ජිවිතයේ වටිනාකම?

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,776
    113
    පෘථිවිය
    දෙවියන්ගෙන් ඇසූ ප්‍රශ්නය: ජිවිතයේ වටිනාකම?

    දිනක් එක්තරා පුද්ගලයෙක් දෙවියන් යැදල අහනවා මොකක්ද මගේ ජිවිතේ වටිනාකම කියල.

    දෙවියෝ ඔහුට ගලක් දෙනවා. දීල කියනවා මේ ගලේ වටිනාකම සොයන්න හැබැයි විකුනන්නේ නැතුව.

    ඉතින් මේ පුද්ගලයා දෙවියෝ දුන්න ගලත් අරගෙන යනවා දොඩම් වෙළෙන්දෙක් ලඟට, ගල දික් කරලා අහනවා මේ ගලේ වටිනාකම කීයද කියල.
    දොඩම් වෙළෙන්දා ගල බලල ගල වෙනුවට දොඩම් ගෙඩි දොළහක් දෙන්න පුළුවන් කියල කියනවා, මේ පුද්ගලයා දොඩම් ගන්නේ නැතුව එතැනින් යනවා දෙවියෝ ගල හුවමාරු කරන්න එපා කියපු නිසා.

    ඊළඟට මේ පුද්ගලයා යනවා එළවලු වෙළෙන්දෙක් ලඟට, ගල දික් කරලා අහනවා මේ ගලේ වටිනාකම කීයද කියල. එළවලු වෙළෙඳ ගල පරික්ෂා කරලා අල මල්ලක් දෙනවා. මේ පුද්ගලයා අල මල්ල ගන්නේ නැතුව එතැනිනුත් යනවා දෙවියෝ ගල හුවමාරු කරන්න එපා කියපු නිසා.

    දැන් ආයෙත් මේ පුද්ගල ඇවිදගෙන යනකොට දකිනවා ස්වර්ණාභරණ වෙළඳ සැලක්, ගල දික් කරලා අහනවා මේ ගලේ වටිනාකම කීයද කියල.
    ස්වර්ණාභරණ සාප්පුවේ අයිතිකරුවා ගල බලල ඔහුට ලක්ෂයක් දෙනවා. මේ පුද්ගලයා ඒ මුදලත් එපා කියල යන්න හදනකොට නැවතත ස්වර්ණාභරණ සාප්පුවේ අයිතිකරුවා කියනවා ලක්ෂ එකහමාරක් දෙන්න පුළුවන් කියල. මේ පුද්ගලයා එම මුදලත් එපා කියල දෙවියෝ තමන්ට කියපු දේ ඔහුටත් තෙරුම්කරලා දීලා එතැනිනුත් යනවා.

    ආයෙත් මේ පුද්ගලයා ඇවිදගෙන යනවා, මෙහෙම යනකොට දකිනවා මැණික් ගල් විකුණන සාප්පුවක්. ඔහු ඒ සාප්පුවට ඇතුල් වෙනවා.
    ගල එතන තිබ්බ රතුපාට රෙද්දක් උඩ සීරුවට තියල අහනවා මේ ගලට වටිනාකම කීයද කියල. මැණික් සාප්පුවේ හිමිකරුවා ගල හොඳට එලියට අල්ලලා එහෙම බලල මේ පුද්ගලයට කියනවා, මම මගේ ජිවිතේ දැකපු ලස්සනම, වටිනාම ගලක් මේක. මිල කියල නිමකරන්න බැහැ කියල. මට මේ වගේ ගලක් මිලට ගන්නත් මුළු ජිවිතෙම බැරිවෙයි කියල. ඉතින් මේක අහපු ගල ලැබුන පුද්ගලයා උද්දාමයට පත්වෙනවා.

    ගලත් අරගෙන ඔහු දෙවියන් ලඟට ආයෙත් යනවා. ගිහිල්ල සිදුවුණු සියලුම දේ දෙවියන්ට කියනවා, කියල ආයෙත් දෙවියන්ගෙන් අහනවා "මොකක්ද මගේ ජිවිතේ වටිනාකම කියල".

    දෙවියෝ පෙරලා උත්තර දෙනවා, ඔබට ඔබේ ප්‍රශ්නයට උත්තරය දොඩම් වෙළෙන්දා, එළවලු වෙළෙන්දා, ස්වර්ණාභරණ වෙළෙන්දා, සහ මැණික් ගල් විකුණන වෙළෙන්දා කියල දුන්න කියල.

    ඔබ වටිනා දියමන්තියක්, මැණික් ගලක් වගේ වටිනා කෙනක් වෙන්නට පුළුවන් නමුත් විවිධ පුද්ගලයින් ඔබව මනින්නේ ඔවුන්ගේ දැනුම් මට්ටමින් සහ ඔවුන් ඔබව දකින මට්ටමින් විතරයි. ඔවුන්ට ඔබගෙන් ලබාගන්න පුළුවන් දෙයින්, ඔවුන් ඔබව පාවිච්චි කරන්න පුළුවන් විදිහෙන්, නමුත් ඔවුන් කවදාවත් ඔබ වෙනුවෙන් කාලය, ශ්‍රමය සහ කැපකිරීම් නොකරනු ඇත.

    හැබැයි කලබල වෙන්න එපා ඔබට අනිවාර්යෙන්ම ඔබව, ඔබේ වටිනාකම සහ ඔබට නිසි තැන ලබාදෙන කෙනෙක් හමුවේවි. දෙවියන් ඔහුට පැහැදිලි කරලා දෙනවා.

    ඔබ කිසිවෙකුටත් සමකල නොහැකි කෙනෙක්, ඔබේ වටිනාකම වෙනත් අයගේ වටිනාකමට සමකල නොහැකි කෙනෙක්. ඔබ ඔබටම ගරුකරන්න, ඔබ වෙනුවට වෙන කෙනෙකු ආදේශ කල නොහැකි බව මතක තියාගන්න. මෙන්න මේ දේ හරියට ඔබ දැනගත්ත දාට නුඹේ වටිනාකම නුඹටම දැනේවි.

    යහපත් දවසක් උදාවේවා!


    gold-nugget-hand.jpg
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ලොව ජයගත් එක්තරා රාජ්‍ය නායකයෙක් දිනක් මෙසේ පවසා තිබුනා
    දිනක් මගේ පියා උණු උණුවේ සකසා තිබූ නූඩ්ල්ස් බදුන් දෙකක් මේසය මත තැබුවා. ඉන් එකක් මත බිත්තරයක් දිලිසෙමින් තිබුණා. ඇත්තටම ඒ දවස්වල කෑමට බිත්තරයක් එකතු වෙනවා කියන්නේ හරිම විරල සිදුවීමක්. තාත්තා මට එක් නූඩ්ල්ස් බදුනක් තෝරා ගන්නැයි සන් කලා. මා වහාම බිත්තරය තිබුණු බදුන තෝරා ගත්තා. නමුත් නුඩ්ල්ස් බදුන හිස් වෙනවිටයි මට පෙනුනේ තාත්තාගේ නූඩ්ල්ස් බදුනේ පතුලේ සැගවී බිත්තර දෙකක් තිබූ බව. අමතර බිත්තරයක් උරුම කර ගැනිමට නොහැකි වීම ගැන මම කණගාටුවට පත්වුණා. ඒ වෙලාවේ තාත්තා මට මෙන්න මෙහෙම උපදෙසක් දුන්නා. මගේ දරුවෝ. ඔබගේ ඇස් ඔබට කියන්නේ හැමවිටම හරි දේම නෙවෙයි. ඔබ යමක් අත්පත් කරගන්නට යන්නේ ආත්මාර්ථකාමී සිතිවලි වලින් නම් ඔබට කණගාටුදායක අවසානයක් උරුම වෙන්නට පුළුවන්. ”
    හැබැයි දෙවැනි දවසේ ඔහුට මේක නිවැරදි කරගන්න අවස්ථාවක් තාත්තා ලබා දීලා තිබුණා.
    “ දෙවැනි දවසේත් තාත්තා අර විදියෙම නූඩ්ල්ස් බදුන් දෙකක් රැගෙන ආවා. නමුත් එවර මම හිතුවා මම ඊයේට වඩා කල්පනාකාරී වෙන්න ඕනෑ කියලා. මම වහාම බිත්තරයක් මතුපිට නැති බදුන තෝරා ගත්තා. ඒත් ඒකේ පතුලේ බිත්තර දෙකක් තියා එකක්වත් තිබුනේ නෑ. බලාපොරොත්තු කඩ වූ මගේ මුහුණ දිහා බලමින් මගේ තාත්තා මෙසේ කිව්වා. මගේ දරුවෝ මතක තියා ගන්න, ජීවිතයේ ලබන අත්දැකීම් හා සිදුවීම් හැමවිටම එකවාගේ වේවියැයි අනුමානයෙන් වැඩ කරන්නට එපා. ජීවිතය විවිධ අවස්ථාවල දී අපව රවට්ටනවා. හැබැයි අප ඒ පාඩම ඉගෙන ගත යුත්තේ මේ ආකාරයෙන් මුලාවේ වැටීමෙන්ම තමයි. ඒවා පොත්වලින් ඉගෙන ගන්නට බෑ. ” හැමවිටම එකම ආකාරයෙන් වැඩ නොකල යුතුයි.
    තාත්තා තුන්වැනි දවසේ අර විදියෙම නූඩ්ල්ස් බදුන් දෙකක් මේසය මත තැබූ වේලේ වඩාත් කල්පනාකාරීව තීරණයක් ගැනීමට මට සිදුවුණා.
    “තාත්තා ඔයා අපේ පවුලේ ප්‍රධානියා. අපි හැමටම වඩා උඩින් ඉන්නේ ඔයා. ඔයා ඉස්සර වෙන්න. මුල්ම නූඩ්ල්ස් බදුන ඔයා ගන්න. මම ඉතුරු වෙන එක ගන්නම්. තාත්තා බිත්තරයක් උඩින් තිබූ බදුන අතට ගත් වේලේ මගේ හිත කිව්වා මගේ බදුනේ පතුලේ බිත්තරයක් තියෙන්න බෑ කියලා. නමුත් නූඩ්ල්ස් බදුනේ අඩක් හිස් වද්දි මට පෙනුනා බිත්තර එකක් වෙනුවට දෙකක් ඒකේ තියෙනවා කියලා. මම හරිම ආසාවෙන් ඒක අනුභව කලා. තාත්තා ඒ වෙලාවේ තමයි මට වැදගත්ම පාඩම කියලා දුන්නේ. ඔහු මෙහෙම කිව්වා. පුතා, කොයිතරම් තරගකාරී වාතාවරණයක දී උනත්, අනික් මිනිස්සු ගැනත් හිතලා වැඩ කලොත්, අන්න එතැන දි සොබා දහම ඔබට හොදම දේ දෙන්න පටන් ගන්නවා. ”