ජෙප්පොන්ගේ BMW

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    z5IXqIE.jpg



    ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතාගේ සම්පූර්ණ වත්කම රුපියල් කෝටි 100 ඉක්මවා තිබෙන බව වාර්තා වේ.

    ඒ මන්ත්‍රීවරයාගේ බිරිඳ විසින් තවත් සුඛෝපභෝගී BMW 7 Series M760i වර්ගයේ මෝටර් ‍රථයක් මිලට ගැනීමත් සමගය. පසුගිය දින මෙරට ප්‍රසිද්ධ රථ වාහන ආනයන සමාගමක් වන ප්‍රේස්ටීජ් ඔටොමොබයිල් සමාගම (Prestige Automobile (Pvt) Ltd) හරහා මෙම සුඛෝපභෝගි රථය මන්ත්‍රීවරයා විසින් ගෙන්වා තිබේ. ඒ ඔහුගේ බිරිඳගේ නමටය.

    මෙම මෝටර් රථ‍යේ වටිනාකම මෙරට මුදලින් කෝටි දෙක ඉක්මවන බවත් වාර්තා වේ. විශේෂත්වය වන්නේ මේ බිමල් රත්නායකගේ පවුලේ සාමාජිකයන් 2015 වසරෙන් පසුව මිලට ගත් සිවුවෙනි මෝටර් රථය වීම නිසාවෙනි. 2015ට පෙර ඔවුන්ට පුද්ගලික මෝටර් රථයක් තිබුනේ නැත.

    මේ සඳහා මන්ත්‍රීවරයා විසින් තීරු බදු රහිත බලපතක් භාවිතා කර තිබෙන අතර ඒ ඔහුට මන්ත්‍රීවරයෙකුට වශයෙන් හිමි වූ බලපත නොවන බවත් වාර්තා වේ.

    බිමල් රත්නායක මන්ත්‍රීවරයා සාමාන්‍ය පවුලක උපත ලැබූ වෙනත් රැකියාවක් හෝ ව්‍යාපාරයක් නොකරන පූර්ණ කාලීන ජවිපෙ සාමාජිකයෙක් වීම විශේෂත්වයකි.

    සිය මන්ත්‍රී වැටුප පවා ලබා නොගෙන පක්ෂ අරමුදලින් ජීවත් වන ඒ මහතා පසුගිය 2017 වසරේ කොළඹ සුපිරි නිවාස සංකීර්ණයකින් නිවසක් මිලට ගත් අතර එහි වටිනාකම කෝටි 20 ඉක්මවීය.

    මේ අනුව මේ වනවිට රැකියාවක් නොකරන බිමල් රත්නායකගේ සම්පූර්ණ වත්කම කෝටි 100 ඉක්මවීම පුදුම සහගත බවත්, ජවිපෙ නූතන දේශපාලනය අරුම පුදුම ලාභ ගෙන දෙන ව්‍යාපාරයක් වී පවතින බවට බිමල් රත්නායකගේ ජීවිතයේ සිදුවූ වෙනස හොද උදාහරණයක් බවත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.



    Link - https://lankamag.com/bimal-rathnayake-new-car/?fbclid=IwAR1NOP3XKPRaYvvdX97ToEt-kcLXlv6gki_Jz6Lzxrxf7ZhEBZtejJANVBM
     
    Last edited:

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    යකෝ ඩීල් දදා කට්ට අව්වෙ කැට හොල්ල හොල්ල සරුවත් බිබී බොහොම දුක් මහන්සියෙන් හම්බ කරපු සල්ලි.තොපේ උන් වගේ හොරා කාලා හොයපු සල්ලි නෙමෙයි හරිය..අැයි අපේ JVP අයට සැප කාර් තහනම්ද?
     
    • Like
    Reactions: powersport

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අනිවා BBC වල දාන්නෙ නෑ ඕවා..මුං ගොඩේ බයියොනේ.වාහන දැකල නෑ..

    නිකන් වාහන නෙමෙයි ...නිර්දන පන්තියේ BMW
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    1. ලන්කාවෙ පලවෙනි BMW එක​....
    2.ඉතින් ගන්න බැරිද? මොකක්ද ඒකෙ තියන ප්‍රශ්නෙ.
    3.මිලියන 7කට වගේ BMW basic එකක් ගන්න පුලුවන්.
    4.ඒක අභේතිස්ස හාමුදුරුවොන්ට සම්බන්ධ වෙබ් එකකින් ගහපු මඩක්. බිමල්ගෙ වයිෆ් සහෝදරී පක්ෂෙ පූර්ණ කාලීන සාමාජිකාවක්
    5. බිමල්ගෙ වයිෆ් සහෝදරී ගන්න වාහන ගැන අහන්න තොපිට තියන සදාචාරාත්මක අයිතිය මොකක්ද?
    6.ඒක මට අදාළ නෑ


    :rofl::rofl:
     

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    paw ban me wage kalakanninta kade yana gam walin campus apu ahinsaka kollo kello un nikarune jeewitha winasa karaganna me kalakanni nisa.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    Boruwak wenna ethi ban...

    ඔවු හෑමතෑනම බොරුව යන්නේ. ඒ හින්දා බොරුවක් වෙන්න පුලුවන්... හෑබෑයි ඈත්තක් නම් පවු රතු සහෝදරයෝ.
     

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    1. ලන්කාවෙ පලවෙනි BMW එක​....
    2.ඉතින් ගන්න බැරිද? මොකක්ද ඒකෙ තියන ප්‍රශ්නෙ.
    3.මිලියන 7කට වගේ BMW basic එකක් ගන්න පුලුවන්.
    4.ඒක අභේතිස්ස හාමුදුරුවොන්ට සම්බන්ධ වෙබ් එකකින් ගහපු මඩක්. බිමල්ගෙ වයිෆ් සහෝදරී පක්ෂෙ පූර්ණ කාලීන සාමාජිකාවක්
    5. බිමල්ගෙ වයිෆ් සහෝදරී ගන්න වාහන ගැන අහන්න තොපිට තියන සදාචාරාත්මක අයිතිය මොකක්ද?
    6.ඒක මට අදාළ නෑ


    :rofl::rofl:
    7.ඒ මිනිහාගේ පවුද්ගලික ජීවිතය අපිට වැඩක් නෑ.අපි ගරුකරන්නේ ප්‍රතිපත්ති වලට..:rofl:
     
    Last edited: