ජීවිතය කියන්නේ මේ වගේ දෙයකි....

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ජීවිතය කියන්නේ මේ වගේ දෙයකි....

    [FONT=&quot]වෙනස සැපද[/FONT]?

    1.jpg


    [FONT=&quot]එකම අහසක් යට[/FONT], [FONT=&quot]එකම පොළවක් මත මිනිස් වරිගයේ උපන්නත් මිනිසුන්ට ජීවිතය බුක්ති විඳීමට සිදුව ඇත්තේ එකිනෙකාට වෙනස් ආකාරයෙනි. පූජකයෙක්ගේ අත්ල මත රැඳුණු මේ තරුණයාගේ අත්ල කියාපානුයේ ඒ වෙනසේ යථාර්ථයයි.[/FONT]

    [FONT=&quot]
    දෙවිවරුන් ඔවුන්මය[/FONT]


    2.jpg

    [FONT=&quot]පැය [/FONT]23[FONT=&quot] ක පමණ කාලයක් තුළ සාර්ථක සැත්කමකින් පසුව ගිමන් හරින වෛද්‍යවරයෙක්... ඔහුගේ දෑස්වල තෙහෙට්ටුව බලන්න.... ඔහුගේ සහයකයා හතරගාතයේ වැටිල නිදි... පොළව කොටන තැන[/FONT], [FONT=&quot]පාර හදන තැන පමණක් නොව වෛද්‍යවරුන් අතර ද දෙවියන් වැඩ ඉන්නවා යැයි නොසිතන්නේ ද[/FONT]?

    [FONT=&quot]
    කාලය මැවූ වෙනසක අරුමේ[/FONT]


    3.jpg

    1949[FONT=&quot] තාත්තයි පුතයි [/FONT]2009[FONT=&quot] දී ආයෙත් අත් අල්ලන් චායාරූපයකට පෙනි ඉන්නවා... හොඳින් බලන්න... එදා තාත්තගේ අතින් වාරු වුණා පුතා මෙදා වාරු කරගෙන ඉන්නේ තමන්ගේ තාත්තාවයි... එදා තාත්තගේ මුහුණේ රැඳුණු හිනාව අදත් එලෙසම තිබීමට තරම් ඒ තාත්තා වාසනාවන්තවෙලා....[/FONT]

    [FONT=&quot]
    සංගීතය සුභාවිත වන්නේ එවිටය....[/FONT]


    4.jpg

    [FONT=&quot]මේ දොළොස් හැවිරිදි දරුවා දුප්පත්කමින් පමණක් නොව යුද්ධයේ කුරිරු බවට ද හසු වුණු ගොදුරක්... ඔහු මේ කඳුඵ පෙරමින් වයලීනයක් වයන්නේ ඒ දුප්පත් කමටවත්[/FONT], [FONT=&quot]කුරිරු කමටවත් නොවේ.... ඔහුට සංගීතය උගන්වා දුප්පත්කමත්[/FONT], [FONT=&quot]කුරිරුකමත් ජීවිතයෙන් දුරින් දුරටම පළවා හැරි තමන්ගේ සංගීත ගුරුවරියගේ මරණය වෙනුවෙන් ඇයගේ දෙණ ඉදිරියේ ය....[/FONT]

    [FONT=&quot]
    ඔව්... ඔව්... මේ ඒ ඉන්දියාවෙම තමයි...[/FONT]


    5.jpg

    [FONT=&quot]මිසයිල අත්හදා බලමින්[/FONT], [FONT=&quot]රොකට් අත්හදා බලමින් පුරසාරම් දොඩන ඉන්දියාවේ නවදිල්ලියේ දසුනකි මේ... එයිඞ් අල් ෆිතර් දවසක පල්ලියක් අසල කෑම සොච්චමක් ලැබෙන තෙක් බලා සිටින මොවුන්ගේ මුහුණේ රැුඳිල තියෙන හැගීම් බලන්න.... මොවුන්ගේ ජීවිතවල සිහින වනුයේ මිසයිල[/FONT], [FONT=&quot]රොකට් නොවන බව කීමට තවත් වදන් අවැසිද...[/FONT]?



