ජෙනරාල් බීබීසියට කියූ දේ...

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ජෙනරාල් බීබීසියට කියූ දේ...

    120522115814_sarath_fonseka__sri_lanka_elmo__304x171_bbc_nocredit.jpg

    මට මුහුණ හංග ගන්න ඕනෙ නෑ: යුද අපරාධ සිදුවූවා නම් පිළිතුරු දෙන්න ලෑස්තියි -ජෙනරාල් බීබීසියට කියයි----
    මට ජනාධිපතිවීමම අවශ්‍ය නෑ: දූෂිත දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට මට වැඩ පිලිවෙලක් තියෙනවා.-----

    "යු
    ද මෙහෙයුම්" අවස්ථාවලදී යුද අපරාධ සිදුවූවා නම් පිළිතුරු දෙන්න සූදානම් බවත් ජාත්‍යන්තරයට ජිනීවා යෝජනාව පිළිගන්නා බව කොන්දේසි සහිත නිදහස ලැබූ ජෙනරාල් ෆොන්සේකා මහතා බීබීසී සේවයට පවසා තිබේ. එහිදී නගන ලද ප්‍රශ්න සහ ජෙනරාල්වරයා දුන් පිළිතුරු මෙසේ දැක්වේ.

    බිබීසිය: ඇමරිකාවේ දායකත්වයෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ යෝජනාවෙන් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය තීරණාත්මක බවත් සංහිඳියාවක් අවශ්‍ය බවත් යුද අපරාධ සම්බන්ධයෙන් වගවීමක් අවශ්‍ය බවත් පැවසුනා. ඒ යෝජනාව සම්මත වුනා ඔබ එය පිළිගන්නවාද?

    ජෙනරාල්: ඔව්. අප එහි ඇති සමහර කරුණු සම්බන්ධයෙන් ඍජුව එකඟ වෙනවා. සංහිඳියාව ඔව් එය අත්‍යාවශ්‍යයි. නමුත් යුද අපරාධ සම්බන්ධයෙන් විවිධ මත තිඛෙනවා. අප ඒ සම්බන්ධයෙන් තර්ක කර ගැටළු නිරාකරණය කර ගත යුතුයි. මක් නිසාද යමෙක් අපට ඇඟිල්ල දිගු කරනවා නම් අපට එය විසඳීමට හැකියාව තිඛෙන නිසා. මට අනෙක් මිනිසුන් සේ සැඟවෙන්න හෝ කල් මරන්න හෝ අවශ්‍ය නෑ. ඔවුන් හදන්නේ යුද අපරාධ හෝ වෙනත් ගැටළු පැමිණෙන විට තම මුහුණ සඟවාගන්නයි. එමගින් මුළු ලෝකයටම වැටහෙන්නේ එම කරුණු සම්බන්ධයෙන් ඔවුන් වරද කරුවන් කියා. මම සෑම විටෙකම කියා තිඛෙන්නේ "යුද මෙහෙයුම්" අවස්ථාවලදී යුද අපරාධ සිදුවූවා නම් පිළිතුරු දෙන්න සූදානම් බවයි. එයයි මගේ ස්ථාවරය.

    බීබීසිය: ඔබ යලි ජනාධිපති මහින්ද රාජපක්ෂට අභියෝග කරනවාද?

    ජෙනරාල් : ඔව්. හැබැයි මට ජනාධිපතිම වීම අවශ්‍ය නැහැ. මගේ ප්‍රමුඛ අරමුණ ජනාධිපති තරඟයකට තරඟ කර ජනාධිපති වීමම නොවේ. මට දේශපාලන වැඩ පිළිවෙලක් තිඛෙනවා. මේ තිඛෙන දූෂිත දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට මා සතුව දේශපාලන න්‍යාය පත්‍රයක් තිඛෙනවා.

    බීබීසිය: ඔබේ නිදහසට බලපෑවේ කුමක්ද?

    ජෙනරාල් : මා නිදහස් වීමට ප්‍රධාන සාධකය වූයේ රටේ ජනතාව වගකිව යුතු බුද්ධිමතුන් ව්‍යාපාරිකයන් සමහර විරුද්ධ පක්ෂයේ දේශපාලනඥයින් සහ පොදුවේ සාමාන්‍ය ජනතාව ඔවුන්ට අමතරව විදේශ රටවල වගකිව යුත්තන් මේ අය විරුද්ධ වුනා මට විරුද්ධව නොයෙක් බොරු චෝදනා දාල දේශපාලන වෛරයක් පිරිමහා ගැනීමට මට කරපු අසාධාරණයට අයුක්තියට. ඒ විරෝධයේ ප්‍රතිඵලයක් හැටියට සත්‍යය ජයගත්තා. ඒ ආ ජනතා විරෝධය මත මට නිදහස ලැබුණා කියා මා විශ්වාස කරනවා.

    බීබීසිය: නිදහස ලබා දීම ගැන ජනාධිපතිවරයාට කෘතවේදීත්වය පළකරනවාද?

