ජූලි 01දා බස් ගාස්තු වැඩි කරන්න

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
ජූලි 01දා බස් ගාස්තු වැඩි කරන්න

ජූලි 01දා බස් ගාස්තු වැඩි කරන්න හිතලා නෑ

බස් ගාස්තු ජාතික ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් උසාවියේ නඩුවක් ඇති බැවින් එහි තීන්දුව ලැබෙන තුරු ලබන මස 01 වැනිදා සිට බස් ගාස්තු වැඩි කිරීමට අදහසක් නැතැයි ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

කොළඹදී අද (26) මාධ්‍ය හමුවක් පවත්වමින් හෙතෙම කියා සිටියේ ගාස්තු වැඩි කළහොත් බස් මගීන් තවදුරටත් පෞද්ගලික බස් රථවල සේව‍ය ලබා ගැනීමෙන් ඉවත් වන බවයි.

එසේම පෞද්ගලික බස් කර්මාන්තය දිනෙන් දින කඩා වැටෙමින් ඇති බවද ඔහු පෙන්වාදුන්නේය.

දිනකට මගීන් 1500ක් පමණ පෞද්ගලික බස් රථවල යාමෙන් ඉවත් වී, දුම්රිය මෙන්ම වෙනත් ප්‍රවාහන සේවා සිය ගමනාන්තය දක්වා යොදාගන්නා බැවින් ගාස්තු වැඩි කිරීම ගැන අදහසක් නැතැයි ඔහු පැවසීය.

කෙසේ වුවද ජාතික ගමනා ගමන කොමිසමේ සභාපති රේණුක පෙරේරා බස් ගාස්තු ගැන විවිධ අදහස් පළ කරමින් සිටින බවත් උසාවි තීන්දුව ලැබෙන තුරු ගාස්තු වැඩි කිරීම ගැන තීරණයක් නොගන්නා බවත් හෙතෙම කීවේය.

එසේම දක්ෂිණ අධිවේගී මාර්ගය සඳහා පෞද්ගලික බස් රථ 50ට බලපත්‍ර ලබාදුනහොත් එක් බසයකින් ආණ්ඩුවට වසරකට රුපියල් ලක්ෂ 24ක් ගෙවීමට සුදානම් බවද ගැමුණු විජේරත්න මහතා පැවසීය.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දැනට ක්‍රියාත්මක බස් ගාස්තු මත පදනම්ව ධාවන කටයුතු කරමින් එකී මුදල ලබාදීමට සුදානම් යැයි හෙතෙම වැඩිදුරටත් කීවේය.


(අද‍දෙරන)