තමන්ට දීපංකර බුදුන් සමයේ ලැබිය හැකි වූ නිවන් සම්පත්තිය හැරදා ලෝක සත්වයාගේ ගැලවීම උදෙසා බුදු බව පැතූ බෝධිසත්වයන් වහන්සේ ගැනද මතක් කළේය. අවසානයේ සාමණේරයන් වහන්සේ සිවුරු හැරීමට එකඟ විය.
    පසුව ලක්දිව එක් සේසත් කොට රජතුමා දුන් වස්තුව හා තානාන්තර කිසිවක් නොගෙන පැරදවීමට තවත් සතුරන් තමාට සිටින බව රජතුමාට පැවසීය.
    තමන්ට සතුරන් නැති බවත් ඔබට ඇත්තේ කුමන සතුරෙක්දැයි විමසූ රජුට කෙළෙස් නම් සතුරන් පැරදවීම වඩාත් උත්තම බව පැවසූ යෝධයා රාජ අවසරයෙන් මහණ වී, නොබෝ කලකින් රහත්ව මහත් ප්‍රකට හිමි නමක් වූහ.

    XFvAbHv.jpg

     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    6. මහා භරණ යෝධයා

    කාශ්‍යප බුදුන් සමයේ මොහු බුදුන් සරණ ගොස් නොයෙකුත් පින් දහම් කොට ඒ කුසලයෙන් බොහෝ කාලයක් දෙව් සැපත් විඳ පසුව රුහුණු රට උපන්නේය. ඔහුගේ පින් බලයෙන් උපන් දවසම මහා නිධානයක්ද පවුලට ලැබිණි. කුඩා කල පටන් මහත් ශක්තිවන්තය. පසුව රාජ සේවයට කැඳවනු ලැබීය. ලක්දිව එක් සේසත් කොට පසුව බොහෝ පින්කම් කළේය.


    7. වේළුසුමන යෝධයා

    කාශ්‍යප බුදුන් සමයේ මොහු රහතන් වහන්සේ කෙනෙකුට දන් දීමේ විපාකයෙන් දෙව් සැපත් විඳ කාවන්තිස්ස රජුගේ කාලයේ මෙරට උපන්නේය. ඔහුගේ පියාගේ මිත්‍රයන් දෙදෙනෙකුගේ නම් එකතු කොට වේළුසුමන යනුවෙන් නම් තබන ලදී.
    මෙම වේළු නම් මිත්‍රයාගේ එක් මෙල්ල කළ නොහැකි යයි සැලකුණු අශ්ව පැටියෙක් මෙල්ල කිරීමෙන් ඔහුගේ බලය ප්‍රකට විය. වේළු නැමැත්තා 'මොහු රාජ්‍ය සේවයට සුදුසුය' සිතා රජු සමීපයට පිටත් කරන ලදී.
    විහාර මහා දේවියගේ දොළදුක් - ගැමුණු කුමරා උපදින්නට සිටින් විට මවට දොළදුක් හතරක් පමණ උපන් බව දක්වා තිබේ. රියන් සියයක් දිග මී වදයක් සංඝයාට දී තමාද කෑම ඉන් එකකි. මෙය කුමරාගේ පින් බලයෙන්ම ඉටු විය. ඉතිරි දොළදුක් (තිසා වැවෙන් පැන් නෑමට හා බීමට, එළාර රජුගේ නායක යෝධයාගේ හිස කැපූ කඩුව සෝදා ජලය බීම, එළාර රජුගේ මහනෙල් මල් පැළදීම ) සංසිඳුවීමට වේළුසුමන ක්‍රියා කළේය.
    මේ සඳහා ඔහු තමා එළාර රජුට පක්ෂපාතී අයෙකු ළෙස හඟවා එළාර රජුගේ අස්ගාල රැක බලා ගැනීමේ කාර්යය බාර ගත්තේය. ඉන්පසු එහි සිටින ශක්තිමත්ම අසෙකු වන රණමද්දව නම් අසෙකු හොඳින් හික්මවා තබා ගත් ඔහු එක් දිනක තිසා වැවෙන් පැන් කළයක්, මහනෙල් මල් ආදිය සකස් කොට අශ්වයා සොරාගෙන තමා වේළුසුමන බව පවසා පළා ගියේය.
    ඔහු මරා දැමීමට සොලී රජු විසින් එවන ලද යෝධයන් දෙදෙනා ඔහු විසින් මරන ලදී. පසුව ඔහුගේ ගමන නැවැත්වීමට තැත් කළ මහවැලි ගඟේ වඩමන්න නම් තොට රැකවල් සිටි දහසක් පමණ දෙමළ සෙබළුන්ද ගඟේ අනක් පස රැකවල් සිටි ව්ඩ්ඨමාන නම් දෙමළ යෝධයා ඇතුළු දහසක් දෙනාද තනිවම සටන් කොට මරා දැමීමට ඔහු සමත් විය (මේ ස්ථාන දෙකට පිළිවෙලින් දහස්තොට හා දහස්මඬලාතොට යනුවෙන් ව්‍යවහාර විය ).
    ගැමුණු කුමරු රජවන විට මොහු මැදිවියේ සිටින්නට ඇතැයි සිතිය හැක. මොහු සටන් කළේ බොහෝ විට අසු පිටය. ලක්දිව එක් සේසත් කිරීමෙන් පසු කුසල් කොට දෙව්ලොව උපන් බව දක්වා තිබේ.


