ජුරාසික් වර්ල්ඩ් චිත්‍රපටයේ අතාත්වික ඩය&

kaotic

Member
Aug 6, 2014
1,616
482
0
Sri Lanka
ජුරාසික් වර්ල්ඩ් චිත්‍රපටයේ අතාත්වික ඩය&

Bad science of "Jurassic World" : ජුරාසික් වර්ල්ඩ් චිත්‍රපටයේ අතාත්වික ඩයිනසෝර විද්‍යාව




මුලින්ම ජුරාසික් වර්ල්ඩ් චිත්‍රපටයට සාධාරණය ඉශ්ඨකීරීම සඳහා එහි ඇති හොඳ විමසා බලමු.

1] ජුරාසික් වර්ල්ඩ් ප්‍රේක්ශකයන් මවිතයට පත්කොට ඇඳබැඳ තබාගෙන ඩොලර් ඉපැයිමට නිර්මාණයවූ "summer blockbuster" චිත්‍රපටයකි. කම්මැලි නැතුව බලන්න පුලුවන්, අනවශ්‍ය ලේගොඩවල් නොමැති (not too gory) චිත්‍රපටයකි. නළුනිළියන්, විශේෂයෙන්ම ඩයිනසෝර් පුහුණුකරුවෙකු ලෙස රඟන ක්‍රිස් ප්‍රැට් ඉතා හොඳ රංගනයක යෙදේ. එය ඔහු මීට කලින් රඟපෑ "ගාඩියන්ස් ඔෆ් ද ගැලැක්සි" චිත්‍රපටයේ රංගනය වඩා හොඳබව කිව යුතුය.

ජුරාසික් පාර්ක් විනෝද උද්‍යානයේ අයිතිකරු ලෙස රඟන ඉර්ෆාන් ඛාන්ගේ චරිතය දියාරු ය. ව්‍යාපාරයේ අයිතිකරුවා වුවද ඔහුට රහසින් බොහෝදේ සිදුවේ. සාමාන්‍යයෙන් ප්‍රකෝටිපති ව්‍යාපාර අයිතිකරුවෙකුට සේවකයින්ගෙන් ලැබෙන ගෞරවය ඔහුට නොලැබෙනවා මෙන් පෙනේ. එහෙත් ඒ සූදු ජාතිවාදය නිසා යයි නිගමනය කිරීමට ඉකමන් නොවිය යුතුය. දකුණු ආසියාතිකයින්, විශේෂයෙන් ඉන්දියානු සම්භවයක් ඇතියවුන් දැවැන්ත අමෙරිකානු සමාගම්වල ප්‍රධාන විධායකයින් ලෙස ක්‍රියාකරයි. මයික්‍රොසොෆ්ට් සමාගමේ ප්‍රධාන විධායක සත්‍යා නඩෙල්ලා හා පෙප්සිකෝලා සමාගමේ ප්‍රධාන විධායක ඉන්ද්‍රා නූයී උදාහරණ ලෙස පෙන්විය හැකිය.එහෙත් චරිතය දියාරුවුවද ඉර්ෆාන් ඛාන්ගේ රංගනයේ වරදක් නොපෙනේ. ලැබී ඇති චරිතයට ඔහු සාධාරණය ඉටුකරයි. දකුණු ආසියතිකයෙකු දැවැන්ත හොලිවුඩ් නිර්මාණයක ප්‍රධාන චරිතයකට පණපොවනු දැකීමද ආශ්වාදයකි.

2] ජුරාසික් කථාමාලාවේ පලමුවැනි චිත්‍රපටය වූ "ජුරාසික් පාර්ක්" චිත්‍රපටය මෙන්ම මෙම චිත්‍රපටයද දරුවන්තුල ඩයිනසෝරයන් හා පාෂාණීය ධාතු විද්‍යාව (paleontology), ජාන ඉන්ජිනේරු විද්‍යාව වැනි විද්‍යාවන් පිලිබඳව දැඩි උනන්දුව ඇති කිරීමටත් හේතුවී ඇත. කුඩා දරුවන් ලෙස පලමුවැනි ජුරාසික් පාර්ක් නරඹා පාෂාණීය ධාතු විද්‍යාව පිලිබඳව උනන්දුවක් ඇතිකරගෙන එම විද්‍යාව ගැඹුරට හදාරා අද "ජුරාසික් වර්ල්ඩ්" චිත්‍රපටයේ ඩයිනසෝරයින් පිලිබඳව විචාරයන් සිදුකරන තරුණ විද්‍යාඥයින් ගණනාවක් සිටී. ඔවුන් පවසන ආකාරයට ඔවුන් මෙම විද්‍යාව හැදෑරීමට උනන්දුවූයේ කුඩා කල නැරඹූ ජුරාසික් පාර්ක් චිත්‍රපටය (Jurassic Park -1993) නිසාය.


3] ජුරාසික් වර්ල්ඩ් ඩයිනසෝරයන් ප්‍රතිනිර්මාණය කර ඇතිආකාරයේ යම් වැරදි තිබුණද, ඒවා අති විශාල වැරදි නොවේ.

අතාත්වික ජුරාසික් වර්ල්ඩ් ඩයිනසෝර විද්‍යාව

ඉන්ඩොමිනස් රෙක්ස් - කථාවේ හැටියට ටයිරැනසෝර් රෙක්ස් ඩයිනසෝරයෙකුගේ ජාන පාදක කරගෙන, ඊට ගෙම්බන්ගේ ජාන, දැළ්ලන්ගේ ජාන හා තවත් ඔවුන් හෙලි නොකරන සත්වයින්ගේ (මිනිස් ජාන???) මුහුකොට නිර්මාණය කොට ඇති කෘත්‍රිම ඩයිනසෝරයෙකි. සුපිරි බුද්ධියක් ඇති එම සත්වයා, තමන් පැනගිය බව හඟවන්නට බිත්තියේ සටහන් තබා සැඟව සිට, දොරටුව විවරකොට උද්‍යාන පාලකයින් පැමිණිවිට ඔවුන්ට පහරදී පැනයයි. ඉන්ඩොමිනස් රෙක්ස්ට මෙතරම් බුද්ධියක් ලැබුනේ කුමණ සත්වයෙකුගේ ජාන මගින්ද? ඌ නිර්මාණය කල ඉම්ජෙන් සමාගම, එම සත්වයාගේ ජාන දායකයින් පිලිබඳව සම්පූර්ණ තොරතුරු සඟවන්නේ ඇයි?


කෙසේවෙතත්, හෝමෝ සැපියන් මානවයෙකු තරම් බුද්ධිමත් වුවත්, උපන්දා සිට, ආවරණයක් තුල ජීවත්වූ ඉන්ඩොමින්ස් රෙක්ස්, තම රැකවලුන් රවටන්නට ඉගෙන ගන්නේ කෙසේද? මිනිස් දරුවෙකු වුවද ඉගෙන ගන්නේ දකින, ඇසෙන දේ පාදක කරගෙනය. මිනිස් දරුවෙකු වුවද උපන්දා සිට කූඩුවක, කිසිවක් නොපෙනෙන ආකාරයට ඇති දැඩි කලහොත් ඔහු හෝ ඇය කිසිදු කුසලතාවයක් නොමැති උපන් ගෙයි මෝඩයෙකු වනවා මිස සටකපටකම් දන්න අයෙකු බවට පත් නොවේ. ඉන්ඩොමිනස් රෙක්ස් බුධිමත් ඩයිනසෝරයෙකු වූ පලියට ඌ මෙතරම් සටකපට ප්‍රයෝග ඉගෙන ගත්තේ කෙසේද?

මිනිස් දරුවන්ට, වෙනත් සතුන්ගේ පැටවුන්ට වඩා බොහෝ දීර්ඝ ළමාවියක් ඇත්තේ දෙමවිපියන්ගෙන්, වැඩිහිටියන්ගෙන්, ඔවුන් ජීවත්වන සංකීර්ණ සමාජය තුල සාර්ථකවීමට අවශ්‍ය කුසලතා ලබාගැනීමට බව මානව විද්‍යාඥයින් දැන් නිගමනය කොට තිබේ. කුඩ දරුවන්ගේ මොළයේ වර්ධනය සිදුවන්නේ ඔවුන් කුඩාකල අසන, දකින, අත්දකින දේවල් මගින් මොළයේ සිනැප්ස හැඩගැසීමෙනි. බුද්ධිමත් සතුන්වන ඩොල්ෆිනුන්, ඔක්රා තල්මසුන් (killer whales) පමණක් නොව සිංහයින්, දිවියන් වැනි විලෝපීන්ගේ පැටවුන් පවා දඩයම් කරන්නට ඉගෙන ගන්නේ සිය මව නිරීක්ශණය කරමින්, ඇයව අනුගමනය කරමිනි.

ඉන්ඩොමිනස් රෙක්ස්ට එවැනි කුඩා අවධියක් තිබුණේද?

එපමණක් නොව ඉන්ඩොමින්ස් රෙක්ස් තමන් පැනගිය බව හැඟවීමට සැඟව සිටින්නේ, එම කූඩුව නිරීක්ශණය කරන අධෝරක්ත කැමරාවට හසු නොවන ආකාරයට තම සිරුරේ උශ්ණත්වය අඩුකරගෙන අවට පරිසරයේ උශ්ණත්වය හා සමානකරගෙනය. එම හැකියාව ඉන්ඩොමින්සට ලැබෙන්නට ඇත්තේ, ඌ නිර්මාණයට දායක කරගත් ගෙඹි ජාන මගින් බව ඉන්ජෙන් ප්‍රධාන විද්‍යාඥයා අනුමාන කරයි.

එම හැකියාව ඉන්ඩොමිනස්ට තිබුණත්, එම හැකියාව හිතාමතා භාවිතකර සැඟව සිටින්නට ඉන්ඩොමිනස් සිය කූඩුව අධෝරක්ත කැමරා මගින් නිරීක්ශණය කරනා බව දන්නේ කෙසේද?

වෙලෝසිරැප්ටර් - බුද්ධිමත් ඩයිනසෝරයින් විශේෂයෙකි. වර්තමාන සුන්ඛයෙකුට ඇති තරමේ බුද්ධියක්, වෙලෝසිරැප්ටර්ට තිබූ බවත්, කණ්ඩායම් ලෙස දඩයම් කල බවත් (pack hunting), පර්යාවලෝකණ හැකියාව (depth perception) ඇති තියුණු දෑස් හා ඉතා තියුණු ලෙස ගඳ සුවඳ හඳුනාගත හැකි නාසයක් ඇති, දඩයම් බල්ලන් මෙන් පුහුණු කරගැනීමට යම් අවකාශයක් ඇති ඩයිනසෝරයෙකි. එනයින් ජුරසික් වර්ල්ඩ් එතරම් අතාත්වික නොවේ.


එහෙත් ජුරාසික් වර්ල්ඩ් වෙලොසිරැප්ටර්, සැබෑ වෙලෝසිරැප්ටර්ට වඩා ඉතා විශාලය. වෙලෝසිරැප්ටර් සාමාන්‍යයෙන් විශාල සුනඛයෙකු තරම් සත්වයෙකි. ජුරාසික් වර්ල්ඩ් වෙලෝසිරැප්ටර් ලෙස දක්වන සත්වයා සැබැවින්ම සමානවන්නේ වෙලෝසිරැප්ටර්ලාගේ වඩා විශාල නෑදෑයෙකු වන Deinonychus ඩයිනසෝරයාටය. එමෙන්ම වෙලෝසිරැප්ටර්ගේ සිරුරේ පිහාටු තිබූ බව විද්‍යාඥයින්ස් ස්ථිර ලෙසම තහවුරු කරගත්තේ ජුරසික් වර්ල්ඩ් චිත්‍රපටය නිර්මාණයට වසර කිහිපයකට පෙරය. ඒ අනුව, ඩයිනසෝරයින් නිර්මාණයකිරීමේදී ජුරසික් වර්ල්ඩ් නිර්මාපකයින් නවීනතම ඩයිනසෝර සොයාගැනීම් පිලිබඳව අවධානය යොමුකොට නොමැත.

ටෙරෝසෝර් - ජුරාසික් වර්ල්ඩ් ච්ත්‍රපටයේ ඇති තවත් අතාත්වික අවස්ථාවක් නම් ටෙරෝසෝර් (pterosaur) පියාඹන ඩයිනසෝරයින් රංචුවක් පැමිණ විනෝද උද්‍යානයේ මිනිසුන්ට පහරදීමයි. ටෙරෝසෝරයින් පිලිබඳව ලැබී ඇති ෆොසිල සාධක අනුව ඔවුන් විවිධ කාළවලදී විවිධ ශරීර ප්‍රමාණවලින් පරිණාමය වී ඇත. කුඩාම ටෙරෝසෝරයා අඟල් 10ක් පමණ දිග, වවුලෙකු තරම්ය. විශාලම ටෙරෝසෝරයන් අඩි 35ක් පමණ දිගින් යුතු, යෝධ පියාසර සතුන්විය.

ජුරාසික් වර්ල්ඩ් චිත්‍රපටයේ පෙන්වන ටෙරෝසෝරයා අඩි 5ක්-6ක් පමණ දිගු වර්ගයක් බව හැඟේ. එවැනි විශාලත්වයෙන් යුතු සතෙකුට හොඳින් වැඩුනු, කිලෝග්‍රෑම් 50-80ත් අතර බරක් ඇති මිනිසෙකු දෙපයින් ඉහලට ඔසවාගෙන පියාසර කිරීමට තරම් ශක්තියක් තිබිය නොහැකිය. එමෙන්ම පියාසර කිරීමට වා-සිදුරු ඇති, සැහැල්ලු අස්ථි පද්ධතියකින් හා සැහැල්ලු, තුනී සම්-පටලයකින් සෑදුණු පියාපත් හිමි මොවුන්ට, මිනිසෙකුගේ බර දරාගෙන පියාසර කිරීමට තරම් ශක්තියක් කිසිසේත් තිබෙන්නට නැත.

