ජිවිතයේ කාපු ලොකුම කටු

shenat

Well-known member
  • May 13, 2007
    58,482
    86,753
    113
    ආශ්චර්යමත් රටක
    හම්මෝ මචන් Construction Company ගැන නම් කියන්න කථා ගොඩක් තියෙනවා. පළවෙනි Intern එක ගියේ Construction Company එකක Site Engineer Intern විදිහට. ජීවිතේ එපාම කරපු කාලයක් ඕක. කවදාවත් වැඩ ඉවරවෙන වෙලාවක් දන්නේ නෑ. ගොඩක් වෙලාවට ගෙදර ගියේ රෑ 9 පහු වෙලා. උදේ 8ට එන්න ඕන. උදේ ඉදන් දවසම වගේ හිටගෙන තමයි හිටියේ. මම දවසෙම අවුවේ හිටියේ. ඔළුව පට්ටටම රිදෙනවා ඉර එළියට Expose වෙලා. Building එකේ උඩට යන්න යන්න ඉර එළියේ Intensity එක වැඩියි. නිදහසක් තිබ්බනම් තිබ්බේ දවල් 12 ඉදන් 1 තමයි. ඒ වෙලාවේ අපිට දවල්ට කන්න පැයක් දීලා තියෙනවා. මායි Intern කරපු එකාගෙයි ලොකුම Target එක පුලුවන් තරම් ඉක්මණට කාලා, Site එකේ තිබ්බ අඹ ගහක් යටට යන එක. සමහර දවසට හෙවණකට කියලා ඉන්නේ ඔතන ඉන්න පැය විතරයි.

    Concrete දාන දවස්වලට තමයි කට්ටේ උපරිම තියෙන්නේ. Concrete එක දාන්න ළං වුණ දවස් ටික තමයි සයිට් එකේ Efficiency එක වැඩිම දවස් ටික. සෙට් එකක් ලෑලි ගහනවා, තම සෙට් එකක් කම්බි බදිනවා, තව ටිකක් Wiring බට අදිනවා etc... මට Intern සෙට් වුණේ අරගලේ දවස්වල. ඔය කාලේ Concrete එකක් දාන්න සෙට් වුණා. ආරංචියක් ආවා සිමෙන්ති මිල වැඩි වෙනවා කියලා මොකද රට අස්ථාවර වෙලානෙහ් තිබ්බේ. Concrete දාන්න දිනේ දාගෙන තිබ්බේ දවස් 2ක පස්සේ. ලොක්කා එක පාරටම කිව්වා හෙට Concrete එක දාමු අද වැඩ ටික ඉවර කරන්න කියලා. අන්තිමට නැහිලා නැහිලා Concrete දාන කොට මම 3 වෙනි තට්ටුවට විතර ගහපු පළංචියක නැගලා හිටියේ මහන්සියට. Site එකක හරියට ඉදගන්න තැනක්වත් නෑ. පළංචියට නැග්ගේ ඒකයි. මම මේ කථා කරන්නේ රෑ 1ට 2ට විතර වෙච්ච සීන් එකක්. ලොක්කෝ ටික බොනවා හොදටම. අපි Intern නිසා Site එකේ වැඩ බලනවා. මට පළංචියේම නින්ද ගියා මහන්සියටම. තුන්වෙනි තට්ටුවේ පලංචියක් උඩ හරහට ගහපු කණුවකට ඔලුව තියාගෙන නින්ද ගියා. මම එතනින් වැටුනනම් ජීවිතේට ලොකු අනතුරක් වෙන්න තිබ්බා. එදා සිරාවටම වාසනාවකට ජීවිතේ බේරුණේ.

    Intern කාලේ Mentally Full Down වෙලා හිටියේ. මම සාමාන්‍යයෙන් පට්ට Calm and Quiet මනුස්සයෙක්. ඒත් Site එකේ තිබ්බ Pressure එකට මම මාර Aggressive වෙලා හිටියේ. ඔය කාලෙම Bus එකේ මිනිහෙක් එක්ක ගහගන්න ගියා පොඩි Case එකකට, බස් එක ඇතුලෙම. තව කොන්දගෙන් ඉතුරු ඉල්ලලා ඌත් එක්ක බස් එකේදි ගෝරියක් දාගත්තා. මාව දන්න කෙනෙක් කවදාවත් මගෙන් ඒ Level එකේ Aggressive ගතියක් බලාපොරොත්තු වෙන්නේ නෑ කියල මට 100% විශ්වාසයි.

