ජීව්තේ වෙනස් කරපු අත්දැකීම මොකක්ද

slx

Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    061016_srilanka_hmed_830a.grid-6x2.jpg

    මේ සිද්ධිය වුන දවසේ මමත් ඔතන (Digampathana Blast - 2006) ඉන්න නියමිතව තිබුනා.. නමුත් වෙන කොල්ලෙකුගේ
    වැඩක් කරන්න කරන්න තිබුනු නිසා කවදාවත් ප්‍රමාද නොවුනු මම එදා ප්‍රමාද වෙලා ගියේ.. යන්න වුනේ නැහැ, එතනට යන්න කලින් නිවුස් එක ආවා blast එකක් වුනා කියලා.. ඌයි මමයි දෙන්නම අද ජිවතුන් අතර

    2013 මගේ Incharge එක්ක වලියක් දාගෙන Job එක එපා වුන තත්වයට ආව. 2016 මම අයින් වුනා..
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,005
    5,305
    113
    තොටිල්ලේ
    මතක විදිහට 2017 පොසොන් පෝයට වෙනද කවදාකවත් අහල නොතිබුන විදිහෙ බණක් අහන්න ලැබුන. ඒකත් එළකිරි එකේ කව්රු හරි පින්වන්ත මනුස්සයෙක් දාපු පොස්ට් එකක්. කව්ද කියල මතක නැහැ. හැබැයි එතුමාට පින් සිදු වේවා. ප්‍රයෝගික ජිවිතේ ඇතුලෙ නිවන් දකින ධර්ම මාර්ගය වඩන්නේ කොහොමද කියන දේ සම්බන්ද ඒ වෙනකන් තිබුන ධර්ම ගැටළු වලට උත්තර ලැබුන. නිවන කියන්නෙ මොකද්ද කියන දේ තේරුණා. එදා ඉඳල ජිවිතේ එතෙක් තිබුන අරමුණු වෙනස් උනා. අද වෙනකොට ඒ මාර්ගයෙ මගේ ගමන යමින් ඉන්නව.

    apitath dammanam balanna
     
    • Like
    Reactions: sannsa

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ටර්නින් පොයින්ට් නම් තියෙනවා...එකක් දෙකක් වගේ..මේ සමහර උන් දාල තියෙන ඒවා ටර්නින් පොයින්ට් නෙමෙයි ඒවා ජීවිතේ පලවෙනි වතාවට හෝ අහම්බෙන් වෙන විශේෂ සිද්ධි...ඒවා ඇවිල්ලා මයිල්ස්ටෝන්ස්..ටර්නින් පොයින්ට් නෙමෙයි...ටර්නින් පොයින්ට් එකක් නම් ජීවිතේ එතනින් වෙනස් වෙන්න ඕනේ...හොදට හෝ නරකට...ඒ සිද්දිය නිසා එතනින් එහාට ජීවිතේ තමන්ගේ ගිය මාර්ගය නැතුව වෙන මාර්ගයක ගිහින් තියෙන්න ඕනේ...ඒ කියන්නේ එදා ඒ සිදුවීම් උනේ නැත්තම් අද මම මෙහෙම නෙමෙයි ඉන්න ඕනේ වගේ සිද්දි...

