ජීවත් වෙමුද අදවත්!
ඊයෙ රෑ කී දෙනෙක් හැප්පිලා මැරෙන්න ඇතිද?

හාට් ඇටෑක් හැදෙන්න ඇතිද?

නින්දෙන් මැරෙන්න ඇති.
ලෝකෙ පුරා ලක්ශ ගානක් මිනිස්සු එහෙම මැරෙන්න ඇති.
ඒත් උඹත් මමත් මැරුනෙ නැහැ.

අද දවසෙ ප්‍රශ්න දාහක් ඇති උබේ ඔලුවෙ.
ඒත් උඹව ඊයෙ දවසෙ මරන්නෙ නැතුව මේ සොබාදහම අද වෙනකං උඹව අරන් ආවා. ඒත් අද දවස සමහර විට උඹ මේ ලෝකෙ දකින අන්තිම දවස වෙන්න පුලුවන්.....
කරන්න දෙයක් නැහැ පුතේ. අන්න අන්න මාරයා මිස් උනා නේද? බස් එකක් කන ලගින් ගියා නේ?
ගෑනිව ඉඹල එන්නෙ බැරි උනා නේද උදේ? ඇත්තටම ඒක අමතකම වෙලා ගිහින් නේද දැන්.
ලමයින්ට කතා කරන්න අමතක උනා නේද? ඔක්කොම එක්ක වාඩි වෙලා කෑම කෑවෙ නැහැ නේද කාලෙකින්.
නානකොට පිට ඇතිල්ලුවෙ නැහැ නේද ගෙදර ගෑනිගෙ කෑලෙකින්?

අහසෙ තරු දැක්කද?

ඉර පායනවා දැක්කද?

හද දක්කද?

කට්ට කරුවල දැක්කද?

මොන ලබ්බක්වත් තොපිට පේන්නෙ නැහැ. දුවනවා.... දුවනවා....
නැවතිලා බලාපල්ලා.

ගේ ඉස්සරහ කෑම ටිකක් දාපල්ලා කුරුල්ලෙකුට. කිච් බිච් කියයි උන් පවුල් පිටින්.
ගෙදර බල්ලට කතා කරපන් මූනු පොතේ නොදකපු බැල්ලියන්ට කතා නොකර.
කකුල් දෙක ලග ජීවිතේ දැවටෙනවා යකෝ.
උබලා ඔක්කොම ජීවිතේ තට්ටමට තියලා බැදගෙන ඉස්සරහට දුවනවා හොය හොයා. සෙන්ටි ගාගෙන ගූ හුජ්ජ පැකට් සුවද වෙන්න හදනවා.
ඔක්කොම කරලා ජීවත් වෙන්න හදන්නෙ කවදද?
පනහෙන්. පනස් පහෙන් . හැටෙන්... එහෙමද ආසා....
අද දවස කල් දාන්න එපා ගොනෝ.
හෙට කියලා දවසක් නැතුවම ජිවිතේ ඉවර වෙනවා සහෝදරයා.
හෙට දවස එනකන් උඹ බලන් නොහිටියට මාරායා උඹව අදම අරන් යනවා දවසක මල්ලියෝ.
අනික් හැමෝටම හෙටක් තියේවි. ඒත් උඹ අද මිය යාවි.
මරනයේ වගකීම දරා ගත් යුත්තේ මියැදෙන්නා මිස ජීවත් වන්නවුන් නොවේ.
එනිසාම සියල්ලෝම ජීවත් වෙයි පෙර සේම. මතකය ඈත්ව යයි ඉක්මනින්ම උඹ ගැන.
ගිනිසීරියා මල් මහ කන්නයේ පිපෙන විට, පැරකුම් සමුදුර වාන් දමන විට ඒ වියලුනු ආදර හදවත් ආයෙත් දලු ලාවි ඉදිරි අනාගතය වෙනුවෙන්.
මලවුන් වෙනුවෙන් මියැදෙන්නන් නැහැ මචං ජීවත්වන්නවුන්.
උඹේ සමීපතමයෙක් මැරිලා ඇති කවදා හරි. ඒත් උඹ මැරුනෙ නැහැ නේද ඒ වෙනුවෙන්. අනික් එවුනුත් එ වගේම තමා.
එහෙම නැතුව මේ ලෝකෙ ඉස්සරහට යන්නෙ නැහැ බොලේ.
අද ටිකක් කලින් ගෙදර යන්න.
ගොඩක් වටින දෙයක් නොවුනත් මොනවා හරි දෙයක් අරන් යන්න ගෙදර මිනිස්සුන්ට. එහෙම කියලා හැමදාම ගෙනියන පතෝල ගෙනියන්න එපා බුරුවෝ රැට්ටා වගේ.
රැවුල බාන්න ඇර උඹ කන්නාඩියෙන් උඹව දැකලා නැහැ නේද කාලෙකින්.
බලපං උඹේ හැටි. උඹ රිලවෙක් වෙලා. උඹව මේ ලෝකෙට ගෙනාවෙ මැරීගෙන ජීවත් වෙන්න නෙමෙයි යකෝ. මැරෙනකං ජීවත් වෙන්න. මේ හැම සෙල්ලමක්ම මැරෙනකං විතරමයි ඉතින්.
ආගම්, දේශපාලනය, කුල, ජාතිය, රටවල්,

බෙදෙන්න පුලුවන් හැම මගුල් විදියටම උඹලා බෙදිලා.
පන්සල් යන එකාට පල්ලිය පෙන්නන්න බැහැ. පල්ලි යන එකා පන්නසලේ එකාව මරන් කන්න හදනවා. අතේ දුරින් ඉන්න එවුන් එක්ක ගේම ඉල්ලලා දුයිශින්ත්ගෙ හොද කියනවා.
කිසිම ආගමක්, දේශපාලනයක්, කුලයක් නැති වුන දවසට මේ ලෝකෙ කොච්චර සුන්දර වේවිද.
මල් ජංගිය වැඩට ඇදලා හිල් ජංගිය ගෙදරට අදින එක නවත්තපල්ලා.

මතක තියා ගනිං අද දවස උඹේ ජීවිතේ අන්තිම දවස.

කන ගමන්, පාර පනින ගමන්, ඇවිදින ගමන්, වාඩිවෙලා ඉන්න ගමන් මැරිල වැටේවි.

මූසල කතා කියන්න එපා කියලා මට බැන්නට වැඩක් නැහැ. බලන් ඉන්නවා ඌ හැංගිලා. මාරයා....
ඔක්කොම ඉවර කරලා ගිය එවුන් කවුරුත් නැහැ. ජීවත් වෙලා ඉන්න එවුන් වෙනුවෙන් ගුනකථන කරපල්ලා. මැරුනම වලලන්න හතර දෙනෙක් ඇති බං. මැරුනම පස් දාන්න රටේ කෙරවලට යන උබලා මිනිස්සු ජීවත් වෙනකොට හැරිලාවත් බලනවද?
යහපත් දේම සිතන්න. මේ මොහොතේ සතුටින් ඉන්න. ගල් කෑවත් සතුටින් කන්න.
සතුට නිපදවන මැසිමක් මේ තුන් ලෝකේම නැත. එවැන්නක් හදන්නටද නොහැක. ඒ මැසිම උඹමයි.
කසාදෙට වහින වැස්ස මල් වැස්සය. මලගමට එම වැස්සම සොබා දහම හඩා වැටීමක් වේ.
දිනුම වෙනුවෙන් ඉකි ගසා හඩන අප පරාජය වෙනුවෙන්ද පෙරලෙමින් හඩමු. ගලන්නේ එකම කදුලුය. දරා ගන්නේ එකම හදවතය.
අද දවසේ නිර්මාපකයා ඔබය. මේ ඔබේ දිවියේ අන්තිම දවස බව මම නැවත නැවත් කියමි. මා කියන දෙය අසාපල්ලා මිනිසුනි.
සතුටින් ඉන්න. හෙට එලි උනොත් හෙටත් සතුටින් ඉන්න.

දිවිල්ල නවතන්න. ඇවිදින්න. ඔබ වටකොට සිටින්නේ හරිත වර්ණ වටපිටාවක් බව ඇවිදින ඔබට තේරේවි.

කරුවලේ නිදා ගන්න එපා. නයිට් බල්බ් එකක් අරන් යන්න. බිරිද කැමති පාටට මුල් තැන දෙන්න.

දනිය ගෝපාල හෝ ඕමාර් කායියාම් වෙන්නට බැරි වේවි. ඔබ ඔබම වෙන්න. අද වෙනකං ජිවත් කෙරෙව්වාට සොබා දහමට පිංදෙන්න. ඔබේ වාරය තවම පැමින නැත.
සිනාසෙමින් ජීවත් වෙමු. මරණයේදීත් සිනහසෙමු.
අරවින්ද හබක්කල.(I quoted from #heraliyawala #thero)
ඊයෙ රෑ කී දෙනෙක් හැප්පිලා මැරෙන්න ඇතිද?

හාට් ඇටෑක් හැදෙන්න ඇතිද?

නින්දෙන් මැරෙන්න ඇති.
ලෝකෙ පුරා ලක්ශ ගානක් මිනිස්සු එහෙම මැරෙන්න ඇති.

ඒත් උඹත් මමත් මැරුනෙ නැහැ.

අද දවසෙ ප්‍රශ්න දාහක් ඇති උබේ ඔලුවෙ.
ඒත් උඹව ඊයෙ දවසෙ මරන්නෙ නැතුව මේ සොබාදහම අද වෙනකං උඹව අරන් ආවා. ඒත් අද දවස සමහර විට උඹ මේ ලෝකෙ දකින අන්තිම දවස වෙන්න පුලුවන්.....

කරන්න දෙයක් නැහැ පුතේ. අන්න අන්න මාරයා මිස් උනා නේද? බස් එකක් කන ලගින් ගියා නේ?ගෑනිව ඉඹල එන්නෙ බැරි උනා නේද උදේ? ඇත්තටම ඒක අමතකම වෙලා ගිහින් නේද දැන්.

++