    ඔය කාලේ වැඩිපුරම කාලේ ගත කරේ Labours ලා එක්ක. උන් ටික නිසා තමයි කාපු කට්ට ටිකක් හරි අඩුවුණේ. ඇත්තටම වුනේ Labours ලා ටිකට අපි ගැන දුක හිතුණා කන කට්ට දැක්කම. ගොඩක් වෙලාවට Concrete දාන දවස් වල උන් Shape එකේ උන්ගේ Billet වලට එක්කන් ගිහින් අපිට ලොක්කොන්ට පේන්නේ නැතිවෙන්න කට කපලා Shot එකක් දාලා දෙනවා "ආහ් මහත්තයා..! ගහන්න" කියලා. Cigarette එහෙම උන් ෂේප් එකේ Supply කරනවා. Concrete එකක් දාපු දවසක ලොක්කෙක්, මම Site එකේ නෑ කියලා මාව හොයාගෙන Labours ලාගේ Billet එකින් එකට ආවා. ඒ වෙලාවේ මම Shot එකක් දාගෙන හිටියේ. Labours ලා ටික මාව රෙදි වලින් Cover කරලා තියාගත්තා. ලොක්කා මාව දැක්කේ නෑ. මාට්ටු වුණානම් මට Case එකක් යන්නේ නැති වුණත් අරුන්ගේ Job වලට Case එකක් යන්න තිබ්බා. තව දේවල් කිව්වොත්, Labours ලා Chicken එහෙම හදපු දවස් වලට අපිට කථා කරලා පොල් රොටි එහෙම හදලා දෙනවා Chicken හොදි එක්ක. ඒවායේ වැඩ කරේ නුවරඑළියේ පැත්තේ දෙමළ මිනිස්සු. උන් නිවාඩුවට ගෙවල් වල එහෙම ගියාම එළවලු මලු පිටින් ගෙනත් දෙනවා "ආහ් මහත්තයා ගෙදර ගෙනියන්න" කියලා.

    සයිට් ගැන කියනවනම් මේ දේත් කියන්නම ඕන. අපි හිටපු Site වල හිටියා අපේ වයස්වල කොල්ලෝ. උන්ට මල පොතේ අකුරක් බෑ. ඒත් උන්ගේ Decision Making Skill එක Next Level. Practical ප්‍රශ්න ආවම උන් වෙනස්ම විදිහකට හිතලා අපිට හීනෙකින්වත් හිතාගන්න බැරි උත්තර දෙනවා. එහෙම එවුන් ගැන එහෙම පට්ට දුකයි. උන් ඔය Site එකේ වැඩ ඉවරවුණ දවසක ආයෙම වෙන Site එකකට ගිහින් ඒ දේම කරනවා. උඹලට මිනිස්සු ජීවිත්වෙන්න කොච්චර දුක් විදිනවද කියලා බලන්න ඕනනම් පොඩ්ඩක් Construction Site එකකට ගිහින් වරෙල්ලා.

    ප.ලි. මම මේ කිව්ව ගොඩක් දේවල් Physically මට තිබ්බ කට්ට ගැන. සයිට් එකක Mentally එන කට්ට වෙනම එකක්. ඔය ඔක්කොම කියන්න ගියොත් මේක දික්ගැස්සෙන නිසා මෙතනින් නවත්තන්නම්.

    ලංකාවෙ කන්ස්ට්‍රක්ෂන් වල ජොබ් කරන, සිවිල් ඉන්ජිනියරින් වල ඉදන් පහළට ඒ පැත්තෙන් ජෙිබ් කරන 99% කගෙ තත්වෙ තමයි ඔය. තනිකර අපායක්. (සිවිල් ඉන්ජිනියරින් ගැන කිව්වට පස්සෙ අනිත් උන් ගැන අහන්න දෙයක් නෑ)

    මම නං ගිහින් මාසයක් යද්දි තේරුම් ගත්තා තත්වෙ. එතකන් ලංකාවෙ තත්වෙ ඔහොමයි කියන එක තේරුම් ගිහින් තිබුණෙ නෑ. මොකද කවුරුවත් ඒක කියන්නෙ නෑ. අදටත් ඒක කියනව ඇති කියල මං හිතන්නෙ නෑ.

    උබලගෙ ජුන්නොන්ට ඕව දැනගන්න සලස්වපන් පුලුවන් නං ෆීල්ඩ් සිලෙක්ෂන් කරන්න කලින්. අපිට ඕව කියන්න කවුරුවත් හිටියෙ නෑ.

    එකෙක් දෙන්නෙක් හරි මරාලෙන් ගැලවෙයි. අඩුමගානෙ දැනගෙන සිවිල් කරන්න යයි. උන්ට මං කියන්නෙ කෙළින්ම ඩිග්‍රිය ඉවර උන ගමන් රට පනින්න ටාගට් කරන් ඩිග්‍රිය කරපල්ලා. උබලගෙන් ලංකාවට වැඩක් නෑ. වහල් පොන්නයො වෙන්න ඕන නං ලංකාවෙ ඉන්න හිතන් ඉඳපල්ලා.
     
    Last edited:

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මචන්ලා යම් තැනකට එන්න උබලා ජිවිතයේ කාපු ලොකුම කටු මොනවද?

    මම නම් කන්ට්‍රක්ෂන් කම්පැනි එකක අවුරුදු 04ක් වැඩ කරා පුදුම දුකක් වින්දේ එකෙන් අවුරුදු 03ක්ම. පොඩි වයසකින් මාර මහන්සියක් , ඔලුවට ලොකු ප්‍රෙෂර් එකක් ඒක මගේ වයසට දරා ගන්නත් බෑ. එක දවසක් ඔෆිස් එකේ ප්‍රශ්නයක් ඔලුවේ තියන් ඇවිල්ලා බයික් එකේ ගෙදර එනකොට මම පාරෙන් අනික් පැත්තෙන් ගිහින් මග හරියේදී. තව පොඩ්ඩෙන් හැප්පෙනවා මුනට මුණ වාහනයක්. මාසෙට එක නිවාඩුවයි. එකත් ගෙදර ඉදන් ඔෆිස් වැඩ (සමහර දවස් වලට). උදේම යනවා ගිහින් එනකම් ගෙදර එන වෙලාවක් කියන්න බෑ. පාන්දර එක , දෙක එහෙම නැත්නම් ඊලග දවසේ හවස ගෙදර යන අවස්ථාත් තිබ්බා සෑහෙන්න.. :no: මතක් වෙනකොටත් දුකයි ජිවිතේ හොදම කාලේ. සතුටකුත් තියෙනවා ගැඹුරු චණ්ඩ මුහුද හැදුවා හොදම කපිතාන්ව. :lol:

    උබලගේත් අත්දැකීම් කොටන් යමු. දෙයක් ගන්න හිතන උන් මේවා බලලා මොනවා හරි එකතු කර ගනී ජිවිතයට.
    මචං. කාපු කටු ගැන දුක් වෙන්නේ නැතුව සතුටු වෙයන්. මොකද කවදාහරි තමන්ගේ ජීවිතේ ඉහලට යන්න වීරිය දෙන්නේ කාපු කටු තමයි.
     
    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    Audit firm kiyala ekakata giya gedarin athwela bodimakata. Awuruddak withara idala epama wela damala gahala awa. 5000i Dunne oken monawa karannada masayak. Noka nobi idiye e kale. Okkoma hodai Ali pumken awa kiyala hithagena inna partners la dennek idiye. Marama loku Kamen idiye. niwaduwak gannath wadinna oni. Maha dawal ehe mehe yawanawa eka eka wada walata. Dadiya peragena colaba wate awidala Enna oni unge wena wena wada karanna. Nokiyama gedara nawathuna ita passe. Apala kalayak gewuna
     
    • Sad
    Reactions: Morbius

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,331
    2,201
    113
    California
    Uba udaw illana eka wenai machan..e unata eyata yuthukamak tynwa uba gana blanna..uba tama marry karalath nane..
    ඒකනේ, comment එකේ විදියට අයියා සෑහෙන කට්ටක් කාලා නංගිගේ පොඩි කාලේ ඉදන් ඩිග්‍රිය ඉවර වෙනකම්ම
    දැන් life එක settle වෙලා abroad ඉන්න නිසා ඒවා return කරන්න කාලේ හරි නේද

    අනේ මන්දා ඉතින්, පවුල් කඩනවා නෙමෙයි... මට හිතෙන දේ කිව්වේ. අයියා genuinely happy නම් එච්චරයි
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    I currently own two crusher plants. One has been running since December 2024, with sales around 15 million (not profit sales amount). The other one will start operations next month.
    Adoo,, thats really nice to hear bro,, you've done it neh,, 🙏

    P.S: btw If you have any peers who are looking to acquire metal crushers, or crusher business let me know mchn, i have 2 big quarries for sale..

    කටුනම් කාල තියෙනව ඇතිවෙන්න. දේසපාලන ප්‍රශ්න නිසා එක එකා ඕව ඇදල අනං මනං කීවට මම නම් මම ආපු පාර ගැන සතුටුයි.

    මම 10දි තාත්තට වකුගඩු ලෙඩේ හැදුන. අම්ම කුලී වැඩ කරා ලොකු සල්ලියක් තිබ්බෙ නෑ. නංගි 6 වසරෙ හිටියෙ. මම ඉස්කෝලෙන් පස්සෙ ගඩොල් පෝරනේක වැඩ කරා. ඉරිද දවසට දර යාර ගැහුව. සපෙ පාස් වෙලා කොමස් වලින් උපෙ කරා. එකම ක්ලාස් එකකටවත් ගියේ නෑ. යන්න සල්ලි නෑ. උපෙ හොඳටම නැතත් පාස් උනා.

    නංගි මට වඩා ඉගෙන ගන්න දක්ෂ හින්ද එයාව ගොඩදාන්න තමා ඕන උනේ. ඉතිං ගාමන්ට් එකක වැඩටගියා. ජොබ් වලට ඇප්ලයි කරා. මම ඔය ජොබ් ඉන්ටවීව් එකකදි මගේ ඇඳුම් වලට පැනල් එක හිනාවුන හැටිත් කියල තියෙනව.

    තාත්තගෙ ඩයලසිස් වලටයි බෙහෙත් වලටයි සල්ලි මදිවුන හින්ද නිවාඩු වෙලාවට මාකට් එකේ එලවලු අදින්න ගියා. එතනින් නාරාහේන්පිට ආර්ථිකේ කඩේක වැඩට ආව. ඔය අතරෙ තාත්ත නැතිවුනා. නංගි කැම්පස් ගියා 2018දි. මම ජොබ් වලට ඇප්ලයිකරල 2021.2.15 රජයේ ජොබක් සෙට් උනා . ඊට පස්සෙ ඕපන් යුනි එකේ ඩිග්‍රී එක පටන්ගත්ත. හවසට එලවලු කඩේ වැඩට ගියා. රට බංකොලොත් වුනාම එලවලු කඩේ ජොබ නැතිවුනා. නංගි ෆයිනල් ඉයර් එකේ නිසා කොහොමත් එක ජොබක් මදිවුනා. ඒකනිසා බියගම DIL එකේ ග්ලවුස් ගලවන්න ගියා. නංගි 2024.03.10 නංගි බැන්ද. මම අම්මව කොලඹට ගෙනාව පොඩි ඇනෙක්සි කෑල්ලක් ගත්ත. ඇසිස්ටන් මැනේජර් කමකට පොඩි ප්‍රමෝෂන් එකක් ලැබුන 2024.12.27 අම්ම නැතිවුනා. මට දැන් 34යි. අවුරුදුදා තනියම කිරියෙ මේක කොටාගෙන බෝඩිමේ ඉන්නව දේශපාලන ඇරියස් වලට කට්ටිය මොනා කීවත් මගේ දුක සැප හැම දේම කියන්න දැං ඉතුරු මේකෙ උන් තමා. 😀
    පිස්සු හැදෙනවා මචං.. උඹ බියගමද ඉන්නෙ එතකොට??
    ------ Post added on Apr 14, 2025 at 6:20 PM

    ඒකනේ, comment එකේ විදියට අයියා සෑහෙන කට්ටක් කාලා නංගිගේ පොඩි කාලේ ඉදන් ඩිග්‍රිය ඉවර වෙනකම්ම
    දැන් life එක settle වෙලා abroad ඉන්න නිසා ඒවා return කරන්න කාලේ හරි නේද

    අනේ මන්දා ඉතින්, පවුල් කඩනවා නෙමෙයි... මට හිතෙන දේ කිව්වේ. අයියා genuinely happy නම් එච්චරයි
    ඉඳකිං බං, ඔහොම පුරුදු වෙන්නෙපා නිකන් ගමේ පත බඩු වගේ මිනිහෙක්‌ගෙ හිත රිදෙන දේවල්, හිත රිදෙන බව දැන දැන අහන්න..
    නංගි නෙමෙයි, මොකා වුනත් මුල මතක තියෙන්න හො නැති වෙන්න හෝ තම තමන්ගෙ හේතු ඇති.. එහෙම දෙයක් දැක්කම, ඒ්ක උඩින් අහන්නෙපා හරක් වගේ..

    උඹ දකුණෙ එකෙක් නේද?
    ------ Post added on Apr 14, 2025 at 6:22 PM
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,837
    2,673
    113
    Kadawatha, Sri Lanka
    Adoo,, thats really nice to hear bro,, you've done it neh,, 🙏

    P.S: btw If you have any peers who are looking to acquire metal crushers, or crusher business let me know mchn, i have 2 big quarries for sale..

    පිස්සු හැදෙනවා මචං.. උඹ බියගමද ඉන්නෙ එතකොට??
    ------ Post added on Apr 14, 2025 at 6:20 PM

    ඉඳකිං බං, ඔහොම පුරුදු වෙන්නෙපා නිකන් ගමේ පත බඩු වගේ මිනිහෙක්‌ගෙ හිත රිදෙන දේවල්, හිත රිදෙන බව දැන දැන අහන්න..
    නංගි නෙමෙයි, මොකා වුනත් මුල මතක තියෙන්න හො නැති වෙන්න හෝ තම තමන්ගෙ හේතු ඇති.. එහෙම දෙයක් දැක්කම, ඒ්ක උඩින් අහන්නෙපා හරක් වගේ..

    උඹ දකුණෙ එකෙක් නේද?
    ------ Post added on Apr 14, 2025 at 6:22 PM
    Quarry operational da? Grade eka mokakda? Koheda thiyenne? Dena ganna ahuwe. Ganna nemei 😁
     
    • Wow
    Reactions: Morbius

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    සමහර කාපු කටු මතක නැහැ. ඔළුවෙන්ම අයින් වෙලා.
    එත් යාළුවන්ට දෙමව්පියන්ට මතකයි ඒවා. කතා කරන වෙලාවට ඒවා මතක් කරනවා.

    Bettans සපත්තු කියන්නේ ලොකු සහයක් ඒ දවස් වල. අවුරුදු දෙක තුන පාවිච්චි කරා කිසි අවුලක් නැතුව. අඩියේ හිල් හැදුනම තව අඩියක් ගහගෙන පාවිච්චි කරපු අවස්ථා ඕන තරම්. හෙන පාඩුවක් එක නැති වුන එක නම්. ඒ සපත්තු දාගෙන ඇවිදපු ඇවිදිල්ල ජිවිතේ ලබපු අත්දැකීම් ලබන්නත් හේතුවක් වුනා

    මට දැන් අවරුදු දෙක තුනකට කලින් උන දේවල් මතක නැහැ. පුරුද්දක් විදියට ඔලුව හිර වෙන්න වගේ මුහුණ දුන්නු ප්‍රශ්න ඉබේම අමතක කරනවා. නැත්නම් ජීවත්වෙන්න බැරි නිසා.

    එත් දුවගේ හදවත් සැත්කම සහ එක සාර්ථක කරගන්න කාපු කට්ට
    පලවෙනි යතුරුපැදි අනතුර
    පලවෙනි ශාරීරිකව සහ මානසිකව විදපු ආදරය
    පලවෙනි පාරට ලොකු වගකීමක් එක්ක ලැබුණු රැකියාව
    වගේ දේවල් හිතේ තියෙනවා ගලේ කෙටු අකුරක් වගේ
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,281
    36,382
    113
    කෑගල්ල
    කටුනම් කාල තියෙනව ඇතිවෙන්න. දේසපාලන ප්‍රශ්න නිසා එක එකා ඕව ඇදල අනං මනං කීවට මම නම් මම ආපු පාර ගැන සතුටුයි.

    මම 10දි තාත්තට වකුගඩු ලෙඩේ හැදුන. අම්ම කුලී වැඩ කරා ලොකු සල්ලියක් තිබ්බෙ නෑ. නංගි 6 වසරෙ හිටියෙ. මම ඉස්කෝලෙන් පස්සෙ ගඩොල් පෝරනේක වැඩ කරා. ඉරිද දවසට දර යාර ගැහුව. සපෙ පාස් වෙලා කොමස් වලින් උපෙ කරා. එකම ක්ලාස් එකකටවත් ගියේ නෑ. යන්න සල්ලි නෑ. උපෙ හොඳටම නැතත් පාස් උනා.

    නංගි මට වඩා ඉගෙන ගන්න දක්ෂ හින්ද එයාව ගොඩදාන්න තමා ඕන උනේ. ඉතිං ගාමන්ට් එකක වැඩටගියා. ජොබ් වලට ඇප්ලයි කරා. මම ඔය ජොබ් ඉන්ටවීව් එකකදි මගේ ඇඳුම් වලට පැනල් එක හිනාවුන හැටිත් කියල තියෙනව.

    තාත්තගෙ ඩයලසිස් වලටයි බෙහෙත් වලටයි සල්ලි මදිවුන හින්ද නිවාඩු වෙලාවට මාකට් එකේ එලවලු අදින්න ගියා. එතනින් නාරාහේන්පිට ආර්ථිකේ කඩේක වැඩට ආව. ඔය අතරෙ තාත්ත නැතිවුනා. නංගි කැම්පස් ගියා 2018දි. මම ජොබ් වලට ඇප්ලයිකරල 2021.2.15 රජයේ ජොබක් සෙට් උනා . ඊට පස්සෙ ඕපන් යුනි එකේ ඩිග්‍රී එක පටන්ගත්ත. හවසට එලවලු කඩේ වැඩට ගියා. රට බංකොලොත් වුනාම එලවලු කඩේ ජොබ නැතිවුනා. නංගි ෆයිනල් ඉයර් එකේ නිසා කොහොමත් එක ජොබක් මදිවුනා. ඒකනිසා බියගම DIL එකේ ග්ලවුස් ගලවන්න ගියා. නංගි 2024.03.10 නංගි බැන්ද. මම අම්මව කොලඹට ගෙනාව පොඩි ඇනෙක්සි කෑල්ලක් ගත්ත. ඇසිස්ටන් මැනේජර් කමකට පොඩි ප්‍රමෝෂන් එකක් ලැබුන 2024.12.27 අම්ම නැතිවුනා. මට දැන් 34යි. අවුරුදුදා තනියම කිරියෙ මේක කොටාගෙන බෝඩිමේ ඉන්නව දේශපාලන ඇරියස් වලට කට්ටිය මොනා කීවත් මගේ දුක සැප හැම දේම කියන්න දැං ඉතුරු මේකෙ උන් තමා. 😀
    DIL කියන්නේ මොකක්ද? DPL ද?
     
    • Like
    Reactions: Morbius

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,865
    13,106
    113
    ලංකාවේ කාපු කටු සේරම පදිරි කාත් කවුරුවත් නැති රටකට ගිහින් ජීවිතේ මුල ඉදන්ම පටන්ගත්ත එක.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,281
    36,382
    113
    කෑගල්ල
    Thamath katu thama
    සිරාවට මාත් මේ මොකුත් නොකියා හිටියේ එකයි, මේ ගෙවෙන මාස ටික තමා කැරීම කට්ටක් කන්න, කොහෙන් කොහොම කොහේ ගිහින් නතර වෙයිද දාන්නේ නෑ... :lol: :lol: මොනවා උනත් ආතල් එකේ ඉන්නවා.
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    ලංකාවේ කාපු කටු සේරම පදිරි කාත් කවුරුවත් නැති රටකට ගිහින් ජීවිතේ මුල ඉදන්ම පටන්ගත්ත එක.
    share karamuko e experience eka? student widiyatada giye? koi rateda? yanakota age etc.