සාමාන්‍යෙන් ලැප්ටොප් එකේ පචර් ඇඩැප්ටරයක් වොට් 50-100 වගේ, LED, FHD, මොනිටරයක් වොට් 20-30 වගේ
ලැප්ටොප් ඇවරේජ් වොට් 80 කියලා සහ මොනිටරේ ඇවරේජ් වොට් 25ක් වගේ හිතුවොත්, (80 + 25)x5 = 525W වගේ නේ, ඔය පලවෙනි එක ඇති. නමුත් ජෙනියකින් ගෙදරට අනෙක් බඩුත් මොනවා හරි වැඩ කරගන්න තියනවා නං හොඳයිනේ, රෑට ලයිට් ටික විතරක්වත් දාගන්න, ඒක නිසා 1500-2000VA වගේ එකකට ගියත් අවුලක් නැහැ
ඔය සිංගර් එකේ තියෙන්නෙ indian ජෙනියක් , බිල්ඩ් කොලිටිය අන්තිමයි, කැඩුනු එකක් හදන්න කියලා අපේ තාත්තට ගෙනත් දීල තියනවා මම දැක්කා. සේරම තැන් වල මලකඩ ඇවිත් එහෙම තිවුනා.
බැලුවෙ නැද්ද ජපන් රීකන්ඩිශන් ගෙන්නන තැන් වල, අඩුවට කොලිටි එකක් හොයා ගන්න පුලුවන් වෙයි.