mun denna dan badalath athi???
lol.. ow ban. dan bandala tikak kal


mun denna dan badalath athi???


lol.. ow ban. dan bandala tikak kal![]()



ඇත්තටම සතුටුයි මෙහෙම අය ඉන්න එක ගැන.
මුලු හදවතින්ම මගෙන් සුභ පැතුම්.
මුල ඉදලම අග වෙනකල් කියෙව්වා. අද ලොග් උනෙත් මේක කියවලා ඉවරවෙලා කමෙන්ට් කරන්නමයි. මේක ලියපු සහෝදරයා 11-24-2017 න් පස්සේ ලොග් වෙලා නෑ. මේ කමෙන්ට් එක දැක්කොත් පොඩ්ඩක් ලොග් වෙන්න. පුළුවන් නම් දැන් තත්වය කියන්න.

ආදරය කරන්න කෙනෙක් නැති අය, මට කෙනෙක් හිටියනම් කොච්චර හොඳද, මං එයාව ආදරෙන් බලා ගන්නවා කියල හිතනවා..
ආදරය කරන්න කෙනෙක් හොයාගත්තම, මෙයාගේ අරදේ හොඳ නෑ, මේදේ හොඳ නෑ, මෙයාට වඩා හොඳ අය ඉන්නවා කියල හිතනවා..
ඒ කෙනාව දාල තව කෙනෙක් හොයාගත්තම හිතෙනවා, අරයා මෙයාට වඩා කොච්චර හොඳද කියල..
මනුස්සයා කියන්නේ කොච්චර ලැබුනත් තෘප්තිමත් වෙන කෙනෙක් නෙමේ.. ඒ නිසා ලද දෙයින් සතුටු වෙලා, සතුටින් කල් ගත කරන්න.. මොකද 100% මනුෂ්‍ය හිත තෘප්තිමත් කරන්න බැරි නිසා..


මුන් දෙන්න දැන් ළමයි දෙන්නෙක්ගෙ අම්මල තාත්තලා
සුබපැතුම්

24 කොටස
අපි ඔය අතර රිවිෂන් ක්ලාස් යන්නත් පටන් ගත්තා.. 2008 දෙසැම්බර් රිසල්ට් ආවට එච්චර සතුටු වෙන්න පුළුවන් ප්‍රතිපල අපිට තිබුනේ නෑ.. මේ වෙනකොට ගෙවල් 2 න් ම හිතන් හිටියේ අපි අතර කිසි සම්බන්දයක් නෑ කියල..
සාමාන්‍යයෙන් ආදරය කරපු ඕන කෙනෙක් දන්නවා ආදරය කරනවා කියන්නේ ෆෝන් එකෙන් කතා කරන එකම නෙමේ.. ආදරයකරන අය ආසයි අනිත් කෙනා එක්ක අත්වැල් බැඳගන පාරවල් දිගේ ඇවිදින්න, ෆිල්ම් එකක් බලන්න යන්න, චුට්ටක් ආදරෙන් ඇස් 2 දිහා බලන් ඉන්න, කිස් එකක් දෙන්න.. ඒත් අපිට ඒ වාසනාව තිබුනේ නෑ. අපි දෙන්නම එක ගෙවල් ලග කට්ටිය කුරුණෑගල ටවුමට බොහොම ලගින ජීවත් වෙන්නේ ඒ නිසා අපි ටවුමට ගියොත් අඳුරන අය ඕන තරම් හම්බෙනවා.. ඒ නිසා අපි අපේ හැගීම් හිරකරගන හිටියා..
ඒ දවස්වල මං ක්ලාස් ගියේ මේට් 50 බයික් එකක.. ක්ලාස් එක ලග තැනකින් බයික් එක දාල මං ක්ලාස් ගියේ. කොල්ලෙක් උනාම කෙල්ලෙක්ව ඔය වගේ බයික් එකක දාගන යන්න බෑනේ.. ඒත් අපි ඒ බයික් එකෙත් පොඩි පොඩි රවුම් ගිහින් තියනවා.. වෙන කෙල්ලෝ නම් ඒ වගේ බයික් එකකට නගින්නේවත් නෑ.. ඒත් මගේ හංසි එහෙම නෑ.. එයා හැමදාම කිවේ අපි අපිට පුළුවන්, තියන විදියට හැම දෙයක්ම කරගමු කියල..
උඹල හිතනවා ඇති අපි 3G ෆෝන් ගත්ත නම් මුණ බලාගන කතා කරනවනේ කියල.. ඒත් මං කියන්න ලජ්ජා නෑ අපිට එහෙම කරන්න සල්ලි තිබ්බේ නෑ.. මොකද අපි 2 ෆෝන් වලට දාන්න සල්ලි හොයාගත්තේ ක්ලාස් ෆීස් වලින් මාටියා ගහගන්න පොඩි ගානකුයි, අපිට ඉන්ටවල් ඒකට කන්න දෙන සල්ලි වලිනුයි.. ෆෝන් ඒකට දාන්න සල්ලි ඉතුරු කරගන්න ඉන්ටවල් ඒකට අපි 2 නොකා හිටපු වෙලාවල් ඕන තරම් තිබුනා..