දැන්නම් නමත් ගහලා!!!
China South West!!!
මේකට දෙපැත්තක් තියෙනවා.
එකක් සමහරු කැමතියි මේ රට චීනයෙන් හරි හදනවා නම්.
අනික් සමහරු මේක වෙනත් රටකින් අපේ රට අල්ලා ගැනීමක් විදියට දකිනවා.
ඔය දෙපැත්තට හිතලා ඒ අයට වෙනම දේශපාලන මතයකුත් තිබෙනවා.
කෙසේ වෙතත් ණය බරට සින්න වීම කියන කාරණය සත්‍යයක් බව අමුතුවෙන් කිව යුතු නොවෙයි.
ඔබ මොන පැත්තේ හිටියත්, කැමති උනත් අකමැති උනත්, දැන් එක කාරණයක් පැහැදිලිව ඔප්පු කරන්න පුලුවන්...
රට සංවර්ධනය කරනවා යැයි කියමින් අප මේ ලංකා භූමියේ ඉදිකර ඇත්තේ චීනයේ Belt and Road Initiative/ BRI එකේ කොටස්.
හම්බන්තොට වරාය, ගුවන් තොටුපොළ , හම්බන්තොට අනෙකුත් ගොඩනැගීම්, එතන ඉඳලා කොළඹ වරායට එනකං හයිවේ, එතනිනුත් කටුනායක ගුවන් තොටුපොළට එනකං හයිවේ, කොළඹ වරායේ ජැටි සංවර්ධනය , පොර්ට් සිටි, ලොකු හෝටල්, කුලුණු, ආදී ලෙස රටේ කොළඹත් හම්බන්තොටත් අතර කොරිඩෝවක සැලසුම් සහගත ඉදිකිරීම්.
ඒ ඉදිකිරීම් චීනයේ ප්රවෘත්ති මගීන් චීනයේ මිනිසුන්ට වාර්තා කරනු ලබන්නේ BRI එකේ කොටස් විදියට. ඒ නිසා ඒවා BRI නොවන කොටස් විදියට ඔබට තර්ක කරන්න බෑ. හැබැයි ගැටලුව ඒවා ඉදිකලේ අපේ රටේ ණය ආධාර විදියට. ව්‍යාපෘතිය ඒගොල්ලන්ගෙ , ප්ලෑන් එක ඒ ගොල්ලන්ගෙ, වැඩ ගන්නේ ඒ ගොල්ලෝ , හැබැයි ණය ගෙවන්නේ අපි.
මේ BRI එකේ වැඩ දැන් ගොඩක් ඉවරයි. ඉතිරි වරාය පිවිසුමත්, පෝට් සිටි එකත් විතරයි.
චීනයෙන් ලැබෙන ණය ඉදිරියටත් ලැබෙයි. ඒ නිසා රට සංවර්ධනය වෙනවා වගේ පෙනෙයි.
ඒකට ඔබ කැමති වෙන්න පුලුවන් , නොවෙන්න පුලුවන්. ඔය දෙපැත්තටම මිනිස්සු ඉන්නවා. බහුතරයක් කැමති දේ වෙලානේ. වසර 2005 ඉඳලා මේ ප්ලෑන් එක ගියේ. ගත වෙච්චි ආණ්ඩු දෙකෙන්ම ඒහෙම තමයි මේක දිව්වේ. තව අවුරුදු 5 කුත් දැන් ආයේ දීලා. ඕවා සම්පුර්ණයෙන්ම බලා ගන්න පුලුවන් අවස්තාව ඔබට ලැබිලා.
රට බේර ගන්න අවසන් අවස්ථාව පහු වුනා ද මන්දා...
පැතුම් කර්නර්


