.: ජීවිත යාත්‍රා - සම්මානි කුමානායක :.

Dewrangi

Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    බොහොම ස්තූතියි෴

    ඔයාටත් දෙන්න තියෙනවා කමෙන්ට් එකක් "ලස්සනටම ලියන්න පුළුවන් අක්ක කෙනෙක් කියල" අපේ නගා කිව්වා :yes:

    නංගියාට කියන්න ගොඩක් ස්තුතියි කියල. නංගිත් ලස්සනට ගලපලා දැනෙන්න ලියනවා. ඒ වගේම ගලාගෙන යනවා. ඔයාගේ කතාවත් මම ටිකක් කියෙව්වා. ඔයත් ලස්සනට ලියල තිබුන. හැබැයි ඒ කාලේ එලකිරියට මම අලුත්. ඒ හන්ද comment දැම්මෙත් නැහැ. අන්තිමට මට කතාව ඉවර වෙනකල් කියව ගන්න බැරි උනා thread එක හොයාගන්න බැරිව :D දැන් ඉතින් අය්යයි නංගියි දෙන්නත් එක්ක එකතු වෙලා novel එකක් publish කරන්න.
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    නංගියාට කියන්න ගොඩක් ස්තුතියි කියල. නංගිත් ලස්සනට ගලපලා දැනෙන්න ලියනවා. ඒ වගේම ගලාගෙන යනවා. ඔයාගේ කතාවත් මම ටිකක් කියෙව්වා. ඔයත් ලස්සනට ලියල තිබුන. හැබැයි ඒ කාලේ එලකිරියට මම අලුත්. ඒ හන්ද comment දැම්මෙත් නැහැ. අන්තිමට මට කතාව ඉවර වෙනකල් කියව ගන්න බැරි උනා thread එක හොයාගන්න බැරිව :D දැන් ඉතින් අය්යයි නංගියි දෙන්නත් එක්ක එකතු වෙලා novel එකක් publish කරන්න.

    තෑන්ක්ස් :)
    11.gif
    මගේ කතාවේ අවසානය ගැන කට්ටිය සතුටු නෑ....ටිකක් වෙනස් කරලා ගන්න ඕනි....නගාගෙ කතාවේ නම් එහෙම අවුලක් නෑ :yes:
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    .: Part-6 :.

    ~ හයවෙනි කොටස ~

    පසුදින උදයේ පියල් හා තුෂාරි සමඟින් කරාපිටිය ශික්‍ෂණ රෝහලට පැමිණි ප්‍රගීත්,සෙනායා හා නිම්මි දැකීමෙන් මහත් සතුටට පත් දයාන් ඔවුන් ඇඳෙහි තමා අසලින්ම හිඳුවා ගත්තේ ප්‍රීතියත් වේදනාවත් මුසු වූ සංවේදී හදවතිනි. පියල් විසින් තම මිතුරු වෛද්‍යවරයෙකු මාර්ගයෙන් රෝහල් අධිකාරියෙන් ලබාගත් විශේෂ අවසරයක් මත දයාන් අසළ පුරා පැය දෙක තුනක් රැඳෙමින් හිඳි නිම්මි තම දරු දෙදෙනා සමඟින් එක් වී හැකි උපරිමයෙන් ඔහුගේ සිත සනසවන්නට උත්සාහ දරමින් සවස සිදු කිරීමට නියමිත ශල්‍යකර්මය සඳහා තැතිගැන්මකින් තොරව මුහුණ දීමට ශක්තියක් වී රෝහලින් පිට වූයේ බර වූ හදවතිනි.

    “අපි යන ගමන් කන්දේ පන්සලටත් ගිහින් බුඳුන් වැඳලා ඔපරේෂන් එක සාර්ථක වෙන්න කියල භාරයකුත් ගැට ගහලම ගෙදර යමු නිම්මි..කොහොමත් බයවෙන්න දෙයක් නම් නෑ..කරාපිටියෙ ඉන්නෙ හොඳම දක්‍ෂම දොස්තරලනේ..”

    රෝහලේ සිට නැවතත් තම නිවස කරා යෑමට වෑන් රියට නැග ගත් තුෂාරි පැවසූවේ තම මිතුරියගේ සසල සිතට සහනයක් ගෙන දීමේ අපේක්‍ෂාවෙනි..

    තුෂාරිගේ එම වදන් තුළින් මහත් සැනසීමක් ලැබූ නිම්මි කිසිවක් නොපවසා එක කුස උපන් සහෝදරියක් සේ තමාගේ දුක් වේදනා අඳුනා ගනිමින් සෑම මොහොතකදීම සිතට ශක්තියක් වී ලඟින්ම රැඳෙනා තම ලබැඳි මිතුරිය දෙස ස්තූති පූර්වක බැල්මක් හෙළුවේ ඈ වෙනුවෙන් වචනයෙන් කියාගත නොහැකි සෙනෙහසක් හදේ රඳවාගෙනය.

    පන්සල් ගොස් භාරහාර වී ඔවුන් නිවස කරා පැමිණෙන විට වෙලාව සවස හයට ආසන්න විය.දයාන්ගේ ශල්‍යකර්මය සිදු කිරීමට නියමිතව තිබුණේ සවස හතර හමාරට බැවින් පියල්, හා තුෂාරි සමඟින් නිවසට පැමිණියත් නිම්මිගේ හා දරුවන්ගේ සිත් රැඳී තිබුණේ දයාන් කෙරෙහිය. පුටුවක් මත හිඳගත් වනම ඉඳිමින් කල්පනාවේ නිමග්නව සිටි ඔවුන්ගේ සිත් වෙතට සැනසීම ලඟා වූයේ පියල්ගේ හිතමිතුරු වයිද්‍යවරයෙකු වූ සුධීර සේනාධීර විසින් දයාන්ගේ බෙහෙවින් තුවාල ලද වම් පාදය ඉවත් කිරීමේ ශල්‍යකර්මය සාර්ථකව නිමකර ඇති බැව් දැනුම් දීමත් සමඟිනි.

    තෙදිනකින් පසුව සැනසිලි සහගත හදකින් නිදා ගැනීමට ඇඳට ගියද ප්‍රගීත් ගේ සිත සසල කර වූ තවත් කරුණක් විය. එනම් තවමත් සුනාමියෙන් පසුව නෙතූ පිළබඳ කිසිඳු තොරතුරක් නොලැබීමයි. ඇගේ ජංගම දුරකථනය ද ක්‍රියා විරහිතව තිබීම ඔහුගේ බිය වැඩිකරන ලද තවත් හේතුවක් විය.සුනාමිය පැමිණි දින පෝය දිනයක් වූ බැවින් ඔවුන්ගේ පංති එදින නොපැවෙත්වන බව ඈ ඊට පෙර දින ඔහුට පවසා තිබූ හෙයිනුත් ඇගේ නිවස පිහිටියේ මුහුද ආසන්නයේ නොවිම හේතුවෙනුත් ඈට කිසියම් අනතුරක් වී ඇතැයි සිතීමට තරම් නම් සාධක නොමැති බවට සිත තර්ක කරන්නට විය.එහෙත් තමා පදිංචිව සිටියේ මුහුද අද්දරම පිහිටි නිවසක බව හොඳින්ම දන්නා ඇය තවමත් නිහඬව සිටීම නම් ඇගේ සංවේදී ,කරුණාවන්ත සිත ගැන මනා වැටහීමක් ඇති ඔහුට බියක්,වේදනාවක් මෙන්ම කුතුහලයක්ද ගෙන දුන් කරුණක් විය.

    ඔහුගේ හිතේ ඇති මේ වේදනාව දර්ශනට පවසා හිත සැහැල්ලු කරගැනීමට සිතා සිටියත් තමා මෙන්ම දර්ශනද එදින බෙහෙවින් කාර්යබහුල වූ බැවින් ඒ සඳහා ඉඩක් ලබා ගැනීමට ගීත්ට නොහැකි වුණි. මේ මොහොත වන විට නම් ඔහු සිය කාමරයට වී සුව නින්දක් විඳිමින් ඉඳිනු නොඅනුමානය.එනිසාවෙන් මේ මොහොතේ එහි ගොස් ඔහුට බාධා කිරීමට නොසිතූ ගීත් තමා සමඟින් ඇඳේ පසෙකින් වැතිර සිටින නිසල් දෙස බැලුවේ ඔහුවත් අවදියෙන් සිටී ද යන්න දැන ගැනීමටය.

    එනමුදු ඒ වනවිටත් නොනිදා සිටි නිසල් කිසිඳු කතාබහකින් තොරවම දෑස් අයා සිවිලිම දෙස බලාගත් වනම බලා සිටිනා අයුරු දුටු ප්‍රගීත්ට තම මවගේ වියෝවෙන් පීඩාවට පත්ව සිටිනා ඔහුට තමාගේ දුකද පවසා තවත් වෙහෙස කරවීම නොකළ යුතු යැයි හැඟුණු හෙයින් ඔහු තම දෙනෙත් තදින් පියාගත්තේ පසු දින කෙසේ හෝ නෙතූ පිළිබඳව සෙවිය යුතුය යන අදිටන හදෙහි රඳවාගෙනය.