    මට එහෙම පලවෙනි වතාවට උනේ 2009..මාත් එක්ක සෑහෙන්න එකට හිටපු පවුලේ ලොකුම බැදීමක් තිබුන මගේම අයියා suicide කරගත්තා...මේක මන් හිතන්නේ නැහැ මෙහෙම කිව්වට තව මනුස්සයෙක්ට තේරෙයි කියල..එක මාරම විදිහට දරාගන්න අමාරු දෙයක්..මට එතකොට 16යි..ඕලෙවල් කරලා ඉවර උනා විතරයි..මා එක්ක දවල් කතා කර කර ඉදල ගියේ...මම නිකමට වත් හිතුවේ නැහැ එහෙම දෙයක් වෙයි කියල......මාව ඒ සිද්දියෙන් මාර විදිහට වැටුනා..මන් විතරක් නෙමෙයි අපේ පවුලම මානසිකව වැටුනා..අම්මට පිස්සු වගේ..ගෙදර හෙනම මූසලයි..පාලුයි..සින්දුවක් ඇහෙන්නේ නැහැ..මිනිස්සු ඔහේ ඉන්නවා..හිස් ගෙයක් වගේ...ජීවිතේ සැහෙන්න නෙගටිව් විදිහට වෙනස් වුනා..මම ඕලෙවල් හොදටම පාස් උනා..මම සාමන්යෙන් හොද මීටර් එකක්..එත් ඒ සිද්දියෙන් මට කිසි දෙයක් ගැන උනන්දුවක් නැති උනා..නිකන් ඔහේ කාලකන්නියෙක් වගේ ජීවත් උනා..අම්මලත් ඔහේ ඉන්නවා..මමත් ඔහේ ඉන්නවා...ඊට පස්සේ ඒ ලෙවල් වලට මම මැත්ස් කරා මට රිසල්ට්ස් තිබ්බ නිසා...එත් කිසි පාඩම් වැඩක් වත් මොකක්වත් කරේ නැහැ..සමහර දවස් වලට මම ඉස්කෝලේ ගිහින් බැල්කනි එකෙන් එලිය බලාගෙන ඉන්නවා..ඉස්කෝලේ වැඩ කරලා නැහැ..පාඩමක් දන්නේ නැහැ...සමහර වෙලාවට මට ජීවිතේ නැති කරගන්න හිතිලා තියෙනවා..එහෙම එලිය බලාගෙන කල්පනා කර කර ඉන්නකොට නිකන්ම කදුළු වෙනවා මොනවද මේ උනේ මොන කාලකන්නි ජීවිතයක්ද මම ගෙවන්නේ කියල..හිතන පතන විදිහ සෑහෙන්න වෙනස් උනා මේ සිද්දිය නිසා..එකට යාළුවො කියල හිටපු උන්ගෙන් එකෙක්වත් මගේ ඇහේ තිබ්බ කදුළු දැක්කේ නැහැ :) එකම එකෙක් ඇරෙන්න...ඌ විතරයි මගේ ලගට ඇවිත් මොකක්ද මචන් අවුල, කතා කරපන් කියල කතා කරේ..අදටත් ඒ යාළුවො ඔක්කොම ඉන්නවා..එත් ඉතින් කවුද යාළුවා, කවුද එහෙම නැත්තේ කියන දේ ගොඩක් ඉගෙනගත්ත...එදා ඉදන් මට යාළුවො කියල උනුත් නැහැ..ආශ්‍රය කරනවා...යාළුවො නෙමෙයි හැබැයි..මේ තමයි පලවෙනි ටර්නින්ග් පොයින්ට් එක...

    ඊට පස්සේ දෙවෙනි එක..ඒ කාලේ ෆෝන් එකක් ගත්තා ඊට පස්සේ මම..එකෙන් මම වැප් සයිට් වලට යන්න පුරුදු උනා..කාලේ ගෙව්වේ ගොඩක් ඒවායේ...ඔන්ලයින් යාළුවො, කෙල්ලෝ සැහෙන්න සෙට් උනා..කතා කරා, කෝල් ගත්ත..ඕව තමයි කරේ...මට පොඩි කාලේ ඉදලම වෙබ් සයිට්ස්, programming ගැන උනන්දුවක් තිබ්බ..එත් උඩ කියපු සිද්දිය නිසා ඒ ඔක්කොම නැති වෙලා තිබ්බේ...එත් ෆෝන් එක අරන් වැප් සයිට් වලට යන්න ගත්තම මට හිතුනා මටත් එකක් හදන්න ඕනේ කියලා..මේ ඒ ලෙවල් කාලේ..මම ස්ක්‍රිප්ට් එකක් හොයාගෙන තනියෙන් කෝඩ් එක කියවල එක මොඩිෆයි කරගෙන මගේම එකක් හදල පබ්ලිෂ් කරා...එකට සැහෙන්න මෙම්බර්ස්ලත් හිටියා...ඊට පස්සේ ඉතින් ජීවිතේ ගෙවුනේ ඕව එක්ක..

    ඊට පස්සේ මම පොඩි කාලේ ඉදල ට්‍රයි කරගෙන හිටපු ගර්ල් ව සෙට් උනා...එතනින් ආයේ ජීවිතේ හොද අතට හැරෙන්න ගත්ත...එතකොට මම ජොබ් එකක් කරනවා..
    ආයෙම එක වෙනස් උනේ මම පළවෙනියට කර කර ඉදපු ජොබ් එක දාල, අඩු පඩියට අමාරුවෙන් හොයාගත්තු ට්‍රේනී සොෆ්ට්වෙයා ඩිවලොපර් කියන ජොබ් එකට ගියාම..එතනින් මම මගේ ඩ්‍රීම් ජොබ් එකට පැනගත්ත..එහෙම අමාරුවෙන් කරගෙන ඉදල ඉන් පස්සේ එක පාර ලොකු ගැප් එකක් එක්ක සාපේක්ෂව ලොකු පඩියකට වෙන කම්පැනි එකකට ජොයින් උනා..ඒ ජොයින් වෙන එකත් ලේසි උනේ නැහැ..වැඩ කරගෙන හිටපු කම්පනියෙන් යන්න එපා අරක මේක කියල සැහෙන්න ස්ට්‍රෙස් කරා..මම රිස්ක් එක අරන් එතනින් ගියා..ඒ ගිය එක සැහෙන්න හොද දෙයක් උනා...ලොකු මොරාල් බූස්ට් එකක් ආව....ඉන් පස්සේ යාලුවෙක් කියල එකෙක් මට ඌ වැඩ කරපු කම්පනියට එන්න කියල කිව්වා...සැලරි එකත් තිබ්බට වැඩිය එකක්...ගියාමයි දන්නේ එක පාඩු ලබල වහන්න යන එකක් කියල...යාළුවො විස්වාස නොකරගෙන ඉදල අන්තිමේ ආයේ අහු උනා...ඌ තනියෙන් ගිලෙන්න අකමැති කමට උගේ නැවට මාවත් ගෙන්න ගත්ත කියල එතැන් වැඩ කරපු HR එකෙන්ම මට කිව්වා...තව මොනවද...මට පඩි හම්බ්නෙත් නැහැ අන්තිමේ...මේකත් ටර්නින්ග් පොයින්ට් එකක්...මම හිටපු කම්පනියේ හිටියා නම් මම මේ වෙද්දී සැහෙන්න දුරක් ගිහින්...අතන හිර වෙලා හිටිය නිසා මට ප්‍රොමෝෂන් හිර උනා...සැලරි ඉන්ක්‍රිමන්ට් හිර උනා...ඒ මම ගත්තු මොඩම තීරණයක්..ඉන් පස්සේ එකෙන් වෙන ජොබ් එකකට මාරු උනා..දැන් ඉතින් ඉන්නවා මෙහෙම..

    ඉස්සහරට මොනවා වෙයිද දන්නේ නැහැ...:)

    උඹට ඉස්සරහට හොඳ වෙයි මචං බය නැතුව ඉඳපන්. මගේ ජිවිතෙත් චිත්‍රපටියක් වගේ මහා පුදුම අවස්ථාවල් තියනවා. නමුත් මම හොඳටම තේරුම් ගත්ත දෙයක් තමයි අමාරුකම් හැම එකකම වගේ පණිවිඩයක් තියනවා. මේවගෙන් අපිට පන්නරයක් තමයි හම්බෙන්නේ.
    එකක් අවන්කවම කියන්න ඕන. ඒ හැම වෙලාවකම බුදු දහම නිසා තමයි මම කෙළින් කටින් හිටියේ. අමාරු අවස්ථාවක අපට දෙන පණිවිඩය තේරුම් ගන්නනං බුදු දහම හදාරා තිබීමත් ඒ අනුව ජීවත් වෙන එකත් වැදගත්.
    මටත් යාලුවෝ විතරක් නෙවෙයි ලඟම හිටපු අයත් ඇරලා තියෙනවා. හැබැයි ඒ කාටවත් මගේ බිංදුවක තරහක් නැහැ. මම ගොඩක් උඩ ඉඳං අන්ත පහළට වැටිලා තියනවා. ඒ උනත් මම ඉගෙන ගත්ත පාඩම තමයි අමාරු කාලවලදී උනත් තමන්ගේ වටිනාකම් යටකරගන්න හොඳ නැහැ. අමාරු උනත් වැඩි වැඩියෙන් පින් කරන්න ඕන කියන එක.
    මගේ අත්දැකීම් තියනවා ඔය දේවල් නිසා නූලෙන් බේරුණු.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මතක විදිහට 2017 පොසොන් පෝයට වෙනද කවදාකවත් අහල නොතිබුන විදිහෙ බණක් අහන්න ලැබුන. ඒකත් එළකිරි එකේ කව්රු හරි පින්වන්ත මනුස්සයෙක් දාපු පොස්ට් එකක්. කව්ද කියල මතක නැහැ. හැබැයි එතුමාට පින් සිදු වේවා. ප්‍රයෝගික ජිවිතේ ඇතුලෙ නිවන් දකින ධර්ම මාර්ගය වඩන්නේ කොහොමද කියන දේ සම්බන්ද ඒ වෙනකන් තිබුන ධර්ම ගැටළු වලට උත්තර ලැබුන. නිවන කියන්නෙ මොකද්ද කියන දේ තේරුණා. එදා ඉඳල ජිවිතේ එතෙක් තිබුන අරමුණු වෙනස් උනා. අද වෙනකොට ඒ මාර්ගයෙ මගේ ගමන යමින් ඉන්නව.
    apitath hoyala deepan
     
    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    මගේ ජීවිතේ විතර උඩු යටිකුරු වෙච්ච තවත් එකෙක් මුළු ලංකාවෙම නැතුව ඇති. ඕවා කිවුව කියල කිසිම කෙනෙක් විශ්වාස කරන්නෙ නෑ (හින්දි ෆිල්ම් එකකවත් වෙන ඒවා නෙමේ සැබෑ ජීවිතේ වෙලා තියෙන්නෙ). ඒ හින්ද කියල වැඩක් නෑ.
     
    sannsa

    Well-known member
  • Dec 4, 2018
    427
    1,584
    93
    2 ගෑනු ගොඩක් පිරිමින්ට ළං වෙන්නෙ මොකක් හරි වැඩක් කර ගන්න තමයි. නැත්නම් සල්ලි කඩා ගන්න.
    සිරා කතාව. :yes: හැමෝම එහෙම නැතුව ඇති. හැබැයි මට හම්බුන ගොඩක් එවුන් ඔය වගේ.
     
    hummingbird

    Well-known member
  • Nov 17, 2014
    1,083
    366
    83
    somewhere I belong
    උඹට ඉස්සරහට හොඳ වෙයි මචං බය නැතුව ඉඳපන්. මගේ ජිවිතෙත් චිත්‍රපටියක් වගේ මහා පුදුම අවස්ථාවල් තියනවා. නමුත් මම හොඳටම තේරුම් ගත්ත දෙයක් තමයි අමාරුකම් හැම එකකම වගේ පණිවිඩයක් තියනවා. මේවගෙන් අපිට පන්නරයක් තමයි හම්බෙන්නේ.
    එකක් අවන්කවම කියන්න ඕන. ඒ හැම වෙලාවකම බුදු දහම නිසා තමයි මම කෙළින් කටින් හිටියේ. අමාරු අවස්ථාවක අපට දෙන පණිවිඩය තේරුම් ගන්නනං බුදු දහම හදාරා තිබීමත් ඒ අනුව ජීවත් වෙන එකත් වැදගත්.
    මටත් යාලුවෝ විතරක් නෙවෙයි ලඟම හිටපු අයත් ඇරලා තියෙනවා. හැබැයි ඒ කාටවත් මගේ බිංදුවක තරහක් නැහැ. මම ගොඩක් උඩ ඉඳං අන්ත පහළට වැටිලා තියනවා. ඒ උනත් මම ඉගෙන ගත්ත පාඩම තමයි අමාරු කාලවලදී උනත් තමන්ගේ වටිනාකම් යටකරගන්න හොඳ නැහැ. අමාරු උනත් වැඩි වැඩියෙන් පින් කරන්න ඕන කියන එක.
    මගේ අත්දැකීම් තියනවා ඔය දේවල් නිසා නූලෙන් බේරුණු.

    මේ කථාව 100%ක් ඇත්ත බං. මම දැන් ඉන්නෙත් turning point එකක. හරි ගිය කාලෙක දාන්නම්
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මගේ ජීවිතේ විතර උඩු යටිකුරු වෙච්ච තවත් එකෙක් මුළු ලංකාවෙම නැතුව ඇති. ඕවා කිවුව කියල කිසිම කෙනෙක් විශ්වාස කරන්නෙ නෑ (හින්දි ෆිල්ම් එකකවත් වෙන ඒවා නෙමේ සැබෑ ජීවිතේ වෙලා තියෙන්නෙ). ඒ හින්ද කියල වැඩක් නෑ.
    kiyanna.
     
    • Like
    Reactions: D_Mad

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,782
    2,802
    113
    061016_srilanka_hmed_830a.grid-6x2.jpg

    මේ සිද්ධිය වුන දවසේ මමත් ඔතන (Digampathana Blast - 2006) ඉන්න නියමිතව තිබුනා.. නමුත් වෙන කොල්ලෙකුගේ
    වැඩක් කරන්න කරන්න තිබුනු නිසා කවදාවත් ප්‍රමාද නොවුනු මම එදා ප්‍රමාද වෙලා ගියේ.. යන්න වුනේ නැහැ, එතනට යන්න කලින් නිවුස් එක ආවා blast එකක් වුනා කියලා.. ඌයි මමයි දෙන්නම අද ජිවතුන් අතර

    2013 මගේ Incharge එක්ක වලියක් දාගෙන Job එක එපා වුන තත්වයට ආව. 2016 මම අයින් වුනා..

    Umba forces da hitiye? Officer da other ranker da? Dan mokada karanne?
     
    Last edited:
    • Like
    Reactions: D_Mad and slx

    wtsamantha

    Well-known member
  • Feb 5, 2012
    558
    525
    93
    මතක විදිහට 2017 පොසොන් පෝයට වෙනද කවදාකවත් අහල නොතිබුන විදිහෙ බණක් අහන්න ලැබුන. ඒකත් එළකිරි එකේ කව්රු හරි පින්වන්ත මනුස්සයෙක් දාපු පොස්ට් එකක්. කව්ද කියල මතක නැහැ. හැබැයි එතුමාට පින් සිදු වේවා. ප්‍රයෝගික ජිවිතේ ඇතුලෙ නිවන් දකින ධර්ම මාර්ගය වඩන්නේ කොහොමද කියන දේ සම්බන්ද ඒ වෙනකන් තිබුන ධර්ම ගැටළු වලට උත්තර ලැබුන. නිවන කියන්නෙ මොකද්ද කියන දේ තේරුණා. එදා ඉඳල ජිවිතේ එතෙක් තිබුන අරමුණු වෙනස් උනා. අද වෙනකොට ඒ මාර්ගයෙ මගේ ගමන යමින් ඉන්නව.

    ඒ බන පුළුවන් නම් හොයල දාපන් මචන් ..... පින්....
     
    Last edited: