ජීවතයම වූ ආදරය.. Daily Updating

Mrs Genius

Member
Apr 4, 2011
278
14
0
With genius89
9 කොටස

මට තිබුන සැකේ නිසා මට දැනගන්න ඕන වුනා මේ කතා කරන්නේ ඇත්තටම කෙල්ලෙක්ද? නැත්නම් අරුගේ වැඩක්ද? නැත්නම් පවිත්රාගේ අලුත් පියවරක්ද කියල...

මං මැසේජ් කළා මට ඔය එක්ක කතා කරන්න ඕන ෆෝන් එක ගන්න නැත්නම් මං මේ සිම් එක අයින් කරනවා කියල. එට පස්සේ මං කෝල් කලාම ආන්සර් කළා මං කතා කලාම ලස්සන ගෑනු කටහඬක් ඇහුනා, මට දැන් තියන්නත් ලෝබයි.. කොහොම හරි විනාඩි 2 ක විතර කතා කරලා තිබ්බා.. කතා කලාට අපි දෙන්නම හිටියේ ගොළු වෙලා..

ටික දවසක් යනකොට අපි මාර විදියට ලං වුනා, මං කිව මං ඔයාව හම්බෙන්න එන්නම් කියල එත් ඒකට එයාගේ කැමැත්තක් තිබුනේ නෑ. කොහොම හරි ඔහොම සති 3 ක විතර ගියා එයාගේ ගතිගුණ හොඳයි කියල මට හිතුනා මට ගොඩක් ආදරෙත් හිතුනා.. දවසක් අපි රෑ 12 විතර වෙනකල් මැසේජ් කළා ඔය අතර මං මගේ අදහස හෙමිට දැනෙන විදියට මැසේජ් කළා ඒවාට ආව පිලිතුරුත් සතුටුදායක ඒවා.. :D:D ඊට පස්සේ මං එයාගෙන් ඇහුව මට ආදරෙයිද කියලා..

කට්ටියටම හිතෙනවා ඇති මාර බොලදයිනේ මු. දැකලවත් නැති කටහඬ විතරක් අහපු කෙල්ලෙක්ට ආදරේ කරනවා කියල.. මටත් හිතෙනවා ඒක මහා බොළඳ වැඩක කියල.. එත් ඉතින්.............

itin eetapasse...............;);););););)
 
genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
11 කොටස

එයා කොහොම හරි මගේ හිත හැදෙන්න මැසේජ් කරලා මාව ගෙදරට පරිස්සමෙන් යැවුවා. එත් කොහොමද මං හිත හදාගන්නේ.. මට නම් කරකියාගන්න දෙයක් නැතුව හිටියේ.. මං මාර මාර ඒවා කියල මැසේජ් කළා.. මං කියපු දේවල් වලට එයා බය වෙලා හිටියේ.. ඔහොම එදා පාන්දර 1.30 විතර වෙනකල් මං යන එන මං නැතුව හිටිය, ඔය අතරේ පාන්දර 2 ට විතර මගේ ෆෝන් එකට කෝල් එකක් ආවා හන්සිකගේ ගෙදරින්.. :shocked::shocked:

මං බැලුව මේ පාන්දර කොහොමද මේ නම්බර් එකෙන් කෝල් එන්නේ කියල.. මං ආන්සර් කලාම හංසිකා කතා කලේ, එය ඇහුව මං මොකක් හරි ප්‍රශ්නෙකද ඉන්නේ කියල.. මං ඇහුව ඔයා කොහොමද දන්නේ කියල.. ඒවා වැඩක නෑ කියල මෙයා මගේ හිත හැදෙන්න කතා කලේ ඔක්කොම දේවල් දන්නවා වගේ..

පස්සේ මං කල්පනා කළා හංසිකා කොහොමද මේ දේවල් දන්නේ කියල.. ඒ වෙලාවේ මට හිතුනේ අරයා හන්සිකගේ යාලුවෙක් එයාට මං ගැන කියල උදවු ඉල්ලගන්න ඇති කියල.. ඔය අතරේ හංසිකා මට නිතරම කතා කළා, හිත හැදුව, මං එයාටත් කිවේ මං මුළු ජීවිතේටම එක පාරයි ආදරේ කරන්න හිටියේ දැන් ඒ එක පාර ඉවරයි ආයි මට වෙන කෙනෙකුට දෙන්න ආදරයක් නෑ කියල..

මේ කතාවේ තිරය පිටුපස තවත් හාත්පසින්ම වෙනස් කතාවක් තියනවා.. ඒ කොටස ඊලගට බලාපොරොත්තු වෙන්න..:yes::yes:
 
genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
12 කොටස

හංසිකා කියන්නේ බොහොම පිරිසිදු හිතක් තියන, කෙලින් වැඩ කරපු කතා කරපු කෙල්ලෙක්. එත් එයාට එකම එක වැඩක තිබුන කෙලින් වැඩ කරන්න බැරි..

2003 පලවෙනි වතාවට ගණන් ක්ලාස් එකට ආපු කොල්ලව දැක්කම එයාට එයාගේ ඇස් අහකට ගන්න බැරි උනා.. ඇස් විතරක් නෙමේ හිතත් ඒ කොල්ල ලග නතර වෙලා..:love::love: එත් මොනවා කරන්නද අමුතු ගති තියන කෙනෙක්, වැඩි කතා බහක් නෑ, යාලුවෝ වැඩිය නෑ, මෙච්චර එක ගමේ හිටියත් පාරකදී හම්බුනත් මුණ බලල හිනා වෙන්නේ නෑ.. එත් මේ ගතිගුණ වලට එයාගේ හිතේ ලොකු කැමැත්තක් තිබුනා..

පේන විදියට නම් කෙල්ලෙක් යාලු වෙලත් නෑ, ඒක නම් හිතට සහනයක් උනා. එත් කෙල්ලෙක් එක්ක යාලුවෙන්න ඕනෑකමක් තියන බවක් පෙනුනෙත් නෑ, ඒක තමා එයා කොච්චර කෙලින් කතා කලත් කෙලින් කතා කරන්න බැරි එකම හේතුව වුනේ..

හන්සිකගේ යාළුවා අනු මේ හැමදේම දන්නවා, මේ දෙන්නම කාත් එක්ක වත යාලු වෙලා හිටියේ නෑ එත් අනුට නම් ලොකු අමාරුවක් තිබුන.. ඒ කොල්ලෙක් එක්ක යාලු වෙන්න නෙමෙයි කැමති වගේ පෙන්න පෙන්න කොල්ලෝ අවුස්සන එක.. හංසිකා මේ වගේ වැඩ වලට එච්චර කැමැත්තක් තිබුනේ නෑ.. ඔහොම යන අතරේ චතුරංග හොස්පිටල් ඉන්නවා කියල අනු හංසිකා මාර්ගෙන් දැනගත්තා..
 
genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
13 කොටස

අනු හන්සිකාට හොඳ අදහසක් දුන්නා.. "උඹට අවුල තියෙන්නේ චතුරංග එක්ක කෙලින් කතාකලොත් කැමති වෙන්නේ නැති වෙයි, උඹල 2 වගේම උඹලගේ පවුල් වලත් ප්‍රශ්න ඇති වෙයි කියන එකනේ..මං ඕකට වැඩක කියන්නම්, අපි හංසිකා වෙනුවට වෙන කෙනෙක් දාමු ඊට පස්සේ චතුරංග මොන වගේ කෙනෙක්ද බලමු" කියල.. ඊට පස්සේ හංසිකාට අනු ෆෝන් එකකුත් හොයල දුන්නා.. හංසිකා ඒක ගෙදර ගෙනාවේ හොරෙන්,

එයාගේ අම්මයි තාත්තයි දෙන්නම් ශ්‍රී ලංකා යුධ හමුදාවේ සේවය කරපු අය. එයාට හිටියේ තව නංගි කෙනෙක් විතරයි.. හංසිකා පොඩි කාලේ ඉඳලම හැදුනේ බොහොම දරදඩු නීති දාපු වට පිටාවක.. පොඩි වරදකටත් තාත්තාගෙන් ගුටි කන්න වුනා.. පොඩිම කාලේ හිටියේ හමුදා කොවාටස් වල ඊට පස්සේ කොළඹ, අම්මා හමුදාවෙන් අයින් උනාම එයාල කුරුණෑගලට ආවා ගෙයක් හදාගන. පොඩි කාලේ ඉඳලම හුරුබුහුටි හුරතල් පෙනුමක් එයාට තිබුන. පෙනුම වගේම හුරතල් වෙන්න, අනිත් අයගේ ආදරය ලබන්න ආස වුනා.. එත් එයා බලාපොරොත්තු උන ආදරය 100% ගෙදරින් ලැබුනේ නෑ..

