ජාතියේ වර්ධනය ගැන උනන්දු වෙන බෑනෙක්.

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    ජාතියේ වර්ධනය ගැන උනන්දු වෙන බෑනෙක්.

    බිරියත් නැන්දම්මාත් වැදු දරුවන්ගේ උප්පැන්නයට නම දෙන්න බෑණා ඇවිත්



    සිය බිරියටත්, නැන්දම්මාටත් එකම දිනයේ දරුවන් ලැබී උප්පැන්න ලියාපදිංචි කිරීමට උප්පැන්න ලියාපදිංචි කිරීමේ නිලධාරියා වෙත ගිය බෑණා කෙනකු කිසිදු වගවිභාගයකින් තොරව කළ ප‍්‍රකාශයක් නිසා නිලධාරියාත්, ඒ අවට සිටි පිරිසත් අන්දුන්කුන්දුන් වූ පුවතක් කන්දඋඩරටින් වාර්තාවේ.
    සිද්ධිය සැකෙවින් මෙසේය.
    ඔහු සිය බිරියත් සමග බිරියගේ මවුපියන්ගේ නිවසේ පදිංචිව සිටි අතර බිරියගේ මවද ඔවුන් සමග වාසය කළාය.
    නැන්දම්මා හැඩෙන් රුවෙන් අඩුවක් පෙනෙන්නට නොතිබිණි. අම්මත් දුවත් අතර වයසින් අවුරුදු 20ක පමණ වෙනසක් පැවතුණද පෙනුමෙන් දෙදෙනා අතරම පැවැතියේ තරුණ බවකි.
    කාලයාගේ ඇවෑමෙන් බිරිය දරුවකු බිහි කළාය. දෛවයේ සරදමක් නිසාදෝ කුමන හේතුවක් නිසා හෝ එදිනම නැන්දම්මාද දරුවකු බිහි කළාය.
    නැන්දම්මාට දරුවකු ලැබීම ගැන ප‍්‍රදේශවාසීන් අතර කුතුහලයක් ඇති වුවද බෑණා එය සතේකටවත් ගණන් ගත් බවක් නොපෙනිණි. දරුවන් දෙදෙනාගේම උප්පැන්න ලියාපදිංචි කළ යුතු විය.
    බෑණා උප්පැන්න ලියාපදිංචි කිරීමේ නිලධාරි වෙත ගියේය. නම් දෙකක් නිලධාරියාට දුන්නේය.
    ”මොකද නම් දෙකක් - නිවුන් දරුවන්ද?”
    ”නැහැ සර්, එක දරුවෙක් නැන්දම්මගෙ”
    ”එහෙනම් මාමා හරි නැන්දම්මා හරිනෙ එන්න ඕන”
    ”සර්...
    ”එහෙනම් ඒ දරුවා කාගෙද? පියා නැත්නම් පියාගේ නම ලියනකොටුව හිස්ව තියලා මවගෙ නමට තමයි උප්පැන්නය ලියාපදිංචි කරන්න වෙන්නේ.”
    ”කමක් නෑ සර්. පියාගෙ නම ලියන තැන මගේ නම දාන්න”
    ”එහෙම දාන්න පුළුවන්ද? ඔයාද ළමයගෙ තාත්තා”
    බෑණා නිරුත්තර විය. කවුරු කවුරුත් යමක් මුමුණන්නට විය.
     
    • Like
    Reactions: superunique