ජිම් වල ඉන්න කොල්ලොන්ගේ හෙන ලොකු ලයින් මොකද? මන් ඊයේ පලවෙනි පාරට ජිම් එකකට ගියා ඒකෙ ලොක්ක මට ලිස්ට් එකක් දුන්න කරන්න. ඒක කරන්න යනකොට පරණ උන් කියනවා උන් ඉවර වෙලා යනකන් පැත්තක වෙලා ඉන්නලු.![]()
මචං මට ප(ර්)සනලි, ජිම් 4ක අත් දැකීම් තියෙනවා. හැබැයි මම දන්න විදිහට කවදාවත් ජිම් වල උන් ඔහොම කරන්නෙ නෑ. යන්න කලින් හෙන තද මරුමූස් ඩයල් කියල හිතාගෙන හිටපු පච්ච ගහන් කරාබු දාන්, කැපුම් පාරවල් තියෙන ඕන එකෙක් එක්ක කතා කලාම තේරෙනවා උන්ගෙ හිත් එලියෙ ඉන්න උන්ට වඩා හුගක් අවංකයි, හොදයි කියලා. ඇත්තටම උඹ කියන්නෙ ඇත්ත නම් වැඩේ අවුල්. හැබැයි මට මේක නම් විස්වාස කරන්න අමාරුයි.
ඔහොම කියන්නනම් බැහැ මචන්.
ඔහොම වෙලානම් නැහැ.
ටිකක් හොද ජිම් එකක් හොයලා යන්න. දැන් හැමතැනම ජිම් නේ.