    8. ඛඤ්ඡදේව යෝධයා

    කාශ්‍යප බුදුන් වහන්සේගේ කාලයේ මොහු බුදුන් සරණ ගොස් මහවනයක් මැද පන්සලක් තනවා එක් භික්ෂූන් වහන්සේ නමකට පුදා දාන මාන හා සිවුරු පිරිකර පිදීය. මේ කුසලයෙන් බොහෝ දෙව් සැපත් විඳ මෙරට බොහෝ සම්පත් ඇති නිවසක උපත ලැබීය. ඔහු සියළු ආයුධ හරඹයේ කෙළ පැමිණි අතර මහත් ශක්තිවන්ත විය. ඔහු ගැන අසා කාවන්තිස්ස රජතුමා ගෙන්වා ගත් අතර පසුව ලක්දිව එක් සේසත් කොට බොහෝ කුසල් රැස් කළේය.


    9. ඵුස්සදේව යෝධයා

    කාශ්‍යප බුදුන් වහන්සේගේ කාලයේ මොහු බුදුන් සරණ ගොස් ජීවිතය ඇති තුරා තුණුරුවන් පුදා බොහෝ දෙව් සැපත් විඳ රුහුණු රට උපත ලැබීය. ඵුස නැකතින් උපන් නිසා ඵුස්සදේව ලෙස නම් තබන ලදී.
    සත් හැවිරිදි වියේ විහාරයක පූජාවට තිබූ ශංඛයක් (හක්ගෙඩියක්) ගෙන පිම්බේය. මේ ශබ්දය ගව් ගණනක් පැතිරී ගිය අතර ඒ අසා සමීප වනයේ වසන සියළු සතුන් බියෙන් භ්‍රාන්ත වී බිම වැටුණි. අසල සිටි මිනිසුන්ද සිහි නැතිව වැටුණි. මින් පසු ඵුස්සදේව යෝධයා නමින් ප්‍රකට විය.
    මොහුගේ වංශයේ බොහෝ කාලයක් තිස්සේ ධනු ශිල්පයක් පැවත එන අතර ඵුස්සදේව ගේ පියා ඔහුව මේ ශිල්පයේ ප්‍රගුණ කරවීය. දොලොස් හැවිරිදි වියේදී ධනු ශිල්පයේ ඔහු හා සමාන කෙනෙක් නැති විය. ශබ්දයට විදීම ආදී රහස් ශිල්ප ක්‍රමද හස්ති, අශ්ව ආදී ශිල්ප ගණනාවක්ද උගත්තේය.
    පසුව කාවන්තිස්ස රජු විසින් ගෙන්වා ගන්නා ලදී. ගැමුණු කුමරුගේ ඉතාමත් විශ්වාසවන්තම යෝධයෙකු වූ ඔහු නිරන්තරයෙන් රජුගේ ආරක්ශාව සඳහා එතුමා අසළින්ම සිටි බව පෙනේ.
    භල්ලුක සටන - එළාර රජු මරා දැමීමෙන් පසු ඔහුගේ බෑනා කෙනෙකු වන ධනු ශිපයට ප්‍රකට "භල්ලුක" ලංකාවට ගොඩ බැස කුළී සේනාවක් සමඟ ගැමුණු රජු හා සටනට ආවේය.
    මෙහිදී කඩොලැතා බලාපොරොත්තු නොවූ ලෙස පසු බසින්නට වූ අතර (රජතුමා සිටියේ ඇතා පිට නිසා ඇතා සමඟ සියළු සේනාවම පසු බසින්නට විය ) ගැමුණු රජු ඵුස්සදේව අමතා මෙතරම් මහ සටන් වලදීත් පසු නොබැස සටන් කළ කඩොලැතා භල්ලුකගේ සේනාව හමුවේ පසු බසින්නේ ඇයිදැයි විමසා සිටියේය. මෙයට පිළිතුරු දෙන යෝධයා තමන් සිටින ස්ථානය ජය බිමක් නොවන නිසා ඇතා පසු බසින බවත් ජය බිමක් හමුවූ තැන ඔහු නතර වනු ඇති බවත් ප්‍රකාශ කළේය. පසුව මහා විහාර සීමාව අසළ ඇතු නතර විය.
    මේ අවස්ථාවේ භල්ලුකයා ගැමුණු රජුගේ මුඛයට විදින්නට සිතා ඊතලයක් අමුණාගෙන මුඛයට ඉලක්ක කොට රජු ඇමතීය. ගැමුණු රජු පිළිතුරු දුන්නේ කඩුපතින් මුව වසා ගෙනය. භල්ලුක එල්ල කළ හීය කඩුවේ වැදී බිම වැටිණි. ගැමුණු රජතුමා එවිට කටේ තිබූ බුලත් විට බිමට දැමීය. තම ඉලක්කය නිවැරදි යයි සිතූ භල්ලුකයා ඔල්වරසන් හඬ පවත්වන අතර ඒ සිදුවීමෙන් කෝපයට පත් ඵුස්සදේව ඊතලයක් අතට ගන්නට වත් නොසිතා රජුගේ කුණ්ඩලාභරණය කඩා භල්ලුකයාගේ කටට විදිදේය.
    මින් ක්ෂණිකව මරණයට පත් දෙමළ නායකයා බිම වැටෙන්නට ගියේ පිටුපසටය (එනම් ගැමුණු රජුගේ දිශාවට පය ලා ගෙනය ). මෙයද ගැමුණු රජුට අගෞරවයක් යයි සිතූ ඵුස්සදේව අනෙක් කුණ්ඩලාභරණයද කඩා භල්ලුකයාගේ පාදයකට විදිදේය. භල්ලුක බිම වැටුනේ ගැමුණු රජුගේ දිශාවට හිස ලා ගෙනය. කුලී සේනාව සටන් නොකොට පලා ගියේය.
    නමුත් තමා කළ ක්‍රියාව ගැන පසුතැවිල්ලට පත් යෝධයා ඒ ක්‍රියාවට දඩුවමක් ලෙස තමන්ගේ කන් පෙති කපා ලේ ගෙන ගැමුණු රජුට පෙන්වීය. රජතුමා දොම්නසට පැමිණ තමන්ගේ සතුරන් පැරදවීම සඳහා කළ ඒ ක්‍රියාවේ වරදක් නැති බව කියා ඊතල දෙකක් එකට අමුණා සිටුවා ඒවා වැසෙන තරම් මසුරන් ගොඩක් ත්‍යාග වශයෙන් ඵුස්සදේවට ලබා දුන්නේය.


    10. ලභියවසභ යෝධයා

    කාශ්‍යප බුදුන් සමයේ මොහු බුදුන්ගෙන් බණ අසා නොයෙක් ලෙස දන් දී වසර විසි දහසක් තිස්සේ පන්සිල් රක්ෂා කළේය. පසුව බොහෝ දෙව් සැප විඳ මෙරට බොහෝ සම්පත් ඇති පවුලක උපන්නේය. පන්සිල් රැකි බලයෙන් අතිශය රූප සම්පන්නය. සියළු යෝධයන්ගෙන් වඩාත්ම කඩවසම් තැනැත්තා මොහු විය.
    යහපත් රූපයක් ඇති නිසා ලභියවසභ නම යෙදිණි. ඇතුන් දස දෙනෙකුගේ ශක්තිය ඇත. කඩු හරඹයේ ප්‍රකට විය ඉතා කුඩා කළකින් වැවක් තනා නිමකළ අතර ඒ වැව කාවන්තිස්ස රජුන් විසින් ඔහුටම පවරා දෙනු ලැබීය (ලභියවසභ වැව නම් වේ). පසුව ගැමුණු රජු හා එක්ව ලක්දිව එක් සේසත් කොට බොහෝ කුසල් රැස් කළේය.

    උපුටා ගැනීම බුකියෙන්
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේකේ ඉන්න සමහර ලොන්ත කොකටුවො මෙන්න මේක කියවනව හොදා.....!!!

    5. ථෙරපුත්තාභය යෝධයා

    මේ ආත්මයේ නිවන් අවබෝධ කර ගත් අනෙක් යෝධයා නම් මොහුය. කාශ්‍යප බුදුන් සමයේ මොහු කුඩා කල සිටම බුදුන් සරණ ගොස් නොයෙකුත් දන් දී පින්කම් කොට දෙව්ලොව සම්පත් විඳ ලංකාවේ සිටු පවුලක උපත ලැබීය. නම් තබන ලද්දේ ගෝඨාභය ලෙසය.
    කුඩා කල පටන් මහත් බල ඇත. දාසය හැවිරිදි වියේදී මොහුගේ පියා මහ සුමන නම් රහතන් වහන්සේගෙන් බණ අසා ගිහි ගෙය කළකිරී පුතා සමඟම ගොස් මහණ විය. ඔහු කෙටි කළකින් රහත් වූ අතර ගෝඨාභය සාමණේරයන් වහන්සේ ථෙරපුත්තාභය (තෙරුන් ගේ පුත් අභය ) නම් විය. උන් වහන්සේ තමන් වාසය කළ පන්සලේ පොල් වත්තක් තැනවූහ.
    පෙරකී ආකාරයට ගෝඨයිම්බර යෝධයා පළමු වරට රජුන් දකින්නට ගියේ මේ පන්සල අසළිනි. ඔහු සමඟ ගිය පිරිස කුරුම්බා බීමට කැමැත්තක් දැක්වූ නිසා ගෝඨයිම්බර පන්සලේ පොල් ගස් සොලවා පොල් කඩා තම විලුඹින් ඇන ලෙලි ගලවා මිනිසුන්ට දී තමාද පානය කළේය. සාමණේර නම ආ විට උන්වහන්සේ දුටුවේ පන්සල් වත්තේ හැම තැනම පොල් හා පොල් ලෙලි දමා සැඩි කොට ඇති බවය.
    ගෝඨයිම්බර නම් යෝධයෙක් මෙය කළ බව දැනගෙන කෝපයට පත් උන් වහන්සේ ගෝඨයිම්බරගේ කකුලින් අලවා පොල් ගස් වල ගසන්නට වූහ. ගෝඨයිම්බර කොතරම් ශක්තිමත් වුවද ඔහුට ගැලවී ගත නොහැකි විය. ඔහු සමඟ සිටි සේනාවද කොතරම් උත්සහ කළද සාමණේර නම අසලටවත් යන්නට නොහැකි විය. අවසානයේ ඔවුහු සියළු දෙනා බැගෑපත්ව යාඥා කොට සමාව ඉල්ලා පොල් වත්තද තනා දෙන බවට පොරොන්දු වී ගෝඨයිම්බර ගලවා ගත්හ.
    කලකට පසුව රජතුමා ලක්දිව තවත් යෝධයන් ඇත්දැයි ගෝඨයිම්බර විමසා සිටියේය. යෝධයා කීවේ තමාටද වඩා දහස් ගුණයකින් බලවත් සාමණේර නමක් වාසය කරන බවයි.
    වඩා වටින්නේ සිවුරද ශාසනයද? - රජතුමගේ නියෝගයෙන් සාමණේර නම කැඳවාගෙන ඒම ගෝඨයිම්බරට භාර විය. නමුත් සාමණේරයන් වහන්සේ පැවසුවේ ලබා ගැනීමට ඉතා අපහසු නිර්මල බුදු දහම සහිත ශාසනයක මහණ වූ තමා නිර්වාණ සම්පත්තිය හැර දමා කිසි විටකත් නොපැමිණෙන බවයි.
    ගෝඨයිම්බර තර්ක කළේ ශාසනය දැඩි ලෙස විනාශයට පත් වන කාලයක තමන් පමණක් සසරින් ගැලවී යාම සුදුසු නොවන බවයි. නිර්මල බුදු දහම තවත් කාලයකට ආරක්ෂා කරදී පසුව නිවන් දැකිය හැකි නොවේදැයි විමසූ ඔහු තමන්ට දීපංකර බුදුන් සමයේ ලැබිය හැකි වූ නිවන් සම්පත්තිය හැරදා ලෝක සත්වයාගේ ගැලවීම උදෙසා බුදු බව පැතූ බෝධිසත්වයන් වහන්සේ ගැනද මතක් කළේය. අවසානයේ සාමණේරයන් වහන්සේ සිවුරු හැරීමට එකඟ විය.
    පසුව ලක්දිව එක් සේසත් කොට රජතුමා දුන් වස්තුව හා තානාන්තර කිසිවක් නොගෙන පැරදවීමට තවත් සතුරන් තමාට සිටින බව රජතුමාට පැවසීය.
    තමන්ට සතුරන් නැති බවත් ඔබට ඇත්තේ කුමන සතුරෙක්දැයි විමසූ රජුට කෙළෙස් නම් සතුරන් පැරදවීම වඩාත් උත්තම බව පැවසූ යෝධයා රාජ අවසරයෙන් මහණ වී, නොබෝ කලකින් රහත්ව මහත් ප්‍රකට හිමි නමක් වූහ.

    අපට අංක 1 වුනේ ජාතිය. එදත්, අදත් හෙටත් එහෙමම තමා..............
     
    • Like
    Reactions: sidathsaumya

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මේකේ ඉන්න සමහර ලොන්ත කොකටුවො මෙන්න මේක කියවනව හොදා.....!!!



    අපට අංක 1 වුනේ ජාතිය. එදත්, අදත් හෙටත් එහෙමම තමා..............

    හොඳවෙලාවට දැන් ඉන්න සර්ව ආගමික කොකටුවෝ ඒ කාලේ හිටියේ නෑ.. නැත්තන් අපි තාම දෙමල රටක සුලු ජාතිය..:yes:
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    පොතක මේව කියවල තිබුණ.. ඒත් ඉන්ටනෙට් එකේ දැක්කෙ අද..
    ගොඩක් වටිනව

    BUMP
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    පොතක මේව කියවල තිබුණ.. ඒත් ඉන්ටනෙට් එකේ දැක්කෙ අද..
    ගොඩක් වටිනව

    BUMP

    ඔව් බන් ඉස්සර අපිට ඔයවගේ පොත් කියවන්න ලැබුනා.. දැන් ළමයින්ට ඒවා ලැබෙන්නෙ නෑ.. ටියුෂන් ටියුෂන් තමා.. :yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නැකැත් රාල;16873259 said:
    හොඳවෙලාවට දැන් ඉන්න සර්ව ආගමික කොකටුවෝ ඒ කාලේ හිටියේ නෑ.. නැත්තන් අපි තාම දෙමල රටක සුලු ජාතිය..:yes:
    :no::no:
    ඒකාලෙත් සොන්නලු ඉදල තියනවා.
    නැත්තං මට කියපං කොහොම ද ද්‍රාවිඪයන් කෙනෙක් වෙච්ච එළාල අවුරුදු 44ක් අනුරාධපුරේ රජ කලේ කියලා......
    එළාලට දෙක පුන්න උන් එදත් හිටියා. අද කොටින්ට දෙක පුන පචබාහුවා වගේ සොන්නයන් ඉන්නව වගේ ම.........
     
    • Like
    Reactions: sidathsaumya

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ගොඩක් වටිනව බෙදා ගත්තට ගොඩක් ස්තුති.

    You must spread some Reputation around before giving it to නැකැත් රාල again.
     

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    මට නම් ඔහොම උන් හිටිය කියල ෂුවර් නැහැ බන්.
    මොනවා උනත් එල