ගෙදර තියන නීති නිසා එයා හොදටම දන්නවා ෆෝන් එකක් ගත්තත් ගෙදර තියාගන්න වෙන්නේ නෑ කියල.. ඒත් චතුරංගට තියන ආදරය නිසා තමුන්ගේ ආදරයේ පලවෙනි අබියෝගය එය බාර ගත්තා..
 
h_abeysinghe

Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    අපෝ... 500 ක් විතර කතාව බලල තියනවා එත් කමෙන්ට්ස් නෑ.. :growl::growl::growl:
    :lol::lol:හරිනෙ ඉතින් :D :lol::lol: දැන් මන් ම විතරක් 100 පාරක් වගෙ බැලුවා :lol::lol: මොකද හැම තිස්සෙම බලනවා අලුත් එකක් දලා ද කියලා:lol::lol: එ වගෙම ම තමා අනිත් අයත් :P අනික මෙකෙ ඉන්නවා නෙ guest ලා :D එයාලා නිකන් බලලා යනව :D එ වගෙම thread එක homepage එකට ගියාම එක දකින අය එ මොකද්ද කියලා බලනවා නෙ ;) එතකොට එයාලට කියවන්න බැරි/වෙලාව මදි/අකමැති/ ඔය වගෙ හෙතු නිසා පස්සෙ නිකන්ම close කරනවා :D එත් මෙක එහෙම හරි කියවනවා නෙ :D ඉස්සරහට හොදට කමෙන්ට්ස් ඓ :yes::yes: දිගටම ලියන්න
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    14 කොටස

    චතුරංග හොස්පිට්ල් එකෙන් ගෙදර එක්කන් එනකොට හංසිකා දැක්කා, එයා අම්මට කතා කරලා චතුරන්ගලගේ ගෙදර යමු කියල බලෙන් වගේ අම්මවත් ඇදගන චතුරංගගේ ගෙදර ගියේ එයාගේ මුණ ටිකක් බලාගන්න.

    ඊට පස්සේ හවස් වෙනකොට එයාගේ කාමරේට වෙලා පාඩම කරනවවාගේ ඉඳගන චතුරංගගේ ෆෝන් එකට මිස්කෝල් එකක් ගහල මැසේජ් එකක් යැවුවේ..

    දැන් කට්ටිය බලයි හන්සිකාට කොහෙන්ද චතුරංගගේ නම්බෙර් කියල.. 2007 පෙබරවාරි මාසේ දවසක චතුරංග හම්බුන වෙලාවේ ක්ලාස් ගැන දෙන්න කතා කර කර හිටියා ඒ වෙලාවේ පස්සේ විස්තර අහගන්න චතුරංග එයාගේ නම්බර් එක හන්සිකාට දුන්නා එදා දුන්න නම්බර් එක හංසිකා තියාගන හිටියේ.

    ඔය විදියට ඊලට වුන දේවල් කට්ටිය දැන් දන්නවා.. කල යනකොට හංසිකා තේරුම ගත්ත චතුරංග කොහොම කෙනෙක්ද කියල.. ඒත් ඒ වෙනකොට පරක්කු වැඩියි.. හන්සිකාට තේරුණා චතුරංග තමුන්ට නෙමේ අර ෆෝන් එකෙන් මැසේජ් එවන කෙල්ලට ආදරේ කරන්නේ කියල.. මේ වෙනකොට මෙහෙම දෙයක් වෙයි කියල අනු හිතුවෙත් නෑ.. මේ නිසා අනු හන්සිකාව මගාරින්න ගත්ත. අන්තිමට හන්සිකට වුනේ මේ ප්‍රශ්නෙට තනියම උත්තර හොයන්න.. තමුන්ව මේ තැනට දාපු යාලුවත් දැන් මගාරිනවා.. චතුරංගගේ ජීවිතේ ගැන වගකීම 100% දැන් තමුන්ගේ පිට වැටිලා කියල තේරුනා, හන්සිකාට ඕන උනේ ෆෝන් කෙල්ලව චතුරංගගේ ජීවිතෙන් ඈත් කරන්න එහෙම කරන්න එයා කරපු දෙයින් වැඩේ තවත් බරපතල වුනා.. මේ ඔක්කොම නිසා හංසිකා හොදටම අසරණ වෙලා හිටියේ..
     
    • Like
    Reactions: Sachchaka

    :yes::yes::yes::yes::lol::lol::lol::lol::yes::yes::yes:
     
    :shocked::shocked::eek::(:(අක්කියා ගැන පව් කියලත් හිතෙන්වා
    ඉකමනට ඉතුරු ටිකත් දාන්න :D
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    15 කොටස

    චතුරංග මැරෙනවා කිවම හන්සිකට බය හිතුනා එක තමයි මහරෑ ඕන දෙයක් වෙන්න කියල කතා කලේ..

    මේ වෙනකොට චතුරංග ට හංසිකා හෙමිට දැනෙන්න ඇරලා තිබුනේ දිගටම ෆෝන් එකට මැසේජ් මිස්කෝල් දුන්නේ, කෝල් කරලා කතා කලේ හන්සිකාම තමයි කියල.. මේ දේ අවසානයක් වෙන්නේ නෑ.. චතුරංග තමුන්ට කැමති වෙන පාටක් නෑ.. හංසිකා අනතවත් තේරුම් කළා ඔයා ඒ ආදරය කරපු කෙනා මං කියල.. ඒත් වැඩක වුනේ නෑ.. අවසාන වශයෙන් හංසිකා 2007 ජුලි 6 හවස මට කෝල් එකක් දුන්නා.. මාත් එක්ක ටිකක් වෙලා කතා කරලා කිව "මං ආයි ඔයාට කරදර කරන්නේ නෑ.. ඒත් මං ඔයාට අන්තිමට කියන්නේ මට ආදරේ කරන්න නෙමේ, කවදා හරි ඔයා ආදරේ කරන්න කෙනෙක් හොයාගන්නකොට ඔයා ආදරේ කරන කෙනෙකුට වඩා ඔයාට ආදරේ කරන කෙනෙක් හොයාගන්න, මං ආයි ඔයාට කරදර කරන්නේ නෑ, බුදුසරණයි" කියල

    එදා මුළු රෑම මං ඔය කතාව ගැන කල්පනා කළා, මට තිබ්බ ගැටළු 2 ක් තිබුනා ඒ තමා හංසිකා මට හිටපු එකම, හොඳම යාළුවා. අනිත් එක මං උස වුනාට මහත නෑ.. ඒ කාලේ බර තිබ්බේ කිලෝ 46යි. (දැන්නම් කිලෝ 67ක් තියනවා :lol::lol:) හන්සිකයි මායි ගත්තම මං ඉරටුවක් වගේ.. එහෙම නොගැලපීමක් තියෙද්දී මං එයාට කැමති වෙන්නේ කොහොමද කියල.. මං මුළු රෑම මාත් එක්කම තර්ක කළා.. මොකද ෆෝන් කෙල්ලට ආදරේ කලේ එයාව දැකල නෙමේනේ.. ආදරේ කරන්න ඕන වෙන්නේ බාහිර පෙනුමත් නෙමේනේ.. ඊටත් වඩා.. එදා රෑ මට හන්සිකාගේ කටහඬ අහපු නැති එක ලොකු අඩුවක් වගේ දැනුනා.. මේ හැමදේම නිසා ජුලි 7 හවස වෙනකොට මට හංසිකා නැතුව මගේ ජීවිතේ ඉදිරියට ගෙනියන්න බා කියන එක 100% ම දැනිල තිබුනේ.. මං එයාට මැසේජ් එකක් යැවුවා දිලිවර් වුනේ නෑ.. මොකද එයා ෆෝන් එකක් ගත්තේ මට කතා කරන්න, මැසේජ් යවන්න, මාත් එක්ක කතා නොකරනවා නම් එයාට ෆෝන් එක ඕන නැති නිසා එක ඕෆ් කරලා පහුවෙනිදා විකුනන්න දෙන්න තියාගන ඉඳල තියෙන්නේ.. පස්සේ මං එයාලගේ ගෙදරට කතා කරලා කිව ෆෝන් එක ඔන් කරන්න කියල.. මං මැසේජ් කළා රෑට කතා කරන්න ඕන කියල.. මං රෑ 11 ට එයාට කෝල් එකක් දුන්න එතකොටම එයා ෆෝන් එක ආන්සර් කළා..... :nerd::nerd:
     
    Last edited:
    • Like
    Reactions: rpsnandana

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    15 කොටස

    එදා මුළු රෑම මං ඔය කතාව ගැන කල්පනා කළා, මට තිබ්බ ගැටළු 2 ක් තිබුනා ඒ තමා හංසිකා මට හිටපු එකම, හොඳම යාළුවා. අනිත් එක මං උස වුනාට මහත නෑ.. ඒ කාලේ බර තිබ්බේ කිලෝ 46යි. (දැන්නම් කිලෝ 67ක් තියනවා :lol::lol:) හන්සිකයි මායි ගත්තම මං ඉරටුවක් වගේ.. එහෙම නොගැලපීමක් තියෙද්දී මං එයාට කැමති වෙන්නේ කොහොමද කියල..

    දිගටම දාන්න යාලු... හිතට වදින විදිහට ලියල තියනව,,,,

    ඒත් මම ඔය උඩ තියන ඉකට එකගනෑ යාලු... මගෙ බර කිලෝ 95
    මගෙ කෙල්ලගෙ බර කිලෝ 46...

    පොඩි පොඩි පර්ශ්න ඈති උනත් අවුරුදු 3ක් විතර අපි දෙයියන්ගෙ පිහිටින් තාම හොදට ඉන්නව