    [FONT=&quot]සන්ජීර්.... ඔබ සැබවින්ම විරුවෙකි[/FONT]

    6.jpg


    [FONT=&quot]මේ සන්ජීර් නැමති බල්ලා [/FONT]1993[FONT=&quot] මුම්බායි ප‍්‍රහාරයේ දී විශේෂ සේවයක් සලසපු බලූ වීරවරයෙකි.... ගණන් හිලව් විදියටම කියනවා නම් කිලෝ [/FONT]3,329[FONT=&quot] පුපුරණ ද්‍රව්‍ය[/FONT], [FONT=&quot]ඩෙටනේටර්ස් [/FONT]600, [FONT=&quot]අත්බෝම්බ [/FONT]249, [FONT=&quot]පතරොම් [/FONT]6406[FONT=&quot] ක් සොයා ගැනීමට උදව් කළ බල්ලෙකි. [/FONT]2000[FONT=&quot] වර්ෂයේ දී බල්ලාගේ අභාවයෙන් පසු පූර්ණ ගෞරව සහිතව අවසන් කටයුතු සිදුකළ ආකාරයයි මේ....[/FONT]

    [FONT=&quot]
    බුදු තාත්තේ බොන්න එපා....[/FONT]


    7.jpg

    [FONT=&quot]නහුතෙටම බීලා වැටිල ඉන්න තාත්තව නැගිට්ටවන්න පුතා දරන උත්සහය සංවේගජනකය.... පුතාට ශක්තියක් වී ඔහුට රැකවරණය සැලසිය යුතු වුවත් මේ තාත්තට නම් හතර ගාතෙන්වත් යා හැකිදැයි ඇත්තේ සැකයකි....[/FONT]

    [FONT=&quot]
    සැබෑ ආදරය මරණයක් ලෙසින් වුවද පැමිණිය හැක...[/FONT]


    8.jpg

    [FONT=&quot]මම ඔබට පෙම් කළෙමි.... ඔබ ද මා හට පෙම් කළ බව දනිමි.... නමුදු ඒ ආදරයේ තරම ටජ් මහලක් තනවා පෙන්වීමට අපට හැකියාවක් තිබුණේ නැත... නමුදු අප එක්ව වැළඳගෙන මරණයට මුහුණ දුන් විට සැබෑ ආදරය මේ යැයි කියා පාරම්බාන්නට ටජ් මහලටත් බැරි බව නම් සත්තයි....[/FONT]

    [FONT=&quot]
    බැඳීම පස් යට වැළලිය නොහැක...[/FONT]


    9.jpg

    [FONT=&quot]මේ ලියෝ නැමති බල්ලායි... ඌ මේ දෙවැනි දවසටත් තනි රකිනුයේ තමන්ගේ ස්වාමියා නිදන සොහොන ළගයි... ඇතැම් විට තම ස්වාමියා යළිත් නොඑතියි ඌට ඉවෙන් මෙන් දැනෙනවා ඇති... ඒත් කුමක් කරන්නද.... බැඳීම් යනු එවැනි දේවල්ය....[/FONT]

    [FONT=&quot]
    ඒකට එබුවට මේකට ඔබල නෑනේ...[/FONT]


    10.jpg

    [FONT=&quot]මේ පැපුවාවල අගනුවර ජයපුරයි... මේ කස්ටිය මේ කට ඇරගෙන බලන් ඉන්නේ කොන්ඩම් භාවිතය පිළිබඳව දැනුවත් කිරීමකටයි... කෘතිම ලිගුවකට කොන්ඩමක් දමන ආකාරය දිහා ඔවුන් බලා සිටින්නේ වික්ෂිප්ත බවකිනි... වැඩි ඈතක නෙවෙයි [/FONT]2009[FONT=&quot] වර්ෂයේ දී....[/FONT]

    [FONT=&quot]
    පි‍්‍රයයන්ගෙන් වෙන්වීම දුකකි... පි‍්‍රයයන් හා එක්වීම සතුටකි...[/FONT]


    11.jpg

    [FONT=&quot]බුදුන් වහන්සේගේ ඉගැන්වීම සනාථන දහමකි... එය බොරු යැයි කියන්නෝ කවරහුද....[/FONT]? [FONT=&quot]බැදීම් යනු අපුරු දෙයකි.... එක්වීම වෙන්වීම කවුරුන් සමග කොතැනක කෙලෙසක සිදුවේදැයි කවුරුන් දනිත්ද[/FONT]? [FONT=&quot]ඇලබාමවට ඇති වූ ටොනේඩෝවකින් මෙම පි‍්‍රයයන් දෙන්නා වෙන්වෙනවා.... නමුත් වාසනාවට ඔවුන් යළිත් එකිනෙකා හමුවෙනවා..... ඒ මිනිස් - තිරිසන් බැඳීමක් වුවත් හැගීමේ වෙනසක් නොමැති බැව් ඔවුන්ගේ මුහුණු දෙස බැලූ විට කිව නොහැකිද[/FONT]?


    pathfinder_PNG_Face.png


    Follow me (Click Here)


    :love: සහෘද ඔබ සැමට සතුට, වාසනාව හා උද්යෝගය පිරි
    සුභම සුභ නව වසරක් වේවා....!!!
    :love: