උඹ ඔය කියන්නේ Secular state එහෙම නැත්තම් නිරාගමික රජයක් ගැන. ඕක කිව්වොත් අපේ ශින්ගලු උඹව කොටු මස් කරයි
ඔවු ඒක එහෙම වෙන්න ඕනෙ. ඒත් කවදාවත් ඒක වෙන්නෙ නෑ. මොකද ඕනම කෙනෙක්ට Bias එකක් තියනව. නායකයා අනුව කුමන ආගමටද රාජ්‍ය අනුග්‍රහය එන්නෙ කියල තීරණය වෙන තැනට ඒවි. එහෙම ගිහින් නිකමට හිතමු තම්බියෙක් ජනාධිපති උනා කියල. බෞද්ධ අනුග්‍රහය තියන පාලනය යටතේ සමාකාමීව තිබ්බ රටට මොකද වෙන්නෙ. පාලනාධිකාරිය සියළු ආගම් වලට සමානව ක්‍රියා කරනව කියන එක කවදාවත් වෙන්නෙ නෑ. මොකද ආගමික දූතයන් පාලනාධිකාරියට රිංගල තමන්ගෙ පොපගන්ඩා එක ඔස්සෙ වැඩ පටන්ගන්නව. මනුශ්‍ය සිතේ ස්වභාවයත් එක්ක න්‍යායාත්මක පද්ධති වැඩක් වෙන්නෙ නෑ. ප්‍රායෝගිකත්වය වෙනම දෙයක්.
මේ ලෝකෙ හැමදේම ක්‍රියා කරන්නෙ සමතුලිතයක් එක්ක. සමාජය උනත් එහෙමයි. එකපාරටම මේවගේ ලොකු වෙනසක් වුනොත් සමාජ සමතුලිතයම බිදෙනව. තිබ්බට වඩා අන්ත වෙන්න තියන ඉඩ වැඩියි. ඒ නිසා පවතින ක්රමයේ අඩුපාඩුකම් හදාගන්නව මිස ප්‍රතිපලය නොදන්න පූර්ණ වෙනස්කම් වඩා විනාශකාරියි.
Edit: පරිපූර්ණ පද්ධති නෑ. අඩුපාඩුකම් කියන්නෙත් පද්ධතියේම කොටසක්
ඔව් මේ කියන දේට සෑහෙන ප්‍රතිරෝධයක් තිබිය හැකියි. නමුත් මෙසේ නොකිරීමෙන් එන්න එන්න ප්‍රශ්න වැඩි වීමයි සිද්ද වෙන්නේ. ජාති හා ආගම් වාදය දේශපාලනයේ ප්‍රධාන අවි කරගන්නවා අවස්තාවාදී දේශපාලකයෝ.
එහෙම උනහම එක පැත්තකින් දේශපාලනයේ ගැටලු ඇති වෙනවා. හරියට ආන්ඩුවක් පිහිටවන්න ඉතා අසීරු වෙනවා සුලුජාතී චන්ද පදනමක් නැතුව, කේවල් කිරීම් ඇති වෙනවා, රටේ හොද අමාත්‍යාංශ දක්ශයාට නොව කේවල් කරන්නාට යනවා, රස්සා හා අවස්ථාවන් ඒ ඒ ඇමති හැටියට ඒ ඒ ජනකොට්ටාශයට යනවා, තමන්ගේ ජනකොට්ටාශය අතින් වරදක් උනහම ඒක වහගන්න රජයකට බලපෑම් කිරීම් වෙනවා, සංවර්ධන යෝජනා රටේ සමානත්වයෙන් බෙදෙන්නේ නැති වෙනවා බෙදුනත් සමහර ජනපිරිස් එසේ නොවේ යැයි සිතන මානසිකත්වයක් දේශපාලකයාට ගොඩ නැගීමේ හැකියාව ලැබෙනවා, බෙදුම්වාදී මත ජනගත කරන්න දේශපාලකයන්ට අවස්තාව ලැබෙනවා මේ වගේ අවුල් නිසා පාලන තන්ත්රයට වෙන්නේ මේ වගේ වැඩකට නැති ගැටලු විසදමින් තමන්ගේ පාලන කාලය ගෙවා දමන්න අනික ජාතික වශයෙන් වැදගත් තීරන ගන්න එකත් ප්‍රදේශය ජාති ආගම් නිසා බලපෑම් වලට ලක් වීමෙන් රටේ දියුනුවට බලපෑම් වෙනවා. මීට අමතරව වෙන රටවල් වලට තමන්ගේ රටේ ඉන්න ජාතිය අනුව අපේ රටට බලපෑම් කිරීමේ අවස්ථාව හිමි වෙනවා. මීට අමතරව ප්‍රදාන පක්ශ හා පොදු සංවිධාන වෙනුවට ජාති ආගම් වශයෙන් බෙදුනු ඒවා හැදෙනවා.