එසේම මිනිසුන් දුටුවහාම වේගයෙන් පහතට පියාසරකොට පහරදීමට තරම් ටෙරෝසෝරයින් බිහිසුණු සතුන් නොවේ. ඔවුන් බොහෝ විලෝපීයන් මෙන්ම තමන්ට වඩා කුඩා, පහසුවෙන් දඩයම්කර ගත හැකි සතුන් ගොදුරු කරගන්නවා විනා මිනිසුන් පස්සේ හඹායාම පිලිඹිබු කිරීම ඉතා අතාත්විකය. බඹරුන්, දෙබරුන් වැනි කෘමි සතුන් කිහිපදෙනෙකු හැරෙන්නට එවැනි හැසිරීම් පෙන්වන දියුණු පරිණාමයක් ඇති සත්වයින් විරලය.

එමෙන්ම ටෙරෝසෝරයින්ගේ පාශණිභූට හිස්කබල් X කිරණ කැට් ස්කෑන් පරීක්ශාවලින් ඔවුන්ගේ මොළයේ ප්‍රමාණය හා එහි දියුණු/නොදියුණු ප්‍රදේශ පිලිබඳව යම් අවබෝධයක් ලබාගැනීමට විද්‍යාඥයින්ට හැකිවී ඇත. ඔවුන්ගේ මොළය, නූතන පක්ශීන්ගේ මොළයට වඩා සරල බව තහවුරුවී ඇති අතර ඒ අනුව ඔවුන් පක්ශීන්ගේ චර්යාරටාවන්ට වඩා බොහෝසෙයින් සරල දිවිපැවැත්මක් ඇතිවූවන් බව අනුමාන කෙරේ.

එසේනම්, සිරුරේ ප්‍රමාණය හා සසඳනවිට සංකීර්ණ මොළයක් ඇති, සංකීර්ණ චර්යා රට පෙන්වන, ඩයිනසෝරයින්ගෙන පැවත එන නූතන පක්ශීන්ට වඩා ටෙරෝසෝරයන් බිහිසුණු වන්නට ඉඩක් නැත.

මෝසසෝර් - මෝසසෝර් යනු, මුහුදු උරගයා හෙවත් ජලාශ්‍රිත විශාල ඩයිනසෝරයින් කාණ්ඩයකටය. වාතය ස්වසනය කරන (එනම් පෙණහලු ඇති ), ශක්තිමත් පිහිණුම්කරුවන් වූ මොසසෝරයන්ගෙන් විශාලතමයා මීටර් 20ක් (අඩි 60ක්) පමණ විශාල වන්නට ඇත. ඒ අනුව, ජුරාසික් වර්ල්ඩ් චිත්‍රපටයේ පෙන්වන මෝසසෝරයා සැබෑ මෝසසෝරයින්ට වඩා තුන්ගුණයක් විශාලය. එබැවින් අතාත්විකය.


එමෙන්ම මෝසසෝරයින් කුඩා මත්සයින් මෙන්ම විශාල මෝරුන් හා ජලයමත පිහිණමින් යන කුරුල්ලන්ද ආහාරයට ගන්නට ඇත. එහෙත්, පියාඹන ටෙරෝසෝරයෙක් ජලයෙන් ඉහලට පැන ඩැහැගන්නට හෝ ටොන් ගණනාවක් බර ඉන්ඩොමිනස් රෙක්ස් එක කටකට ඩැහැගන්නට තරම් මෝසසෝර් විශාල හෝ බිහිසුණු හෝ නොවේ.

source:
Code:
http://vidya-gaweshana.blogspot.com/2015/07/bad-science-of-jurassic-world.html
 

NextGen

Well-known member
  • Nov 25, 2011
    1,162
    278
    83
    film ekak balanne godak welawata athal katane ban.... reality gana echchara thakeemak adui... wisheshayen Dinosaur wage api nadakapu un gana... :P
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    jurassic_world_mosasaur_comparison_by_sonichedgehog2-d8gbw1k.jpg
    :no::no::no::oo:
     

    blue_in_rio

    Well-known member
  • ජුරාසික් වර්ල්ඩ් ප්‍රේක්ශකයන් මවිතයට පත්කොට ඇඳබැඳ තබාගෙන ඩොලර් ඉපැයිමට නිර්මාණයවූ "summer blockbuster" චිත්‍රපටයකි.

    ලිපිය පටන් ගන්නෙම, ෆිල්ම් එක මොකක්ද කියලා දැනුවත් කරලාමයි.එතකොට ඉතුරුටික ඔක්කොම කුණුහරුප වෙනවා ඉතින්.
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    ninja turtles ගැනත් එකක් දාපන්කො බලන්ඩ.... විචාරයක් කියන්නෙ මේකද ගොබිලෝ...! :lol::lol::lol: