ශ්රී ලංකාව ඇමරිකා එක්සත් ජනපදයේ පනස් එක් වැනි ප්රාන්තය නොවේ.. ඇමරිකානු කොංග්රසයට අපේ ඡන්දයෙන් ගිය නියෝජිතයන් නැත… බැරෑක් ඔබාමා හෝ ජෝන් මැකේන් අපේ ඡන්දය ඉල්ලා මැතිවරණ ප්රචාරක රැළි කොළඹ, හපුතලේ, බදුල්ලේ, පැවැත්වුවේද නැත… එනිසා, අපේ අධිකරණයෙන් වැරදි කරු කොට සිර දඬුවම් දුන් අයෙකු නිදහස් කරන්නට “ජනාධිපති සමාවක්” හෝ වෙන යම් කිසි ක්ෂමා ප්රකාශයක් නිකුත් කිරීමට ඔබාමාට හැකියාවක් නැත.. එහෙනම් ඔහුට කළ හැක්කේ ත්රාඪ බලහත් කාරයක් භාවිතා කිරීම පමණි.. එවිට විපතට පත් වන්නේ මහින්ද රාජපක්ෂගේ සහායකයන් හා ඡන්ද දායකයන් පමණක් නොවේ… බල තණ්හාවෙන් මත් වී, රා බී වෙරි වූ මීයන් සේ බ්රේක් නැති කටවල් වල සුදු කොඩි එල්ලා ගත්තා නම්, ඒ කියුම් කෙරුම් වල ඵල විපාක සේ එන දේවල් වලට රටේ ජනතාව පළි නැත.. ඇමරිකන් මැදිහත් වීම් “ආතල්” නැත.. මොළයක් තිබේ නම් ඔය මර උගුල් වලට අත්සන් තබන්නත් එපා…! "