අනික් අතට රටේ මහජනයාත් අනවශ්‍ය ගැටුම් වලට යනවා, ව්‍යාපාර සදහා බාදා ඇතිවෙනවා, සමාජය තුල බෙදීම් ඇති වෙනවා, තාර්කික හැකියාවක් නැති එක් එක් ජාති ආගම් වලට බැදුනු ජනතාවක් බිහිවෙනවා.
තවත් පැත්තකින් ආගම් වල මූලික හරය වන මිනිසාගේ ආධ්‍යාත්මික සුගතිය අත්කර දීම වෙනුවට දේශපාලනයේ දේවල් වලට පෙලබවීම කරනවා. ආගම් අතර අසහනකාරී හා තරගකාරී වාතාවරණයක් ඇති වෙනවා. ලවුකික සංවර්ධනය ආගමික ඇසෙන් බැලීමෙන් සමහර සංවර්ධන කටයුතු අඩාල වෙනවා. මුදල් හා තාන්න මාන්න අරබයා ආගම හා ජාතිය මෙහෙයවීම සිද්ධ වෙනවා.
ඉහත දැක්කුවේ මට මතක් උන ටික තව ඒවා ඇති ඔබලාටත් පුලුවන් ඌනපූර්න එකතු කරන්න. පහුගිය කාලේ ටිකක් රට තොට වෙන දේවල් ගැන අවදියෙන් හිටියා නම් මම ඔය ඉහත කිව්ව ඒවා සම්බන්ධ සත්‍ය සිද්ධි මතක් වේවි.
තව දෙයක් මේකට එකතු කරන්න ඕන මේක මගේ අදහසක්. පූර්න ලිබරල් ක්‍රමයක් වෙනුවට ඒ ඒ ආගමික නියෝජනයක් තිබෙන මන්ඩලයක් මගින් රජයට කරුනු දැක්වීමක් වෙන ක්‍රමයක් තිබුනා නම් හොදයි කියලා හිතෙනවා. මේ මන්ඩලය සෑම අවුරුද්දකම ඒ ඒ ආගම් වල සියලු පූජකයන් මගින් චන්දයකින් පත් කරගන්නවා නම් හොදයි. එසේ කිරීමෙන් ඒ ඒ ආගම් වල දුශ්කර තත්වයන් යටතේ ඉන්න ස්වාමීන් වහන්සේලාටත් අවස්ථාවන් ඒමෙන් ඒ අයට යම් දියුනුවකට මග පෑදේවී. වෙන වෙනම ආගම් වශයෙන් මේ මන්ඩල හදලා ඒ ඒ ආගම්වල දියුනුවට උපදෙස් දීගන්නත් මේ මගින් පුලුවන්. නිකායන් වශයෙන් මන්ඩල හදාගත්තත් කමක් නැහැ නමුත් මහා මන්ඩලයක් තිබිය යුතුයි. ඒ මන්ඩලයෙන් නියෝජනයක් ආවාම ඇති රජයට අනුශාසනා කිරීමට නමුත් අත්‍යාවශ්‍යයෙන්ම ඒ නියෝජිතයා උගත් නියෝජනයක් විය යුතුයි.
මේ මන්ඩලය මගේ අදහසක් මෙයින් උපදෙස් ලබා ගනුයේ ආගමික කටයුතු සම්බන්දයෙන් පමනයි. අඩුප්පාඩු ඇතොත් පෙන්නා දෙන්න.

