ජීවිතේ ලස්සනයි 2

hpalpola

Well-known member
  • ජීවිතේ ලස්සනයි 2

    [FONT=&quot]ජීවිතේ කියන්නේ දැනෙන විදියට හරිම ලස්සන දෙයක්. අතක් පයක් නොකැඩි, අංගවිකල නොවී ජීවත් වෙන්න ලැ‍බිමේ වටිනාකම මිල කරන්න බෑ. හැබැයි කොයිතරම් ලස්සන වුනත් දවසක අපිට සිද්ධ වෙනවා හිස් අතින් මේ හැම දේම දාලා, කරන නරි නාටක නවත්තලා ජීවිතේට සමුදෙන්න. ඒ දවස කවදා ද, කොයි විදියට වෙයි ද, කීයට වෙයිද කියන්න අපි හරියට දන්නේ නෑ. නමුත් ස්ථිරව ම සිද්ධ වෙනවා. ඒක ලෝක ස්වභාවය. මේ දවස එනකම් අපි නොයෙක් දේ ඉගෙන ගන්නවා. ඒ දේවලින් අපි අපේ ජීවිතයේ සතුට, සැනසීම වගේම දුක සහ නොසන්සුන්කම තීරණය කරනවා.
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ඉතින් පසුගිය දවසක අපි කථා කර කර ඉද්දි මල්ලියෙක් කිව්ව ඒ අය රෑ ජාමෙක, ඒ කියන්නේ 9 ට විතර රාත්‍රියේ ප්‍රසිද්ධ විහාරයකට ගියාය, ඒත් යන්න වුනේ නැත, ගේට්ටුව වසා තිබුනේ ය කියලා. ඒ වෙලාවේ අපේ ආතා කිව්වා ඔව් ඒ වෙලාවට පන්සල් වහනවා, හොර හතුරන්ගෙන් බේරගන්න බැරිනිසාවෙන් කියලා. මේක අහද්දි මට පුදුම හිතුනා.
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]අනාථ පිණ්ඩික සිටුතුමා, අපේ බුද්ධ ශාසනයේ අග්‍රදායකයා බුදුන් දකින්න ගියෙ කරුවලේ කියලයි සඳහන් වෙන්නේ. යස කුල පුත්‍රයත් බුදුන් දකින්න ගියේ රාත්‍රියේ කියාලායි සඳහන් වෙන්නේ. දෙවි දේවතාවෝ බුදුන් දකින්න පැමිණියේ රාත්‍රී ජාමේ අහස බුබුළුවාගෙන. අදටත් අපි ඒ වගේ අවස්ථාවල් දේවතා එලි කියලා හඳුන්වනවා. ඒත් දැන් අපි පන්සලට ගියා ම පන්ස‍ලේ ගේට්ටුව වහලා.
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]කාලය ගෙවෙන්නේ හරි පුදුම විදියට. මේ මෑතක දි වාර්තා වුනා ආණ්‍යගතව වාසය කළ ස්වාමීන්වහන්සේ නමක් මොකක්දෝ පුද්ගලික ආරවුලක් නිසාවෙන් අපවත් කරලාය කියලා. ඒ තත්ත්වයට ම බෞද්ධ රාජ්‍යයේ ආශ්චර්යය වර්ධනය වෙලා. ඇත්තෙන්ම මේ මොකද වෙන්නේ? කව්ද මේවට වගකියන්නේ?
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]අග්ගඤ්ඤ සූත්‍රයේ දී බුදුහාමුදුරුවො දේශනා කරනවා කොහොම ද මනුෂ්‍යයාගේ පරිනාමය සිද්ධ වුනේ කියලා. ඒ ක්‍රියාවලිය පිළිගන්න තරම් තාමත් මිනිස්සු බුද්ධිමත් නෑ. ඒත් යම් කාලයක දි ඒ බව මිනිස්සු පිළිගනී. එතනදි බුදුහාමුදුරුවො දේශනා කරනවා තණ්හාව නිසා මනුෂ්‍යයාගේ හැකියාවන් වගේම ආයුෂයත් පිරිහෙන හැටි. කොසොල් රජතුමා දැකපු සිහිනයන් පැහැදිලි කරද්දිත් බුදුහාමුදුරුවො දේශනා කරනවා අනාගතයේ දී මනුෂ්‍ය සමාජයේ ඇති වන තත්ත්වය. ඒ කියන්නේ අද අපි අත් විඳින තත්ත්වය. කිසිකෙනකුට බෑ නෑ එහෙම නෙමේ කියන්න.
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]තණ්හාව නිසා අපේ සමාජයේ වටිනාකම් අවසන් වෙමින් පවතින බව රහසක් නෙමේ. තණ්හාව දේපලට විතරක් නෙමෙයි, ඉන්ද්‍රියන් පිනවීමටත් එක ලෙසින් අදාළ වෙනවා. අද අනුන්ගේ දේපල වංචා කිරීම් කොයි තරම්නම් තියේද. තාත්තා දුවව, සීයා මිණිබිරියව ගරුවරයා ශිෂ්‍යාව නොහඳුනන තත්ත්වයක නෙමේ ද අපි ඉන්නේ. ඕනාම තැනක වංචාව, හොරකම දකින්න පුළුවන්. ගෙදරකත් මේ තත්ත්වයම තියෙනවා දකින්න පුළුවන්. දරුවො දෙමාපියන්ගේ සල්ලි හොරකම් කරලා වියදම් කරන්නේ නැද්ද. අන්තිමට අද මිනිස් ශරීරයටත් මිලක් නියම වෙන තත්ත්වයටම ඇවිල්ලා. මේ සේරටම හේතුව වෙනකක් නොවේ තණ්හාව.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මිනිහෙකුට තමන්ගේ හිතට දැනෙන කණස්සලු ස්වභාවය මග හරවා‍ගන්න උදව් වෙන්නේ පන්සල. ඒත් පන්සලට එද්දි ගේට්ටුව වහලා. ආපහු හැරිලා යන්න වෙලා. පන්සලේ තියෙනවා ගේට්ටු දාලා ඉබ්බො දාලා ආරක්ෂා කරන්න තරම් දේවල්. එහෙම නැත්නම්, පන්සලේ හාමුදුරුවරුන්ට ජීවිතහානි. නැත්නම් ගේට්ටු අවැසි නෑ නේ. නමුත් බුදුහාමුදුරුවො මොනවාද දේශනා කළේ. මමත්වය බැහැර කිරීම ප්‍රධානයි ඒ අතරින්. අප්පකිච්ච ස්වභාවය තවත් දේශනාවක්. අල්ප පරිෂ්කාර වීම. එහෙම ජීවත් වෙද්දි කව්ද දේපල රැස් කර ගන්නේ ? හොරු‍න්ගෙන් මංකොල්ලකරුවන්ගෙන් හානි වෙන්නේ දේපල ඇති තැන් මිසක් නැති තැන් නෙමෙයි. හැබැයි දැන් නම් හිඟන්නන්වත් මංකොල්ලකන තත්ත්වය තියෙනවා. ඇයි සමහර හිඟන මිනිස්සු හිඟාකෑම කරන්නේ ව්‍යාපාරයක් විදියට කියනවානේ. ඒ ඇත්තො ලඟ සාමාන්‍ය සල්ලිකාරයකුට වඩා සල්ලි තියෙනවාලුනේ. නමුත් මේ වගේ වෙද්දි ඒකෙන් මොකද්දි කියවෙන්නේ, කොහේ හෝ වරදක් සිදු වෙලා නැත් ද?
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]පන්සල් පැත්තකට දාමු. අපි ගම්මු අපේ මිනිස්සු ජීවත්වෙන ජනාවාසයක්. ඉස්සර නම් මේ වත්තෙන් පැනලා අනිත් පැත්තෙන් පැනලා එහෙන් පැනලා මෙහෙන් පැනලා අතුරු පාරවලින් ගමනක් යන්න පුළුවන්. ඒත් අද මොකද වෙලා තියෙන්නේ, වතුර පාරක් වත් ගලන් යන්න බැරි තරම් හැම තැනම තාප්ප ගහන් ඉඩ කඩම් වෙන් කරන්. තඩි සයිස් ගේට්ටු, තාප්ප බැඳන් තනි තනියෙන් ජීවත් වෙනවා මිනිස්සු. අල්ලපු ගෙදර කෙනාට ලෙඩක් දුකක් හැදුනට දන්නෙ නෑ. ඉස්සර කාලෙ ගෙවල්වල පිලේ තමයි පිරිමියා ‍නිදියන්නේ. ඒත් අද වෙද්දි එහෙම නිදා ගත්තොත් ජීවිතයවත් ඉතිරිවෙයිදැයි ෂුවර් නෑ. මේ හැමදේටම හේතු පාදක වෙන්නේ තණ්හාව.
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]තණ්හාව මුල් වෙලා තවත් නොයෙකුත් ආකාරයේ හැඟීම්, සිතුවිලි මිනිස් හිතේ පහල වෙනවා. මානය, ද්වේෂය වගේ දේවල් ඒ අතර තියෙනවා. හාමුදුරුවො ගාවත් අද බෙන්ස්, ඇලියොන් තියෙනවා. ඉතින් සාමාන්‍ය මිනිස්සු ගැන කුමන කථා ද. අපේ මිනිස්සු මොකද කරන්නේ. එහා ගෙදරට මරුටියක් ගත්තොත් මෙහා ගෙදරට ත් ඕනා. එහෙම වුනාම අනිත් පැත්තෙ කෙනාට ඕනා හයිබ්‍රිඩ් එකක්. ඔය විදියට චක්‍රය ගලන් යනවා. සෑහීමක් නෑ. අල්ලපු ගෙදරට වඩා ලොකු ගෙයක්, මට ඕනා. ඒ ගෙදර තට්ටු දෙකයි නම් මට තුනක් ඕනා. එහෙමත් නැත්නම් අර ගෙදරට වඩා ‍ලොකු තාප්පයක් හරි ගහන් තත්ත්වය පෙන්වන්න ඕනා. මේ සේරම කරන්නේ මොනවට ද ? තමන්ගේ තත්ත්වය පෙන්වන්න. මිනිස්සුන් නිතර ම ඉන්නේ මහන්සියෙන්, නොසන්සුන්කමින්.
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මේ තණ්හාව මුල් වීමෙන් අපේ සමාජයේ බහුතරයකගේ මනස විකෘති වෙලා ඇති බව අමුතුවෙන් කිව යුතු නෑ. මේ නිසාවෙන් අපේ මිනිස්සු බහුතරයක් ශෝකයෙන්, දුකෙන්, සාංකාවෙන් ජීවිතය ගෙවනවා. ඒක ගිහි පැවිදි බේදයෙන් තොරව දකින්න පුළුවන්.
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]පන්සිල් සුරකින සමාජයක සොරකම, ප්‍රාණඝාතය, ගණිකා වෘත්තිය, සූදුව, පච ගැසීම, මත් ද්‍රව්‍ය භාවිතය සිදු වීමට හැකියාවක් නැහැ. ඒත් අපේ රටේ මොනවා ද වෙන්නේ. මේ හැමදේම වෙනවා. අද අළුතින් ම ආණ්ඩුවේ මූලිකත්වයෙන් කැසිනෝ පටන් ගන්න යනවා කියලා කථාවක් යනවා. හැබැයි අපේ රට තමයි ථෙරවාදී බෞද්ධ සම්ප්‍රදායේ මුදුන් මල් කඩ. පන්සිල් සුරකින සමාජයක් බිහි කිරීමේ අවශ්‍යතාවය හැමදාමත් අපිට තියෙනවා. නමුත් තවමත් වෙන්නේ නෑ. හිතා ගන්න බෑ අනාගත පරම්පරාව ඇස් අරින්නේ මොන වගේ ශ්‍රී ලංකාවකට ද කියලා.
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ඉතින් මෙහෙම තියෙද්දි පන්සලේ ගේට්ටුව වහන එක ගැන කුමන කථා ද?
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මිනිස්සු තමන් ට සැනසීමක් ලැබෙන තැන තමන් විසින් ම වහ ගන්නවා. එහෙම නැත්නම් තවත් කෙනෙක්ට කියලා වහ ගන්නවා. ඊට පස්සෙ සැනසිල්ලක් නැතිව, ශෝකයෙන් ජීවිතය ගෙවනවා. ලස්සනට ගෙවන්න තියෙන ජීවිතය අවලස්සන, අසුන්දර, පීඩාවෙන් පිරුණ ජීවිතයක් බවට පත් කර ගන්නවා. ඒත් එහෙම වෙන්න ඕනා ද මේ වටින ජීවිතයට ? ඔයාලම හිතලා බලන්න.
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]තණ්හාව ශෝකය ඇති කරයි. තණ්හාව බිය ඇති කරයි. තණ්හාව ‍නැති තැන ශෝකයත් නැත, බියත් නැත. [/FONT]
    [FONT=&quot] [/FONT]