ජාතිය ඇමතීම හා පසු කථනය

Kaalidasa

Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    ජාතිය ඇමතීම හා පසු කථනය

    ඊයේ ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශය හුදෙක් දේශපාලන වේදිකාවක කතාවක ස්වරූපයෙන් විය.

    එහි මූලික අභිමතාර්ථය කුමක් වුවත් අසන්නාට ගම්‍ය වූ දෙය නම් අමුඩය කඩා මුහුණ වසා ගැනීමට තැත්කල අසාර්ථක උත්සහයක් බවය.

    ඔහු ප්‍රකාශ කල ප්‍රධාන කරුණු කීපයක් විමසා බැලීම වටී.

    -ජාත්‍යන්තරය සහ බටහිර රටවල් වල හිතවත්කම දිනා ගැනීම.
    විශේෂයෙන් බටහිර රටවල් වල හිතවත් කම රදා පවතින්නේ ඔවුන්ගේ දේශපාලන සහ බලය පැතිරවීමේ යටි අරමුණ සාක්ශාත් කරගැනීමට උපකාරීවන මට්ටම අනුවය. ඔවුන්ට නැවෙන, ඔවුන්ගේ බලපෑමට යටත්වන හීලෑ පාලකයින් හා ඔවුන් බොහෝ මිත්‍රශීලීය. එය ඉතිහාසයේ මෙන්ම ඇස්පනාපිටම දකින්නට ඇති දෙයකි. ඔවුන්ගේ සියලු අධාර උපකාර සමග කොන්දේසි මල්ලක් හැම විටම ගටගසා එයි. එහි ඇත්තේ ඔවුන්ගේ දේශපාලන අභිමතාර්ථ හා න්‍යාය පත්‍රයන්ය.

    -වහල් උදාහරණය.
    රටේ නායකත්වයට යම් තරමක වහල්බවක් පෙන්වීම මානව ඉතිහාසය පුරාම පැවත එන්නකි. සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය තිබෙනවා යැයි කියන බටහිර රටවල පවා රාජාණ්ඩු පැවති සමය එලෙස විය. 30ස් වසරක් පැවති යුද්ධයකින් රට මුදාගැනීමට දේශපාලන නායකත්වය දුන් නායකයෙකුට යුද්ධයෙන් බැටකෑ මිනිසුන් වහල් වීම අරුමයක් නොවේ. 30ස් වසරක් පුරා මෙරට ජනතාව වහල් වී සිටියේ එල්ටීටීයට හා බටහිර බලපෑම් වලටය. දැන් යළිත් ඉන්දියාවට හා බටහිරට වහල්වී නැති යැයි සිතෙන්දෙ?

    -දූෂණය මැඩලීමට පියවර ගැනීම.
    දූෂණ හා අක්‍රමිකතා කල අයට දඩුවම් දීම යනුවෙන් අද කෙරෙන්නේ අග්‍රාමාත්‍ය වරයාගේ හිතවතියක අල්ලස් හා දූෂණ කොමිසමට පත්කර ඒ හරහා කෙරෙන දේශපාලන දඩයමකි.
    ලංකා ඉතිහාසයේ විශාලතම මූල්‍ය අක්‍රමිකතාවය සිදුකල මහබැංකු අධිපති වරයා අද යළි රාජකාරියට පැමිණ ඇත. විමර්ශණ කොමිසම කියන පරිදි මෙතරම් විශාල මූල්‍ය ගණදෙණුවකට ඔහු සෘජුව සම්බන්ධ නැතිනම් මහබැංකුවට අධිපති පතිවරයෙක් අවශ්‍ය නොවනු ඇත.
    ඒ වෙනුවට රජය දූෂකයන් ලෙස අල්ලාගනු ලබන්නේ වීරවංශයේ බිරිදය. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ වන විට ජනපතිවරයා අමුඩුය කඩා මුහුණ වසා ගෑනිමට තැත්කරන ලද බවක් පෙනේ.