    ජෙනරාල්: මම කැලේ ඉන්න සතෙක් ගෙනැවිත් කූඩුවක දාගෙන ඉඳල ඌට අවුරුද්දක් විතර හිරිහැර කරල පස්සෙ ඒ කැලෑ සතාව ආයෙ කැලේට නිදහස් කරනව. එහෙම කළාම අපි ඒ සතාව නිදහස් කළා කියල ඒ සතාගෙන් කෘතවේදිත්වයක් බලා පොරොත්තු වෙනවාද?

    (ලංකා ඊ නිව්ස් -2012.මැයි.22, ප.ව.8.30)
     
    • Like
    Reactions: PMUB

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ශ්‍රී ලංකාවේ සිදුවුණු බව කියවෙන යුද අපරාධ පිළිබඳව ජාත්‍යන්තර පරීක්ෂණයක් සඳහා රජයේ සහයෝගය ලබා දිය යුතු බව හිටපු හමුදාපති වරයා බී. බී. සී. යට ප්‍රකාශ කර සිටියි.
    රටේ සමහර නායකයන් යුද්ධය සිදු කැරුණු ආකාරය පිළිබඳ යථාර්ථයට මුහුණ නොදී, සැඟවීමට උත්සාහ දරමින් සිටින බවද, යුද්ධයේ ප්‍රධාන අණ දෙන නිලධාරීන් ගෙන් අයෙක් වන හිටපු හමුදාපති වරයා ප්‍රකාශ කළේය.


    බන්ධනාගාරයෙන් නිදහස් වීමෙන් පසු බී. බී. සී. සංදේශයේ එල්මෝ ප්‍රනාන්දු සමග ප්‍රථම සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙමින් අදහස් පල කළ සරත් ෆොන්සේකා, රටේ සමහර නායකයන් හැසිරෙන ආකාරයෙන් ඔවුන් යම් අපරාධයකට වරදකරුවන් ලෙස හැගී යන බවයි කියා සිටියේ.
    දුෂිත දේශපාලන සංස්කෘතිය

    යුද්ධයේ අවසාන අදියරේ දී සාමාන්‍ය වැසියන් දහස් ගණනක් මියගිය බවට එල්ලවී ඇති චෝදනා ද ඔහු ප්‍රතික්ෂේප කළේය.
    ශ්‍රී ලංකාව තුළ පවතින "දුෂිත දේශපාලන සංස්කෘතිය" ලෙස ඔහු හැදින් වූ, ප්‍රවණතාවයට එරෙහිව ක්‍රියා කිරීම තම අරමුණ බව ද හිටපු හමුදාපති වරයා කියා සිටියේය.
    විපක්ෂය එක්සත්ව ක්‍රියා කිරීම වැදගත් බව පැවසූ ඔහු, එහි නායකත්වයට කවුරුන් පත්විය යුතු ද යන්න නොවැදගත් කරුණක් බවයි අවධාරණය කරන්නේ.
    තම නිදහස පිළිබඳ නීතිමය ලියකියවිලි තවමත් දැක නැති බව ප්‍රකාශ කළ හිටපු හමුදාපතිවරයා, ඉදිරියේදී දේශපාලනයේ නිරතවීමට අවසර තිබේද යන්න තවමත් පැහැදිලි නැතැයි ද සඳහන් කළේය.
    විපක්ෂයේ නායකත්වයට පත් කෙරුණහොත් එම තනතුර භාර ගන්නවා ද යන ප්‍රශ්නයට පිළිතුරු දෙමින් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා කියා සිටියේ එම තනතුර ලැබුනොත් ප්‍රතික්ෂේප නොකරන බවයි.
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    බීබීසිය: නිදහස ලබා දීම ගැන ජනාධිපතිවරයාට කෘතවේදීත්වය පළකරනවාද?

    ජෙනරාල්: මම කැලේ ඉන්න සතෙක් ගෙනැවිත් කූඩුවක දාගෙන ඉඳල ඌට අවුරුද්දක් විතර හිරිහැර කරල පස්සෙ ඒ කැලෑ සතාව ආයෙ කැලේට නිදහස් කරනව. එහෙම කළාම අපි ඒ සතාව නිදහස් කළා කියල ඒ සතාගෙන් කෘතවේදිත්වයක් බලා පොරොත්තු වෙනවාද?

    (ලංකා ඊ නිව්ස් -2012.මැයි.22, ප.ව.8.30)
    [/COLOR][/SIZE]​



    ohoma yan fonseka ohoma yan! :baffled:
     

    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    ඉදිරියේදී දේශපාලනයේ නිරතවීමට අවසර තිබේද යන්න තවමත් පැහැදිලි නැතැයි ද සඳහන් කළේය.
    විපක්ෂයේ නායකත්වයට පත් කෙරුණහොත් එම තනතුර භාර ගන්නවා ද යන ප්‍රශ්නයට පිළිතුරු දෙමින් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා කියා සිටියේ එම තනතුර ලැබුනොත් ප්‍රතික්ෂේප නොකරන බවයි.


    අය්යෝ එපා අප්පා.... ජරාව :no::no::no::no::no::no::no::no::no: