ජැක්සන්ගේ ට්‍රොලි ප්‍රශ්නය ...

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,505
    100,670
    113
    ජැක්සන්ගේ ට්‍රොලි ප්‍රශ්නය ...

    ආචාරධර්ම හෙවත් ethics සම්බන්ධ ප්‍රශ්නයකි මෙය;

    ඉදිරියේ ඇත්තේ දුම්රිය(ට්‍රොලිය මග හලෙමි) මග බෙදුමකි, ඔබ ලීවරය ඇද දුම්රිය යා යුතු මග තීරණය කරන්නා ය. කතන්දරයේ දුශ්ඨයා එක මගක එක මිනිසෙකු ද තවත් මගක තවත් මිනිසුන් පස් දෙනෙකු ද ගැට ගසා ඇත. දුම්රිය වේගයෙන් ඇදී එන්නේ මග හරහට ගැට ගසා ඇති මිනිසුන් පස් දෙනා වෙතය. ඔබට ඕනෑ නම් ලීවරය ඇද දුම්රිය තනි මිනිසා වෙත හරවා යැවිය හැක. මිනිස් ජීවිත 5ක් ද 1ක් ද යන්න ඔබේ තෝරාගැනීම ය. හොඳ මිනිසෙකු ලෙස ඔබට 5ක් බේරාගනු වස් 1 මිනිසෙකු මෙවන් ඉරණමකට ලක්කළ හැකි ද? ඔහුගේ වේදනාව ඔබට දැනේ ද?

    ඔබ වෛද්‍යවරයෙකු නම්, පාතාල සාමාජිකයින් 5කගේ අවයව බද්ධ කොට (ඉන් ඔවුන් මර$ණයට පත් වේ) එක තාරකා විද්‍යාඥයෙකු බේරා ගන්නවා ද? එසේ නම්, ඒ මියයන කසලමුල්ලේ සුධීර නම් පාතාල සාමාජිකයා මෙසේ ඇසුවහොත් ඔබ සතුව ඇති පිළිතුර කුමක් ද?

    'මා දිවි තොර කිරීමට නුඹට ඇති අයිතිය කුමක් ද?'

    මෙම ප්‍රසිද්ධ Trolley Problem එකට 'අර පාර නෙවෙයි මේ පාර' යනුවෙන් පිළිතුරු දිය හැකි අයෙකු වේනම් ඒ ඔහු/ඇය ප්‍රශ්නය වටහාගත්තෝ නොවෙති, ප්‍රශ්නයේ හිර වූ අසරණයෝ වෙති. මේ ප්‍රශ්නයට විසඳුමක් නැත!

    විසඳුමක් නැති ප්‍රශ්නයකට ඔබ හිර කොට ඔබේ ආධ්‍යාත්මය ප්‍රශ්න කරන්නේ කවුද? ඔබේ වරදකාරී හැඟීම අවුස්සන්නේ කවුද? ප්‍රශ්නය අසන්නා ය!

    වඩා දිගු විස්තර කිරීම් අවැසි නැත. බුකියේ වෙන්ටිලේටරයේ ස්විචය ඕෆ් කරන්නට කියන ඔබ, එය එසේ කළ නොහැකි වෛද්‍යවරයා අභිබවා ගොස් ඒ තීරණය අතට ගන්නේ ද? හැකි නම් ප්‍රශ්නය අසන්න, නොමැති නම් නොඅසා ඉන්න. මන්ද, ඔබ 'ගලවා අනෙකාට දෙන්න' පෝස්ටුවලින් ගන්නේ 'ඉමෝෂනල් බ්ලැක් මේල්' එකක් මිස වෙන යමක් නොවේ. මේ කියන 'යමේ' යමක් නොතේරේ නම් Dark Knight හි ferry scene එක බලනු, එහි 'තීරණයක් නොගැනීම නිවැරදි ම තීරණය වේ,' එනම්, එම ඉමෝෂනල් බ්ලැක් මේල් එකෙන් ගැලවීමට ඇති හොඳම පිළිතුර ප්‍රශ්නයට මැනිපියුලේට් නොවී 'තීරණයක් නොගෙන සිටීම ය,' ...

    එසේ නම්, අපි බොරු වැඩ නොකර සිටිමු. තාර්කික ප්‍රතිපත්ති සම්පාදනය වන්නට ඉඩ දී, අ$ළුගෝ@සුවකු වීමේ, හොඳ නරක තීරණය කිරීමේ උමතු විලන් කෙනෙකු වීමේ විකාරයෙන් ගැළවෙමු.

    දුෂ්ඨයා Joker මිස ferry එකේ සිරවූ තැඹිළි පැහැ අපරාධකරුවන් නොවේ ...

    ගුඩ් ලක්!

    Copied from Tharaka eranda Cabral
    https://www.facebook.com/tharaka.caldera
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,679
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    මොන ලබ්බක් වත් තේරුණේ නෑ බන්.
    බයිල වැඩක් නෑ ඔය හෑලි බයියගෙන් අහපන්කො “ඔය වගේ මැෂින් එකට හයිකරලා ඉන්න(ජීවත්වෙන කියන්න බෑ) අය හැමෝගෙම පවුලෙ අයගෙ කැමැත්තට විතරද මැෂින් ගලවන්නෙ කියලා. ඒකට උත්තරේ “ඔව්” නං ඔච්චර හෑලි ලියන්න දෙයක් නෑ. “නෑ” නං ඔතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඉස්සෙල්ල ඒක තේරුම් ගනිල්ලා.

    කෙටියෙන් කියනවා නං “ආචාරධර්ම ප්‍රශ්නයක්” විතරක්ම නෙවෙයි. රටේ හැම පුරවැසියාටම එක නීතියක් නැති තුප්පහි රටක සිස්ටම් එකේ ප්‍රශ්නයක්.
     
    ඔය බයියෙක් නෙවෙයි. Jvp එකේ ලොකූ කකුලක්
    https://www.facebook.com/tharaka.caldera
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,679
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    ඔය බයියෙක් නෙවෙයි. Jvp එකේ ලොකූ කකුලක්
    https://www.facebook.com/tharaka.caldera

    සිරාවට කිව්වෙ බන් මට තේරුණේ නෑ ඔය හෑල්ල. පක්ෂෙ මොක උනත් බයි කතා කියනව නං බයියෙක්.

    ඔන්න ඔය මං අහපු ප්‍රශ්නෙ පුලුවන් නං අහල උත්තරේ කියපන්කො.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,670
    113
    සිරාවට කිව්වෙ බන් මට තේරුණේ නෑ ඔය හෑල්ල. පක්ෂෙ මොක උනත් බයි කතා කියනව නං බයියෙක්.

    ඔන්න ඔය මං අහපු ප්‍රශ්නෙ පුලුවන් නං අහල උත්තරේ කියපන්කො.
    මට උගෙන් ප්‍රශ්න අහන්න විදියක් නෑ. මගේ උත්තරේ නං නෑ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,670
    113
    දැන් ඔය වාට්ටුවේ දොස්තරලා ගේ medical opinion එක මොකක්ද?
    නොදනී. මේක ආයේ පටන් ගත්තේ චාන්‍යය සමහරවිට එකි නං දන්නවා ඇති
     
    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,973
    1,024
    113
    Sri Lanka
    අන්න ඒක අහන්න කිව්වට එකෙක් නෑ ඒක කතා කරපල්ල කියන්න.
    ඒකනේ හැමතැනම හෑලි විතරයි! හොස්පිටල් එකේ ඇටෙන්ඩන් කෙනෙක් කිව්වා කියලා හෑල්ලක් යනවා හැබැයි දොස්තරලා මීක් නෑ!
    නොදනී. මේක ආයේ පටන් ගත්තේ චාන්‍යය සමහරවිට එකි නං දන්නවා ඇති
    හෑලි ක්වීන් දන්නේ එයාගෙ ඔපීනියන් විතරයි!
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,000
    153,021
    113
    හෑලි පීපල්ස්.:sick:🤮 අපෝ.......... මහලොකු කලාකාරයා. මේ වගේ දේශපාලන බත්ගොට්ටන්ට වඩා වැදගත්, වටින මිනිස්සු ඕනතරම් ඉන්නවා ඔය වගේ තත්ත්වෙක හිටියත් ජීවත් වෙන්න ඔය වගේ අමුතු වරප්‍රසාද නොලැබෙන. ප්‍රජාත්‍රාන්තික සමාජවාදී ජනරජය කියලා මේ රටට කිව්වට, මිනිස්සුන්ගෙ තරාතිරම,දේශපාලන හිතවත්කම් අනුව අමුතුම විදිහෙ සැලකිලි ලැබෙන ක්‍රමයක් තියෙන්නෙ. හැමෝටම සමාන අයිතිවාසිකම් තියෙන්න ඕන. නැතුව රාජපස්සලගෙ ගුණ වයලා, නාකි මයිනව බුදු හාමුදුරුවන්ගෙ නෑයෙක්ටත් සමකරලා තව කඩෙත් ගියපු එකෙක්ට එක විදිහකටයි, දුප්පත්, අහිංසක මනුස්සයෙක්ට තව විදිහකටත් සලකන රටක් නම් මොකද්ද මහත්තයො ඒකෙ ඇති හොදේ? සමානාත්වතාවෙ බල්ලට ගිහින්. ඔක්කොටම වඩා මේවා සාධාරණීකරණය කරන්න සෝෂල් මීඩියාවල පෝස්ට් දාන උන්ට මඩු වලිගෙන් තලන්න ඕන. 🤬
     
    මේක මේ හෑලි බලන් ඉන්න බැරුව හෑලි එපා කියන්න ලියපු හෑල්ලක්. :rofl:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,679
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    නොදනී. මේක ආයේ පටන් ගත්තේ චාන්‍යය සමහරවිට එකි නං දන්නවා ඇති

    අන්න ඒකනේ. මේ කොහෙවත් ඉන්න නූගත් බයියන්ගෙ ඔපීනියන් නෙවෙයි ඔපීනියන් දෙන්න පුලුවන් එකෙක්ගෙන් අහපන්. මට කිව්වෙ එහෙම එකෙක්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,670
    113
    අන්න ඒකනේ. මේ කොහෙවත් ඉන්න නූගත් බයියන්ගෙ ඔපීනියන් නෙවෙයි ඔපීනියන් දෙන්න පුලුවන් එකෙක්ගෙන් අහපන්. මට කිව්වෙ එහෙම එකෙක්.
    එහෙම කන්ටැක් එකක් මට නෑ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,679
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    ඒකනේ හැමතැනම හෑලි විතරයි! හොස්පිටල් එකේ ඇටෙන්ඩන් කෙනෙක් කිව්වා කියලා හෑල්ලක් යනවා හැබැයි දොස්තරලා මීක් නෑ!

    හෑලි ක්වීන් දන්නේ එයාගෙ ඔපීනියන් විතරයි!

    දොස්තරලට එහෙම මීක් කියන්න බෑ බන්. ලොකුම හේතුව ලෙඩ්ඩුන්ගෙ විස්තර රහසිගතයි. ඒව එහෙම ප්‍රසිද්ධ කරන්න බෑ නිකන්ම. ඒකට මුවා වෙලා තමයි ඔය බලුකම කරන්නෙ මම හාතන විදියට.

    හැබැයි ඔතන තියෙන අසාධාරණේ ගැන කතිකාවක් හැදෙන්න ඕන රටේ. අන්න එතකොට ඕකට උත්තරයක් දෙන්න වෙන තැනට එනවා.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,000
    153,021
    113
    මේක මේ හෑලි බලන් ඉන්න බැරුව හෑලි එපා කියන්න ලියපු හෑල්ලක්. :rofl:
    whatever.gif
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,670
    113
    දොස්තරලට එහෙම මීක් කියන්න බෑ බන්. ලොකුම හේතුව ලෙඩ්ඩුන්ගෙ විස්තර රහසිගතයි. ඒව එහෙම ප්‍රසිද්ධ කරන්න බෑ නිකන්ම. ඒකට මුවා වෙලා තමයි ඔය බලුකම කරන්නෙ මම හාතන විදියට.

    හැබැයි ඔතන තියෙන අසාධාරණේ ගැන කතිකාවක් හැදෙන්න ඕන රටේ. අන්න එතකොට ඕකට උත්තරයක් දෙන්න වෙන තැනට එනවා.
    මොකද්ද බන් ජැක්සන්ව සම්බන්ධ කරල තියෙන මැසින් එක.
     
    • Haha
    Reactions: 2osama

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    සමාජවාදියො: ජැකා මරපන්, අනිත් උන්ට ඇඳ දියන්
    ලිබරල්: ජැකාට ජීවත් වීමට අයිතියක් ඇත
    බයියො: මීක්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,670
    113
    සමාජවාදියො: ජැකා මරපන්, අනිත් උන්ට ඇඳ දියන්
    ලිබරල්: ජැකාට ජීවත් වීමට අයිතියක් ඇත
    බයියො: මීක්
    මේක ලියපු එකා සමාජවාදියෙක්
     
    • Like
    Reactions: somalal