ඒක හරි. මෙතන අවුල තියෙන්නෙ මොකෙක්වත් හරියට දන්නෙ නෑනෙ ඌ ඇත්තටම රිකවර් වෙන ගමන්ද ඉන්නෙ නැත්තන් මේ කියන විදියට මොලේ මැරිලද කියල.
එක්කො පවුලෙ අය ඩොක්ටස්ලව ඇපේට තියාන ඇති දෙවනි ඔපරේශන් එකෙන් තමා මෙහෙම උනේ කියල. එයාල ඩිසිශන් එක ගන්නෙ නැතුව වෙන්නත් ඇති. නැත්තන් ඇත්තටම රිකවර් වෙනව වෙන්නත් පුලුවන්.
ඒක හරි අපේ නැන්දව ගෙදර එව්ව තව සති දෙකකින් විතර නැති වෙනව අපිට දැන් මොකවත් කරන්න බෑ කියල. පස්සෙ අපි වෙනම සල්ලි වියදම් කරල බෙහෙත් කරා. මේ ලග ගෙවල් ගාව මොලේ බාගෙට මැරිල හිටපු අය්ය කෙනෙක්වත් එහෙම එව්ව.
ඒත් ඕක ඩොක්ටස්ල කරන්නෙ එහෙම නොකරම බැරි නන් නෙ. මේකෙ මේ කියන විදියට මොලේ මැරිලමද නැද්ද කියලවත් කවුරුවත් හරියටම දන්නෙ නෑනෙ.
------ Post added on Apr 12, 2023 at 8:52 AM
මේක මචං ඩොකෙක් දාල තිබ්බ comment එකක්.
මම හිතනවා මේ doctor මෙතන මේ ගණන් දාල තියෙන්නේ
ජැකාගේ මොලේ මැරිලා කියල හරියටම දන්න නිසා කියල.
"ජැකා ගැන එක පෝස්ට් එකක් ලිව්වෙ වත් ශෙයාර් කරේ වත් නෑ. මෙතන උඹ කියපු එක වෛද්‍ය විද්‍යාත්මකව වැරදි නිසා ජැකා කියන සාධකය අමතක කරමින් යමක් කියන්න කැමතියි. මේක දේශපාලනිකව වත් පෞද්ගලික වත් නෙවෙයි . දැනුමට විතරයි .
මොළය මිය ගිය දේහයක් වෙන්ටිලේටර් එකක කොච්චර කල් තියන් හිටියත් වැඩක් වෙන්නෙ නෑ. ඒ වගේ කෙනෙක් ගෙ නඩත්තුව වෙනුවෙන් යන වියදම අධිකයි. උදාහරණයක් විදියට ප්‍රෙෂර් මට්ටම තියා ගන්න නොරැඩ්‍රිනලින් කියන බෙහෙත දැම්මොත් දිනකට ඒකෙ විතරක් වියදම ලක්ෂ 3ක් විතර යනව. සාමාන්‍යයෙන් මේ වගේ ඖෂධ වර්ග දෙකක් හෝ තුනක් දාන්න වෙනව. ප්‍රතිජීවක ඖෂධ දාන්න වෙනව. කාර්‍යමණ්ඩලය නැතත් ඖෂධ හා උපකරණ වෙනුවෙන් ආසන්න වශයෙන් දිනකට ලක්ෂ 15-20 ක් යනව ඇති. ඒ නිසා මොළය මිය ගිය කෙනෙක් ගෙ හෘදය වස්තුව තියා ගන්න මේ වියදම කොපමණ කලක් කරත් වැඩක් නෑ. ඒ නිසා ඔය අදාල සිද්ධිය අනුව නම් මැෂින් කොච්චර තිබ්බත් වැඩක් නෑ. මැෂින් ප්‍රමාණවත් තරමට තිබ්බ නම් ඔය මැෂිමට තියන තරඟය විතරයි නැති වෙන්නෙ.
හැම ජීවිතයක් ම පවුලේ අයට හා ආසන්නතම හිතවතුන්ට මිළ කල නොහැකි තරම් වටිනව. ස්තුතියි"