    -සුලු ජාතීන්ගේ අයිතීන් හා ප්‍රජාතන්ත්‍රවාදය.
    අන්ත ජාතිවාදී මනෝ ගනේශන් හා අසාද් සාලී ජනමාධ්‍ය හමු පවත්වමින් සිංහල නායකයින් සහ දේශපාලකයින් අපහාසයට පත්කරමින් කරන විට මේ රටේ බහුතර ජනතාවට නැට්ට දෙපරැන්ද අස්සේ ගහගෙන නිහඩව සිටින්නට වීමෙන්ම තරු හතේ ප්‍රජාතන්ත්‍රවාදය හා පුලුල් අයිතිවාසිකම් ලැබීම මොනෙවට ප්‍රදර්ශණය වෙයි.

    -දුරකතන ටැප් කිරීම .
    තරු හතේ ප්‍රජාතන්ත්‍රවාදය සහ ප්‍රජාතන්ත්‍රවාදය අපට ඉගැන්වීමට එන ඇමරිකාව පවා දුරකතන ටැප් කිරීම පමණක් නොව අනෙකුත් විද්‍යූත් දත්ත පවා ලබා ගැනීම හොදය. ඔවුන් කියන්නේ එය ජාතික ආරක්ෂාවට බවය. එසේ නම් අපට කියා ජාතික ආරක්ෂාවක් නැද්ද? අවැසි සමහර දුරකතන ටැප් කිරීම ඕනෙම රටක ආරක්ෂාවට කළයුතු දෙයකි. ජාතික ආරක්ෂාව බල්ලට දැමූ කල ඒ සියල්ල නවතා දැමිය හැකිය.

    -හිතවතුන්ට තනතුරු දීම.
    එය දැන් නැද්ද? හොදම උදාහරණය අර්ජුන් මහේන්ද්‍රන්ය.ඒ වගේම අගමැතිම කී පරිදි අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂවරිය. ඒ එකකි දෙකකි. 90%ක්ම කල පත්වීම් නෑදෑ -හිතවතුන්ට නොවේ
    යැයි කිව හැකිද? රතන හිමිගේ රියදුරුට පවා ජනාධිපති අරමුදලේ ලැබුණ ඉහළ තනතුරක් නැද්ද?

    -රටේ දේශපාලන ස්ථාවරභාවය.
    දින සීය තුල බිංදුවට වැටුන රටේ දේශපාලන ස්ථාවරභාවය අමතක වීම පුදුමයට කරුණක් නොවේ.

    -නායකත්වය පණ මදි යැයි සමහරු කියනවාලු.
    රාජ්‍ය නායකත්වය යනු තමා සතු විධායක බලය වර්ජනය කරමින් අනුන් අතට ගැනීමට ඉඩහැර නිවටව සිටීම යැයි අපි අසා නැත. මහබැංකු මූල්‍ය අක්‍රමිකතාවයේදී අගමැතිට රිසි පරිදි තම හිතවතුන් ලවාම තම හිතවතාගේ විමර්ෂණ කටයුතු කරවා ගැනීමට ඉඩහැර නොදන්නා සේ සිටීමට නම් නායකයෙකු උවමනාද යැයි සිතේ.



    මෙලෙස තව බොහෝ දේ කිව හැකිය. විශේෂ ප්‍රකාශය කෙසේ වෙතත් මේ සිදුවෙමින් පවතින දිය යට ගින්දර ගෙන යෑම් මෙන්ම දේශපාලන අස්ථාවරබාවයද ඔහුට පාලන කළ නොහැකි බල කොල්ලයද ඔහුගේ වික්ෂිප්ත භාවයෙන් ප්‍රකට විය.

    "අමුඩය කඩා මුහුණ වසා ගත්තා" යැයි කීවේ මේ නිසාය.


     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    Capture.jpg