    “අයියෝ ගීත් උඹ මට ඔය ගැන ඊයේ කිව්ව නම් දයාන් අංකල්ව බලල එන ගමන් අපි දෙන්නට මඟින් බැහැල නෙතූ ගැන පොඩ්ඩක් හොයල බලන්න තිබුණනේ..”

    දර්ශන එසේ චෝදනාත්මකව පැවසූවේ සැත්කමට සාර්ථකව මුහුණ දුන් දයාන්ව බැලීම සඳහා උදැසනින්ම රෝහලට ගොස් යළි නිවස කරා පැමිණෙද්දී ගීත් විසින් සිය සිතේ නෙතූ පිලිබඳ වූ වේදනාව ඔහුට පැවසූ බැවිණි.

    “මං කියන්න තමයි බන් හිටියේ..ඒත් අපිට ඊයේ මෙහෙම දෙයක් ගැන කතා කරන්නවත් වෙලාවක් තිබුණනේ නෑනේ..අනික මං නෙතූලගේ ගෙවල් තියෙන තැන හරියටම දන්නෙත් නෑ..ඒ පැත්ත ගැන ගොඩක් හොඳට දන්නේ සහන් නිසා මං එහෙටත් පණිවිඩයක් දුන්න සහනට මේ පැත්තෙ අද එන්න කියන්න කියල..ඒකත් ආවොත් අපි හවසට ඒ පැත්තේ රවුමක් ගහල එමුද මචං..?” යැයි ගීත් විමසූවේ දර්ශන විසින් තමාට එල්ල කරන ලද දෝෂාරෝපණයට හේතු සහගතව පිළිතුරු දෙමිනි.

    “හරි හරි බන්..අපි කොහොමහරි අද ඒ පැත්තේ ගිහින් එමුකෝ..ගෙදරට කියමු සුනාමියෙන් පස්සෙ කිසි ආරංච්යක් නැති යාළුවෙක් ගැන හොයන්න යනවා කියල ..ඒක ඉතින් බොරුවකුත් නෙමෙයිනේ..හ්ම් බයවෙන්න එපා බන් ඕන දේකට අපි ඉන්නවනේ..”

    ඔහුගේ කරවටා අතක් දමාගත් දර්ශනගේ ඒ ලෙංගතු හඬ ඇසෙද්දී ප්‍රගීත්ට තම මිතුරා ගැන ඇති වූයේ සැබෑම සොහෝදරත්වයකි. සුනාමි රළ පහරින් බෙහෙවින් අසරණ වූ තමාට මෙන්ම තම පවුලේ සාමාජිකයන්ට ද ඔවුන්ගේ පවුලේම පිරිසකට මෙන් සලකමින් ආදරයෙන් සොයා බලමින් කටයුතු කරන දර්ශනගේ මව,පියා හා නැගණිය මෙන්ම දර්ශනද තමාට සොහොයුරෙක් මෙන් සලකමින් තම සිතට ශක්තියක් වී හිඳීම ඔහුට විසල් සැනසිල්ලක් විය. බොහෝ සෙයින් විනෝදකාමී කෙළිලොල් චරිතයක් වූ ඔහු දැන් තම හොඳම මිතුරා වන නිසල්ගේ අඩුව ද නොදැනීමට මෙන් වගකීම් සහිතව ක්‍රියා කරනා ආකාරය ඔවුන් අතර ඇති ඇති මිතුදම තවත් ශක්තිමත් කරනා බව ගීත්ට දැනුණි.

    මිතුරන් තිදෙනා තම දෙමාපියන්ගේ ද අවසරය ඇතිව නෙත්මි පිළිබඳව සොයා බැලීම සඳහා ඇගේ නිවස පිහිටා තිබෙන බව පැවසූ ජයසූරිය මාවත දිගේ පා නැගුවේ ඈ සඳහන් කර තිබූ ආකාරයේ තෙමහල් නිවසක් සොයා යමිනි. එසේ ගමනේ යෙදී සිටියදි අසල තිබූ දෙමහල් නිවසක ගේට්ටුව හැර ඇතුළට යෑමට සැරසුණු යුවතිය තමන්ට හොඳින් හුරු පුරුදු බවක් දැනුණෙන් ගීත් හා සහන් මොහොතක් ඇය දෙස බලා හිඳින්නට විය. ඇය වෙන කිසිවෙක් නොව තමන් සොයා පැමිණි තරුණියගේ හොඳම මිතුරිය වන තරුෂි බව වටහා ගත් මිතුරන් දෙදෙනා දර්ශනවත් ඇදගෙන වේගයෙන් එම නිවස දෙසට දිව ගියේ ගෙතුළට යාමට පෙර ඇයට කතා කිරීමේ අරමුණෙනි.
    වේගයෙන් ගේට්ටුවට ගසන ශබ්දයක් ඇසුණු බැවින් ගෙතුළින් තැබූ පය නැවත ගෙන එදෙස බැලූ තරුෂිට දක්නට ලැබුණේ සිනාමුසු මුහුණින් තමාට අත වනනා ගීත් ඇතුළු මිතුරන්ය. වහා දිව ගොස් ගේට්ටුව හැර ඔවුන් ඇතුළට ගත් තරුෂි ඔවුන්ට ගෙතුලට පැමිණෙන ලෙස සුහද ඇරයුමක් ද කළාය.
    තමාගේත් නෙතූගේත් හොඳම මිතුරන් පිරිසක් ලෙසින් ඔවුන්ව තම මවට හඳුන්වා දුන් තරුෂි ඔවුන් සමඟින්ම නැවතත් එළියට පැමිණියේ නිදහසේ කතා කිරීමට අවශ්‍ය වූ බැවිනි.

    “ඉතින් තරූ කොහොමද සැප සනීප..මං නෙතූටත් ගොඩක් කෝල්ස් ගත්තා..ඒත් එයාගේ ෆෝන් එක වැඩ කරේ නෑනේ..බැරිම තැනයි අපි මේ එයාව හොයාගෙන ආවේ..අපේ වෙලාවට තමයි ඔයාව පාරේදී දැක්කේ..” යි ගීත් පැවසූවේ ඉතා සුහද අයුරිනි..

    “අපි නම් හොඳින් ඉන්නවා ගීත්..අපි බයවුණේ ඔයාලට මොනාහරි අනතුරක් වෙලාවත්ද කියලා..”
    ගීත්ගේ වදන් වලට එසේ පිළිතුරු දුන් තරුෂි මදක් නිහඬ බැල්මෙන් ඔවුන් දෙස බලා හිඳ නැවතත් කතා කරන්නට වූයේ දුක්මුසු ස්වරයෙනි. “ නෙතූ ගේ අයියයි තාත්තයි සුනාමියට අහුවෙලා නැති වුණා ගීත්..”

    ඒ වදන් ඇසුණු සැණින් මවිතයට පත් මිතුරු කැළ යළි තරූ දෙස බැලුවේද ඒ පුදුමය දෑස් මත රඳවා ගනිමිණි. දිගු කතාවක් පැවසීමට මුල පුරමින් සියඹලා ගස් සෙවණේ තනා ඇති සිමෙන්ති බංකුවක් මත වාඩි වූ ඈ සෙමින් නමුදු පැහැදිලි ස්වරයෙන් කතා කරන්නට විය.

    ඔව් ගීත් එයාලා නැති වුණා..දැන් නෙතූ මේ ලෝකේ ගොඩක් තනි වෙලයි ඉන්නේ..ඒත් ඉතින් එයා ඇත්තටම මේ ජීවිතේ තනි වුණේ එයාගේ අම්ම නැති වුණ දවසේ..එයාගේ අම්මා හරිම හොඳ කෙනෙක්..දුප්පත් පොහොසත් භේදයක් නැතිව හැමෝටම එක වගේ ආදරයෙන් කරුණාවෙන් සැලකුවා..මේ පැත්තේ හැමෝම වගේ එයාට හරි ආදරෙන් හිටියේ..සන්ධ්‍යා ආන්ටි පරිපාලන විභාගේ පාස් වෙලා බදුල්ලේ ප්‍රාදේශීය ලේකම් විදියට වැඩ භාරගන්න තිබුණත් නෙතූගේ තාත්තා අකමැති නිසා එහෙට ගිහින් නෑ..ධර්මරත්න අන්කල් සන්ධ්‍යා ආන්ටිව බඳින්න කලින් බැඳලා තියෙන්නේ එයාගේ අක්කව..ඒත් ඒ ආන්ටි හදිසියේම ඇක්සිඩන්ට් එකකින් නැතිවෙලාලු ..ඒ වෙනකොට රුමේෂ් අයියට අවුරුද්දක්වත් නැතිලු..පිරිමි කෙනෙක්ට තනියම ඒ පොඩි දරුවා හදාගන්න බැරි නිසා පවුල් දෙකේම කැමැත්තෙන් අංකල්ට ආයෙත් සන්ධ්‍යා ආන්ටිව බන්දලා දීල තියෙනවා..

    එදා ඉඳන් තමන්ගේම දරුවෙක් වගේ රුමේෂ් අයියව බලාගෙන තියෙන්නේ සන්ධ්‍යා ආන්ටිලු..එයා කවදාවත් රුමේෂ්ටයි නෙතූටයි කියල දෙවිදියකට සළකලා නෑ..අංකල් ඉතින් තනිකරම එයාගේ මුළු කාලෙම යොදවලා තියෙන්නේ බිස්නස් වලටයි බීමටයි..කොච්චර ආදරෙන් හැදුවත් අන්තිමට රුමේෂ් අයියත් හැදිලා තියෙන්නෙත් ධර්මරත්න අන්කල්ගේ විදියටම කියල තමයි අපේ අම්මලා නම් කියන්නේ..”
    යැයි පැවසූ තරූ කතාව මදකට නැවැත්වූයේ බිස්කට් හා බීම සහිත ට්‍රේ එකක් රැගෙන පැමිණි ඇගේ මව නිසාවෙනි.

    “අනේ ඇන්ටි අපි නිසා ගොඩක් මහන්සි වෙලානේ..ඇත්තටම කිව්වොත් අපි මේ වෙලාවේ ඉන්නෙ නම් මුකුත් කන්න බොන්න පුළුවන් තත්වෙකනම් නෙමෙයි..මෙච්චර වෙලා මේ තරූ දෙඩෙව්ව ඕපාදුප අහල හොඳටම බඩ පිරිලා තියෙන්නේ..ඒත් ඉතින් ඇන්ටිගේ මහන්සිය අපතේ යන්න දෙන්න බැරි නිසා කොහොම හරි අපි මේ ටිකට වග කියන්නම් නේද ගීත්..”

    “අනේ මේ ඔච්චර අමාරුවෙන් ඕවා කන්නෙ බොන්නෙ නැතිව පැත්තකට වෙලා බලන් ඉඳින් සහන්.. අපිම මේවට වග කියන්නම්..ඕවනම් මොනාද..නේද තරූ..”

    තම මවගේද සිනහව නංවමින් බොරුවට රණ්ඩු කරනා මේ තරුණයන් දෙස තරුෂි බලා සිටියේ සිනාමුසු මුහුණෙනි..මෙතෙක් වෙලා දැහැනකට සම වදුනාක් මෙන් තම කතාවට සවන් දුන් මොවුන් මව පැමිණි විගසම එක්වරම නැවතත් ඔවුන්ගේ සුපුරුදු චර්යාවට අවතීර්ණ වීම පිළිබඳව ඈ සිතින් සතුටු වූයේ ඔවුන්ගේ දුක්මුසු මුහුණු තම මව දුටුවේ නම් පසුව තමාට ඒ සම්බන්ධයෙන් පැහැදිලි විස්තරයක් සැපයීමට සිදු වන බැවිනි.

    “ඕවා ගණන් ගන්න එපා ආන්ටි..කොච්චර කරත් හදන්න බැරි නිසා තමයි ගෙදර මිනිස්සුත් මෙයාලව අතහැරලා දාල ඉන්නෙ..”

    සිනාවෙන්ම එසේ පවසමින් ගීත් ද තම මිතුරන්ට එක් වූයේ තරුෂිගේ මව ඉදිරියේ තමා පමණක් දුක්මුසු නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම නුසුදුසු යැයි හැඟුණු බැවිනි.

    “මීට කලින් පුතාලා මෙහෙ ඇවිත් නැහැ නේද..කොහොමත් වැඩිය මෙයාගේ යාලුවෝ ගෙදරට එන්නේ නැති නිසා නිතර එන දෙතුන් දෙනාව නම් මට මතකයි..”
    තමා ඉදිරියේ සිටිනා දඟකාර තරුණයන්ගේ කවට වදන් වලට ලෙන්ගතු සිනහවකින් පිළිතුරු දුන් ඉන්දු විමසුවේ ඔවුන් සමඟ සුළු සුහද සංවාදයකට මුල පුරමින් තම දියණිය අසලින්ම අසුන් ගනිමිණි.

    “ඒ ගැන නම් කතා කරලා වැඩක් නැහැ ඇන්ටි..මෙච්චර හොඳ යාලුවෝ වෙලත් මෙයාලා නිකමටවත් අපිට එහෙම ආරාධනාවක්වත් කරන්නේ නෑනේ..දැනුත් මේ අහම්බෙන් වගේ පාරේදී දැකල අපිම ඇවිත් කතා කර නිසා වෙන කරන්න දෙයක් නැති කමට ඇතුලට ගන්න ඇත්තේ..”

    කිසිවක් නොපසවා නිහඬව සිනාසෙමින් හිඳිනා තරුෂි දෙස බලා චෝදනාත්මක හඬින් පැවසූ දර්ශන ඇතුළු මිතුරන් සමඟ තවත් සුළු මොහොතක් සංවාදයේ යෙදී සිටි ඉන්දු නැවතත් නිවස දෙසට යනවාත් සමඟම තරූ යළි සිය හඬ අවදි කරන්නට වූයේ දුක්මුසු ස්වරයෙනි..

    “ඔයාලට යන්නත් ලේට් වෙන නිසා මං ඉතුරු ටික පුළුවන් තරම් කෙටියෙන් කියන්නම්කෝ.,කොහොම හරි රුමේෂ් අයියට ඉගෙනීමට කිසි කැමැත්තක් තිබිල නැහැ..එයා එයාගේ තාත්තගේ සල්ලි වලින් යාළුවොත් එක්ක විනෝද වුණු එක තමයි කරල තියෙන්නේ..ඒත් නෙතූ හැදිල තියෙන්නේ ඊට ගොඩාක් වෙනස් විදියට..එයා පුංචි කාලේ ඉඳලම ඉගෙන ගන්න ගොඩක් දක්‍ෂයි..එයත් එයාගේ අම්ම වගේම ගමේ හැමෝගෙම හිත් දිනාගෙන ඉන්නෙ තියෙන අහිංසක ගතිගුණ නිසා..ඒත් ඉතින් නෙතූගේ අවාසනාවටද මන්ද එයා නවය වසරේ ඉද්දී සන්ධ්‍යා ආන්ටි එක සැරේටම අසනීප වුණා..මොනතරම් බෙහෙත් කලත් වැඩක් නැති වෙලා තියෙන්නේ එයාට තිබුණේ කැන්සර් එකක් නිසාලු..ඒත් වැඩිය දුක් විඳින්න වෙන්නේ නැතිවම නැතිවෙලා තියෙන්නේ මොලේ සැත්කමක් කරන්න එන්නතකින් සිහි නැති කරත් ආයේ සිහිය ගන්න බැරිවුනා නිසා..

    ආන්ටිගේ ලොකුම ආසාව වෙලා තියෙන්නේ නෙතූ කවද හරි ඩොක්ටර් කෙනෙක් වෙනවා දකින එක..අන්න ඒ ආසාව ඉෂ්ඨ කරන්න තමයි දිවා රෑ නොබල මහන්සිවෙලා පාඩම් කරන්නේ..ඔයාලා දන්නවද ආන්ටි නැතිවුණ කාලේ ඉඳල එයා ගොඩක් ලං වුණේ පොත්පත් වලට..හිතේ තියෙන දුක එයා හංග ගත්තේ වැඩි වැඩියෙන් පාඩම් කරල.. එයා වෙන භාහිර කිසිම දෙකට හිත යෙදෙව්වෙ නෑ..කොච්චර සල්ලිකාර ලස්සන කොල්ලෝ එයාගේ පස්සෙන් ආවත් නෙතූ ඒ කිසි කෙනෙක් ගැන හිතුවේ නෑ..ඒත් පුදුමෙකට වගේ එයා ඔයටනම් හිතින් ගොඩාක් ලං වුණා ගීත්..”

    “ඉතින් දැන් නෙතූ තනියමද ඒ ගෙදර ඉන්නෙ..”


    තරුෂිගේ අවසන් වදන් කිහිපයෙන් විසල් සතුටක් මෙන්ම සියුම් ලජ්ජාවක්ද සිත වෙලා ගත් හෙයින් ප්‍රගීත් ඉතා වැදගත් ප්‍රශ්නයක් ඈ වෙත යොමු කලේ මිතුරන්ගේ මනමාල දෑස් මඟ හරිමිනි..

    “අපෝ නෑ ගීත්..ධර්මරත්න අන්කල්ගේ අක්කල නංගිලා සේරම වගේ මේ වෙනකොට ඉන්නෙ ඒ ගෙදර..ඒත් එයාලා එහේ නතර වෙලා ඉන්නෙ නෙතූට තියෙන ආදරේකෙට නම් නෙවෙයි කියල තමයි හැමෝම කියන්නේ..” යැයි පිළිතුරු දුන් තරූ හදිසි යමක් සිහි වූ නිසාවෙන් යළි කතා කරන්නට විය.

    “මට තව පොඩ්ඩෙන් අමතක වෙනවනේ..නෙතූ ගේ අයියයි තාත්තයි ක්‍රිස්මස් පාටියට ගිය හෝටලේ සම්පුර්ණයෙන්ම සුනාමියෙන් විනාස වෙලා කියන ආරංචිය එයා දැනගත්ත ගමන් සිහිනැති වෙලා වැටිලා තියෙන්නේ එතනම තිබුණ පඩිපෙළ උඩට..ඔළුව තදින් පඩියක වැදිල තියෙන නිසා දවස් දෙකක්ම සිහි නැතිව හොස්පිට්ල් ඉඳලා අද උදේ තමයි එයාව ගෙදර ගෙනාවේ..මං දැනුත් එහේ ඉඳලයි ආවේ..මව දැක්ක ගමන්ම එයා ඇහුවේ ඔයා ගැන..ඉතින් මං නෙතුට පොරොන්දු වුණා කොහොමහරි තව දවසක් ඇතුළත ඔයා ගැන විස්තර හොයල කියනවා කියල..”

    “ මෙච්චර දෙයක් වෙලත් අපි මේ කිසි දෙයක් දන්නේ නෑනේ..අනිත් එක නෙතූ ගේ පවුලේ විස්තරත් වැඩිය එයා මට කියල නෑනේ තරූ..”

    තරුෂිගේ වදන් තුලින් මහත් වේදනාවට පත් ගීත් පැවසූවේ ඉතා අසරණ වූ හඬකිනි.

    “එයා ඔයාට ඒ හැම දෙයක්ම නිදහසේ කියන්න තමයි හිටියේ..ඒත් මේ දේවල් සේරම වුණේ හදිසියේනෙ..නෙතූට වුණු පොරොන්දුව අදම ඉෂ්ඨ කරන්නත් එක්ක මට පුළුවන් ඕනනම් ඔයාලත් එක්ක ආයෙත් එහේ යන්න එන්න..”

    “අන්න ඒ අදහසනම් මරු තරුෂි..දැන් ඒ ගෙදර ඉන්න අනිත් අයත් ඔයාව අඳුරන නිසා ඔයත් අපිත් එක්ක ගියොත් ප්‍රශ්නයක් වෙන එකකුත් නෑනේ..”

    මෙතෙක් වේලා තරමක් නිහඬ පිළිවෙතක් අනුගමනය කළ දර්ශන පැවසුවේ කල්පනාකාරී හඬකිනි.

    තමාව බැලීමට යහළුවන් පිරිසක් පැමිණ ඇති බව පැවසූ මද්දු නැන්දා තමා දෙස නොපහන් බැල්මක් හෙළා යාමට හේතුව කල්පනා කළ නෙතූ සෙමෙන් ඇඳෙන් බැසවිත් ආලින්දය දෙසට පා නැගුවේ තමාගේ දුකසැප සෙවීම සඳහා පැමිණීමට තරම් ලෙන්ගතු මිතුරන් කව්රුන්දැයි යන කුතුහලයෙන් යුතුවය..

    එහෙත් තරුෂි සමඟින් දොර අසල රැඳී සිටිනා ප්‍රගීත් හා මිතුරන් දුටු නෙත්මිගේ සිත ප්‍රීතියෙන් ඉපිලෙන්නට වූ අතර මෙතෙක් වේලා ඔහු වෙනුවෙන් ඇගේ සිතේ ගුලි වී තිබු බිය හා වේදනාව සිතින් ඉගිලී ගොස් ඔහු කෙරේ ඇති ආදරය , සෙනෙහස ඇගේ හදවතේ ලැඟුම් ගන්නට විය.

    සෙමෙන් සෙමෙන් පාද තබමින් තමා වෙත පැමිණෙන සුන්දර යුවතිය දෙස සෙනෙහෙ සිතින් බලා හිඳි ගීත්ව වඩාත් මවිතයට හා ප්‍රීතියට පත්කරමින් ඔහු අසළට පැමිණි නෙතූ ඔහුව තදින් වැළඳ ගත්තේ ඈ හදේ ගොඩගැසී ඇති සියලු දුක් කඳුළු ඔහුත් සමඟ බෙදාගැනීමට මෙනි.

    “පොඩි දූ ඔහොමද වැඩිහිටියන් ඉදිරියේ හැසිරෙන්නේ ආ..අහිංසකයි හොඳයි කිව්වට බලං ගියාම මෙයත් නිකන් ඉඳල නෑ වගේ..”

    සාවිත්‍රිගේ තියුණු හඬින් තිගැස්සුණු නෙතූ ගීත්ව අතහැර මඳක් පසෙකට වූයේත් සහන් ,දර්ශන හා තරුෂි හුන් තැනින් අඩියක් පසුපසට ගියෙත් එක්වරමය..ඒ තරමට ඇගේ හඬේ රළු බවක් ගැබ් වී තිබිණි.

    “සාවිත්‍රි නැන්දා මං දැන් මෙතන වැරදි දෙයක් කළේ නෑනේ..මේ මගේ හොඳම යාළුවෝ..ඉතින් එයාල ඉදිරියේ ඔයා ඔහොම කතා කරන එක හොඳ නෑ නේද..? ”

    මඳ වේලාවක් නිහඬව බිම බලා හිඳි නෙත්මි එක්වරම හිස ඔසවා සෘජුවම තම නැන්දනිය දෙස බලා නැගූ එම ප්‍රශ්ණයෙන් සියල්ලන්ම මදක් සසල විය.

    “ආ...දැන් ඔයාද මට හොඳ නරක කියල දෙන්නේ..හොඳින් කියන්නේ දැන්ම මේ කොල්ලො ටිකත් ආපහු යවලා තමුනුත් කාමරේට ගිහින් ඔය හිටිය වගේ පාඩුවේ වැඩක් කරගෙන ඉන්නවා..අනිත් එක හොඳට මතක තියා ගන්නවා නෙත්මි තමුන්ගේ අම්මා වගේ තමුන්ට ඕන කෙනෙක් එක්ක නටන්න ඇරලා ඇස්දෙක වහගෙන ඉන්න ජාතියේ කෙනෙක් නෙමෙයි මේ මං..මේක තමයි මුල්ම හා අවසාන වතාව ආයේ මේ වගේ දෙයක් කවදාවත් වෙන්න බෑ..”

    සාවිත්‍රිගේ එම වදන් ඇසුණු සැණින් පියවරක් ඇගේ ඉදිරියට පැමිණි නෙත්මි කතා කාලේ මදක් ශබ්ධ නගමින්ය.

    “නැන්දා.. ඔයා කාට දොස් කිව්වත් මගේ අහිංසක අම්මට නම් තව වචනයක්වත් කියන්න එන්න එපා.. එයා මේ ගෙදර මිනිස්සු වෙනුවෙන් කළ දේවල් වෙන කිසිම ගෑණියෙක් කරන්නේ නෑ..අනිත් එක තමයි මගේ අම්මා මට කොල්ලොත් එක්ක බීච් ගානෙයි රෙස්ටුරන්ට් ගානෙයි යන්න පුරුදු කරල නෑ ඔයාගේ පොඩි දූ යනවා වගේ...” යැයි බිඳුණු හඬින් පැවසූ නෙතූගේ දෑස් පුරා රැඳී තිබූ කඳුළු මුළු මුහුණ පුරාම විසිරී ගියේ ඇගේ නැන්දනියගෙන් එල්ල වූ ක්‍ෂණික වේගවත් කම්මුල් පහරේ සැර දරාගත නොහැකි නිසාවෙනි..

    එම සිදුවීමෙන් මවිතයට මෙන්ම කෝපයට පත් ගීත් මෙතෙක් වෙලා සිතේ සිරකරගෙන සිටි කෝපය පිටකරේ අසල තිබූ පුටුවක් අල්ලාගෙන හඬමින් සිටිනා නෙතූ ලඟට ගොස් ඇයව වාරු කර ගැනීමෙනි..

    “මොනාද ආන්ටි මේ කරන්නේ..ලජ්ජා නැද්ද මේ අසරණ කෙල්ලට ඔහොම සලකන්න..මොනව වුණත් තමන්ගේ අයියගේ එකම දරුවට මීට වැඩිය හොඳට සලකන්න වටිනවා ඔයාලට..” ඇගේ සුන්දර වුවන පුරා විසිරී ඇති කඳුළු බිදු පිසලමින් ඔහු දැඩි හඬකින් පැවසුවේ සිතේ දෝරේ ගලනා කෝපය පාලනය කරගනිමිනි.

    “මේ කොල්ලෝ මං මේ හොඳින් කියන්නේ , මුරකාරයව ගෙන්නලා ඔක්කොමලා කනෙන් ඇදලා එළියට දාන්න කලින් දැන්ම මෙතනින් පිට වෙනවා..”

    තම වදන් වලට සමච්චල් සහගත සිනා රැල්ලකින් මුව සරසාගෙන තමන් ඉදිරියේ සිටිනා මේ දඩබ්බර තරුණයින් හැකි ඉක්මණින් එළවා ගැනීමට අවශ්‍ය වූ සාවිත්‍රි පැවසූයේ ඔවුන් එහි රැගෙන පැමිණි තරුෂි දෙසද රළු බැල්මක් හෙලාය.

    ගීත් ඇතුළු මිතුරන් පිරිස තවත් එහි රැඳී සිටියහොත් සිදුවන්නේ තවත් ඔවුන්ගේ සිත් පෑරීම පමණක් බව වටහා ගත් නෙතූ ගීත්ගෙන් මිදී කාමරය දෙසට දිවගොස් මඳක් නැවතී ඔවුන් දෙස බැලුවේ අසරණ වූ දෙනෙතිනි.

    “ඔයාල දැන් මෙතනින් යන්න ගීත්..දැන්ම යන්න..තරූ මෙයාලව ඉක්මණට එක්කරගෙන යන්න..” යි පැවසූ ඈ තම කාමරය වෙත ගොස් ඇඳෙහි වැතිරුණේ සිතේ වේදනාව මෙන්ම හිසේ වේදනාවද දැඩිව දැනෙන්නට වූ බැවිනි.


    ~ මතු සම්බන්ධයි ~​
     
    Last edited:

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    ලස්සනට ලියනවා. ඒ වගේම කියවන්න ආස හිතෙනවා :yes:
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    .: Part-7 :.

    ~ හත්වෙනි කොටස ~

    තව දුරත් එහි රැඳී සිටීම නොසුදුසු බව තේරුම්ගත් ගීත් හා මිතුරන් ඉක්මණින් එම නිවසින් පිටවුයේ දුක්බර හදිනි. තරුෂි ද ඔවුන් සමඟින්ම ආපසු තම නිවස කරා යාමට පැමිණියද ඇයව නැවැත්වූ ගීත් නැවත එහි ගොස් නෙතූගේ හිත සනසවා එදින ඇතුළතදී කෙසේ හෝ ඔහුට දුරකථන ඇමතුමක් ලබාදෙන ලෙස ඇයට පවසනා ලෙසත් ඉල්ලා තරූව නැවතත් ගෙතුළට පිටත්කර යැවීය.

    “මොකද්ද බන් අර මනුස්සයට එකපාරට වුණේ..අරම කෑ ගහන්න ගත්තම මට නම් හිතා ගන්නවත් බැරි වුණා..”

    “ ඒ ගැන නම් කියල වැඩක් නෑ සහන්..ඒ තරම් කේන්ති ගන්න මුන් දෙන්න එතන වැරදි වැඩක් කෙරුවේ නෑනේ..ඕනතරම් ඔය පාටිස් වල කොල්ලො කෙල්ලො හග් කරන්නේ අම්මල තත්තලා ඉස්සරහත්..ඒ යාළුකමටනේ බන්, පව්..අර කෙල්ල කොහොම ඉන්නවද මන්ද ඒ ගෙදර..”

    “ ඕන දෙයක් ඉවසන්න පුළුවන් මචං ..ඒත් අර හොස්පිට්ල් එකේ දවස් දෙකක් ඉඳලා උදේ ගෙදර ආව කෙල්ලට එහෙම ගැහුවම නම් මට ඉන්න තැනත් අමතක වුණා..”


    තම මිතුරන්ගේ සංවාදයට එක් වූ ගීත් ද පැවසුවේ තවමත් සිත ඇතුලේ නෙතූ වෙනුවෙන් නැඟී ඇති දුක්මුසු සිතිවිලි යටපත් කරගැනීමේ අසීරු ප්‍රයත්නයක යෙදෙමිනි.

    නොසිතූ විරූ ලෙස සිදු වූ එම සිදුවීමෙන් කම්පනයට ,දුකට හා කෝපයට පත්වී සිටි මිතුරන් ඉන් පසු තම නිවෙස් කරා පා නැගුවේ නිහඬ ගමනෙනි..

    දර්ශන සමඟ යළි පැමිණි මොහොතේ සිට ජංගම දුරකථනයත් අතැතිව නිවස පුරා සක්මන් කරමින් සිටි ගීත් පිලිබඳ අවධානයෙන් සිටි නිම්මි ඔහු අසළට ලං වූයේ මඳ සිනාවක්ද මුව රඳවාගෙනය.

    “ පුතා මොකද මේ..ඔයා හවස ගිහින් ආව වෙලේ ඉඳන් ඉන්නෙ ලොකු ප්‍රශ්ණයකින් වගේ..ඒ මදිවට ෆෝන් ඒකත් අතේ තියාගෙන පැයක් විතර තිස්සෙ ඉඳන් එහෙට මෙහෙට ඇවිදිනවා..මේ අම්මටවත් කියා ගන්න බැරි ප්‍රශ්නයක්ද තියෙන්නේ..?”

    ඈ ඒ පිලිබඳ විමසූ ආකාරයට දීමට පිළිතුරක් සිතාගතනොහැකිව අසරණ වූ ගීත් තම මව දෙස බැලුවේද ඒ අහිංසක බැල්මෙනි.

    “ අනේ නෑ අම්මා එහෙම දෙයක් නෙවෙයි..මේ යාළුවෙක්ගේ පොඩී අවුලක්..මගේ සුදු අම්මට මං ඒ ගැන පස්සේ කියන්නම්කෝ..”

    යන්තමින් වචන ගැටගසා ගත් ගීත් හුරතල් හඬකින් එසේ පවසා ඉක්මණින් තමාටත් නිසල්ටත් වෙන්කර දී තිබූ කාමරය දෙසට පිය නගන්නට වූයේ නිම්මිගේ මුවඟ මත සිනාවක් නංවමිනි.
    තම පුතුගේ එම ලැජ්ජාශීලි පිළිතුරෙන් ඔහු කරදර වන්නේ ගැහැණු ළමයෙකු පිලිබඳව බව වටහා ගත් ඈ ඉක්මන් ගමණින් කාමරය වෙත යන තම පුතු දෙස සිනාමුසු මුහුණින් බලා සිටියේ ඔහුත් දැන් හිරිමල් යෞවනය වැළඳ සිටිනා ආදරණිය තරුණයකු වී ඇතිබව සිතමිනි.

    දිනය මුළුල්ලේම ඔහු අපේක්‍ෂාවෙන් සිටි දුරකථන ඇමතුම පැමිණියේ රාත්‍රී දහයට ආසන්න වෙද්දීය.

    “ඇති යාන්තම්..දැන් තමයි මගේ ඇඟට ලේ ටිකක් ඉණුවේ...ඔයාට ප්‍රශ්නයක් නෑ නේද නෙතූ..?” ගීත් විමසූවේ ලයාන්විත හඬිනි.

    “ අනේ..සොරි අයියා..,නැන්දා දැන් හැමතිස්සෙම මං ගැන සෙවිල්ලෙන් ඉන්නෙ ..ඒ නිසයි කෝල් කරන්න පරක්කු වුණේ..”

    තමා වචනයකුදු පැවසීමටත් පෙර දුරකථන රැහැන් ඔස්සේ පැමිණි ගීත්ගේ සැනසිලි සහගත හඬ ඇසෙත්ම ඔහුට එතෙක් වේලා කෙසේ හෝ ඇමතුමක් ගත නොහැකිවීම පිළිබඳව පසුතැවුණු නෙතූ පැවසූවේ සමාව අයදින ස්වරයකිනි.

    “ හරි හරි ළමයෝ ඒක ප්‍රශ්නයක් නෑ..ඉතින් කියන්නකෝ දැන් ඔයා මොකද්ද කරන්න හිතාගෙන ඉන්නෙ කියලා.. කොහොමද ඔයා තවත් ඔතන ඉන්නේ..එයාලා ඔයාට ආදරේ බවක් නම් පෙන්නේ නෑ..” දහවල් සිදු වූ සිදුවීම සිහිපත් වූ බැවින් ගීත් විමසූයේ කල්පනාකාරී හඬිනි.

    “එයාලා මට කොහොමත් ආදරේ නෑනේ ගීත්..එයාලා ආදරේ මගේ සල්ලි වලට..තාත්තා ඉන්න දවස් වල ඉඳලම එයාලගේ හිතේ තිබුණේ මාව කවදා හරි සාවිත්‍රි නැන්දගේ පොඩි පුතා සුදේශ්ට බන්දලා දෙන්න..දැන් එයාලා කරන්න හදන්නෙත් ඒකමයි..එතකොට ඉතින් මේ දේපළ මොනවත් පිට යන්නෙ නෑනේ..”

    ඒ වදන් තුල ඇති අකමැත්ත , කලකිරීම ඔහුට හොඳින්ම වැටහුණද ඇගේ එම කතාවෙන් තම හදවත රිදුම්දෙන බවක් ගීත්ට දැනිණි.
    ගීත්ගෙන් කිසිඳු ප්‍රතිචාරයක් නොලත් හෙයින් මඳ හඬින් සිනහ වූ නෙතූ “ඇයි බයවුණා ද..,මොකද එක සැරේම සයිලන්ට් වුණේ..?” යැයි විමසුවේ සරදම් හඬකිනි..

    “ඇත්තටම මට බය හිතුණා නෙතූ ඔයා මට නැතිවෙයි කියලා..” එම මොහොතේ එවැනි වදනක් පැවසීමට නම් ඔහු කිසිසේත්ම නොසිතුවද ඇගේ සරදම් වදන් නිසාවෙන් සිත තුළ සැඟවී තිබූ ඒ හැඟීම් ආදරණීය ස්වරයකින් වදන් ලෙස පිටවූයේ ඔහුටත් නොදැනීමය.

    ගීත්ගේ එම ප්‍රකාශයෙන් තම සිතට ආසාවෙන් ජීවත්වීමට තවත් අරමුණක් එක් වූ බව නෙතූට හැඟුනේ හද පුරා විසිරී ගිය මිහිරි සිතිවිලිත් සමඟය..

    “බය වෙන්න එපා ගීත්..මට මේ සල්ලි වලින් කිසි වැඩක් නෑ ..ඒත් මං මගේ අම්මගේ එකම ආශාව කොහොම හරි ඉටු කරන්න ඕන..ඒකට මට සල්ලි ඕන අයියා..කාටවත් අතපාන්නේ නැතිව මගේ අධ්‍යාපන කටයුතු වලට වියදම් කරන්න සල්ලි මං ළඟ තියෙන්න ඕන..කවදාහරි මගේ ඉලක්කයට ගියාට පස්සේ මේ හැම දෙයක්ම එයාලටම තියාගන්න කියලා මං මේවගෙන් අයින් වෙනවා..” යි නෙතූ පැවසුවේ තම සිතට දැනුණු අවංක හැඟීමෙනි.

    නෙතූ කෙරෙහි ඇති ආදරය ඇගේ මේ වදන් නිසා තව තවත් වැඩි වන බවක් ගීත්ට දැනිණි. “ ඉතින් දැන් ඔයා මොනාද කරන්න හිතන් ඉන්නෙ නෙතූ..එග්සෑම් කරනකන් දිගටම ඔය ගෙදර ඉන්නද ඔයා හිතන් ඉන්නෙ..? ”

    “මං උසස් පෙළ කරන්න නුවර යනවා ගීත්.. අපේ අම්මගේ ගම නුවරනේ..එහේ පන්ති ගිහින් මෙහෙන් විභාගේ කරනවා.. මං අද ලොකු අම්මට කතා කළා..එය ලබන සඳුදා එනවා මාව එක්කගෙන යන්න..එයාලා කවදාවත් මට වෙනස්කමක් කරන්නේ නෑ අයියා..ඒ ගැන මට විශ්වාසයි..”

    එවදන් ඇසුණු සැණින් ගීත්ගේ සිත අඳුරු වළාවකින් වැසී ගිය ද ඇගේ යහපත උදෙසා මේ මොහොතේ ගත යුතු හොඳම තීරණය එය බව ඔහුටද සිතිණි..

    “ඒ අදහස හොඳයි..අපිට නම් ඉතින් හැමදාම මේ වගේ ෆෝන් එකෙන් කතා කරන්න පුළුවන්නේ..ඔයාට හොඳක් වෙනවනම් මට ඒ ඇති නෙතූ..”

    තවත් මඳ වේලාවක් පැවති දුරකථන සංවාදය නිමා වූයේ ඔවුන් දෙදෙනාගේම සිත්වලට විශාල සිහිනයක් ගෙන දෙමිනි..

    ශල්‍යකර්මයෙන් සතියක් පමණ ගෙවී ගිය පසු දයාන්ව නිවසට රැගෙන යාමට රෝහලෙන් අවසර දුන් බැවින් පියල් හා තුෂාරි මැදිහත් වී ඔහුට ද තම නිවසේ නවාතැන් සැපයීමට කටයුතු කරන ලදි..එහෙත් දිගු කාලයක් එහි රැඳී සිට වදනකිනුදු සිතක් නොරිදවා තම පවුලේ සාමාජිකයින් මෙන්ම ඔවුන්ට සලකන මේ යහපත් මිනිසුන්ට තව තවත් කරදර කිරීමට නම් දයාන් ඇතුළු පිරිස අකමැති විය.. ඒ නිසාම ඉන්පසුව ඔවුන්ට පැන නැඟුණු විශාලම ගැටළුව වූයේ නව නවාතැනක් සොයාගැනීමය..

    සුනාමියෙන් අවතැන් වූවන්ට කඩිනමින් රජය මඟින් නිවාස ලබාදෙන බව පැවසුවද මෙතරම් සුළු කාලයක් තුලදී නම් එය සිදු නොවන බව ඔවුන්ට වැටහිණි.එසේම බණ්ඩාරවෙල සිටිනා නිම්මිගේ නෑදෑයින් ඔවුන්ට එහි පැමිණෙන ලෙස කෙතරම් ඇරයුම් කළද සුනාමි රළ පහරින් සුනු විසුණු වූ තම හෝටලයේ රක්‍ෂණ වන්දි ලබා ගැනීම, නිවස පිළිසකර කිරීම වැනි වැදගත් කටයුතු රාශියක් සිදුකර ගැනීමට ඇති හෙයින් එතරම් දුරකට යෑමට දයාන් අකමැති විය.එහෙයින් අවසානයේදී ඔවුන් , මේ වන විට දයාන්ගේ වැඩිමල් සොහොයුරිය නැවතී සිටිනා ඔහුගේ මහගෙදර තාවකාලික වශයෙන් තම පදිංචිය සඳහා තෝරා ගැනීමට අදහස් කරන ලදි.

    ප්‍රගීත් ඇතුළු පිරිස මාතර යාමට සුදානම් වෙද්දී නෙත්මි තම මව් පාර්ශවයේ නෑදෑයින් සමඟින් නුවර යාමට අවශ්‍ය කටයුතු සුදානම් කරන්නට විය..ඇගේ නැන්දනියන්ගේ බලවත් විරෝධය නොතකා තම ඇඳුම්, පොත්පත් ආදී අත්‍යාවශ්‍ය දේවල් පමණක් බෑගයක අසුරා ඇය ගමනට සුදානම් වූයේ වසර දාහතක් පුරාවට දුක,සතුට.වේදනාව යන සියල්ල දරාගෙන ජීවත් වූත් තම මවත් සමඟ ගෙවූ සරල ජීවිතයේ සුන්දර මතක සටහන් රැඳී තිබෙන්නා වූත් එම නිවස අතහැර යාමේ සියුම් වේදනාවක්ද හදේ තුරුළු කරගෙනය.

    ඇය තම නිවසෙන් පිටව යාමට පෙර දිනක ගීත් මුණගැසීමට අවස්ථාවක් සලසා ගත්තේ තරුෂි හා දර්ශනගේ උපකාරයෙනි. තමාට අවශ්‍ය පොත් කිහිපයක් මිලදී ගැනීමට තරුෂිත් සමඟ නගරයට යා යුතු බැව් නිවැසියන්ට පැවසූ නෙත්මි ඈ සමඟින් ගොස් දර්ශනත් සමඟින් ඔවුන්ගේ වෑන් රියෙන් පැමිණි ප්‍රගීත්ව හමුවූයේ කන්දේ පන්සල නමින් ප්‍රසිද්ධියට පත්ව තිබූ වූ තරමක කඳු ගැටයක් මත පිහිටා ඇති කුඩා පන්සලක් අසලදීය.

    සුදු පැහැති චාම් ඇඳුමෙන් සැරසී සිටි නෙතූ නොදැක සිටි කාලය තුලදී තවත් හැඩ වී ඇති බැව් ගීත්ට හැඟුණේ තම යෙහෙළියද සමඟින් සන්සුන් ගමනින් පා නගමින් තමන් දෙසට පැමිණෙනා ඈ දෙස නෙත්පිය නොසලා බලා සිටියදීය.

    නිවසින් මල් රැගෙන ඒමට නොහැකි වූ නිසාවෙන් අසල තිබූ කුඩා මල් කඩයකින් අවශ්‍ය මල්,තෙල් ,සුවඳ දුම් ආදිය මිලයට ගත් ඔවුන් සිව්දෙනා එක් වී බුදුන් වැඳීමෙන් අනතුරුව අඩ පැයක් පමණ බෝ සෙවණේ රැඳී සිටියේ එහිදී එතෙක් වෙලා ඔවුන්ගේ සිත් තුළ පැවති දුක් කඳුළු ක්‍ෂණයෙන් දිය වී ගොස් සිතට විසල් සුවයක් දැනුණු බැවිනි.

    පන්සලෙන් පිටත් වූ ඔවුන් ඉන් පසුව පැමිණියේ ගාලු පාරට මදක් එපිටින් වූ ඇතුල් පාරක් ඔස්සේ සුළු දුරක් ගිය විටදී හමුවනා මුහුදු තීරයක් අසලටය. ඇතැම් අවස්ථාවන්හිදී ගීත් ඇතුළු මිතුරන් පිරිස මෙහි පැමිණ නෑමට පුරුදුව සිටියත් ඒ වනවිට නම් එහි එලෙස විනෝද වන පිරිසක් දක්නට නොලැබිණි.එම ප්‍රදේශය එතරම් සුනාමි ව්‍යවසනයට ගොදුරු වී නොතිබුණත් වෙනත් ප්‍රදේශයන්ගෙන් ගසාගෙනවිත් පැමිණි අපද්‍රව්‍යන්ගෙන් අවට වැල්ල මදක් අපවිත්‍ර වී තිබිණි.

    නැවත බොහෝ කලක් යන තෙක් එකිනෙකා දක්නට නොලැබෙන හෙයින් ඔවුන් දෙදෙනාට නිදහසේ කතා කිරීමට ඉඩ සැලැස්වූ දර්ශන හා තරුෂි වෑන් රිය අසල රැඳුනි.

    “ ගීත් ..අපේ ජීවිතෙත් හරියට මේ මුහුද වගේ කියල මට හිතෙනවා..වෙලාවකට හරිම නිස්කලංකව පාඩුවේ ජීවිතය ගලාගෙන යනවා..ඒත් එකපාරටම අපි නොහිතන විදියේ කරදර ඇවිත් ඒ නිස්කලංක ජිවිතේ දෙදරලා යනවා.. ඉතින් මේ මුහුදත් ඒ වගේනේ..කව්ද හිතුවේ දැන් මේ වගේ ලස්සනට පෙණ නගන රැල්ල අර වගේ මහා විනාශයක් කරයි කියලා..මේ වෙනකොට මගේ අයියයි තාත්තයි වගේ කි දෙනෙක්ගේ ජීවිත මේ මුහුදු පත්ලේ සැඟවිලා ඇත්ද..?”

    නෙතූ පැවසුවේ ගීත්ගේ අත මත සිය අත පටලවා ගනිමින් ඔහුත් සමඟම සයුරු තෙර දෙස මොහොතක් නිහඬව බලා හිඳීමෙන් අනතුරුවය.

    “ ඔව් නෙතූ එකනම් ඇත්ත..මං ඉස්සර හැමදාම වගේ හවසට මගේ කාමරයේ ජනේලේ ලඟට වෙලා මේ වගේ දඟකරන රැල්ල දිහා බලාගෙන ඉන්නවා ගොඩක් වෙලා..මේ හෝ හඬත් එක්ක ඈත ඉදන් ඒ දිහා බලාගෙන ඉන්නකොට පුදුම සැනසීමක් හිතට දැනෙනවා..ඒත් එදා මං තනියම දර්ශනලගේ ගෙදර ඉන්නකොට මගේ මුළු පවුලම විනාශ කර කියල හිතපු මේ මුහුදත් ගැන මට ඇතිවුණේ ලොකු තරහක්, වෛරයක්..සුන්බුන් ගොඩක් වෙලා තිබ්බ අපේ ගෙදරයි හොටෙල් එකයි දැක්කම මං හිතුවේ ආයේ ජිවිතේටවත් මේ මුහුදේ රැල්ලක් පාගන්නේ නෑ කියල..ඒත් එහෙම හිතුව මං ඉස් ඉස්සෙල්ලම මේ විදියට ඔයත් එක්ක ආවේත් මුහුදු වෙරළට නේ..” යැයි පැවසූ ගීත් නෙතූ දෙස බැලුවේ මඳ සිනාවක් මුවඟ රඳවාගෙනය..
    සුළු වේලාවක් එකම අයුරින් ගීත් දෙස බලාගෙන හිඳි නෙතූට ඔහුගේ මුහුණේ යම් කිසි අමුත්තක් දැනෙන්නට විය..

    “ ගීත් ඔයාට මොනාහරි ප්‍රශ්න තියෙනවද..? මට හිතෙන විදියට ඔයා ඉන්නේ ලොකු හිතේ අමාරුවකින්..” ඇය විමසූයේ ඔහුගේ දෙනෙත් දෙස සෘජුව බලමින්ය..

    “හිතට අමාරු වෙන්නේ නැද්ද ඉතින් ඔයා මෙහෙම මාව දාලා යන්න හදනකොට..”
    ප්‍රගීත් පැවසුවේ ද ඇගේ දෙනෙත් දෙස බලා ආදරයෙනි..

    “අනේ විහිළු නැතිව මට කියන්නකෝ ගීත්..කෙනෙක්ගේ හිතේ තියෙන දුකක් තව කෙනෙක්ට කිව්වම හිත ගොඩාක් සැහැල්ලු වෙනවා..”

    “අපෝ ඔයත් හරියට අපේ අම්මයි නංගියි වගේමයි..ලේසියෙන් බොරුවක් කියලනම් බේරෙන්න බෑ..හ්ම් පොඩි ප්‍රශ්නයක් තියෙනවා නෙතූ..අපිට ටික දවසක් තාත්තගේ මහගෙදර ගිහින් නවතින්න වෙනවා..හැමදාමත් දර්ශනලට කරදරයක් වෙන්නත් බෑනේ..” නැවතත් ඇසුණු ඇගේ ආදරණිය වදන් නිසාවෙන් තවත් සරදමකින් එය මඟ හැරීමට නොසිතූ ගීත් ඔහුගේ සිතට පසුතැවීමක් ගෙන දුන් කරුණ ඈට පැවසූයේ ඉමක් නොපෙනෙන ක්‍ෂිතිජය දෙස දෙනෙත් යොමු කරමිනි.

    ගීත් එය පැවසූ අයුරින්ම ඒ කෙරෙහි ඔහුගේ ඇති අකමැත්ත වටහා ගත් නෙතූ ඔහුගේ සිත සැනසෙන අයුරින් කතා කරන්නට වූයේ සිහින් සිනහවක්ද මුව තවරා ගනිමිණි..

    “ඕව ඔහොම තමයි ගීත්..හැමවෙලේම අපි හිතන දේවල්ම සිද්ධ වෙන්නේ නෑනේ..ජිවිතේ එන ඕන අභියෝගයක් දුක් වෙන්නෙ නැතිව බය වෙන්නෙ නැතිව භාරගන්න අපි පුරුදු වෙන්න ඕන..හරියට මේ මං වගේ..අපි අපේ ජිවිතේට ලොකු අරමුණක් , බලාපොරොත්තුවක් ඇති කර ගත්තොත් ඒ දේ වෙනුවෙන් ඕන දුකක් විඳින්න අපි ඉබේටම හුරු වෙනවා..”

    ආරම්භයේ දඟකාර සිනාවකින් යුතුව පැවසූ වදන් කෙමෙන් දුක්බර වූ අයුරු ඔහු අසා සිටියේ ඈ කෙරේ උපන් ශෝකයෙනි..මෙසේ ජීවිතය ගැන තමාට උපදෙස් දෙන මේ ළාබාල යුවතිය ජීවත් වන්නේ කෙතරම් වේදනාවක් හදේ රඳවාගෙනද යන්න සිහිවෙත්ම තම ලබැඳියන් සියලු දෙනාම තමා වටා සිටියදීත් මෙවැනි කුඩා කරුණක් සම්බන්ධව පසුතැවුණු තමා පිළිබඳවම ගීත්ට දැනුණේ ලැජ්ජාවකි..

    “ඔයා සමහරවිට හිතනවා ඇති මං මහා පණ්ඩිත කෙල්ලෙක් කියල නේද..? එහෙමත් නෙමෙයි අයියා මං මගේ ජිවිතේ වෙච්ච දේවල් වලින් ගොඩක් පාඩම් ඉගෙනගෙන තියෙන නිසයි මෙහෙම කතා කරන්නේ..අම්මගේ නැතිවීම බොහොම අමාරුවෙන් දරාගෙන ඉන්න කොට මට මගේම කියල හිටිය තාත්තයි අයියයි දෙන්නත් මේ මුහුදු මාරයා ගිල ගත්තා..

    අම්මා තරම්ම ඒ දෙන්නා මට ලං නොවුණත් පවුලේ එකම කෙල්ල නිසාද මන්ද එයාල මට ගොඩක් ආදරේ කලා කියල මං දන්නවා ගීත්..එයාල කොච්චර බීලා රෑ වෙලා ගෙදර ආවත් මං ගැනත් හොයල බලල තමයි නිදියන්න යන්නේ.. ඒ වගේම එයාල කවදාවත් එයාලගේ බේබදු යාළුවන්ව අපේ ගෙදර එක්කන් ඇවිත් නෑ..ඒ සේරම කරන්න ඇත්තේ මට තියෙන ආදරේ නිසා නේද ගීත්..? ඒත් මට ඒ තරම් ආදරේ කර එයාලා තුන්දෙනාම මාව දාලා ගිහිල්ලත් දවස ගානේ හිතින් මැරී මැරී මං මේ ජිවත් වෙන්නේ එයාලගේ ආසාව ඉෂ්ඨ කරන්න ඕන නිසයි..ඔව්..මං කොහොමහරි හොඳට එග්සෑම් කරල ඩොක්ට කෙනෙක් වෙනවමයි ගීත්..එතකොට එයාල කොතැනක හරි ඉඳන් මං දිහා බලලා සතුටු වෙයි නේ නේද ..”

    කඳුළු වැල් උතුරා යන දෙනෙතින් ඈත සයුරු තෙර දෙසම බලාගෙන හුන් යුවතිය තමා දෙසට හරවාගත් ගීත් ඇගේ සුදු මුහුණ පුරා විසිරුණු කඳුළැල් සිය දෑතින්ම පිස දැමුවේ ඇගේ වදන් තුලින් තෙත් වූ තම දෙනෙතින් ඈ දෙස ආදරයෙන් බලමිනි.

    “ඔයා හරි නෙතූ ..අනිවාර්යෙන්ම ඔයා ඩොක්ට කෙනෙක් වෙනවා..ඒ වෙනුවෙන් අවශ්‍ය ඕනම සහයෝගයක් දෙන්න තමයි මේ මං ඉන්නෙ..ඒ වගේම තමයි ඔයා පණ්ඩිතයි කියලා මං කවදාවත් හිතන්නේ නෑ..මොකද ඔයා ඒ කිව්ව හැම දෙකටම මාත් එකඟ වෙනවා..ආ..අනිත් එක ඔයත් අපේ අම්මගේ වගේම අදහස් තියෙන සුභවාදිව හිතන කෙනෙක් වුණු එක ගැන තමයි මං ගොඩාක් සතුටු වෙන්නේ..එතකොට ඉතින් අනාගතයේදී මට නැන්දම්ම ,ලේලි ප්‍රශ්ණ විසඳ විසඳ ඉන්න වෙන්නේ නැතිව හොඳ ජොලියේ ඉන්න පුළුවන්නේ..”

    අවසාන වදන් කිහිපය ඉතා කෙළිලොල් ස්වරයකින් පැවසූ ඔහු සිනාවක් සමඟින් ඈ දෙස බැලුවේ ඇති වී තිබූ දුක්මුසු වාතාවරණයෙන් ඇය මුදාගැනීමේ අපේක්‍ෂාවෙනි..

    “හ්ම් අනේ මට සමාවෙන්න ගීත්..මටත් පිස්සුනේ..මේ වගේ හොඳ දවසක මගේ හිතේ තියෙන දුක ඔක්කොම ඔයාට කියල ඔයාවත් අප්සෙට් කලා මං..ඒක නෙවෙයි ඉතින් මට කියන්නකෝ බලන්න ඔයාල ඔය යන ගෙදර ඉන්න අය ගැන විස්තර ටිකක්..ඔයාගේ ලස්සන නෑනලා එහෙම නෑ නේද ඒ ගෙදර..?”

    කිසිවකුට කියාගත නොහැකිව හැමදාමත් තම හිතේ සිරකරගෙන සිටි වේදනාබර හැඟීම් ඔහු ඉදිරියේ පැවසීම නිසා දැනුණු මඳ සැනසිල්ලෙන් සිත සනසවා ගත් ඇය තම සුපුරුදු දඟකාර හැසිරීමට මාරු වූයේ ඔහුගේ සිතද තවත් දුක්මුසු කිරීමට ඈ අකමැති වූ බැවිනි.

    “අපෝ ලස්සන නෑනලා නම් ගොඩක් ඉන්නවා මට..එයාලාගෙන් ලස්සනම එක්කෙනත් ඉන්නෙ අපි ඔය යන්න ඉන්න ගෙදර..ඒත් ඉතින් ප්‍රශ්නෙකට තියෙන්නෙ මම කැමතියි නෑනට..නෑනා කැමති නෑ මට..”

    “ ඔව් ඉතින් ඒකත් ඇත්ත තමයි..මගේ තියෙන මෝඩ කමට ඔයාට කැමති වුණාට ඉතින් ඔයා වගේ වඳුරු පැටියෙක්ට වෙන කෙල්ලො කැමති වෙන්නේ නෑනේ..”

    ඉතා විනෝදජනක අයුරින් තාලෙකට ඇද කියූ ගීත්ගේ වදන් තුලින් මෙතෙක් වෙලා ඈ සිතේ සඟවාගෙන සිටි දුක්මුසු මතකයන් සියල්ල මොහොතකට ඈත් වූ නිසාවෙන් අව්‍යාජ සිනහවක් මුව රඳවා ගත් නෙත්මි පැවසූයේ කවට හඬකිනි..

    මේ මොහොතේ තමා ඉදිරියේ සිටින්නේ මීට සුළු මොහොතකට පෙර කඳුළු පිරි මුහුණෙන් තමා අභියස සිටි යුවතියමද යන්න සැකයක් නැගෙන තරමට සිනාපිරි මුවෙන් තමාට කවටකම් කරනා පියකරු තරුණිය දෙස නිහඬව බලා හිඳි ගීත් සිතුවේ ගැහැණියකගේ සිතේ ඇති දරාගැනීමේ ශක්තිය පිලිබඳවය..එලෙස බැලුවහොත් නම් පිරිමින්ට වඩා ඔවුන් ඉදිරියෙන් සිටිනා බව හැඟී සුන්දර සිනාවක් මුවඟ මත සටහන් වූයේ ඔහුටත් නොදැනීමය..

    “ඒ සැරේ තනියම හිනා වෙනවා.. මොකද ඔයා දැන් කිව්ව ඒ ලස්සන නෑනාව මතක් වුණ නිසාද හිනාගියේ...”

    “අයියෝ එයාව නම් ඉතින් මට අමතක වෙන්නෙම නෑනේ..ඒත් දැන් හිනාගියේනම් වෙන දෙයක් ගැන හිතුනා නිසා..ඔයාට දැනගන්න ඕනම නම් ඉතින් කියන්නම් ” යැයි පැවසූ ගීත් දඟකාර තරවටු බැල්මකින් යුතුව තමා දෙස නෙත් යොමා සිටින පියකරු යුවතියට මදක් ලං වූයේ ඇගේ බැල්ම නොදුටු ලෙසින්ය.

    “ සුරතල් වදන් නුඹේ මුව සරසනා කල
    දෙනුවන් හී සරින් දෑස් රිදෙනා විට
    රෝස පැහැ කම්මුල් සිනාවෙන් පිරි සඳ
    ඔය දෙතොල් සිප නොගෙන මා කෙසේ ඉන්නද.."


    කවියක් මෙන් තාලයකට ගැයූ ඔහුගේ එම වදන් තුලින් නැගුණු මිහිරි හැඟුමක් හද පුරා දිව යද්දී ඈ ඔහුගේ උරහිස මත සිය හිස හොවා ගත්තේ සියුම් සබකෝලයක් තම සිත වෙලාගනු දැනුණු හෙයිනි.

    නොසිතූ මොහොතක තම මුවඟට පැමිණි එම වදන් පෙළට ස්තුතිවන්ත වූ ගීත් කඳුලින් තෙත්ව තිබූ ඇගේ සියුමැලි වුවන මත සිය ලවන් තැබුවේ මහත් සෙනෙහසිනි..

    “ඇත්තටම ගීත් මොනාද උඹලා දෙන්නා ඔයතරම් වෙලා කතා කරේ..දැන් ඉඳලම වෙඩින් එකවත් ප්ලෑන් කරාද..”

    නෙත්මි හා තරුෂි ඔවුන්ගේ නිවෙස් අසලින් බස්වා නැවත යන අතරතුරදී දර්ශන තම මිතුරාගෙන් ඇසුවේ සිනාසෙමිනි..

    ආසනයේ හොඳින් සැතපී දෑස් පියා හිඳි ගීත් දර්ශන දෙස බැලුවේ දෑස් විසල් කර බැරෑරුම් ස්වරූපයක් මුහුණේ රඳවා ගනිමිනි.

    “අපි මේ ජිවිතේ ගැන කතා කරා මචං..අපි මේ ජීවත් වෙලා ඉන්න ටික කාලෙට මොනතරම් අරුමෝසම් පස්සෙ ගියත් කවදා හරි අපිට ඉතිරි වෙන්නේ අපි විතරයිනේ..ඒත් ඉතින් අන්තිමට අපිට අපිවත් නැති වෙනවා..ඉතිරි වෙන්නේ මරණය විතරයි..” ඔහු පැවසූයේ සන්සුන් හඬිනි.

    “අයියෝ මේ තරම් අමාරුවෙන් කට්ට කාලා ගිහින් හම්බවෙලත් බොලා කතා කරේ මේ ජිවිතේ තියෙන අනිත්‍ය ස්වභාවය ගැනද ආ..අපරාදෙනේ එහෙනම් මායි තරුයි අර පැත්තකට වෙලා වල්පල් කතා කර කර හිටියේ..දන්නවනම් අපිත් එනවනේ උඹලගෙන් බණ ටිකක් අහගන්න..”

    දර්ශනගේ සරදමට මඳ සිනාවකින් පමණක් පිළිතුරු දුන් ගීත් දෑස් පියාගත්තේ නෙතුගේ ලොවෙහි අතරමං වීමටය.


    ~ මතු සම්බන්ධයි ~