අවුරුදු ගාණක් බෙල්ල හිරවෙන්න දාගෙන හිටපු ටයි එක ගලවලා,
ඔෆිස් එකේ සීතල කාමරෙන් එළියට ඇවිල්ලා,
ලොක්කන්ටයි සොක්කන්ටයි අනෙක් හැමෝටමයි බම්බු ගහගන්න කියලා,
මහපොළොවට ඇවිත් තමන්ගෙම බිස්නස්, තමන්ගෙම ආයතන පටන් ගන්න මිනිස්සු ගැන මට අමුතු විදියේ ආදරයක් තියෙනවා...
එහෙම හුඟක් අය තමන් ගේ සුවපහසු කලාපයෙන් (comfort zone) එළියට ඇවිත් ජීවිතය එක්ක හැප්පෙන්න බය නැති මිනිස්සු...
පොඩි අවදානමක්, අවිනිශ්චිතකමක් එක්ක ජීවත් වෙන්න බය නැති මිනිස්සු...
මේ දෙකම ඇත්තට ම කරන්න පුළුවන් ජීවිතයේ ජීවය හිස් නොවුණු මිනිසුන්ට විතරයි. තමන්ව වුණත් ඕනෑවට වඩා සීරියස් ගන්නේ නැති මිනිසුන්ට විතරයි.
සමහර මිනිස්සු විනෝදාංශයක් විදියට හරි යම්කිසි අවදානමක්, අවිනිශ්චිතකමක් මුසුවුණු අත්දැකීම් (adventures) හොයාගෙන යන්නේ ඇයි කියලා හිතලා තියෙනවද? මේ අවදානමත් එක්ක එන්න ත්රාසය ජයගන්න කොට ඒ අත්දැකීමේ තීව්රතාව වැඩියි. එතකොට ඒ මොහොතේ ජීවිතය දැනෙන ප්රමාණය වැඩියි...!
-
~ ජීවිතය යළි සොයාගැනීම ~
රසික ජයකොඩි 2023
(සැප්තැම්බර් 08 සිකුරාදා සවස 06ට කොළඹ 07, බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතන (NADA) එළිමහන් පරිශ්රයේ දී ඔබ අතට)