ජීවිතය සහ ජිවත් වීම..
ජීවිතය සහ ජීවත්වීම
ආයුබෝවන්ඩ... මුලින්ම කියන්නම් මම මෙතන බණ දේශනාවක් තියන්න අවා නෙමේ..
ok ..
මම මේ කියන්නේ මගේ වෘත්තීය ජීවිතය තුල සහබාගි වුන විවිද පුහුණු සහ + ආකල්ප පිළිබද වැඩසටහන් විශාල ප්‍රමාණයක සංශිප්තයක්..
සිංහලෙන් කිව්වොත් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් වලට ගිහින් අහුලාගෙන ජිවිතයට එකතු කරගත්ත සහ මා විසින් ඒවා මගේ ජිවිතයට යොදාගත්ත ආකාරයයි..
- - - - - -
කතා කරන බාසාවෙන්ම ලියාගෙන යන්නම්..
- - - - - -
මචන්ලා ජිවිතේ කියන්නේ කන්දක්..
ජිවත් වෙනවා කියන්නේ ඉතින් ඔය කන්ද නගින එක තමයි..
අපි කවුරුත් ඉපදෙන්නේ ඔය කන්ද පාමුල..
ඔහේ ඉපදුනාට කාලා බිලා කාලකන්නියෙක් වගේ කන්ද පාමුලම මැරිලා යන්න හදන්න එපා..
කොහොමහරි මේ කන්ද තරණය කරන එක තම ජයග්‍රාහී ලෙස ජිවත් වෙනවා කියන්නේ..
මේ කන්ද නගින්න තරණය කරන්න විවිද ක්‍රම තියෙනවා..
උන් තමයි අර සිංහලෙන් කියන්නේ "වැඩ්ඩෝ" කියලා...
උන් මේ ගමන යන්නේ බොහොම හෙමින්..
එන්ටර් වෙන්නෙත් හිස් අතින් නෙමෙයි..
තියුණු ආයුධ , උදලු , ගල් කටු අරව මේවා ඔක්කොම කර ගහගෙන තමයි උන් පටන් ගන්නේ..
උන් මේ කන්ද නගින්නේ තියෙන පොඩි පොඩි ගස් කපල පාර පැහැදිලිව හදාගෙන ඒ විතරක් නෙමේ කන්දේ අමාරු තැන වලදී උන් පඩි ත් කපාගෙන තමයි නගින්නේ..
සිංහලෙන් කිව්වොත් උන්ගේ ගමන පැහැදිලියි..
ඉතින් උනුත් ඔහොම නගිනවා..
~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~
රායිට් .. යකුනේ අපි දැන් මේක අපේ ජිවිත එක්ක සංසන්දනය කරන්නයි යන්නේ..
බලන්න පින්වතුනි පලවෙනි කොටුව.. (පලවෙනි පේළිය)
අර කඹ අල්ලං නගිනවා කිව්වා එවුන්..
කාර්යාලයක වැඩපලක ඕනෑම ආයතනයක කොටින්ම ඒ කලේ මට මතකයි අපේ ඉස්කෝලෙත් මේ වගේ කබරයෝ හිටියා.
උන් කරන්නේ උඩින් ඉන්න ලොක්කෙක්ට අර උදේට රෑට අහවල් කාරිය කොරොන්න තියෙන පශ්චාත් භාගය පුද දිදී තමන්ගේ පාඩුවේ අනුන්ගේ කේලම් ටිකක් හොයාගෙන ගමන යන එකයි..
උන්ගේ ගමන වෙරි ෆාස්ට් මෙයා .. කුජීතයි..
උනාට ප්‍රොමෝෂන් පිට ප්‍රොමෝෂන් වැඩි පඩි ප්හු !! පට්ට ආශ්චර්යයි
බලන් ඉන්න පින්වතුනි...
දෙවෙනි කොටුවේ සෙට් එක තම සෙට් එක..
උන් ගමන යන්නේ දුක් විදලා තමයි හැබැයි ෂෝට් කට් දැක්ක ගමන් රිංගනවා..
අනේ ඉතින් රිංගල තියෙන එකත් නැති කරගෙන තමයි පස්ස බලන්නේ..
ඔය ඔෆිස් වල ඉන්නේ ගස් මාරු වෙනවා වගේ ජොබ් මාරු කර කර අත්තෙන් ඇත්තට පනින එවුන්..
මේ කියන්නේ උන් ගැන ...
පින්වතුනි 3 වෙනි කොටුව තමයි කොටුව; හා නැද්ද..
මේක තමයි මචන්ලා ගොඩ යන්න තියෙන එකම මාර්ගය..
මම අත්දැකීමෙන් කියන්නේ..
හදාගනින් උබලගේ ජිවිත වලට LONG TERM PLAN .එකක්.
PLAN YOUR WORK ; WORK YOUR PLAN කිව්වේ අහවල් එක කහනවට නෙමෙයි..
අනික ඔය 3 වෙනි සෙට් එකේ උන්ට තියෙන ලොකුම වාසිය මොකද්ද දන්නවද?
උන් ආපස්සට වැටුනත් වැටෙන්නේ ටික දුරයි ,
ඒ වැටුනත් ඒ වැටිච්ච ටික අයි නගින්න ඕන පාර ගැන උන්ට හොද අවබෝදයක් තියෙනවා..
අර කඹ අල්ලං නැග්ග වගේ නෙමෙයි..
~~~~~~~~~~
මම මගේ plan එක ගැන කෙටියෙන් කියන්නම්..
මේ කියන්නේ මම පොර වෙන්න නෙමෙයි..
තවත් මේ කියන දේ උබලට සරල වෙන්නයි..
මම අවුරුදු 25 දී ගැහුවා මගේ ප්ලැන් එක..
කෙටියෙන් කියන්නේ OK ..
මට 35 වෙනකොට ඒ කියන්නේ එදා ඉදන් අවුරුදු 10ක් වෙනකොට මෙන්න මේ ටික මම සපුරාගෙන තියෙන්න ඕන කියල..
සාදු කාරයක් දීපල්ලා ....
මේවා නිකන් කියන්න බෑ එහෙම ලේසියෙන් ..
දැක්කනේ කරුණු 5 .. බලපල්ලා කොච්චර ලේසිද කියලා..
දැන් බලමු මේ ප්ලෑන් එකේ මම දැන් කොහෙද ඉන්නේ කියලා..
ඕක තමයි මගේ ප්ලෑන් එකේ යථා තත්වය..
වැදගත්ම දේ තමයි සින්හලුනේ මට මගේ ප්ලෑන් එක සක්සස් කොර ගන්න තව අවුරුදු 9ක් ම තියෙනවා...
දැන් හදාගනිල්ල මගේ වයස...
මම මේ ටික කිව්වේ හැදෙන උන්ට හැදෙන්න..
බලපල්ලා කරන්න තියෙන වැඩ ටික ලිස්ට් කරගත්තම තියෙන පහසුව..
"දුප්පත්ව ඉපදීම ඔබේ වරදක් නොවුනත් දුප්පත්ව මිය යාමේ සම්පුර්ණ වැරැද්ද ඔබේ" කියල අර බිල් ගේට්ස් උතුමාණන් කිව්වේ නිකන් ඉන්න බැරුවට නෙමෙයි..
ලෝකය වෙනස් කරන්න නම් අපි වෙනස් වෙලා ඉන්න ඕන..
කරන දේ අසාවෙන් ඒ දේට ආදරෙන් කරන්න කවදාවත් වරදින්නේ නෑ..
කොහොමහරි තමන් අවසන් ගමන් යන දාට සොහොන කන්ද මුදුනේ ගහන්න plan කරපල්ලා..
ආයි කියන්න තියෙන්නේ මෙච්චරයි..
කන්ද පාමුල ඉපදිලා ඉපදුනාට කකා බිබී කන්ද දිහා බල බල හුල්ල හුල්ල ඉදල කාලකන්නියෙක් වගේ කන්ද පාමුලම මැරිලා යන්න එපා.

- සමහරු කඹ දාලා ඒවායේ එල්ලී එල්ලී .නගිනවා. මගේ අප්පේ උන් නගින නැගිල්ල .. ඇගේ අර මෙව්වා (මයිල් යකුනේ) කෙලින් වෙනවා ඒ නැගිල්ල දැක්කම..
- තව සමහරු කන්දෙම තියෙන පොඩි පොඩි ගස් ගල් අල්ල අල්ල බඩ ගාගෙන නගිනවා.. බුරුල් වෙච්ච ගලකට එහෙම කකුල හිට්ටෝත් කුජීතයි..
- අනික් එවුන් තමයි ටිකක් අමුතු විදිහට මේ වැඩේට එන්ටර් වෙන්නේ..
උන් තමයි අර සිංහලෙන් කියන්නේ "වැඩ්ඩෝ" කියලා...
උන් මේ ගමන යන්නේ බොහොම හෙමින්..
එන්ටර් වෙන්නෙත් හිස් අතින් නෙමෙයි..
තියුණු ආයුධ , උදලු , ගල් කටු අරව මේවා ඔක්කොම කර ගහගෙන තමයි උන් පටන් ගන්නේ..
උන් මේ කන්ද නගින්නේ තියෙන පොඩි පොඩි ගස් කපල පාර පැහැදිලිව හදාගෙන ඒ විතරක් නෙමේ කන්දේ අමාරු තැන වලදී උන් පඩි ත් කපාගෙන තමයි නගින්නේ..
සිංහලෙන් කිව්වොත් උන්ගේ ගමන පැහැදිලියි..
ඉතින් උනුත් ඔහොම නගිනවා..
~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~
රායිට් .. යකුනේ අපි දැන් මේක අපේ ජිවිත එක්ක සංසන්දනය කරන්නයි යන්නේ..
බලන්න පින්වතුනි පලවෙනි කොටුව.. (පලවෙනි පේළිය)
අර කඹ අල්ලං නගිනවා කිව්වා එවුන්..
කාර්යාලයක වැඩපලක ඕනෑම ආයතනයක කොටින්ම ඒ කලේ මට මතකයි අපේ ඉස්කෝලෙත් මේ වගේ කබරයෝ හිටියා.
උන් කරන්නේ උඩින් ඉන්න ලොක්කෙක්ට අර උදේට රෑට අහවල් කාරිය කොරොන්න තියෙන පශ්චාත් භාගය පුද දිදී තමන්ගේ පාඩුවේ අනුන්ගේ කේලම් ටිකක් හොයාගෙන ගමන යන එකයි..
උන්ගේ ගමන වෙරි ෆාස්ට් මෙයා .. කුජීතයි..
උනාට ප්‍රොමෝෂන් පිට ප්‍රොමෝෂන් වැඩි පඩි ප්හු !! පට්ට ආශ්චර්යයි
බලන් ඉන්න පින්වතුනි...
දෙවෙනි කොටුවේ සෙට් එක තම සෙට් එක..
උන් ගමන යන්නේ දුක් විදලා තමයි හැබැයි ෂෝට් කට් දැක්ක ගමන් රිංගනවා..
අනේ ඉතින් රිංගල තියෙන එකත් නැති කරගෙන තමයි පස්ස බලන්නේ..
ඔය ඔෆිස් වල ඉන්නේ ගස් මාරු වෙනවා වගේ ජොබ් මාරු කර කර අත්තෙන් ඇත්තට පනින එවුන්..
මේ කියන්නේ උන් ගැන ...
පින්වතුනි 3 වෙනි කොටුව තමයි කොටුව; හා නැද්ද..
මේක තමයි මචන්ලා ගොඩ යන්න තියෙන එකම මාර්ගය..
මම අත්දැකීමෙන් කියන්නේ..
හදාගනින් උබලගේ ජිවිත වලට LONG TERM PLAN .එකක්.
PLAN YOUR WORK ; WORK YOUR PLAN කිව්වේ අහවල් එක කහනවට නෙමෙයි..
අනික ඔය 3 වෙනි සෙට් එකේ උන්ට තියෙන ලොකුම වාසිය මොකද්ද දන්නවද?
උන් ආපස්සට වැටුනත් වැටෙන්නේ ටික දුරයි ,
ඒ වැටුනත් ඒ වැටිච්ච ටික අයි නගින්න ඕන පාර ගැන උන්ට හොද අවබෝදයක් තියෙනවා..
අර කඹ අල්ලං නැග්ග වගේ නෙමෙයි..
~~~~~~~~~~
මම මගේ plan එක ගැන කෙටියෙන් කියන්නම්..
මේ කියන්නේ මම පොර වෙන්න නෙමෙයි..
තවත් මේ කියන දේ උබලට සරල වෙන්නයි..
මම අවුරුදු 25 දී ගැහුවා මගේ ප්ලැන් එක..
කෙටියෙන් කියන්නේ OK ..
මට 35 වෙනකොට ඒ කියන්නේ එදා ඉදන් අවුරුදු 10ක් වෙනකොට මෙන්න මේ ටික මම සපුරාගෙන තියෙන්න ඕන කියල..
සාදු කාරයක් දීපල්ලා ....
මේවා නිකන් කියන්න බෑ එහෙම ලේසියෙන් ..
- මගේම කියල ඉන්න හිටින්න ගෙයක්..
- මගේම කියල වාහනයක්..
- මගේම කියල ව්‍යාපාරයක්.. සාර්ථක මට්ටමේ..
- මගේම කියල දරු තුන් දෙනෙක් අඩුම තරමේ .. (අර පුංචි පවුල කියල කාපු ලනුවක තරම [මමනම් කැමතියි සික්ස් අ සයිඩ් ගහගන්න පුළුවන් විදිහට එල කොල්ලෝ කෙල්ලෝ සෙට් එකක් හදන්න , ඊක ඉතින් ඩිපෙන්ඩ් ඕන වයිෆ් නේ මෙයාලා ])
- සත පහක්වත් කිසිම බැංකුවකට මුල්‍ය ආයතනයකට හෝ පුද්ගලයෙක්ට ණය නැති මිනිහෙක්..
දැක්කනේ කරුණු 5 .. බලපල්ලා කොච්චර ලේසිද කියලා..
දැන් බලමු මේ ප්ලෑන් එකේ මම දැන් කොහෙද ඉන්නේ කියලා..
- මගේම ඉඩමේ (ඉඩම ගන්න ලෝන් එක දුන්නේ NSB එකෙන්) මගේ හදාගෙන යන ගෙදර දැනට 45% ක් විතර වැඩ ඉවරයි..
- මගේම කියල පල්සරයක් තියෙනවා 135 ක්.. (දැන් කියවන්න එපා ඉන්දියන් ජරාව කියලා..) වැන් එක නම් ලීසිං .. සුසුකි EVERY බට්ටෙක්.. තාම ගෙවනවා..
- මගේ ව්‍යාපාර ගැන මේකේ ඉන්න ගොඩක් එවුන් ටික ටික දන්නවා.. තාම ප්‍රථමික මට්ටමේ ඉන්නේ හරිය...
- හ්ම්.. මගේ චුටි දුවට මේ මාසේ 30 ට අවුරුද්දක්..
- ණය නම් ඉතින් ගන්නවා ගෙවනවා.. බලමුකෝ ඉස්සරහට..
ඕක තමයි මගේ ප්ලෑන් එකේ යථා තත්වය..
වැදගත්ම දේ තමයි සින්හලුනේ මට මගේ ප්ලෑන් එක සක්සස් කොර ගන්න තව අවුරුදු 9ක් ම තියෙනවා...
දැන් හදාගනිල්ල මගේ වයස...
මම මේ ටික කිව්වේ හැදෙන උන්ට හැදෙන්න..
බලපල්ලා කරන්න තියෙන වැඩ ටික ලිස්ට් කරගත්තම තියෙන පහසුව..
"දුප්පත්ව ඉපදීම ඔබේ වරදක් නොවුනත් දුප්පත්ව මිය යාමේ සම්පුර්ණ වැරැද්ද ඔබේ" කියල අර බිල් ගේට්ස් උතුමාණන් කිව්වේ නිකන් ඉන්න බැරුවට නෙමෙයි..
ලෝකය වෙනස් කරන්න නම් අපි වෙනස් වෙලා ඉන්න ඕන..
කරන දේ අසාවෙන් ඒ දේට ආදරෙන් කරන්න කවදාවත් වරදින්නේ නෑ..
කොහොමහරි තමන් අවසන් ගමන් යන දාට සොහොන කන්ද මුදුනේ ගහන්න plan කරපල්ලා..
ආයි කියන්න තියෙන්නේ මෙච්චරයි..
කන්ද පාමුල ඉපදිලා ඉපදුනාට කකා බිබී කන්ද දිහා බල බල හුල්ල හුල්ල ඉදල කාලකන්නියෙක් වගේ කන්ද පාමුලම මැරිලා යන්න එපා.
Last edited:
try and try one day you can die